මචන්ලා,
මම මේ කතාව කියන්නේ වෙන රටවල මිනිස්සුයි අපේ රටේ මිනිස්සුයි අතරේ තියෙන වෙනසක් ගැන කියන්නයි.



ඊයේ මමයි මගේ යාලුවෙකුයි රජයේ ආයතනයකට උදෙන්ම ගියා හදිසි වැඩක් කරගන්න. මම ගියේ එම ආයතනයේ පිරිස් කළමනා කරන තැනටයි. වෙලාව හරියටම 8.30 යි. මගුල් බෙර වාදනයක් පටන්ගත්තා. මම බැලුවා ඒ මොකෝ කියලා. බැරින්නම් වැඩ පටන් ගන්න වෙලාවට එහෙම බෙර ගහලලු වැඩ පටන් ගන්නේ (රෙකෝඩ් කරලා යන එකක්).

බෙර වාදනේ නැවතුනා විතරයි ජාතික ගීය පටන් ගත්තා. ඒක මම දන්නවා, රජයේ ආයතන විතරක් නෙමෙයි පෞද්ගලික ආයතන වලත් හැමදාම උදේට ජාතික ගීය කියලා වැඩ පටන් ගන්නේ කියලා. මමයි මගේ යාලුවයි නැගිටලා සීරුවෙන් හිටගත්තා.



හරි දුකයි මචන්ලා,
ජාතික ගීය කියනකොට මට පේනවා මිනිහෙක් පත්තරේ කියවනවා,
කොල්ලේක් කොම්පියුටරේ දාගෙන ඕප දූප ජාලයක නිවුස් බලනවා,

කෙල්ලො දෙන්නෙක් කොණ්ඩේ පීර පීර හිනා වෙවී පිස්සු කියවනවා,

ඒ අස්සේ තව කෙල්ලේක් දුවගෙන ඇවිත් බෑග් එක තියලා ගිහින් අර කෙල්ලෝ දෙන්නාගේ කදේට සෙට් උනා.

තව තුන් හතර දෙනෙක් කනවා.

ඒ වෙලාවේ එකම එක මැදි වයසේ මහත්තයෙක් විතරයි නැගිටල සීරුවෙන් හිටියේ.



ජාතික ගීයට ගරු කරන්න බැරි කාලකණනි සාමාජයක්ද මේ...





වෙන රටවල මිනිස්සු ජාතික ගීය අහෙනකොට කරණ වැඩ නවත්තලා සීරුවෙන් ඉන්නවා. නිකන් නෙමෙයි පපුවට අත තියාගෙන.





වෙන රටවල මිනිස්සු ජාතික ගීය අහෙනකොට කරණ වැඩ නවත්තලා සීරුවෙන් ඉන්නවා. නිකන් නෙමෙයි පපුවට අත තියාගෙන.

මේ රට හදන්න නම් ජාතික ගීයට ගරු කරණ සමාජයක් මුලින් හදලා ඉන්න ඕන. මොකද ජාතිකත්වය ඇඟට දැනුනම තමයි රටට ආදරයක් දැනෙනේ. උබල අතරෙත් ඉන්නවනම් ජාතික ගීයට ගරු කරන්නැති කොණ්ද පණ නැති එවුන් හදපල්ලා. ජරාවට යන රට, හදන්න ඕන කාලය ඇවිත්.



මේක කියවලා තද වෙන එවුන් මගේ රෙප් කපයි.
කමක් නෑ.
ඒත් උබල මම කියපු දේ චුට්ටක් හරි තේරුම් අරන් වටින සමාජයක් හදන්න සහයෝගය දේන්න. 


(ඒ වෙලාවේ මට දැනිච්ච දුක පිට කරන්න ක්‍රමයක් තිබ්බේ නෑ. නැත්තම් උන් ඔක්කොටම වෙඩි තියනවා.
)
මචන්ලා, අනිත් අයට බලන්න මතක් කරලා බම්ප් එකක් දාන්න.
Mr.Mafia
Last edited:

