ජල කාන්දු වළකමු

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔබ දන්නවාද ඔබේ ආදරණිය සදාදරණිය උපුල් අයියා මේ පාර කිරියේ ජනප්‍රියම කැරැක්ටුවට හිමි සම්මානයට තරග වදින බව:P ඔයාලා දන්නවගේ අපේ උපුල් අයියගේ කැරැක්ටුව (කැරැක්ටුව මෙතන දිග අරින්න එපා හොදේ ) ඉතින් දාන්න පුතී වොට් එකක් පොරට
    https://www.elakiri.com/forum/showthread.php?t=1872232
     

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    මම ඉන්නේ apartment එකක 1st floor එකේ. bathroom එක පැත්තේ බිත්ති ගන්න දෙයක් නෑ තෙත් වෙලා. උඩින් තියන ගෙදරට ගිහින් බැලුවත් හොයාගන්න නෑ මුකුත්. දැන් ටික ටික living room එක පැත්තටත් ඇවිල්ලා :sorry: මොකක්ද මේකට කරන්න පුලවන් කියල කල්පනා කර කර ඉන්නකොට දැන් මේ thread එක දැක්කේ. any solution?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම ඉන්නේ apartment එකක 1st floor එකේ. bathroom එක පැත්තේ බිත්ති ගන්න දෙයක් නෑ තෙත් වෙලා. උඩින් තියන ගෙදරට ගිහින් බැලුවත් හොයාගන්න නෑ මුකුත්. දැන් ටික ටික living room එක පැත්තටත් ඇවිල්ලා :sorry: මොකක්ද මේකට කරන්න පුලවන් කියල කල්පනා කර කර ඉන්නකොට දැන් මේ thread එක දැක්කේ. any solution?

    Macho thread eke mada liwwa oka gana... :yes:
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    අපේ කඩේ අමානෝ වහලයක් ගහලා තියෙන්නේ...උඩ තට්ටුවේ බාත්රෑම් සැලැබ් එක අහුවෙනවා වහලෙට...ඉතින් ඒ දෙක සෙට් වෙන තැන පීල්ලක් දාලා තියෙන්නේ..ඒ පීල්ල කඩේ ඇතුල් පැත්තෙන් යන්නේ...බිත්තියයි පීල්ලයි සෙට් වෙන තැනට සිමෙන්ති දාලා තිබ්බත් ටික කාලෙකින් වතුර ලීක් වෙලා ඇතුලට ගලනවා...මේකට මොකද්ද මචන් හොද...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපේ කඩේ අමානෝ වහලයක් ගහලා තියෙන්නේ...උඩ තට්ටුවේ බාත්රෑම් සැලැබ් එක අහුවෙනවා වහලෙට...ඉතින් ඒ දෙක සෙට් වෙන තැන පීල්ලක් දාලා තියෙන්නේ..ඒ පීල්ල කඩේ ඇතුල් පැත්තෙන් යන්නේ...බිත්තියයි පීල්ලයි සෙට් වෙන තැනට සිමෙන්ති දාලා තිබ්බත් ටික කාලෙකින් වතුර ලීක් වෙලා ඇතුලට ගලනවා...මේකට මොකද්ද මචන් හොද...





    අමතර දැනගැනීමට
    ෆ්ලෑශින් එක දානකොට බිත්තිය දිගේ ගලාගෙන එන වතුර බිත්තියට කාන්දු නොවී එළියට යන එක සාර්ථක කරගන්න තහඩු කෑල්ලේ පොඩ් නැම්මක් දාලා බිත්තියට කාවද්දන්න ඕන. එතකොට පොඩි පිපිරීමක් ආවත් පහලට එන වතුර ආපහු එලියට යවාගන්න පුලුවන්නේ. බිත්තියේ අඟල් 6යි. ශීට් එකේ අඟල් 12 යි.

    8Z7Rld3.jpg


    එහෙම නැත්නම් අමතර තහඩු කෑල්ලක් බිත්තියට තියලා කපරාරු කරනවා.





    GPZHMCT.jpg



    ඕක තමයි මුලින්ම කරන්න ඕනේ දිගු කාලීන පැවැතමට.

    ඔය තහඩුව දාලා බදාමය කරනකොට බාස්ගේ හැකියාව ගොඩක් බලපානවා සාර්ථක වෙන්න. සාමාන්‍යයෙන් ලොකු අවුවක් වැටෙන තැනක් නිසා බදාමය එවෙලේ වේලෙන්න දෙන්නම හොඳ නෑ. ඉරි තැලීම් එනවා. දීර්ඝ කාලීනවත් නිතරම රත් වෙන තැනක් නිසාත් තහඩුව සහ සිමෙන්ති අතර ඇති සංඝටක වෙනස් කම් නිසාත් ලේයර් වෙන් වෙන්න පුලුවන්. ඒක නිසා ඔය වගේ තැන්වලට බදාමයේ බැඳීම වැඩියෙන් ලැබෙන ඉමාකො 57 ඩී (බැරා ඉමල්ෂන් මේකට තවත් නමක්. මේ වගේ බොන්ඩින් වැඩි කරන රෙපියුටඩ් බ්‍රෑන්ඩ් එකක් ගත්තත් කමක් නෑ )මිශ්‍ර කරලා බදාමේ හදාගන්න එක තමා කරන්න ඕනේ....


    ඉතා වැදගත්
    හරියට පාරම්පරිකව මේසන් වැඩ කරන බාස්ලා ඔය කෙමිකල් යූස් කලේ නෑ.. ලොකු ප්‍රශ්න අවෙත් නෑ කාලෙකට..
    දැන් බාස්ලා කියන්නේ දවස් දෙකක් අත්වැඩ දීපු ගෝලයො
    බාස් හොඳ උනත් යූස් කරන්න ගේන වැලි එදා තරම් පිරිසිදු නෑ.. සිමෙන්ති වල කොලිටිය වැඩි වෙලා ගොඩාක් දියුණු උනාට සිමෙන්ති බෑග් කීපය කීපය ඔය කොහෙන් හරි අරගන්න කොට හාඩ්වෙයාර් වල කරන වංචා වලට ලක් වෙන්නත් පුලුවන්. කැට ගැහුණු සිමෙන්ති කොට්ට කවදාවත් කීයක් අඩුවෙන් දුන්නත් ගන්න එපා. හොරාට කැට සිමෙන්ති කුඩු කරලා පැකින් කරන ඒවා අඩුවට හාඩ් වෙයාර් වලට දානවා කියලා කසු කුසුවකුත් තියෙනවා කාලාන්තරයක් තිස්සේ. සිමෙන්ති ගන්නවානම් හොඳටම බිස්නස් එක යන හාඩ් වෙයාර් එකකින් ගන්න.

    ලොකු ව්‍යාපෘතිවලදි නිසි ඉංජිනේරු ක්‍රමවේද සහ ටෙස්ටින් කරලා ගුණාත්මක බව නිශ්චය කරගන්නවා... ඒක නිසා තමන් ඉන්න ගෙදර හදද්දී මිස්ටේක් ඇති නොවෙන්න මේවායෙන් ලැබෙන දැනුම භාවිතා කරන්න.
    හැබැයි කවදාවත් ආඩම්බර වෙන්න එපා දැනුම නිසා. බාසුන්නැහේ කියන්නෙත් මනුස්සයෙක්නේ. එයා කැමති නෑ තමන්ට කියාදෙනවට. ඒක නිසා තමන්ට ඕන දේ ටැක්ටිකල් විදියට රටේ ඉන්න ශිල්පීන් ලවා කරගන්න එකත් වෙනම කලාවක්.... :yes:
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    Roof Slab eka water proof karana ekane karanna tyenne. :D
    Barralastic thama. Thread eke comment kiyawanna. :yes:

    roof slab eka waterproof kerela tiyenne eka tanakin witarak leak wage. e tikata witarak aith waterproof kerenna puluwanda?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    roof slab eka waterproof kerela tiyenne eka tanakin witarak leak wage. e tikata witarak aith waterproof kerenna puluwanda?


    එහෙම crack tyena තැනක් හොයාගත්තානම්, ඔව්. එතන රිපෙයාර් කලෑකි. බදාමය ක්‍රැක් වෙලානේ එහෙනම්. ඒ ඉරිතැලුණු කොටසට වඩා අඟල් 6 ක් විතර දෙපැත්තට වෙන්න බදාමය රවුමක් / ඉලිප්සයක් වෙන්න කපන්න ග්‍රයින්ඩරේන්. ඊට පස්සේ ඒ දාරය අංශක 45 ක් වගේ වෙන විදියට ලූස් බදාම/පොතු ගලවලා හොඳටම ක්ලීන් කරන්න. ඊට පස්සේ මම කලින් පෝස්ට් එකේත් ලියලා තියෙන බැරා ඉමල්ෂන් 57 ඩී වගේ කෙම්කල් එකක් දාලා (කොන්ක්‍රීට් ස්ලැබ් එක උඩට ) බදාමය ගහන්න 1 : 2 වගේ සිමෙන්ති වැලි අනුපාතෙට. අඟල් භාගයක් විතර. ඔයාගේ කලින් බදාමේ අඟලක් වගේ ඇති.අර අඟල් භාගේ බදාමේ හොඳට වේලුනාම මාස්ටර් සීල් 540 වගේ පොලිමර් සිමෙන්ති වෝටර් පෘෆින් එකක් කරලා ඊට උඩින් ආරක්ෂිත බදාමය කලින් බදාමේ ලෙවල් එකට දාගන්න. ( ත්‍රෙඩ් එකේ මුල්ම පෝස්ට් එකේ තියෙනවා වෝටර් පෘෆින් කරන විදිය. මාස්ටර්සීල් 540 (පොලිමර් ස්මෙන්ති ) යූස් කරන විදිය තියෙන්නේ අංක තුන යටතේ )