ජර්මන් පිරිසක් බුදු දහම වැළඳ ගනිති

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ජර්මන් පිරිසක් බුදු දහම වැළඳ ගනිති

    සම්බුද්ධ දේශනාව නොපෙනෙන නොහැඟෙන බලවේගයන්ට වඩා මානව හැකියා කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන බැවින් බුදුදහමට යුරෝපියයන් වඩ වඩාත් නැඹුරු වෙමින් පවතින බව ජර්මනියේ ඔර්ඩන්බර්ග් නගරයේ බුදුමඟ විහාරස්ථානයේදී ජර්මාන ජාතිකයින් පිරිසක් බුදු දහම වැළඳගැනීම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයේදී අනුසාශනාවක් කළ පැරිස් නුවර ජේතවන විහාරාධිපති ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මුරුන්ගස්යායේ ඤාණිස්සර නාහිමියෝ කීහ.
    බුදුමග විහාරස්ථානයේ ආගමික අධ්‍යක්ෂක හා මයින්ස් සරසවියේ කථිකාචාර්ය රත්මලේ පඤ්ඤාරතන හිමියෝ මේ උත්සවය සංවිධානය කළහ. ඤාණිස්සර නාහිමියෝ මෙසේ ද කීහ.
    " කාර්මික කරණයෙන් ඉමහත්සේ මානසික ආතතියකට පත්ව සිටින යුරෝපියයන්හට බුදුදහම මහා සිසිලක් ලබා දෙනවා. ඔවුන් ඒ මඟින් ලබාගන්නා මානසික සැනසිල්ල වෙනත් කිසිදු භෞතික වස්තුවකින් ලබාගත නොහැකි විය.
    රත්මලානේ පඤ්ඤාරතන හිමියන් සැබෑ ධර්මදුත ස්වාමින්වහන්සේ කෙනෙකුගේ කාර්ය සාඵල්‍යය මැනවින් අවභෝධ කර ගනිමින් ජර්මනිය ප්‍රධාන කොට ගනිමින් යුරෝපය පුරා මහා ධර්මදුත මෙහෙවරක නියැලී සිටින බවත් අතිමහත් ජර්මන් ජාතිකයන් පිරිසක් උන්වහන්සේ වටා රොද බැදෙමින් සිටින බවත් මෙවන්වූ සාශනික හිතකාමී ක්‍රියා නිසා නිර්මල ථෙරවාද බෞද්ධ දර්ශනය යුරෝපය පුරා ප්‍රචලිත කිරීමේ හැකියාව ලැබී ඇති බවත් ඤාණිස්සර නාහිමියෝ පැවසුහ.
    ප්‍රංශයේ ධම්මචක්ක විහාරාධිපති කොන්ගස්දෙනියේ ආනන්ද හිමියෝ මූලාසනයේ අනුශාසනාව කළහ.
    ඩෙන්මාර්කයේ කෝපන්හේගන් බෞද්ධ විහාරාධිපති මාර්තුගොඩ උපරතන හිමි, ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා මහාවිහාරාධිපති ලෙඩියන්ගල සුදස්සී, තම්මැන්නාවේ ධම්මානන්ද, බටුවන්ගල සමිද්ධි, මක්කානිගොඩ බුද්ධදත්ත, මහදමනේ ජිනානන්ද, මහදමනේ අස්සජි යන හිමිවරුන්ද වැඩමකර සිටියහ.



    උපුටා ගැනීමකි

    සාදු සාදු!
    බුදුන් සරණ හැර වෙන සරණක් නැත.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    දහම වැළඳ ගත්තට වැඩක් නැහැ , එක අනුව ජිවත් වෙනාවානම් එච්චරයි.
    බට් මුන් නම් ඒ දේ හරියට කරයි , අපේ එවුන්ට වඩා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බුදු දහම වලද ගන්නව අ කියන එකේ හරි තරුම

    තමයි බන් තරුවන් සරන යනවා කියන එක

    තරුවන් න සරණ යනවා කියන්නේ

    හරියට ජිවත් වීම තමයි හැබැයි පන්සිල් ඇතුලත්ව
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ දවස්වල ඔක්කොමලා බැහැලා වැඩ. හොදා, හොදා. මුස්ලිම් උන්ට තද වෙලා ඉන්නේ ඒක තමා. මම දැක්කා නිවුස් එකක් තියනවා පාප් වහන්සේ කොරියාවට ගිහින් කියලා. එහෙත් ලොකුවට කතොලික ආගමට එනවලු කට්ටිය. ආසියාවේ පිබිදීමක් කියලත් තිබ්බා. අනේ හොදා බෞධ්ද, හින්දු කතොලික මිනිස්සු වැඩි වෙන තරමට. :yes::yes:
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,722
    497
    83
    saadu saadu .saadu. mama danna Germen hamuduru namak innawa Madakalapuwe hariye pansalak hadaagena taniyema jeewathwena.