මම නම් හිතන්නෙ නෑ රොජා......
ජවිපෙ, උපන් දා ඉදන් විප්ලවය අදහපු පක්ෂයක්. 1969 සංඝාරාම සාකච්ඡාවෙන් තමයි තීරණය වෙන්නේ විප්ලවයකින් රටේ බලය පැහැර ගැනීමට. එතකොට ළිදට තල්ලු කලා වෙන්නෙ නෑ නේ.....
මම විප්ලවයකට විරුද්ධ හෝ පක්ෂ නෑ...නමුත් ජවිපෙ ඓතිහාසික වරද දෙකක් කලා. ඒ විප්ලවයට තෝරාගත් කාලය සම්බන්ධව.
1971 දී විප්ලවයට තෝරගන්නේ සමගි පෙරමුණු ආණ්ඩුව, ආණුඩුව පත් වෙලා අවුරුදු එකහමාරයි. මිනිස්සු ආණ්ඩුව ගැන කළකිරිලා හිටයෙ නෑ. අනික විප්ලපවයට ආවෙ උගත් සහ බුද්ධිමත් කොටස, පොදු ජන සහභාගීත්වයක් තිබුනෙම නෑ. මොකද පොදු ජනතාව ආණ්ඩුව යමක් කරයි කියන බලාපොරොත්තුවේ හිටියා. කොහොම හරි අවශ්‍ය පිරිස් බලය නැතිව, කද නැතිව ඔලුව විතරක් විප්ලවයට ඇරියා. විනාස වුණා.......
88-89 බලන්න......ආණ්ඩුව ගැන මිනිස්සු කල කිරිලා හිටිය. නමුත් පොදු ජන සහගෙයක් ඒත් තිබුනේ නෑ මොකද විප්ලවවාදීන් පවා මිනිසුන් මත මර්දනය මුදා හැරිය නිසා.අනික මහජනයා ඒකරාශීකර ගෙන විප්ලවයක් කළමනා කරණය කිරීමේ හැකියාව විප්ලවවාදීන්ට තිබුනෙ නෑ මොකද ඉන්දු ලංකා ගිවිසුම එකපාරට මතු වෙච්ච එකක් නිසා. ත්රිලට විප්ලව කරන කොටසක් තමා මතුවෙලා හිටියෙ. ඔලුව නැතුව කද යැවුවා කොටින් ම කියනව නම් විප්ලවයට..විනාස වුණා.......
මතක තියා ගන්න....“බහුතර සාහභාගීත්වයකින් තොරව කෙරෙන ඕනෑම පොදු කටයුත්තක් කෙළවර වන්නේ ඛේදවාචකයකින්“ ඒත තමා ඓතිහාසික සත්‍ය මේ පොළව මත...............
ඒක හරි පලවෙනි විප්ලවය සුළු පිරිසක් එකතු වෙලා එක රැයින් පොලිසි වලට ගහල රටම යටත් කරන්න ගන්න හිතන් කරපු පොඩ්ඩක් වත් ප්‍රයෝගික නැති සහ ඒ වෙලාවේ හැටියට අනවශ්‍ය කලබලයක් ඉතින් කව්රුවත් බලෙන් තල්ලු කර කියන එක ඇත්තම නෙවෙයි නේ හැබැයි 83 නම් වෙනම කතාවක්
ජවිපෙට ඕනේ උනේ රුසියාවෙන් ගෙඩිය පිටින් ආනයනය කරපු විප්ලවය මෙහෙ පැල කරන්න ඒක අදුරදර්ශී වගේම කිසිසේත් ප්‍රයෝගික නැති දෙයක්





