ජවිපෙ-මහින්ද වෛරය
මගේ පැරණි මිතුරකු වූ ආචාර්ය කුමාර හෙට්ටිආරච්චි පසුගියදා හමුවිය. අතීත සිදුවීම් සහ වර්තමානය ගැන කතා කරමින් සිටි මම ඔහුගෙන් විමසා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂයන් සමග මෙතරම් වෛරයෙන් කටයුතු කරන්නේ ඇයිද යනුවෙනි.
කුමාර ඊට පිළිතුරු දුන්නේ දීර්ඝ විස්තරයක් ද සහිතවය. ඒ විස්තරය නොමැතිව අදාළ කොටස පමණක් කීම ගැලපෙන්නේ නැත. ඒ නිසා මම කී දිග විස්තරයම පවසමි.
1987 වසර වනවිට කුමාර පේරාදෙණිය සරසවියේ කෘෂි විද්‍යා පීඨයේ ශිෂ්‍යයෙක් විය. භීෂණය රටපුරා පැතිර ගිය යුගයක්. විශේෂයෙන් සරසවි සිසුන්ට භීෂණය වැඩිපුර එල්ල වෙනවා.
මේ කාලයේ kumara ඔහුගේ චිත්‍ර ප්‍රදර්ශනයක් පේරාදෙණිය සරසවියේ පුස්තකාලයේ පවත්වනවා. එය රළ නමින් හැඳින් වුණා.
දින කිහිපයක් පැවැත්වූ එම චිත්‍ර ප්‍රදර්ශණයෙන් පළමු දින අවසානයේ බොහෝ සිසුන් පිටව ගිය පසු තරමක් පාළු ශාලාවේ රබර් සෙරෙප්පු දෙකකින් සැරසී සරල ඇඳුමක් ඇඳගත් මහත්මයෙක් එම ප්‍රදර්ශනය තනිවම නරඹමින් සිට තිබෙනවා.
ඔහුගේ වියත් ස්වභාවය දුටු kumara ඔහුට ළං වී සර් මේ ප්‍රදර්ශනය මගේ යයි ඔහුට පවසනවා. ඔබද කුමාර හෙට්ටිආරච්චි? බොහොම සන්තෝෂයි හඳුනා ගැනීමට ලැබීම ගැන මම විශ්වා වර්ණපාල යනුවෙන් තමාව හඳුන්වා දෙනවා. මම ඔබට සුබපතනවා යැයියෑයි පැවසූ දේශපාලන විද්‍යා පීඨ මහාචාර්ය විශ්වා වර්ණපාල ප්‍රදර්ශනය නරඹා නික්ම යනවා.
කාලය ගෙවී යනවා භීෂණය තවත් වැඩිවෙනවා. එකළ අප සරසවි සිසුවෙක් යැයි කීම පවා මරණයට අත වැනීමක් වැනි තත්ත්වයක් ඇති කළ කාලයක්.
මරණ තර්ජන නිසා ගමට යාමට නොහැකිව සරසවියේ ම රැඳී සිටින kumara දිනක් මහා දවාල් ගිනි අව්වේ සරසවි බිම මැදින් වැටී තිබෙන ගලහ පාරේ ඇවිදගෙන යනවා.
එකවරම මෝටර් රථයක් ඔහු අසලින් නවත්වා වීදුරුව පහත් කර කුමාර කොහේද මේ ගිනි අව්වේ යන්නේ යැයි විමසනවා.
මෝටර් රථය තුල සිට ඔහුට කතා කරන්නේ මහාචාර්ය විශ්වා වර්ණපාල යි. නගින්න කාර් එකටයි කියූ මහාචාර්ය වරයා කුමාර කැටුව දේශපාලන විද්‍යා පීඨයේ ඔහුගේ කාර්යාලයට යනවා.
එහිදී කුමාර මහාචාර්යවරයාට පවසන්නේ සර් දැන් අපේ ජීවිත අවදානම් ,ගෙදර යන්නත් බෑ ,කැම්පස් එකේ ඉන්නත් බෑ ,කරන්න දේකුත් නෑ හරිම ප්‍රශ්නයක් යනුවෙන්.
මොහොතක් කල්පනා කරන මහාචාර්යවරයා ලිපියක් kumara අතට දෙනවා." කුමාර මේ ලිපිය ගෙන ගොස් ශ්‍රීලනිප මූලස්ථානයේ මැකී රත්වත්තේ මහතාට දෙන්න. ( සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගේ සොහොයුරා)
ඒ අනුව පසුවදා කොළඹ පැමිණෙන කුමාර මැකී රත්වත්තේ මහතා හමුවී ලිපිය දෙනවා. ඉන් පසුව ඔහුට දිනරැස ලෙස පුවත්පතේ කාටුන් ශිල්පියෙකු ලෙස කටයුතු කිරීමට ලැබෙනවා.
නිව්ටන් ගුණරත්න අමරබන්දු රූපසිංහ වැනි මාධ්‍යවේදීන් අතර නිතර දිනරැස කාර්යාලයට පැමිණෙන බව පැවසූ කුමාර, පුවත්පතේ හැදුනුම්පත ජීවිත බේරා ගැනීමට මහත් පිටුවහලක් වූ බව පැවසුවා.
එමෙන්ම එකල සවස් භාගයේ නිතර දින රැස කාර්යාලයට පැමිණෙන තරුණ දේශපාලනඥයෙක් වූයේ මහින්ද රාජපක්ෂ බවද kumara වැඩිදුරටත් පැවසුවා.
ඒ කාලේ ඔවුන් මහින්ද රාජපක්ෂයන් ඇමතුවේ මහින්ද අයියා යන වෙන් බව පැවසූ kumara එකල ද එතුමා ඉතා සුහදශීලී චරිතයක් වූ බව පැවසුවා.
දිනරැසෙන් ලැබෙන වැටුප කුඩා එකක් වූ නිසා එහි රැකියාවේ නිරත වන අතරතුර ම තවත් යමක් කළ හැකි නම් අමතර ආදායමක් උපයාගත හැකි බව සිතූ කුමාර දිනක් ඒ පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතාට පවසා තිබෙනවා.
හරි මල්ලි හෙට උදේ අපේ ගෙදර එන්න. හරියට උදේ 6. 30 වෙනකොට එන්න කියා ගල්කිස්සේ පිහිටි ලිපිනයක් කුමාරට දී තිබෙනවා.
ඒ අනුව පසුදා උදෑසන නියමිත වෙලාවට කුමාර නිවසේ ලිපිනය සොයා ගෙන ගොස් තිබෙනවා.
අදාළ නිවස ඉදිරිපස පිහිටි තවත් නිවසක ඒ වින විට තරුණයන් තිස් පහක් හතළිහක් පමණ රැඳී සිටින කුමාර දැක තිබෙනවා. සමහරු මුහුණු සෝදමින් තවත් සමහරු වතුර නාමින් තවත් සමහරු මිදුලේ කෙළවරක තිබූ මඩුවක බත් මුට්ටි තම්බමින් පොල් ගාමින් සිටිනු දැක කුමාර ඒ පිළිබඳ මඳක් විමතියට පත්ව තිබෙනවා.
ඉන්පසුව ඉදිරිපස පිහිටි මහින්ද රාජපක්ෂයන්ගේ නිවෙසට ඇතුළු වීමට සූදානම් වෙමින් පාවහන් ගල වන විට මොකද මල්ලී සපත්තු ගලවන්නේ මේක පන්සලක් නෙවෙයි ගෙයක් ඇතුලට එන්න යනුවෙන් කට හඩක් ඇසී බලන විට ඒ මහින්ද රාජපක්ෂයන් බව පැවසුවා. ඉන්පසු උඹ මල්ලි උදේට කෑම කෑවේ නෑ නේද ?ශිරන්ති මේ ඉන්නේ දිනරුස පත්තරේ අපේ කාටුන් අදින මල්ලි එයාටත් එක්කම කෑම ලෑස්ති කරන්නේ යනුවෙන් පවසා තිබෙනවා.
ඉන්පසු කිරිබත් කමින් සිටින අතරතුර kumara විමසා ඇත්තේ මහින්දයියා ඉස්සරහ ගෙදර කොල්ලො ගොඩක් මොකද යි යනුවෙනි.
මල්ලි ඔය අපේ ගම පැත්තේ කොල්ලෝ උස්සල මරයි කියල බයට පැනලා ඉන්නේ .මම ඔය ගෙය කුලියට අරන් උන්ට ඉන්න දුන්නා. ගමෙන් හාල් පොල් ගේනවා. පොල් සම්බෝල හදනවා .කනවා ඉන්නවා .මුන්ගේ ජීවිත බේරලා දෙන්න එපැයි, නැද්ද මල්ලි .මුං මිනීමරු වත් මංකොල්ලකාරයෝ වත් ත්‍රස්තවාදී වත් නෙවෙයි. ඕන නමි JVP පන්තියකට දෙකකට ගිහින් ඇති. මට පුළුවන් විදියට මං මේ දේ කරනවා යැයි පවසා ඇත.
කුමාර පැවසුවේ මහින්ද රාජපක්ෂයන් කුමාරට ඒ දේ පවසන විට ඉතා කුඩා දරුවෙකු යෝෂිත බිම වාඩි වී සෙල්ලම් කරමින් සිටි බවයි.
අවසානයේ කුමාර මට පැවසුවේ එදා එහෙම දකුණේ කොල්ලන් ගේ ජීවිත ඝාතකයන්ගෙන් බේරා දුන් මිනිසකුට එරෙහිව අද ජනතා විමුක්ති පෙරමුණ එදා ඔවුන්ගේ ඝාතකයන්ගේ පැත්ත ගැනීම අදහාගත නොහැකි බවයි.
( ඉන් පසුව මහින්ද රාජපක්ෂයන් කුමාරට ලිපියක් ලියා එය මල්ටි international ආයතනයේ කිංස්ලි වික්‍රමරත්න ට දෙන ලෙසට පවසා ඇත . සිත්තර පුවත්පත් සමූහයට පරිපාලන සම්බන්ධකම් තිබූ කිංස්ලි වික්‍රමරත්න ඉන්පසුව දින රැසට අතිරේකව සිත්තරට චිත්‍ර ඇඳීමටද ඔහුට අවස්ථාව සලසා දුන් බවත් ඊයේ අතමිටට වැඩිපුර කීයක් ලැබීමට එය මහත් රුකුලක් වූ බව පැවසුවේය)
කුමාර ඔබට අපට මතකය ඇති ඒ අතීතය බොහෝ දෙනාට අමතක වීම, අපි වැරැද්ද දැයි ඔවුන් ගේ වැරුද්ද දැයි නොදනිමි.
- ලාල් ද අල්විස් -

අපි නොදන්න ඩීල් කුමාර.