ජ්ර්මන් ඉගෙනගමු!

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මෙන්න කෙල්ලො. ගොඩක් ලංකාවෙ ඉන්නෙ ගොන් ගෑනුන්ට හොඳ ආදර්ශයක්. දිගටම කරන් යන්න.
     
    ජර්මන් පාඩම #15

    ගොඩ කාලෙකින් ලෙසන් එකක් දාන්න බැරි උනාට සමාවෙන්න ඕන.:sorry::sorry:ජර්මන් යන්න තිබුණු අදහස අත් ඇරලා දාපු නිසාත් දැන් එච්චර භාවිතයක් නැති නිසාත් මට ජර්මන් අමතක වේගන යනවද මන්දා.:dull:මේ ත්‍රෙඩ් එක දාන නිසා මටත් ආයෙමත් ජර්මන් ටිකක් මතක් කර ගන්න පුළුවන්. :):):)

    Präpositionen - ප්රෙපොසිෂනන් - නිපාත

    Zu - සු - to,at,too - වෙත,දී,ත්
    mit - මිට් - with,by - මගින්,සමග
    bei - බයි - with,at - වෙත,සමග
    von - ෆොන් - from,of,by - ගෙන්,විසින්,ගේ
    aus - අවුස් - from,out - ගෙන්,සිට
    nach - නක් - to,after - පසුව
    gegenüber - ගේගනියුබර් - opposite - ඉදිරිපිට
    seit - සයිට් - since - පටන්,සිට


    මෙන්න උදාහරණ - :

    Zu
    Wir gehen zu dem Tempel
    වියර් ගේහන් සු ඩෙම් ටෙම්පල්
    අපි පන්සලට යමු.


    mit
    Ich will mit dem Bus fahren
    ඉෂ් විල් මිට් ඩෙම් බුස් ෆා(හ්)රන්
    මට බස් එකේ යන්න ඕන.


    bei
    Ich wohne bei meiner Tante
    ඉෂ් වෝන බයි මයින ටන්ට
    මම ඉන්නේ නැන්දලයි ගෙදර.


    Von
    Ich komme von zu Hause
    ඉෂ් කොම ෆොන් සු හවුස
    මම එන්නේ ගෙදර ඉදලා.


    aus
    Diese kette ist aus Silber hergestellt
    ඩිස කෙට ඉස්ට් අවුස් සිල්බර් හාගෙස්ටෙල්ට්
    මෙම මාලය රිදී වලින් සාදා ඇත.


    nach
    Ich schlafe nach dem essen
    ඉෂ් ශ්ලාෆ නක් ඩෙම් එසන්
    මම කෑමට පසු නිදා ගනිමි.


    gegenüber
    Er sitzt mir gegenüber
    එයර් සිට්ස් මිය ගේගනියුබර්
    ඔහු මා ඉදිරිපිට වාඩි වී සිටියි.


    seit
    Seit September
    සයිට් සෙප්ටෙම්බර්
    සැප්තැම්බර් මාසයේ සිට


    හරි අදට පාඩම ඉවරයි.අඩු පාඩු එහෙම තියෙනවා නම් කියන්න. :)
    බුදුසරණයි හැමෝටම !
     
    Last edited:
    wJQo9nz.png
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    French easy නේ මේවා එක්ක බලද්දී.. දිවත් ටැපලුන..