අපේ මිනිස්සු ජලය නාස්ති කරනවා වැඩී.ජලය කියන්නේ සම්පතක්.වතුර පනිට්‍ටුවකින් හැම එකක්ම කරගන්න මිනිස්සුත් ඉන්නවා.අපේ මිනිස්සු ගෑනු පැය භාගයක් විතර ටැප් එක අරගෙන නානවා.පැය බාගයක් මොනාද නාන්නේ.ඉස්සෙල්ලම ඇග තෙමෙන්න වතුර දාගන්න.ඊට පස්සේ සබන් ගාගන්න.සබන් හේදෙනකම් විතරක් නාන්න.කාර් එකත් දැන් හෝදන්නේ හයි ස්පීඩ් ගන් වලින්.වතුර පනිට්‍ටුවකින් කාර් එකක් හෝදන්න බැරි ඇයි?වහින වෙලාවට ලොකු බැරල් ටිකක් එලියට දාපල්ලා. ඔය ඕන තරම් වතුර තියෙන්නේ මල් වලට දාන්න,කාර් හෝදන්න බල්ලෝ නාවන්න.ඕනි නම් උනු කරලා බොන්නත් පුලුවන්.වැහි වතුර නාන්න උනත් පුලුවන්.මෙච්චර වැස්ස තියෙන රටක ටැප් එකේ වතුර එනකම් බලා ඉන්න හරක් ඉන්න රටක්නේ මේක.ලංකාවේ හුගක් මිනිස්සු වතුර ගන්නේ ලිං වලින්