ජර්මන් ශෙපර්ඩ් හදන හැටි

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    ජර්මන් ශෙපර්ඩ් හදන හැටි

    මචංලා ජර්මන් ශෙපර්ඩ් පැටියෙක් ගෙනාවා.. :yes:
    තාම සති 2 වගේ තමා වයස. :D:yes:


    $_35.JPG


    මුල ඉදන් දැනගන්න ඔනේ බං මූව හදන හැටි,




    •නාවන්නේ දවස් කීයකට සැරයක්ද ?
    •කන්න දෙන්නෙ මොනවද? වේල් කීයක් දෙනවද ? කීයටද කන්න දෙන්නේ?
    •පොඩි කාලේ ඉදන් විටමි එහෙම දෙන්න ඕනෙද ?


    ඔය වගේ හැම දෙයක්ම දන්න අය කොටාගෙන යමු :D

    තාම නමක් තිබ්බෙ නෑ හොඳ නමකුත් දාගෙන යමු Guys :D
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    අඩෝ මටත් දැනගන්න ඕන
    මගේ එකට මාසයයි දැන්

    ABJqjUI.jpg
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    vaccination karanna meke Akilage thread tibba balanna. vitamin denna normally meals 2k denna gedara kama walatama huru karaganna. nawanna once a week habei hamadama brush karala tiaganna. Name ekak Bruno Sheeba, girl kenek nm Lassie Google
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    ජර්මන්~ශෙපර්ඩ්~GSD

    http://www.elakiri.com/forum/showthread.php?t=1751792



    90454-849x565-GSD_1.jpg


    ජර්මන් ශෙපර්ඩ් ඩෝග්ස් කිව්වාම මේ ලෝකේ ගොඩක් අය දන්න බල්ලෝ බ්‍රීඩ් එකක් තමා මෙයාලා.
    ගොඩක් රටවල් වල,ගොඩක් කාලගුණ තත්වයන් යටතේ සුපිරියට මෙයාලව හදන්න පුලුවන් නිසාම ගොඩක් රටවල් වල මෙයාලා ෆේමස් වෙනවා.
    ජර්මන් ශෙපර්ඩ් කියන්නේ ලෝකෙම හොලවපු බල්ලෝ බ්‍රීඩ් එකක්.
    ඒ නිසාම තමා ඕනෑම රටක නිල පොලිස්,ආමි,නේවි,එයාර් ෆෝස් බල්ලන් විදියට ජර්මන් ශෙපර්ඩ්ලව ඇස් වහන් තෝරගන්නේ.
    ඇයි මෙයාලව එහෙම තෝරගන්නේ?
    ඒකට හේතු තමා මෙයාලට තියන සුපිරි බුද්ධිය,තියුණු ඉව,වේගයෙන් දිවිමට ඇති හැකියාව,කණ්ඩායම් වශයෙන් හැසිරිමට ඇති හැකියාව,ස්වාමියාට ඇති ආදරය.
    මම කිව්වේ හේතු ගොඩකින් ටිකක් විතරයි.
    කියනවානම් ගොඩාක් හේතු තියනවා.

    ws_storytelling.png


    මෙන්න මේකයි කතන්දරේ.
    අපේ රටේ ගොඩක් අය ජර්මන් ශෙපර්ඩ් කිව්වාම අහනවා ලයන් ශෙපර්ඩ්ද කියලා.
    ලයන් ශෙපර්ඩ් කියලා කිසිම බ්‍රීඩ් එකක් නෑ මේ ලෝකේ කොහෙවත්.
    අපේ රටේ විතරයි ඉන්නේ ලයන් ශෙපර්ඩ් කියලා.
    ඒක අපේ ගොන් හැත්ත විසින් හදාගත්තු දෙයක්.
    මේ ලෝකේ ලයන් ශෙපර්ඩ් කියලා බ්‍රීඩ් එකක් ඉන්නවානම් ඔප්පු කරන්න.
    ඒක ඔප්පු කරන කෙනාට ඒ කෙනා කැමති , ඉල්ලන ඕනෑම දෙයක් දෙනවා මම.
    අභියෝගයක් කරන්නේ මම.
    කැමති කෙනෙක් බාර ගන්න ඒ චැලේන්ජ් එක.
    ලොවෙත් නැති ලයන් ශෙපර්ඩ් එකක් කොහොමද මේ අපේ රටට ආවේ?
    මෙහෙමයි සීන් එක.
    ලෝක යුද්ධ කාලේ ගොඩක් රටවල් ජර්මන් වල දේවල් රිජෙක්ට් කෙරුවා.
    අපේ රටේ අය ජර්මන් ශෙපර්ඩ් බල්ලන්ව රිජෙක්ට් කරා.
    ඒ නිසා අපේ අය කරේ ජර්මන් ශෙපර්ඩ් බල්ලන්වම රුසියාවෙන් ගෙන්නපු අලුත් බල්ලෝ ජාතියක් කියලා ජර්මන් ශෙපර්ඩ් උන්වම ලයන් ශෙපර්ඩ් කියලා නම වෙනස් කරලා වික්කා.
    ඔන්න ඔහොමයි ලයන් ශෙපර්ඩ්ලා ආවේ අපේ රටට.
    දැන් එතකොට ඇල්ටේශන් කියන්නෙත් ජර්මන් ශෙපර්ඩ් කියන්නෙත් එකම බ්‍රීඩ් එකක්ද?
    උත්තරේ තමා ඔව් කියන එක.
    ඇල්ටේශන් කියන නම භාවිතා කරේ එන්ගලන්තේ උදවිය.
    ඒකට හේතුව උනේ ලෝක යුද්ධ කාලේදි ජර්මන් දේවල් රිජෙක්ට් කරනකොට එන්ගලන්තේ අය ජර්මන් ශෙපර්ඩ් බල්ලන්ට ජර්මන් ශෙපර්ඩ් කියන්න අදිමදි කරා.
    ඒ නිසා එයාලා ඇල්ටේශන් කියන නම භාවිතා කරා ජර්මන් ශෙපර්ඩ් බල්ලන්ට.
    අන්න එහෙමයි ඇල්ටේශන් කියන නම ආවේ.
    ඉතිහාසේ පැත්තට ගිය නිසා තව යමු අපි ඉතිහාසේ දිහාවට .

    Max_von_Stephanitz.png


    ජර්මන් ශෙපර්ඩ් කියන බල්ලෝ මේ ලෝකෙට ආවේ කොහොමද?
    ඒකේ ආචාරය අයිති වෙන්නේ මැක්ස් එමිල් ෆ්‍රේඩ්‍රිජ් වොන් ස්ටෙෆනිට්ස් කියන කෙනාට.

    Max Emil Friedrich von Stephanitz .
    මූ මොකාද මේ?
    මේ මනුස්සයාට පින් සිද්ද වෙන්න තමා අද මේ ලෝකේ බල්ලෝ බ්‍රීඩ්ස් වෙන් වෙලා තියෙන්නේ ආවේනික නම් එක්ක.
    ජර්මන් වල ඉස්සර හිටපු කොමන් බ්‍රීඩ්ස් බල්ලන්ව හොදින් නිරීක්ශනය කිරිමට මේ මනුස්සයා ගොඩක් ආස උනා.
    ඒ ආසාව නිසාම මෙයා දැක්කා දවසක් ජර්මන් ශෙපර්ඩ් බල්ලෙක් හැසිරෙන විදිය ඉතාමත් ලගින්.
    ඒ මොහෙතේ මෙයා තේරුම් ගත්තා අනිත් අයට වඩා මෙයාලගේ විශේශ දෙයක් තියනවා කියලා.
    ඒ නිසාම මෙයා තව තවත් ජර්මන් ශෙපර්ඩ් අය ගැන උනන්දුවෙන් හෙව්වා.
    ඒ උනන්දුවේ ප්‍රතිපලයක් වශයෙන් තමා මෙයා ඒ බල්ලෝ විශේශයව ජර්මන් ශෙපර්ඩ් කියලා නම් කරේ.
    සමහර අය කියනවා මෙයා වෘකයින් එක්ක ජර්මන් ශෙපර්ඩ් අයව දෙමුහූම් කරා කියලා.
    ඒකේ ඇත්ත නැත්ත හරියටම දන්නේ නම් නෑ මම.
    නොදන්න දේවල් කියවලා නැහෙන්නේ නැතුව දන්න දේවල් විතරක් කියන්නම් මම ඒ නිසා.

    ජර්මන් ශෙපර්ඩ් වනාහි ඕල් රවුන්ඩර් බල්ලෝ බ්‍රීඩ් එකක්.
    ගේම නම් ගේම,සාමේ නම් සාමේ.
    කුඩා දරුවන් එක්ක උනත් බය නැතුව හදන්න පුලුවන් බල්ලෝ බ්‍රීඩ් එකක් තමා මෙයාලා.
    මෙයාලගේ මොලේ කල්පනා කිරිමේ හැකියාව ඉහල නිසාම ලෝකේ දියුණුම මොලේ ඇති බල්ලෝ බ්‍රීඩ්ස් වලින් හැම අවුරුද්දේම එක , දෙක , තුන ස්ථාන වල මාරුවෙන් මාරුවට රැදි ඉන්න හැකියාව ලැබිලා තියනවා මෙයාලට එදා ඉදන් අද වෙනකම්.
    බයිට් ෆෝර්ස් එක වැඩි බල්ලෙක් එක්ක උනත් මෙයාලට සටන් කරලා ජය ගන්න පුලුවන් මෙයාලගේ මොලේ දියුණු නිසා.
    මොකක්ද මේ බයිට් ෆෝර්ස් එක කියන්නේ?
    http://www.elakiri.com/forum/showthread.php?t=1751116

    අපි දැන් බලමු මෙයාලගේ මෙව්වා ටිකක්.

    1.png


    02-GSD-Male-Growth-Chart.jpg


    x02-GSD-Female-Growth-Chart.jpg.pagespeed.ic.rCLRs0DZTp.jpg


    anatomy-of-the-dog.jpg


    ජර්මන් ශෙපර්ඩ් අයගේ ප්‍රධාන කොටස් දෙකයි ඉන්නේ.
    ඒ තමා ලෝම දිග හෙවත් ලෝන්ග් ෆර්.

    german-shepherd-long-hair-3.jpg


    කෙටි ලෝම හෙවත් ශෝර්ට් ෆර් එවුන්.

    short_coat_german_shepherd.jpg


    මෙයාලව පොඩි කාලේ ඉදන්ම ට්‍රේන් කරන්න ලේසි හින්දා පොඩි කාලේ ඉදන්ම ට්‍රේනින් කරන්න පටන් ගන්න.
    මගේ එකාව මට හම්බුනේ දැනට මාස 3 විතර වගේ උඩදි.
    අවුරුදු හතරකට ලන් වෙච්ච එකෙක්ව තමා මට හම්බුනේ.
    ලොකු එකෙක් උනත් මම ඌට පාරේ දම්වැල නැතුව යන්න පුරුදු කරා.
    පාරේ බල්ලෙක් , පූසෙක් හිටියත් පඩේකට ගනන් ගන්නේ නැතුව මාත් එක්ක දම්වැල නැතුව පාරේ යන තැනට මම පුරුදු කරා මගේ එකාව.
    උගෙයි මගෙයි එක වෙනම ස්ටෝරියක්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1747894

    පොඩි කාලේ ඉදන්ම බල්ලව ට්‍රේන් කරන එක ගැන අයිඩියා එකක් ගන්න පුලුවන් මේ විඩියෝස් සෙට් එක බැලුවම.
    මාර වටිනවා ඔය විඩියෝස් සෙට් එක ඕන කෙනෙක්ට.

    https://www.youtube.com/watch?v=eC3HjW91U_c&list=PL3B73E2767DC19590

    ලෝම දිග උනත් ලෝම කොට උනත් ජර්මන් ශෙපර්ඩ්ලාගේ ලෝම ගොඩක් වෙලාවට හැලෙන්න බලනවා අපේ රටේදි මොකද කිව්වොත් අපේ රටේ බොහෝ වෙලාවට පවතින්නේ රස්නේ කාලගුණ තත්වය හේතුවෙන්.
    ලෝම හැලෙනවට කරන්න ඕන දේ වෙනුවෙන් මේක කියවන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1749600

    ගොඩක් දෙනෙක් දන්නේ නැති උනාට ජර්මන් ශෙපර්ඩ් කියන්නේ ලෝකෙ ඉන්න දරුණුම බ්‍රීඩ්ස් වලින් එකක්.
    උන්ගේ දරුණුකම ගොඩක් වෙලාවට අපිට පේන්නේ කලාතුරකින් මොකද හැමවෙලාවේම බලන්නේ මොලේ කල්පනා කරලා ප්‍රශ්න විසදන්නයි ජර්මන් ශෙපර්ඩ් උන්.
    දරුණු වගේම අනිත් පැත්තෙන් උණු වෙන හදවතක් තියනවා මෙයාලට.
    වගකීමෙන් කියනවා මම මේක.
    ජර්මන් ශෙපර්ඩ් එකෙක්ව හරියට හදනවානම් අනිවා ඌ දෙපාරක් නොහිතා අපි වෙනුවෙන් පණ උනත් දෙන්න ලෑස්තියි ඕන වෙලාවක.

    Four_German_Shepherd_Puppies_637286.jpg


    දැන් අපි මෙයාලගේ පොඩි කාලේ පැත්තට යමු.
    පොඩි කාලේ බෝල ගෙඩි වගේ මාර හුරතල් පාටින් ඉන්න මෙයාලගේ වැඩත් මාර හුරතල්.
    පොඩි කාලේ ගොඩාක්ම සෙල්ලමට බර මෙයාලා ඒ කාලේදි තමන්ගේ ස්වාමියාව අනුගමනය කරන්න ගන්නවා.
    අපේ රටේ නම් ජර්මන් ශෙපර්ඩ් හොද පැටියෙක්ව ගන්න පුලුවන් රු.25000.00 - 40000.00 අතර ගානකට.
    මාස 4 අඩු පැටියෙක්ව ගන්නවානම් ගොඩක් වෙලාවට ට්‍රේන් කරන්න ලේසි වෙනවා.
    ක්‍රොස් කරනවා කියලා හිතාගෙන එකම අම්මාගේ පැටව් දෙන්නෙක් ගන්නත් එපා ගෑණු සතා ඇන්ඩ් පිරිමි සතා කියලා.
    මිනිස්සුන්ගේ උනත් ලේ නෑයෝ ලමයි හදනකොට එක එක සීන් වෙනවනේ ලමයට.
    ඒ වගේම බල්ලන්ටත් වෙනවා.

    bigboned.jpg


    මෙන්න මේක ගොඩක් අය හරියට දන්නේ නැති දෙයක්.
    මොකක්ද මේ බිග් බෝන්ඩ් කියන්නේ?
    බිග් බෝන්ඩ් කියලා කියන්නේ වයසට වඩා මුහුකුරා ගිහින් ශරීරය වර්ධන උණු එකට.
    බිග් බෝන්ඩ් පැටව් කියන්නේ වයසට වඩා හොදට හැදිච්ච පැටවුන්ට.
    මිනිස්සුන්ගේ උනත් සමහර මිනිස්සු ඉන්නවානේ යෝධයෝ වගේ මිනිස්සු.
    ඒ වයසට වඩා හොදට හැදිච්ච බිග් බෝන්ඩ් මිනිස්සු.
    ජර්මන් ශෙපර්ඩ් හැම බල්ලෙක්ම දඩ සයිස් එකට උස යන්නේ නම් නෑ.
    බිග් බෝන්ඩ් අය තමා දඩ සයිස් එකට උස යන්නේ.
    ජර්මන් ශෙපර්ඩ් හදන අයට තියන ලොකු ප්‍රශ්ණයක් තමා සතා ගොඩක් මහත් වෙන්නේ නෑ කියන එක.
    ඒක බය වෙන්න දෙයක් නෙවෙයි.
    ජර්මන් ශෙපර්ඩ් කියන්නේ ඇක්ටිව් බල්ලෝ බ්‍රීඩ් එකක්.
    හැම වෙලාවේම දුවන පනින නිසා ගොඩක්ම මහත් වෙන්නේ නෑ ජර්මන් ශෙපර්ඩ් අය.
    ජර්මන් ශෙපර්ඩ් බල්ලෝ මහත වගේ පේන්නේ උන්ගේ ෆර් එකෙන්.
    ෆර් එක හොදට මේන් ටේන් කරන්න බලාගෙන ඉන්න ඕන ජර්මන් ශෙපර්ඩ් එකෙක්ව ගන්නවානම් මොකද සතාගේ ලස්සන ෆර් එක මත රදා පවතින නිසා.

    german_shepherd_thank_you_note_card-r591aedb7aaa947b8bb74e3a1e9cf0054_xvua8_8byvr_512.jpg


    ඔන්න ඔය විදියට කියලා මම මේ ත්‍රේඩ් එක අවසන් කරනවා.
    මම මේ ත්‍රේඩ් එක දැම්මේ කිරියේ සාමාජිකයෙක් මගේ කලින් ත්‍රේඩ් එකක ජර්මන් ශෙපර්ඩ් හදන අය වෙනුවෙන් ත්‍රේඩ් එකක් දාන්න කිව්ව නිසයි.
    ඔන්න ඒ ආසාව ඉශ්ට කරමින් මම ත්‍රේඩ් එකක් දැම්මා.

    මේක දැම්මේ කාටහරි දෙයක් ඉගෙන ගන්න පුලුවන් කියන චේතනාවෙන්.
    කියවලා අනිවා කමෙන්ට් එකක් දාලා යන්න.
    උබලගේ කමෙන්ට්ස් නිසයි මම ත්‍රේඩ්ස් දාන්නේ.
    කියන්න තියන දෙයක් කෙලින් කියන්න හැබැයි තමන්ට තමුන් කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන.
    ඔප්පු කරන්න බැරි නම් කරුණාකරලා තවුසන්ඩ් ටෝල්ක්ස් නොදි ඉන්න ඕන පාඩුවේ.
    දරුණු වෝනින් එකක් දෙන්නේ මම.
    එහෙනම් ජය වේවා.
    කූඩුවේ දාලා,ගැට ගහලා හදන්න හිතන් ඉන්නවානම් කිසිම බ්‍රීඩ් එකක බල්ලෙක් ගන්න එපා.
    ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් ගෙදරට සිසිටිවි සිස්ටම් එකක් සෙට් කරගන්න එක.
    වියදම් කරන්න පුලුවන්නම්,ඉඩ තියනවානම්,කැප වෙන්න පුලුවන්නම් විතරක් සතෙක්ව හදන්න.
    දුක් දෙන්න සත්තු හදන්න එපා තමන්ගේ ආරක්ශාවට,ජොලියට කියලා.

    ත්‍රෙඩ් එක කියවන්න තව ගොඩක් විස්තර තියෙනව.
     

    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella

    අඩෝ මටත් දැනගන්න ඕන
    මගේ එකට මාසයයි දැන්

    Patta bng :love::love:

    vaccination karanna meke Akilage thread tibba balanna. vitamin denna normally meals 2k denna gedara kama walatama huru karaganna. nawanna once a week habei hamadama brush karala tiaganna. Name ekak Bruno Sheeba, girl kenek nm Lassie Google


    Thanks mchn vistra walata :yes::yes:




    Thank you :yes:

    ජර්මන්~ශෙපර්ඩ්~GSD


    ත්‍රෙඩ් එක කියවන්න තව ගොඩක් විස්තර තියෙනව.


    Thanks mchan :yes:
     

    JILL_PUK

    Active member
  • Oct 24, 2017
    315
    191
    43
    adoo patta... muu kollakda kellakda...
    anyway welaawata vitamin tika deepan SA37 eaka deepann eaakata looma hadenawa..
    :love::love::love::love:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අප්පෙහ් උගේ තියෙන cute ලූක් එක :rolleyes:
    අපේ german shepard එකාගෙත් පොඩි කාලේ මතක් වුනා
    හරි ශෝක බල්ලෝ ජාතියක් ,පොඩි කාලෙම train කරගත්ත නම් තවත් වටිනවා
    සැර නම් සැර ,හුරතලේ නම් හුරතලේ ,ගෙදර අවම මුලින්ම මාව බලන්නේ ඌ :love:
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    okkoma hodai kalekata mawil yanawa ethakota thamai epa wenne. okkoma halila aluthen enawa habai 1-2months yanwa. hama awuruddema wage wenawa :baffled::baffled::baffled:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේකෙ ඉන්නව මහ බලු ඩයල් එකක් akilar25 කියල :P;):D:D :yes::yes: අන්න එයාව කොන්ටැක් කරගන්ඩ අයන්නේ සිට කියල දෙයි. :yes:
     

    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    uba koheda?

    Kandy bng :yes:

    adoo patta... muu kollakda kellakda...
    anyway welaawata vitamin tika deepan SA37 eaka deepann eaakata looma hadenawa..
    :love::love::love::love:

    Ado me mge eka newei bng.. mn pic ekak danm k :D SA37 kohenda bn ganna thiyenne? price kohmada? petiyata dunnata aulk nedda (1 month)?

    අප්පෙහ් උගේ තියෙන cute ලූක් එක :rolleyes:
    අපේ german shepard එකාගෙත් පොඩි කාලේ මතක් වුනා
    හරි ශෝක බල්ලෝ ජාතියක් ,පොඩි කාලෙම train කරගත්ත නම් තවත් වටිනවා
    සැර නම් සැර ,හුරතලේ නම් හුරතලේ ,ගෙදර අවම මුලින්ම මාව බලන්නේ ඌ :love:

    Mchn mu mage eka newei bng :D mn pic ekak danm :yes::yes:

    okkoma hodai kalekata mawil yanawa ethakota thamai epa wenne. okkoma halila aluthen enawa habai 1-2months yanwa. hama awuruddema wage wenawa :baffled::baffled::baffled:

    Ehmada bng! aye enawane aulk na :D

    මේකෙ ඉන්නව මහ බලු ඩයල් එකක් akilar25 කියල :P;):D:D :yes::yes: අන්න එයාව කොන්ටැක් කරගන්ඩ අයන්නේ සිට කියල දෙයි. :yes:

    Uge thread okkama mula idan beluwa bn.. mara watinava :yes::yes:



    Thanks mchnla :D