ජර්මනියේ මර්කල්
ජර්මනියේ මර්කල් හා මැදමුලනේ මහින්ද
============================
.
පොල් ගෙඩියක් රුපියල් 100ක් ද හාල් කිලෝවක් රුපියල් 100ක් ද වන විට ගෑස් මිල රුපියල් 110කින් ද, ලොකු ළුණු බද්ද සීයට සීයකින් ද වැඩි කළ බව මාධ්‍ය හරහා දැන් ගන්නට ලැබෙන විට, ජර්මනියෙන් ඇසෙන්නේ ඇන්ජෙලා මර්කල් 4 වැනි වරටත් මැතිවරණයෙන් ජයග්‍රහණය කොට චාන්සලර් ධුරයට පත්ව ඇති බව ය. හතරවැනි වරටත් සිය ධුරය සඳහා මර්කල් තරඟ කරන විට ජර්මනියේ "සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය" හෝ එරට "විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය" හෝ බර්ලින් හන්දියේ "සිවිල් සංවිධාන එකමුතුව" ඇයට එරෙහි ව උද්ඝෝෂණ සංවිධානය කළේ නැත. ඇයට පස් පඩංගුවේ බැණ වැදුනේ ද නැත. එහෙත් ඒ ඇයි? ඒ අනෙකක් නොව, යුරෝපයේ අන් සියළු රටවල් ඍණ ආර්ථිකයක් පවත්වාගෙන යන විට ජර්මන් ආර්ථිකය පමණක් ධන අගයක පවත්වාගෙන යන අතර තුර, ගිලී යන්නට ඔන්න මෙන්න කියා තිබූ සමස්ත යුරෝපා ආර්ථික නෞකාව ද සීරු මාරුවෙන් යුතුව මර්කල් විසින් සුරක්‍ෂිත දියඹක් වෙත යාත්‍රා කරවීම ය.
මහින්දට තිබූ අභියෝග බලන විට මර්කල්ට කුමක් තිබුණේ ද? තමා ද රට වැසියා ද, ආර්ථිකය ද විනාශ කරන්නට තැන තැන බෝම්බ පුපුරුවන ප්‍රභාකරන් කෙනෙක් ද, නිදහසින් පසු වැඩි ම ණය බර සහිත සිඳී ගිය භාණ්ඩාගාරයක් ද, දිනකට පැය 8ක් උදේ හවස ලයිට් කපන කාලසටහනක් ද, ගමන් කරන විට බඩබොකු එළියට එන ලදරන් මාර්ග පද්ධතියක් ද, වගා කරන්නට වතුර ටික හා පෝර ටික නැති පරිසරයක් ද, ගොවියන් හා තරුණයින් අත්තන ඇට කා මියයන සමාජයක් ද මර්කල්ට තිබුණේ නැත.
මහින්දට ඒ සියල්ල තිබුණේ ය. වසර 60ක් තිස්සේ නිසි පිළිතුරු නොමැති ව ඔඩුදුවා ඕජස් ගලමින් තිබූ ඒ ලංකාව නම් කුණුකය- ඒ මිනී කන්නන්ගේ දේශය- ඒ අසමත් රාජ්‍ය එහෙම් පිටින් ම මහින්ද මත කඩා වැටී තිබුණි. එහෙත් මහින්ද බිය වූයේ ද? නැත. අනෙකාට අවලාද නැගුවේ ද? නැත. ඔහු කළේ ඒ සියල්ල නැවත වරක් එකින් එක, දශමයෙන් දශමය මහා මාර සෙන් මැද වෙදකම් ද හෙදකම් ද කොට යළි දෙපයින් නැගිට්ටුවා තැබීම ය. ඔහුට ඒ සඳහා වසර 9කට වඩා ගියේ නැත.
අහෝ ඛේදයකි. මැරී වැටී වුන් ලෙඩා පණගසා එන විට ම ඔහු මතට ආවේශ වූයේ හෙනහුරෙකි. ලෙඩාට වෙනසක් වුවමනා වූවේ ය. තම නැගිටීම ම වෙනසක් ලෙස ඔහු නොදුටුවේ ය. ඔහු හීනෙන් අවදි වී අන් වෙදුන් සොයා ගියේ ය. බාගෙට සුව වී සිටි ලෙඩා නැවත වැටුණේ ලෙඩ ඇඳට ය. මේසා සුව කළ නොහැකි රෝගයකින් පෙළෙමින් ඔත්පල වි සිටි රෝගියාට, යළි රෝගය නොවැළදෙන ලෙස සුවපත් කරන්නට තෙවැනි වරට ද රෝහලට එන්නට මහින්ද නම් ඒ වෙදැදුර රෝගියාගෙන් ඉල්ලා සිටි විට ඔහු එය බැහැර කළේ ය. 18 වෙදාගේ තණ්හාව ලෙස දුටුවේ ය. මර්දනය ලෙස දුටුවේ ය. ඒකාධිපතිත්වය ලෙස දුටුවේ ය. තමා මිය ගිය ද ඊට ඉඩ නොදෙන බව ඔහු සිතුවේ ය. රෝගියා යළි ඔත්පල වූවේ ය. මර්කල් 4 වැනි වරටත් ජයග්‍රහණය කළා ය.
Mahinda Pathirana
<iframe src="https://web.facebook.com/plugins/post.php?href=https%3A%2F%2Fweb.facebook.com%2Fmahindapp%2Fposts%2F10212692610922833&width=500" width="500" height="275" style="border:none;overflow:hidden" scrolling="no" frameborder="0" allowTransparency="true"></iframe>

Last edited:

2015 1 million and now Europe 