ජාතික ආණ්ඩුව හා යහපාලනය

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජාතික ආණ්ඩුව හා යහපාලනය

    ජාතික ආණ්ඩුව හා යහපාලනය


    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් 26 දෙනෙකුට ඇමතිකම් ලබා දී ආණ්ඩුවට එක් කරගනිමින් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පසුගිය 22 දා ජාතික යැයි කියන ආණ්ඩුවක් පිහිටු විය. මෙය ඇත්තටම ඔවුන් පවසන පරිදි ජාතික ආණ්ඩුවක්ද? එවැන්නක් පිහිටුවීම සඳහා ජන වරමක් තිබේද? මේ නිසා ජනතාවට සිදුවන බලපෑම් කවරක් විය හැකිද? වැනි ප‍්‍රශ්න පිළිබඳ වාමාංශික විද්වතුන් දක්වන ප‍්‍රතිචාර සොයා බලමු. එම ප‍්‍රතිචාර පහත දැක්වෙන පරිදිය.

    මේක අවස්ථාවාදී හොර කමක්
    දර්ශනය පිළිබඳ මහාචාර්ය ඩෙස්මන් මල්ලිකාරච්චි

    ජාතික ආණ්ඩු ගැන අවුරුදු දෙසීයකට වැඩි අතීතයක සිට නිර්වචනය කර තිබෙන්නේ ”ජාතික ආපදාවකදී ප‍්‍රජාතන්තවාදී පාලනයක් තිබෙන රටක ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් එක්ව ජාතික සැලැස්මක් මත පිහිටුවා ගන්නා ආණ්ඩුවට” කියන සරල අර්ථය. දෙවැනි ලෝක මහා යුද්ධයේ හිට්ලර්ගේ නාසිවාදි ආක‍්‍රමණවලට විරුද්ධව ජනතාව පෙළ ගස්වන්න ඇමරිකාවෙත් මහා බි‍්‍රතාන්‍යයේත් ඕක කළා. පස්සේ අවස්ථාවක කැනඩාවත් කලා.
    ඉතින් අපේ රටේ මේ තත්වය මොකක්ද? මේක ජාතික ආණ්ඩුවක් නෙවෙයි. මේ එන්නෙ ජනතාවට කෙළවන්න අටවාගත්ත එකක්. ඔය සභාග ආණ්ඩු, සන්ධාන ආණ්ඩු, අවබෝධතා ආණ්ඩු, කියන්නේ ධනවාදී පැවැත්ම උදෙසා ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙස් මුහුණකින් එන දේශපාලන මෙවලම් විතරයි.

    ධනවාදය අද ලෝක පරිමාණයේ අද මුහුණ දී ඉන්න මරණ මාවත හමුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හරහා සභාග ආණ්ඩුවලට ගිහින් තියෙන්නේ. ලෝකයේ ජාතික ආණ්ඩු අටවාගත් ගොඩක් රටවල් තියෙනවා. මේක දේශපාලනයට වඩා ආගමික සංකල්පයක්. ගලවා ගැනීමේ සංකල්පයක්. අද ජාතික ආණ්ඩු කියාගෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් එකතු වෙන්න සිද්ධවෙලා තියෙන්නෙ බණ්ඩාරණායකගේ සිංහල ජාතිවාදයත්, ජේ.ආර් ගේ විවෘත ආර්ථිකයත් කියන කොඩිවින දෙක රට දාලා තියෙන මහා අගාධයේ තරම නිසා.
    ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ග‍්‍රාමීය සුළු ධනේශ්වර පිංතාරුවත් එක්සත් ජාතික පක්ෂයේ න්‍යයික චින්තනයක් එකට එකතු කරලා විකාරයක් හැදුවාම වෙන්නේ මේ දෙගොල්ලම වරප‍්‍රසාද බෙදාගන්න එක විතරයි. ජනතාවට තියන ප‍්‍රශ්නවලට එතන උත්තරයක් එතන නැහැ. තම තමන්ගේ ගැලවීම ටික කාලෙකට හදාගන්නවා විතරයි. අවුරුදු 70 කට කිට්ටු කාලයක් ඔයදෙගොල්ල දෙපැත්තට වෙලා ගෙනාව පාලනයේ උපරිමයට ගැනීමක් තමයි දැන් තියෙන්නේ.

    හරි අනික් පැත්තෙන් ඔය ජාතික ආණ්ඩුකාරයෝ කියන කතාවත් ගමු. ජනතාවගේ ප‍්‍රශ්න විසඳන්න ජාතික ආණ්ඩුවක් හැදුවා නම් ඇමතිකම් 80 මොකටද? හෙට අනිද්දා 100ක් දක්වා ගෙනියන්නේ මොකටද? එහෙම කරන්න ඕනා නෑනේ. මේ ඔක්කොම පහළ බාලාංශයේ ඉන්න ඕනා එවුන්. මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න බැරි වෙච්ච උන් දැන් මෛතී‍්‍රපාල ළ`ගට ඇවිල්ලා.
    අනික් පැත්තෙන් විධායක ජනාධිපති ක‍්‍රමයේ තටු කපලා 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරනවා කියලනේ ඔය කියන්නේ. ඉතින් 17 වැනි සංශෝධනය බලාත්මක කරන්න ඇමතිකම් මොකටද? මේක හරිම අවසථාවාදී පාහරකමක්. එකතු වෙන්න ආපු අයත්, ගෙන්නා ගත්ත අයත්, දෙගොල්ලන් එකගොඩට වැටෙනවා. මෛතී‍්‍රපාල සිරිසේනට ඡුන්දය දුන්නේ ඒකට නොවේ. මේකෙන් වෙන්නේ ලංකාව කබලෙන් ලිපට වැටෙන එක. මම අනාවැකියක් කියන්නම්. සිංහල හින්දු අළුත් අවුරුද්ද ඉවර වුනු හැටිය වෙන්නේ කබලෙන් ලිපට වැටෙන එක. ඉස්සෙල්ලා එක පැත්තකට වෙලා හොරා කාපු එක දැන් දෙගොල්ල බෙදා ගෙන කන්න පටන් ගන්නවා. මහබැංකුවෙන් පැහැදිලි වෙලා තියෙන්නේ ඒකනෙ.


    ජාතික ආණ්ඩුවකට ජනවරමක් ඉල්ලූවේ නැහැ
    (රුහුණු විශ්ව විද්‍යාලයේ
    රසායන විද්‍යා ආචාර්ය ජිනසේන හේවගේ.

    ජාතික ආණ්ඩුවක මූලික පදනම ගැන හොයා බැලූවහම තිබෙන අර්ථකථනය තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක විවිධ ජනකණ්ඩායම් හෝ විවිධ දේශපාලන මත නියෝජනය කරන පිරිස්වල නියෝජිතයන්ගේ අනන්‍ය න්‍යාය පත‍්‍ර නිශ්චිත අරමුණක් වෙනුවෙන් පැත්තක් තියලා, ඒ කියන්නේ තමන්ගේම අරමුණු පැත්තක තියලා පොදු අරමුණු වෙනුවෙන් එකතුවෙන එක.
    නමුත් අපේ රටේ හැදුවා කියන ජාතික ආණ්ඩුවත් තමන්ගේ පක්ෂය හරි තමන් නියෝජනය කරන ජන කණ්ඩායමේ හරි තමන්ට ඡුන්දය දුන් ජනතාවගේ හරි අරමුණු පැත්තකට දාලා තමන්ගේ පුද්ගලික අභිමතාර්ථයන් ඉෂ්ට කරගන්න එකතු වෙලා ඉන්නේ. ඇමතිකම් අරගෙන ඉන්නේ ඒකට. මම දැක්කා එක ඇමති කෙනෙක් කියලා තිබුණා ඇමති වැටුප් ජාතික ආණ්ඩුවේ ඉන්නවා කියලා. අනික් වරප‍්‍රසාද ගත්තාම තව වැටුපත් ඕනෑද කියන ප‍්‍රශ්නයක් මටනම් මතු වෙනවා. ඊළග ඡුන්දෙට මහජන සම්පත් අවභාවිතා කිරීමේ එකම අරමුණින් තමයි මේ ටික කාලෙට ඔය අය ඇමතිකම් අරගත්තෙ. තව දෙයක් පැහැදිලිව කියන්න තියෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී ඔය කියන ජාතික ආණ්ඩුවකට ජනවරම ඉල්ලූවෙත් නෑ. ඒ නිසා දීලත් නෑ. ඔතන තියෙන්නේ 2010 මහමැතිවරණයේදී ජනතාව දුන් බලයක්. ඒකත් එහාට මෙහාට පැනලා මාරු වෙලා විකෘති වෙච්ච එකක්. අඩුම වශයෙන් ඒ ජනවරමවත් හරියට නිරූපනය වෙන්නේ නෑ. එහෙම තියෙද්දි ජනවාරී 8 වෙනිදායින් පස්සෙ 2010 ලබා දුන් ජනවරම අවසන් වෙනවා. එතන ඉඳලා දවස් සීයක් යනතුරු කි‍්‍රයාකරන විදිහක් ජනතාවට කියලා තියෙනවා. අන්න ඒකට ඡුන්ද දායකයාගේ අනුමැතිය දීලා තියනවා. ඔය කියන ජාතික ආණ්ඩුවක් ගැන මහජන අනුමැතිය ලබා දී නෑ.
    අනෙක් පැත්තෙන් 2010 මහ මැතිවරණයෙන් බලයට පත් වූ ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා විදිහට මහින්ද රාජපක්ෂ යටතේ එස්.බී දිසානායක වැනි ඇමතිවරුන් කි‍්‍රයා කළ ආකාරය ඉතාම පිළිකුල් සහගතයි. ශිෂ්‍යයන් වගේම විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ටත් විශාල මැර තර්ජනයක් මුදා හැරියා. ඒ අයටත් දැන් යහපාලනය යටතේ ඇමතිකම් දීලා තිබීම පිළිකුල් සහගත දෙයක්.
    තවත් වැදගත් දෙයක් මම කියන්නම්. දැන් ඔය ජාතික ආණ්ඩුවක් හැදුවේ, ගෙවුණු මාස දෙක තුළ වංචා ¥ෂණ කල අයට ද`ඩුවම් කරලා නෙවෙයි. බරපතල චෝදනා තිබෙන අය විදේශ සේවයටත් රාජ්‍ය සේවයේ විවිධ තනතුරු වලටත් පත් කරන ඉතාම නරක ආදර්ශය දීලා. ඒකෙන් කියන්නෙ මොකක්ද? ඊළග තර්කානුකූල පියවර තමයි වංචා ¥ෂණ ඉහළ යන එක. අළුත් ආණ්ඩුවේ මාස දෙකක මෙහෙම නම් තව ටික කාලයක් ගියොත් වෙන දේ හිතා ගන්න පුළුවන්. ඇමතිවරුයි නිලධාරීනුයි එකතුවෙලා පරණ වැඬේ ඉතා හොඳින් කරගෙන යයි.
    අනික් පැත්තෙන් ආණ්ඩුවේ අනුමැතියෙන් ජනතාවගේ මුදල් අවභාවිතයේ යොදවන විදිහත් ගැඹුරින් සලකා බලන්න ඕනෑ. හිටපු අගමැතිවරුන්ට මාසෙකට රු25,000/=ක් වැඩිකර දෙන්න යෝජනා සම්මත කරගත්තා. ඒ විතරක් නෙවෙයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ ඉඳලා දැන් ඇමතිකම් අහිමි වෙලා ඉන්න අයට වාහන දෙක දෙක ගානේ දෙන්නි කි‍්‍රයා කළා. මේ දේවල් ජනවරමට පයින් ගහලා කරන දේවල්. නමුත් මේ වෙන කොට හරි නම් ජනවාරි 8 වෙනිදා පිම්මේ ඊළඟ දෙවැනි පිම්ම ගන්න කාලය. එහෙම දෙයක් කරලා නෑ. ඒ නිසා දැන් ජනතාවට විශේෂ වගකීමක් පැවරී තියෙන්නේ. දැන් වෙනත් ඉදිරි පිම්මක් ගැනීමට සිද්ධ වෙනවා. පිම්ම
    ජනවාරි 08 වෙනිදායින් පස්සට යන්න බෑ.

    19 වෙනුවෙන් කප්පම් දෙන්න එපා
    මහාචාර්ය රත්නසිරි අරංගල

    අද දේශපාලනය පිළිබඳ යම් සංවේදී බවක් ඇති අයගේ අවධානයට යොමු වී තිබෙන කාරණයක් වන්නේ ජනවාරි අට වැනි දා අලූත් ආණ්ඩුව පිහිටුවීමෙන් අනතුරු ව, මෛත‍්‍රීපාල සිරිසේන මහතා නියෝජනය කළ පාර්ශ්වයේ මැතිවරණ ප‍්‍රකාශනය අනුව දින සියයකින් පසු අලූත් ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට අඩිතාලම දමමින් නව ආණ්ඩුවක් බිහි කර ගැනීමට අවශ්‍ය ගමනක් මේ ආණ්ඩුව ගියා ද යන්්න යි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන හා ජනවාරි ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂට සහාය දැක්වූ එමෙන් ම මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා එතුමාගේ වැඩ පිළිවෙළත් එතුමා වටා සිටි ප‍්‍රබලයනුත් පරිහාසයට අපහාසයට හා අවමානයට ලක් කළ ඇතැම් පිරිස් කැබිනට් මණ්ඩලයට පත් කිරීම මෛත‍්‍රී පාලනයේ බලාපොරොත්තු බිඳ දැමීමක් යැයි කියවෙන්නේ මේ නිසා බව කිය යුතු යි.
    මේ අවස්ථාවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්දවාදී පිරිස් කැබිනට් මණ්ඩලයට ඇතුළත් කොට ගෙන ඇත්තේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ දී වැඩි ඡුන්දයෙන් සම්මත කර ගැනීම සඳහා පසුබිම සකසා ගැනීමට බව පැහැදිලි යි. එහෙත් මෙය රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවශ්‍යතාවක් ඉටු කිරීමට කප්පම් ගැනීමක් වන බව කණගාටුවෙන් යුතු ව කිය යුතු වෙනවා.
    දැනට යෝජිත කෙටුම්පත මෙන් ම ‘‘ජනාධිපතිවරයා ආණ්ඩුවේ හා කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා ය’’ යන වගන්තිය ඉවත් කිරීමට ගෙනා සංශෝධනයත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය හා නීතියේ ආධිපත්‍යය යළි පිහිටුවීමේ අරමුණින් යුතු බහුතරයේ සැනසුමට හේතුවක්. 19 වන සංශෝධනය සම්මත කර ගත් වහා ම දින සියය තුළ හෝ එය ඉක්මවා වැඩි දිනක් යාමට මත්තෙන් මහා මැතිවරණයක් පැවැත්වීමත් අනිවාර්ය අවශ්‍යතාවක්. ඉන් පසු ව, කැබිනට් මණ්ඩලය 30කට සීමා කෙරෙන නිසා පරපුට්ටන් නඩත්තු කිරීමේ අනවශ්‍ය බරක් මහජනයා මත පැටවෙනු නැතැයි සතුටු විය හැකි යි.
    ලංකා දේශපාලන ඉතිහාසයේ තනි පක්ෂයක් බහුතර බලය ලබන්නේ 1977 දී එක්සත් ජාතික පක්ෂයට 2/3ක් හිමි වූ අවස්ථාවේ පමණක් බැවින් 1947 පටන් මෙරට බිහි වූ ආණ්ඩු සියල්ල ම විවිධ දේශපාලන අදහස් දරන්නන්ගෙන් යුතු සභාග ආණ්ඩු. දශක අටක් වන මෙරට දේශපාලන පක්ෂ ඉතිහාසය සලකන කල එහෙත් දීර්ඝකාලීන ව සැලකුව හොත් ප‍්‍රධාන ධනපති පක්ෂ දෙකට හා ඔවුන්ගෙන් යැපෙන කුඩා කල්ලිවලට එරෙහි පැරණි හා නව වාමාංශිකයන්ගේ න්‍යායික භේදවලින් හා කට්ටිවාදයෙන් තොර පෙළ ගැසීමක් මේ මොහොතේ පටන් ආරම්භ කිරීමේ අවශ්‍යතාවත් අවධාරණය කළ යුතු වෙනවා.


    ජාතික ආණ්ඩුව මත විමසුම
    ජනවරමට විරුද්ධයි
    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි



    ආණ්ඩුවේ ඉන්න අයමනේ ජාතික ආණ්ඩුවක් කියල හඳුන්වන්නෙත්..?
    මං හිතන්නෑ මේක එහෙම එකක් කියලා. මං දැන් කල්පනා කරමින් ඉන්නේ මේ ආණ්ඩුව නම් කරන්න ඕනෑ මොන විදිහටද කියලා. අපි න්‍යායිකව තේරුම් ගන්න ජාතික ආණ්ඩුවක් කියන අර්ථයෙන් තේරුම් ගන්න නම්, ඒ මොහොතේ තියෙන දේශපාලන බලවේගවල විභේදනයන්ට සමාන්තර නමුත් ඒ සියලූ දෙනා නියෝජනය කරන විදිහේ ආණ්ඩුවක් වෙන්න ඕනෑ. මේ පත්කරගෙන තියෙන එකේ සංයුතියෙන් ගත්තම එහෙම එකක් පේන්න නෑ. අනික් පැත්තෙන් මූලිකම දේ ජනවරමට විරුද්ධ දෙයක් නිර්මාණය වෙලා තියෙන්නේ මම පස්සෙ කියන්නම් ඒක කොහොමද කියලා.
    ජාතික ආණ්ඩුවක් නම් ද්‍රවිඩ ජාතික සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ වගේ අනෙකුත් පක්ෂත් ආණ්ඩුවේ නියෝජනය වෙන්න ඕනි. අනික පැහැදිලිව තේරුම් ගන්න ඕන දෙයක් තමයි ඒ ඒ පක්ෂ නියෝජනය වීමයි වෙන්න ඕනි. බුරුතු පිටින් දෙන ඇමැති එක හෝ, ගන්න එක නෙවෙයි. ඒ හැමදේකම නිශ්චිත ඉලක්කයක් සහ කෙටි කාලීන වැඩපිළිවෙළක් තියෙන්න ඕනෑ. මේකෙදි කාටහරි ඕනි නම් කියන්න පුළුවන් දින සියයේ වැඩපිළිවෙළ තියනවනෙ කියලා. හැබැයි දින සියයේ වැඩපිළිවෙළ ඒ අර්ථයෙන් ගන්න මට නම් බැහැ.
    ජාතික ආණ්ඩුවකට පැහැදිලි න්‍යාය පත‍්‍රයක් තියෙන්න ඕනෑ. මෙතන එහෙම එකක් නෑ. මේක යම්කිසි විශේෂ තත්වයක් නිසා ඇති වූ දෙයක්. විශේෂයෙන් ජනවාරි 08 වෙනිදා පවත්වපු ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජයට පත්වුණා, හැබැයි ඒ වෙනුවට තිබුණු පාර්ලිමේන්තුව ඉතිරි වුණා. මෙතන ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා විදියට ඉඳලා ආණ්ඩුවේ නායකයා වෙන කෙනක් වුනා නම් මේ වගේ තත්වයක් වෙන්නේ නෑ. නමුත් ජනාධිපතිවරයා මයි ආණ්ඩුවේ නායකයා වෙන්නෙත්. ඒක නිසා එතෙක් ආණ්ඩුවේ තිබුණු බලතුලනය බිඳ වැටුණා. ආණ්ඩු පක්ෂයේ තිබුණු බලවේග යන්න ගිය තත්වයක් නිර්මාණය වුණා. ඒකට උත්තර හොයන්න සිදුවුණා.
    ඒක එහෙම නම් ඇමැති තනතුරු අධික වරප‍්‍රසාද ලබාදීම ප‍්‍රශ්නවලට උත්තරයක් ද කියලා නැවත කල්පනා කරන්න ඕනෑ. එහෙම වෙන්නත් බෑනෙ. කොහොම හරි විශේෂිත තත්වයක් නිර්මාණය වුණා. මම නම් කියන්නේ උත්තර නොවන විදිහේ දේවල් ටිකක් කරලා උත්තර හොයන්න මහන්සි අරගෙන. ඒ ප‍්‍රයත්නයට ප‍්‍රචාරක තලයේදී ”ජාතික ආණ්ඩුවක්” කියලා කියනවා.
    මේ එකතු වීමට න්‍යාය පත‍්‍රයක් නෑ කියල මම කීවේ, මොකක් හරි ප‍්‍රයෝජනයක් වෙනවා නම් මට පේන්නේ එකම එක දෙයයි. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගන්න එක. ඒකටත් ප‍්‍රශ්න දාලනෙ තියෙන්නේ. විධායක ජනාධිපති ධුරයේ බලතල අඩුකරන එකයි මූලිකම කොන්දේසිය. ඒක කි‍්‍රයාත්මක කරන්න සංශෝධනයත් එක්කම මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කරන්න ඕන කියලත් කියනවනෙ. අපි බැලූවොත් න්‍යාය පත‍්‍රයක් විදිහට කියන්න තියෙන්නේ ඔය දෙක විතරයි නේ. ජනතාවගේ පැත්තේන් වාසියකට තියෙනවා නම් තියෙන්නේ ඔය දෙක විතරයි.
    එහෙම නැත්නම් ප‍්‍රායෝගිකව සිද්ධ වෙලා තියෙන්නේ සමාජයේ කාගෙත් බරපතල විවේචනයට ලක්ව ඉන්න අයට පවා ඇමැතිකම් දීලා වරප‍්‍රසාද දෙන කි‍්‍රයාවලියක් විතරයි. මේ තත්වය දෙයාකාරයකින් ජනවරමට විරුද්ධයි. පළවෙනි කාරණය තනතුරු දීලා තියෙන්නේ ජනවරමකින් ප‍්‍රතික්ෂේප කරපු උදවියට. මහින්ද රාජපක්ෂව ප‍්‍රතික්ෂේප කරල තියෙන්නේ , ඔහු වටා හිටිය බලවේග ප‍්‍රතික්ෂේප කළා කියන එක මිසක්, හුදකලාව රාජපක්ෂ මහත්තයා විතරක් ඉවත් කළා කියන එක නොවෙයි. ඒ අය අතර හිටපු උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක වගේ අයත් ඉන්නවා.
    දෙවැනි කාරණය විශාල ඇමැති මණ්ඩලයක් පත්කර ගැනීම. ඒකත් ජනවරමට විරුද්ධයි. මම දැක්කා රාජිත සේනාරත්න ඇමැතිවරයා කියා තිබුණා ඉදිරියේදී තවත් වැඩිවෙලා සීයක් විතර වෙන්න පුළුවන් කියලා. වැඩිවුණත් නැතත් මේ දෙකම ජනවරමට විරුද්යි

     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ජාතික ආණ්ඩු ගැන අවුරුදු දෙසීයකට වැඩි අතීතයක සිට නිර්වචනය කර තිබෙන්නේ ”ජාතික ආපදාවකදී ප‍්‍රජාතන්තවාදී පාලනයක් තිබෙන රටක ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් එක්ව ජාතික සැලැස්මක් මත පිහිටුවා ගන්නා ආණ්ඩුවට” කියන සරල අර්ථය. දෙවැනි ලෝක මහා යුද්ධයේ හිට්ලර්ගේ නාසිවාදි ආක‍්‍රමණවලට විරුද්ධව ජනතාව පෙළ ගස්වන්න ඇමරිකාවෙත් මහා බි‍්‍රතාන්‍යයේත් ඕක කළා. පස්සේ අවස්ථාවක කැනඩාවත් කලා.
    ඉතින් අපේ රටේ මේ තත්වය මොකක්ද? මේක ජාතික ආණ්ඩුවක් නෙවෙයි. මේ එන්නෙ ජනතාවට කෙළවන්න අටවාගත්ත එකක්. ඔය සභාග ආණ්ඩු, සන්ධාන ආණ්ඩු, අවබෝධතා ආණ්ඩු, කියන්නේ ධනවාදී පැවැත්ම උදෙසා ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙස් මුහුණකින් එන දේශපාලන මෙවලම් විතරයි.

    හොදම පොයින්ට් එකක් තමා....
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මහන්සි වෙලා කොටලා තීනවා තී එල එල :P
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    සම්ප්‍රදායික ක්‍රමයට සාපෙක්ෂව ජාතික ආණ්ඩුවක වැදකත් කම

    (1) සුළු පක්ෂවල අතකොලු වීමට ආණ්ඩුවකට උවමන නොවීම
    (2) විපක්ෂයටත් රටට වැඩක් කරන්න බලයක් ලැබීම - හුදෙක් විපක්ෂයට වී උදේ ඉදන් හවස් වෙනකම් ආණ්ඩුවට බනිනවට වඩා
    (3) රටේ ප්‍රස්න වලදී, සංවර්දන කටයුතුවලදී, තීරණාත්මක කටයුතුවලදී අන්තගමිව නොබලා යත්ර්තවාදී ලෙස බලන්න පුරුදු වීම. ආණ්ඩුවේ වැඩවලට හැමවිටම් විරුද්දවිමේ සංකල්පයෙන් මිදීම.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජාතික ආණ්ඩුවක් කියන්නේ එහෙම්පිටින්ම යහපාලනය කියන සංකල්පයට විරුද්ද දෙයක්. හොරු අල්ලනවා වෙනුවට තවත් හොරු රකින ක්‍රමයක් ජාතික ආණ්ඩුව කියන්නේ. මෙතන මහින්ද පාක්ෂිකයන්ට සතුටුවෙන්න කාරණාවක් තියනවා. මහින්දගේ මිනිස්සු ඉන්නව. පවිතා , එස් බි වගේ අය.

    දැන් me ප්‍රශ්න වලින් පෙන්නේ සබලෙසින්ම පවත්නා ප්‍රධාන පක්ෂ 2 තියන විලි ලජ්ජා නැති පිළිකුල් සහගත් ස්භාවය තමයි. කොහොම උනත් සර්ව අසුබවාදී නොවී ටිකක් ඉඩදීලා බලන්න ඕනි යහපාලනයට 19 වෙni සංශ්දනයෙන් සමහර ප්‍රගත ශීලි ප්‍රතිසන්ස් කරන ගෙනත් තියනවා. එවා ගැන සතුටු වෙන්න පුලුවත් එත් පෙර පරිදිම හොරකමට ව්න්චවට් අනුවලදීමක් වෙන්ව මහබැංකුව වගේ සිද්දි ගත්තම.
     

    awul.news

    Member
    Mar 19, 2015
    59
    13
    0
    colombo
    සැබෑ ඒකාධිපති රෙජීමය, ජනාධිපති, අගමැති, විපක්‍ෂ නායක යන බලකේන්ද්‍ර තුනම අතට ගත් මේ ආණ්ඩුවද? එසේත් නැත්නම් පැවති ආණ්ඩුවද?
    මහින්ද අද අධිකරණයේ විත්තු කූඩුවට නංවයි..

    March 31, 2015 at 1:08 am | lanka C news



    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.
    ඒ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇත්තේ ජනාධිපති ධුරය දැරූ කාලයේ රටේ දිස්ත්‍රික් 25කට අනවශ්‍ය ලෙස හමුදාව යොදා රටවැසියන්ගේ මූලික අයිතිය උල්ලංඝනය කළ බව පවසමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලමිනි.
    කෙසේ වෙතත් අද දිනයේ අධිකරණයේ පෙනී සිටින්නේදැයි රාජපක්‍ෂ මහතාගෙන් ඊයේ දිනයේ මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ ඔහු ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සම්ප්‍රදායික ක්‍රමයට සාපෙක්ෂව ජාතික ආණ්ඩුවක වැදකත් කම

    (1) සුළු පක්ෂවල අතකොලු වීමට ආණ්ඩුවකට උවමන නොවීම
    (2) විපක්ෂයටත් රටට වැඩක් කරන්න බලයක් ලැබීම - හුදෙක් විපක්ෂයට වී උදේ ඉදන් හවස් වෙනකම් ආණ්ඩුවට බනිනවට වඩා
    (3) රටේ ප්‍රස්න වලදී, සංවර්දන කටයුතුවලදී, තීරණාත්මක කටයුතුවලදී අන්තගමිව නොබලා යත්ර්තවාදී ලෙස බලන්න පුරුදු වීම. ආණ්ඩුවේ වැඩවලට හැමවිටම් විරුද්දවිමේ සංකල්පයෙන් මිදීම.

    ජාතික ආණ්ඩුවක විපක්ෂය ආණ්ඩුවේ හවුල් කාරයෝ වෙලා තියෙන්නේ කොයි රටේද ?? මෙතන වෙලා තියෙන්නේ පක්ෂ 2ක් ආණ්ඩුවක් පිහිටුවාගෙන විපක්ෂ නායක කමත් බලෙන් පටවාගෙන. කොහ්මත් අපිට වැඩ බලවත් ආර්ථිකයන් තියන රටවල පව් ජාතික ආණ්ඩු කියන ඒවගෙන් වෙලා තියෙන්නේ මහජනත්වට තවත් පීඩනයක් එක්වීම පමණයි.

    ලනකාවේ විපක්ෂයට ඕනි තරම් වෙලා තිබුනනනේ කරන්න මිනිසුන්ට. ආණ්ඩු වලයේ ඉන්නකොට නැති ඒවා කොහොමද විපක්ෂයේ ඉදන් සවල් ආණ්ඩුවකින් කරන්නේ.

    තුන්වෙනියට කියපු කාරනාව රටේ තීරණාත්මක දේවල් වලදී වැදගත්, එත් රටේ තීරණාත්මක දේවල් වලදී හරි පැත්තට සහය නොදී හිටියේ දෙමල සන්දානය විතරයි. අනිත් සියලුම් පක්ෂ සහය දුන්න. රටක හොද දෙකට සහය දෙන්න ආණ්ඩුවටම යන්න ඕනි කියන එක මහින්ද විසින් හදග්ට්ත් දෙයක්. විපක්ෂේ ඉදන් රටේ හොද දෙකට සහය දෙන්න බැරි කමක් නැහැ.

    මෙතනදී ප්‍රධන ප්‍රශ්නය තමයි ජනමතය විකුර්තිවිම හා ජාතික ආණ්ඩුවක් විසින් කරන වැරදි බලවත් උන විට මහජනත්ව වෙනුවෙන් හඩක් නැතිවී යාම.

    දැන් ඇමතිකම් ගත්ත අය දිඛ බැලුව ඔයාට කියන්න පුළුවන් නේද ?? me අය වැඩ කරයිද මඩ කරයිද කියල
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සැබෑ ඒකාධිපති රෙජීමය, ජනාධිපති, අගමැති, විපක්‍ෂ නායක යන බලකේන්ද්‍ර තුනම අතට ගත් මේ ආණ්ඩුවද? එසේත් නැත්නම් පැවති ආණ්ඩුවද?

    මෙහෙම ගියොත් මචං රාජපක්ස ආණ්ඩුවට වඩා විනාශයක් වෙන මාවතකට me රට යන්නේ
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    දහම් සිරිසේන පොකට් මනී වලින් චිනයට යයි

    D3.jpg

    ටොයියන්ට අවුලක් නෑ රු 6000 යි ගියෙ දිවුරුම් දෙන්න:P
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හෙළයෙක්;18123870 said:
    තෝ මෙව්ව දැම්ම කියවන්න හිරිකිතයි බොල.

    කියවන නොකියවන එක උබේ කැමැත්ත
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ජාතික ආණ්ඩුවක් කියන්නේ එහෙම්පිටින්ම යහපාලනය කියන සංකල්පයට විරුද්ද දෙයක්. හොරු අල්ලනවා වෙනුවට තවත් හොරු රකින ක්‍රමයක් ජාතික ආණ්ඩුව කියන්නේ. මෙතන මහින්ද පාක්ෂිකයන්ට සතුටුවෙන්න කාරණාවක් තියනවා. මහින්දගේ මිනිස්සු ඉන්නව. පවිතා , එස් බි වගේ අය.

    මහින්ද පාක්ශිකයින් සතුටු ෙවන්ෙන අැයි බන් ගිය අාන්ඩුෙව චාටර් ෙවච්ච පාර්ලිෙම්න්තු මන්ත්‍රීල ෙම්ෙක හිටියම?
     

    waligamaya

    Well-known member
  • අමුතුවෙන් කියන්න දෙයක්නැ. තමන්ගේ පිලිලේ කුනුසොදන්නට නොතෙරුනත් සින්හල කියවන්න පුලුවන් ඔනම කෙනෙක්ට තෙරෙන්න මෙක මේ විද්වතුන් පැහැදිලිකරලා තියනව. හැබැයි ලන්කවේ දෙශපලනය අතැබුලක්සේ දන්නා මහදැන මුත්තලා නම් තෙරුම් ගන්න එකක්නැ