ජර්මන් පාඩම #15
ගොඩ කාලෙකින් ලෙසන් එකක් දාන්න බැරි උනාට සමාවෙන්න ඕන.
ජර්මන් යන්න තිබුණු අදහස අත් ඇරලා දාපු නිසාත් දැන් එච්චර භාවිතයක් නැති නිසාත් මට ජර්මන් අමතක වේගන යනවද මන්දා.
මේ ත්රෙඩ් එක දාන නිසා මටත් ආයෙමත් ජර්මන් ටිකක් මතක් කර ගන්න පුළුවන්. 

Präpositionen - ප්රෙපොසිෂනන් - නිපාත
Zu - සු - to,at,too - වෙත,දී,ත්
mit - මිට් - with,by - මගින්,සමග
bei - බයි - with,at - වෙත,සමග
von - ෆොන් - from,of,by - ගෙන්,විසින්,ගේ
aus - අවුස් - from,out - ගෙන්,සිට
nach - නක් - to,after - පසුව
gegenüber - ගේගනියුබර් - opposite - ඉදිරිපිට
seit - සයිට් - since - පටන්,සිට
මෙන්න උදාහරණ - :
Zu
Wir gehen zu dem Tempel
වියර් ගේහන් සු ඩෙම් ටෙම්පල්
අපි පන්සලට යමු.
mit
Ich will mit dem Bus fahren
ඉෂ් විල් මිට් ඩෙම් බුස් ෆා(හ්)රන්
මට බස් එකේ යන්න ඕන.
bei
Ich wohne bei meiner Tante
ඉෂ් වෝන බයි මයින ටන්ට
මම ඉන්නේ නැන්දලයි ගෙදර.
Von
Ich komme von zu Hause
ඉෂ් කොම ෆොන් සු හවුස
මම එන්නේ ගෙදර ඉදලා.
aus
Diese kette ist aus Silber hergestellt
ඩිස කෙට ඉස්ට් අවුස් සිල්බර් හාගෙස්ටෙල්ට්
මෙම මාලය රිදී වලින් සාදා ඇත.
nach
Ich schlafe nach dem essen
ඉෂ් ශ්ලාෆ නක් ඩෙම් එසන්
මම කෑමට පසු නිදා ගනිමි.
gegenüber
Er sitzt mir gegenüber
එයර් සිට්ස් මිය ගේගනියුබර්
ඔහු මා ඉදිරිපිට වාඩි වී සිටියි.
seit
Seit September
සයිට් සෙප්ටෙම්බර්
සැප්තැම්බර් මාසයේ සිට
හරි අදට පාඩම ඉවරයි.අඩු පාඩු එහෙම තියෙනවා නම් කියන්න. 
බුදුසරණයි හැමෝටම !
Last edited: