ජවිපෙ මහ රැලිය සවස 4ට

waligamaya

Well-known member
  • ජවිපෙ මහ රැලිය සවස 4ට

    ජවිපෙ මහ රැලිය සවස 4ට

    ජනතා විමුක්ති පෙරමුණේ රටහදන වැඩපිළිවෙල වටා විද්වතුන් සහ කලා කරුවන් ඒකරාශී කෙරෙමින් ‍නුගේගොඩදී පවත්වන මහා රැලියේ සජීවී විකාශනය අද සවස 4.00සිට බලා පොරොත්තු වන්න.

    jvp2015.08.10.jpg
     
    • Like
    Reactions: maraputha

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    ජේ වී පි සහ කොටින් අතර වෙනසක් නොමැත. මහාපරිමාණ කර්මාන්ත ශාලා ,විදුලි ගිර්ඩ් පොළවල් , පන්සල් ,බස් රථ ,පාලම ඇතුළු සියල්ල එවුන් විනාශ කළේය . 1970 දී සිරිමාවෝ රජයෙන් සංවෘත ආර්ථිකයෙන් රුපියල් 13 කල ඇමරිකානු ඩොලරය 1986 වන විට රුපියල් 75 දක්වා ඉහල දැමීමට එවකට යු එන පි රජය සමත්වූ අතර ජේ වී පි පෙරකී ක්‍රියාකාරකම් නිසා පළමු වරට USD එකක් සදහා රුපියල් 100 ගෙවීමට 1989 වන විට මෙරට අහිංසක ජනතාව සිදුවිය. එපමණක් නොව ජේ වී පි ත්‍රස්තවාදීන් රට පුර නිවාස වලට ගොස් නිවසේ තිබුණ රත්‍රං අභරණ ,වගා රක්ෂාවට තිබු තුවක්කු ,මුදල් ,එදා දවසට කන්න පිස තිබු අහර මුට්ටිය පමණක් නොව ජාතික හැදුනුම් පතද මරණ බිය ගන්වා රැගෙන ගියේය. එවුන් ඉල්ලන දේ නොදුන් සියල්ල අමු අමුවේ මරා දැමිණ. රටේම තිබුණ බැංකු වලින් අඩුම වශයෙන් 20% බැංකු කමින් මුදල් ,උගස් බදු කොල්ල කෑවේය (ඒ මුදල් තවමත් සාමාජිකයන් හවුලේ වියදම් කරයි ). චන්දය දැමීමට ගිය මිනිසුන් මරා දැමිණ. එවැනි පිරිසකට කවදාවත් මහින්ද මහතා උදව් කරන්නේ නැත. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිංහල රජෙකි. ඒවනම් රජෙක් යනු අධාල ජන කොට්ටසය කිසියම් ගැටලුවකට මුහුණ දෙද්දී ඒ සදහා පෙරමුණ ගෙන එම අනතුරු වලින් ඒ මිනිසුන් බේරාදෙන පුද්ගලයාය. ඔහුට මිනිසුන් වගේම ඔහු මිනිසුන්ට ආදරෙය. 2005 දී මුළු මහතා දේශයම ත්‍රස්තවාදයේ බිල්ලක් වද්දී ජීවිතය ගැනවත් නොසිතා (කොටින් ඍජුවම ඔහුට මරණ තර්ජනය කළේය) මිනිසුන් වෙනුවෙන් ඉදිරි පත් විය. අදත් යු එන පි සහ ජේ වී පි පාහරයන් කොටි ඩයස් පොරවේ මුදල් වලට මෙම රට කැබලි කොට විකුනන්න මාන බලද්දී ජනතාව එතුමන්ගෙන් කල ඉල්ලීම පිළිගෙන තිබේ. එවැනි නායකයෙක් කවදාවත් ජේ වී පි වැනි ත්‍රස්තවාදීන් හට උදව් නොකරයි.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    l0l.. oya tika witharada tjiyenne pons?
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    සිරි අයියේ මාර බඩුවක් හම්බ වුණානේ ’’ කියමින් අනුර කුමාර දිසානායක පැලැවත්ත පක්ෂ කාර්යාලයට ගොඩ විය.
    krishmal.jpg

    මේ සිරි අයියා වෙන කවුරුවත් නොව සෝමවංශ අමරසිංහ මහතායි. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් සහ හිතවතුන් සෝමවංශ අමරසිංහ මහතාව හඳුන්වන්නේ ‘‘සිරි අයියා’’ යන නමිනි. ජවිපෙ වත්මන් නායක අනුර කුමාර දිසානායකට හමු වූ ‘‘මාර බඩුව ’’ වෙන කවුරුවත් නොව නීතිඥ අරුණ කි‍්‍රෂ්මාල් වර්ණසූරියයි.

    කි‍්‍රෂ්මාල් වර්ණසූරිය පළමු වරට අනුර කුමාර දිසානායකට හමු වීමෙන් පසු ඇති වූ හැඟීම ‘‘සිරි අයියේ මාර බඩුවක් හම්බ වුණානේ ’’ කියමින් තමන් සමඟ ප‍්‍රකාශ කළ බව සෝමවංශ අමරසිංහ මහතා කීවේය. ඔහු ඒ බව කීවේ පසු ගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. ඉක්මන් නොවී නිගමන වලට නොපැමිණෙන ලෙස සෝමවංශ අමරසිංහ එම අවස්ථාවේදී අනුර කුමාර දිසානායකට පවසා තිබේ.
    ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ එසේ කිව්වත් වත්මන් නායක අනුර කුමාර දිසානායකට ඉවසීමක් නැත. කල් බැලීම හණ මිටි චින්තනයක් සේ පැත්තකට වීසි කළේය. අරුණ කි‍්‍රෂ්මාල් වර්ණසූරිය මෙවර මහ මැතිවරණයේ ජවිපෙ ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූර නාම ලේඛනයේ දෙවැනි තැනටම දැම්මේය.

    කි‍්‍රෂ්මාල් වර්ණසූරිය දැනටමත් මන්තී‍්‍රකමට ඇදගෙනය. ඒ මැතිවරණයේ බර අදින ජවිපෙ සාමාජිකයන් අතරේ නොවේ. ජවිපෙ සාමාජිකයාට ආගන්තුක ඔහුගේ සමාජයේය. සැබැවින්ම ඔහු පාර්ලිමේන්තු යෑමට නියමිතය. ඔහුට ‘‘ලොකු’’ ඉලක්කයක් ඇති බව පෙනේ.

    කවුද මේ කි‍්‍රෂ්මාල් වර්ණසූරිය?

    සෙන් ජෝෂප් විද්‍යාලය කි‍්‍රෂ්මාල් වර්ණසූරියගේ පාසලයි. මුදල් අමාත්‍ය රවී කරුණානායක ඔහුගේ ගජ මිතුරෙකි. පංති සගයෙකි. අරුණ කි‍්‍රෂ්මාල් නීතිඥයෙකි. මිතුරු රවී කරුණානායක මහතාගේ නඩු ගණනාවකට ඔහු පෙනී සිටියේය. තවමත් පෙනී සිටී. රවී කරුණානායක පමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ මංගල සමරවීර, සජිත් පේ‍්‍රමදාස, කරූ ජයසූරිය ආදී බොහෝ දේශපාලඥයෝ අරුණ කි‍්‍රෂ්මාල්ගේ කිට්ටු වන්තයෝය. ඔවුන් වගේම ඔහුත් හොඳට කන බොන විනෝද කාමියෙකි.

    නීතිඥ ජේ.සී. වැලිඅමුණ සමග අරුණ කි‍්‍රෂ්මාල් වර්ණසූරියට ඇත්තේ කිට්ටු සම්බන්ධයෙකි. එය දේශපාලනයටත්, නීතිඥකමටත් එහා යන බැඳීමකි.
    නීතිඥ ජේ.සී. වැලිඅමුණ 2004 දී ජාත්‍යන්තර දූෂණ විරෝධී සංවිධානයේ ශාඛාවක් ලංකාවේ පිහිටුවා ගත්තේය. මෙම සංවිධානය ඇමෙරිකා එක්සත් ජනපදය මුල් කොටගත් සංවිධානයකි. ඇමෙරිකා එක්සත් ජනපදය, නෝර්වේ, එක්සත් රාජධානිය සහ කැනඩාව වැනි රටවල් ජේ.සී. වැලි අමුණගේ සංවිධානයට මුදලින් සහ වෙනත් ක‍්‍රම මඟින් ආධාර, උපකාර කරයි. ජාත්‍යන්තර දූෂණ විරෝධී සංවිධානය ඇමෙරිකාවේ ආරම්භ වන්නේ වර්ෂ 2002දීය. ජේ.සී. වැලිඅමුණ එම මව් සංවිධානායේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි.

    කි‍්‍රෂ්මාල් වර්ණසූරියද මුල සිටම ජාත්‍යන්තර දූෂණ විරෝධී සංවිධාන හා සම්බන්ධය. 2004 වර්ෂයේදී ලංකාවේ එය පිහිටුවා ගනිද්දී එම සංවිධානයේ කි‍්‍රයාකාරී සැළැස්ම ඉදිරිපත් කරන්නේ කි‍්‍රෂ්මාල් වර්ණසූරියයි. ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් පාලනය වෙන සහ යැපෙන සංවිධානයක වගකිව යුත්තන්ද ඇමෙරිකා එක්සත් ජනපදයේ උවමනාවන් අනුව කටයුතු කරන බව නොරහසකි. එසේ නොවන්නේ නම් එම සංවිධානයේ තනතුරු තබා සාමාජිකයෙකුද විය නොහැකිය. ජේ.සී.වැලිඅමුණ සහ කි‍්‍රෂ්මාල් වර්ණසූරිය ඉතාම හොඳින් අවුරුදු 11ක් තිස්සේ ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ සම්බන්ධ වෙමින් ජාත්‍යන්තර දූෂණ විරෝධී සංවිධානයේ වැඩ කරමින් සිටී.

    අරුණ කි‍්‍රෂ්මාල් හා ඇමෙරිකා එක්සත් ජනපදය අතර සම්බන්ධය තවත් ඈතට දිව යයි. 2015 අපේ‍්‍රල් 22දා ලංකාවේ ඇමෙරිකන් තොරතුරු මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක අපූරු කාරණයක් සඳහන්ය. ලංකාවේ බාල දක්ෂිකා ව්‍යපාරයේ නීති උපදේශකයෙකු වශයෙන් ඇමෙරිකන් තොරතුරු මධ්‍යස්ථානයෙන් නම් කරන්නේ අරුණ කි‍්‍රෂ්මාල් වර්ණසූරියයි. ඇමෙරිකන් තොරතුරු මධ්‍යස්ථානය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලංකාවේ තොරතුරු එක්රැස් කරන ඇමෙරිකන් රහස් ඔත්තු සේවයයි. ඒ පිළිබඳව ‘‘ඔප්පු කරන්න සාධක තියෙනවද?’’ කියා ජේවීපී නායක මණ්ඩලයේ කෙනෙකු ඇසුවොත් විනා වෙනත් කිසිවෙකුට එවැනි පැනයක් පැන නොනගී.