ජාතික රූපවාහිනියෙන් ලෝක වාර්තාවක්
ජනාධිපතිවරණයේ නිර්පාක්‍ෂික පොදු අපේක්‍ෂක, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානම ප්‍රතිවාදියා වන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නම තම නිවේදන කටයුතුවලදී එකම වතාවක් හෝ සඳහන් නොකිරීමෙන් 2010 ජනාධිපතිවරණයේ නාම යෝජනා බාර දීමේ පැය 2 1/2 ක සජීවී වැඩසටහනේදී ජාතික රූපවාහිනියේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා නිවේදකයෝ තිදෙන අපූරු වාර්තාවක් පිහිට වූහ. මෙය සමහර විට ලෝක වාර්තාවක් වීමට බැරි නැත.
ඔවුන්ට දී තිබුණු අභියෝගය ලෙස පෙනුනේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නම නොකියා පැය 2 1/2 ක් තිස්සේ 2010 ජනාධිපතිවරණ නාම යෝජනා බාරදීමේ අවස්ථාව ගැන විස්තර කථනය සිදුකිරීමය.
ඔවුන් මෙම අභියෝගයට කොතරම් හොඳින් මුහුණ දුන්නේද යත් මැතිවරණ කොමසාරිස්වරයා ජෙනරාල් ෆොන්සේකා මහතාගේ අපේක්‍ෂකත්වයට එරෙහිව නැගුණු විරෝධතාව ප්‍රතික්‍ෂේප කිරීමත්, පිළිගැනුණු අපේක්‍ෂකයන් 22 දෙනාගේ නම් අතරේ ෆොන්සේකා මහතාගේ නම සඳහන් වීමත් නොවන්නට 2010 ජනාධිපතිවරණයට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් වූයේද යන්න වත් එම වැඩසටහන නැරඹූ කිසිම ප්‍රේක්‍ෂකයකුට තේරුම් ගැනීමට හැකිවූයේ නැත.
ඔවුන් මෙම දස්කම ප්‍රදර්ශනය කළේ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින සෙසු අපේක්‍ෂකයන්ගේ නම් විසි තිස් වතාවක්ම සඳහන් කරමින් බවද මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතුය. අපේක්‍ෂකයෙකු නොවුනද කරුණා අම්මාන් ඇමැතිවරයා පමණක් 10 වතාවක්ම සමීප මධ්‍යම රූපවලින් පෙන්වන්නට නිර්ලෝභි වී තිබුණි.
රූපවාහිනියෙන් පෙන්වූ ෆොන්සේකා මහතාගේ එකම ඡායාරූපය වූයේ ජනාධිපති රාජපක්‍ෂ, ජෙනරාල්වරයාට අතට අත දුන් අවස්ථාවේ ගත් රූප රාමුව පමණී. එය තත්පර 5 ක පමණ සුළු කාලයක පමණක් විකාශය විය.
පුවත් අනුග්‍රහය - ලංකා ඊ නිව්ස්