ජාතික පොසොන් උත්සවය

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    The-History-and-Significance-of-Poson-Poya2.jpg

    මෙවර ජාතික පොසොන් උත්සවය තියෙන්නෙ කොහෙද ආයිබෝං...
    ජාතික හාල් බෙදාදීමේ උත්සවයක්නම් තිබ්බා
    පොසොන් උත්සවයක් ගැන "මීක්" නෑ...
     
    • Like
    Reactions: NRTG

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    2024 ජාතික පොසොන් උත්සවය අති උත්කර්ෂවත්ව සැමරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබේ.පොසොන් සමයේ අනුරාධපුර සිද්ධස්ථාන වන්දනාමාන කිරීම සඳහා දිවයිනේ නන්දෙසින් පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් සඳහා අවශ්‍ය ආරක්ෂාව, ප්‍රවාහනය, ජලය, සෞඛ්‍ය, විදුලිය ඇතුළු සියලු පහසුකම් මේ අනුව සැලසීමට කටයුතු යොදා තිබේ. මේ මස දහඅට (18) සිට විසි හතර (24) වැනිදා දක්වා කාලය පොසොන් සතිය ලෙස නම් කර තිබේ.

    පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස පවත්වන සති පිරිත් දේශනාව පසුගියදා (17) රාත්‍රියේ පිරිත් පේ කිරිමෙන් ආරම්භ කෙරිණි. ඒ අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අනුශාසනා පරිදියි.

    පූජනීය සධාතුක කරඩුව හා පිරුවානා පොත් වහන්සේ පිරිත් මණ්ඩපය වෙත වැඩමවීමෙන් අනතුරුව පිරිත් පේ කිරිම සිදු කෙරිණි. මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරනු ලබන මෙම සති පිරිත් දේශනය 18 වනදා සිට එළඹෙන 24 වන දා දක්වා පැවැත් වේ. ජුනි 23 වන දින දහවල් කාලයේ දි නගරය වටා පිරිත් පැන් ඉසීම සිදුකිරීමට නියමිතයි. එදින රාත්‍රී හතට දේව දූත පෙරහැර ආරම්භ වන අතර රාත්‍රී අටට දොරකඩ අස්න දේශනාව ආරම්භ වේ.
    පොසොන් උත්සවයට සමගාමීව වාර්ෂිකව පවත්වනු ලබන පැන් පෙරහැර ද ඊයේ සවස, ඉසුරුමුණි විහාරයේදී පැවැත් විණි. ආගමික වතාවත් වලින් පසුව තිසා වැවෙන් ලබාගත් පැන් පෙරහැරකින් ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේ අබියස පිහිටා ඇති පිරිත් මණ්ඩපය වෙත ගෙන ගිය අතර අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    පොසොන් සමයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති අතර දිවයිනේ නන්දෙසින් පැමිණෙන බැතිමතුන් අනුරාධපුරයේ වැව්වල දිය නෑමේදී කල්පනාකාරීව කටයුතු කළ යුතු අතර ඒ සඳහා ආරක්ෂක අංශයන්හි ජීවිතාරක්ෂක කණ්ඩායම් යෙදවීමට ද පියවර ගෙන තිබේ. ගැට කපන්නන්ගෙන් ප්‍රවේශම් වන ලෙස ද ආරක්ෂක අංශ ජනතාවට දැනුම් දෙයි.
     
    • Like
    Reactions: NRTG and Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මිහින්තලේ එහෙම නිවාඩු ඇති පෝයට
    යන්න හිටියෙ ඒ පැත්තෙ,,, වැඩක් වෙන එකක් නෑ