තරුණ මුස්ලිම්වරුන්ගේ සංගමයේ නාවලපිටිය ශාඛාව හා නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි මුස්ලිම් පල්ලියේ සංවිධානයෙන් “open masjid day” නමින් වැඩසටහනක් (30) දින දවස පුරා පැවැත්විණි.
මෙම වැඩසටහන මගින් මුස්ලිම් ආගමික ස්ථානයක සිදුකරන සියලු කටයුතු සහ ඔවුන්ගේ ආගමික වත් පිළිවෙත් ,ආහාර පාන ඇඳුම්පැළඳුම් පිළිබඳ මෙන්ම එම ආගමික ස්ථානය මුළුමනින්ම නිරීක්ෂණය කරමින් දැනුම ලබාදීම සිදු කෙරෙන බවත් මුස්ලිම් භක්තිකයන් නොවන පිරිස් තුළ තම ආගම පිළිබඳ පවතින ඇතැම් දුර්මතා ඉවත් කිරීමත් ඔවුන්ට තම ආගම පිළිබඳ දැනුම ලබාදීමත් මූලික අරමුණ ලෙස මෙම වැඩසටහන සිදුකළ බවත් ඉස්ලාම් ධර්මය ප්‍රචාරණය කිරීමක් කිසිදු ලෙසකින් මෙයින් බලාපොරොත්තු නොවන බව වැඩසටහන සංවිධානය කළ තරුණ මුස්ලිම්වරුන්ගේ සංගමයේ සභාපති මොහොමඩ් සුක්‍රී මහතා කියා සිටියේ.
මෙහිදී මුස්ලිම් ජාතිකයන්ට අනන්‍ය වූ ඇඳුම් පැළඳුම් වැඩසටහනට සහභාගි වූ පිරිස් වෙත පැළඳීමේ අවස්ථාව ලබා දියුණු තිබූ අතර, මුස්ලිම් කාන්තාවන් පළඳින අබායා ඇඳුමකින් ප්‍රධාන ආරාධිතයා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ මහත්මිය සැරසී මෙහෙන්දි රටා වලින් අලංකාරව සිටීම සියලු දෙනාගේ දැඩි අවධානයට ලක් විය.
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිණී තුෂාරි ජයසිංහ, නාවලපිටිය නගර සභාවේ සභාපති අමල් ප්‍රියංකර පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු සියලු රාජ්‍ය ආයතන නගරයේ පාසල් වල සිසු දරු දැරියන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාව සඳහා සහභාගි වී සිටියහ.
රංජිත් රාජපක්ෂ
- https://lankacnews.com/ජාතික-සංහිදියාවට-මාලිමා/