Un kiyanne km 3n 3n ta iskola daanawa kiyala newei ban. Danatath lankawe gedarin eliyata bahala 3km yaddi aniwaryen iskolayak hambenawane.ලංකාවේ පාසල් වලට මොන පහසුකම් දුන්නත් මොන තරම් ගුණාත්මක අධ්‍යාපනයක් ඒවා තුලින් ලබා දුන්නත් ජනප්‍රිය පාසල් කියන ඒවට තියෙන තරඟය නවත්වන්න බෑ. ඒකට හේතුව ලංකාවේ සමාජයේ තියෙන ඉගෙනීමෙන් පසු තමන් ගිය පාසල කරේ තියාගෙන යාම. ඕක ඇවිල්ල අධ්‍යාපන ප්‍රශ්නයකට වඩා සමාජ ප්‍රශ්නයක්.
ඕක රස්සාවකට යනකොට උනත් බලනවා. මගේ යාළුවෙකු Army එකේ සහ නේවි එකේ කැඩෙට් ඔෆිසර් ඉන්ටර්විව් දෙකකට ගිහිල්ලා ඕක අත්විඳල තියෙනවා. ඔය ස්කෝල ගාය නිසා තමයි ඒ ජනප්‍රිය පාසලකින් පිට ලංකාවේ හමුදාපති කෙනෙක්වත් බිහි නොවෙන්නෙ.
ඕකට දෙන්න මගේ ඔළුවට එන විසදුම තමයි ලංකාවේ සියලුම පාසල් ඔය ජනප්‍රියම පාසල් කියල තියෙන 300 ක් පමණ වන ලොකු පාසල් වල Branches කරන එක.
උදාහරණයක් ලෙස ආනන්ද විද්‍යාලයේ branch එකක් කරනවා කොලබ අවට තියෙන දුප්පත් ළමයි යන පොඩි ස්කෝලෙ. එකම නිල ඇඳුම ,එකම නම ,පාසලෙන් අස් වෙනකොට දෙන්නෙ එකම සහතිකය, කිසිම වෙනසක් නෑ. ඊට පස්සෙ ඔය අවට තියෙන ළමයි 100 ට අඩු ළමයින් ඉන්න සියලුම පොඩි පාසල් වහලා දාලා ඒ ළමයි ආනන්දේ ස්කෝලෙ branch එකට ගේනවා. එහෙම කරොත් ලංකාවේ තියෙන්නේ පාසල් 300ක් විතර සහ ඒවට අයිති branches විතරයි.
එහෙම නැතුව ලඟම පාසල හොඳම පාසල නෙවෙයි ලෝකෙම හොඳම පාසල කරත් ඔය ස්කෝල ගාය ලංකාවේ නැති කරන්න බෑ.
මට එහෙම හිතෙද්දී සුනිල් හඳුන්නෙත්ති කියනවා කිලෝමීටර් තුනෙන් තුනට ඒ ගොල්ලො පාසල් දානවලු හඳුන්නෙත්ති හිතාගෙන ඉන්නෙ ලංකාවේ තියෙන්නේ පාසල් වලට තියෙන දුර ප්‍රශ්නයක් කියල වෙන්න ඇති.
Un kiyanne lamayata iskoleta yanna wena uparima dura 3km karanawa kiyala. Eka hoda nadda? Ube lamaya nidi maragathe payak dekak scholl van eke yanawatada uba kamathi, nathnam 10 mins walin iskoleta yanawatada?
Kotinma kiyanawanam danata thiyana paasal walata guruwaru tika hariyata dammanam me prashne wisadenawa.