ජ්‍යොතීර් වේදීන් හා කඩේ යෑම්
මෙය ලියන්නට සිතුනේ පහුගිය දවස් වල දැක්ක හා මේ දවස් වල දකින්නාවූ අසීමිත කඩේයෑම් හේතු කරගෙනය.
දැඩි ලෙස දේශපාලනය කරනය වූ අද සමාජයේ බොහෝ ජ්‍යොතිර් වේදීන්ද එම රැල්ලටම හසුව ඇත. එය බොහෝ විට සිද්ධ වන්නේ ප්‍රසිද්ධ ජ්‍යොතිර් වේදීන්ටය. බොහෝ ජ්‍යොතිර්වේදීන් මෙය කරන්නේ මුදල් වලටය අනෙක් අය කරන්නේ පෞද්ගලික හිතවත් කම් හෝ තමා උපන්දාසිට තමාට පරම්පරාවෙන් හිමුවූ දේශපාලන පක්ෂය නිසාය. කෙසේ නමුත් අන් කවරෙක් කඩේ ගියත් ජ්‍යොතිර් වේදියෙක් කඩේ යෑම කොතරම් සදාචාරාත්මකදැයි යන්න ගැටලුවකි.
සමහර ජ්‍යොතිර්වේදීන් නම් හිතවතාගේ ඉල්ලිමට හෝ තමාට මුදල් දෙන කෙනාගේ උවමනාවට පලාපල විකෘති කර කියයි. එවැනි ජ්‍යෝතිර් වේදීන් පත්තරවලට ලිපි ලියමින් රූපවාහිනී ගුවන්විදිලි වැඩසටහන් වලට පැමින තමාගේ හිතවතාව අනවෂ්‍ය ලෙස පුම්බයි. නමුත් හිතවතා පැරදී හිතවතාගේ හුලං යනවිට ඔහුව පිම්බූ ජ්‍යෝතිර් වේදියාගේද හුලං යන්නේ නිතැතින්මය.
ජ්‍යොතිෂ වේදීන් ඡන්දය ගැන අනාවැකි කීම වරදක් ලෙස මා දකින්නේ නැත. එයට හේතුව ජ්‍යොතිෂ වේදියෙක් දුටු ගමන් අන් අය 90% අවස්ථාවලදී ඔහුගෙන් අසන පැනය වන්නේ මේ පාර ඡන්දේ මොකක් වෙයිද කියාය. ඔහු යමක් කිවේද එවිට එය අනාවැකියක් වනු ඇත. නමුත් ගැටලුව තිබෙන්නේ යම් ජ්‍යොතිෂ වේදියෙක් යම් දේශපාලකයෙක්ව අසීමිත ලෙස ප්‍රමෝට් කිරීමය. එවැනි ජ්‍යෝතීර් වේදීන්ගේ අනාවැකි ගැනද අන් මිනිසුන්ගේ සිතේ සැකයක් ඇතිවේ, ඒ සැකය සාධාරනය.
කෙසේ නමුත් දැන් දැන් මෙවැනි ජ්‍යොතිර්වේදීන් වැඩිය. එක් දේශපාලකයෙක් එක් ප්‍රසිද්ධ ජ්‍යෝතීර්වේදියෙක් අල්ලාගත්විට අනෙක් දේශපාලකයා ඒ පලාතේ අනෙක් ප්‍රසිද්ධ ජ්‍යෝතිර් වේදියාව අල්ලාගනියි. මෙලෙස පස්දෙනෙක් ජ්‍යොතිර්වේදීන් පස්දෙනෙක්ව අල්ලන් තම තමන්ව ප්‍රමෝට් කරවාගත්තොත් මෙයින් මුල්පුටුවට එන්නේ එක්කෙනෙක් පමනක් බැවින් ඉතිරි හතරදෙනාටම කෙලවෙන්නේය. මේ නිසා දැනුවත්ව හෝ නොදැනුවත්ව ජ්‍යොතිෂය නම් වූ විෂයටද කෙලවෙන්නේය. ඒ මිනිසුන් තුල විෂ්වාසය බිඳ වැටීමෙනි. මන්ද පොදු පලාපලයක් ලෙස ගතහොත් මෙම 5 දෙනාගෙන් 4දෙනෙකුම කීදේ වැරදී ඇත. එනම් ප්‍රතිෂතයක් ලේස 80% වැරදිය. මා මුලින් කී ලෙස මෙය කරන්නේ ප්‍රසිද්ධ ජ්‍යොතිෂ වේදීන්ය. එවිට මිනිසුන් සිතන්නේ මෙච්චර ප්‍රසිද්ධ අයටත් මෙහෙම වරදිනවානම් ජ්‍යොතිෂ යනු මිත්‍යාවක්ම බවයි. පරන තීන්ත බකට් එකකට අමුර්තය පුරවා දුන්නත් එය අමුර්තය ලෙස පිලිගැනීමට මිනිසුන් මැලිවෙයි. එලෙසම මේ ශාස්ත්‍රය කොතරම් පිරිසිඳු වුවත් එය ජනතාව අතරට ගෙනියන්නා මුදල් පෙරේතයෙක්නම්, බොරුකාරයෙක් නම් හෝ නියම ශාස්ත්‍ර දැනුමකින් තොර කෙනෙක්නම් මිනිසුන් මේ ශාස්ත්‍රය මනින්නේද ඒ ලෙසටමය.