කථාවක් අහල යම් කිසි දෙයක් දැනුමට එකතු වෙනවා නම් , අනිවා JVP එක ඒ අතින් සෑහෙන ඉස්සරහ .
කරුමේ අපේ මිනිස්සු නායකයෝ තෝරන්නේ ,
තමන්ගේ ජාතිය බලලා , රටේ පාරවල් බලලා , අනිත් එකාට හෙන ගහල තමන්ට හොඳක් වෙන දෙයක් බලලා ...
මහින්ද කියන්නේ සිංහල ජාතිය බලාගන්න ආපු කෙනෙක්ද , ඒක තනිකරම වෙළඳ දැන්වීමක් .
සුළු ජාතිකයන් කියන්නේ රටේ වහල්ලු නෙමේ ,අපේම ශ්රී ලංකික සහෝදරයෝ .
මහින්දගේ ආණ්ඩුවට පුළුවන් ජාතිවාදය පෙන්නලා , සිංහල නායකයා බව පෙන්න ගන්න ...
මට දුක එලකිරියේත් තාම ,අර පරණ මිනිස්සු වගේ තමන්ගේ ගෝත්ර යේ බලය තියා ගන්න අනිත් අය මර්දනය කරන්න උත්සහ කිරීම .
කවදාවත් සිංහල ජාතිය මහින්දට බලා ගන්න බෑ , එයා කලේ සිංහල ජාතිය බිල්ලට දීමක් .
නැත්නම් ගෝටබයල ,යුද්දේ කාලේ හදිසියේම ආයුද ගෙන්නන එජෙන්සි හදයිද .... යුද්දේ බිස්නස් එකක් කර ගත්ත කට්ටිය රට බේරා ගනී ඉස්සරහටත් ,
යුද්දේ නැති වුන එකෙන් , තැනින් තැන බෝම්බ පිපිරෙන්නේ නෑ කියනවා , මේක නවත්තන්න ජිවිත කීයක් නැති වුනාද .
ආයේ යුද්දයක් ඇති වෙන වලක්වන්න පුළුවන් උතුරේ හමුදාව තියාගෙන , මුස්ලිම් මිනිසුන්ගේ උපත් පාලන අඩු කරලද ...
අවුරුදු කියක් මෙහෙම කරන්න පුළුවන් වෙයිද ??
අනිත් පැත්තෙන් වංචාව , නීතියේ සහන එන්න එන්නම නැති වීම .
පිරිසක් පොහොසත් වෙලා , බහුතරයක් පීඩා විඳින , ලෝකයෙන් කොන් වෙන රටක් කොච්චර කල් තියෙයිද ...
මහින්ද නැවත පාරක් දිනුවා නම් , අනිවාර්යෙන් ආයේ යුද්දයක් ඇති වෙනව , රටේ සමගියක් කවදාවත් ඇති වෙන්නේ නෑ , අපිට සිදු වෙන අසාදාරනයක් වෙනුවෙන් කවදාවත් කටක් අරින්න වෙන්නේ නෑ ..