ජාතියක් නැති රනිල් ජාතිවාදය ගැන කතා කරයි.

toiya

Well-known member
  • Jan 8, 2007
    12,867
    4,169
    113
    පොන්සි ආණ්ඩුව
    ජාතියක් නැති රනිල් ජාතිවාදය ගැන කතා කරයි.

    රනිල් පුවත්පත් කතුවරුන්ට තර්ජනය කරයි

    රනිල් වික්‍රමසිංහ අඩු තරමෙන් මෙරට නීත්‍යානුකූල අගමැතිවත් නො වේ. අප ඉතා පැහැදිලිව කිහිප වතාවක් ම මෙම වෙබ් අඩවියෙන් පවසා ඇත්තේ ජනවාරි 8 වැනි දා පවත්වනු ලැබුයේ ජනාධිපතිවරණයක් මිස මහාමැතිවරණයක් නොවන බව ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ජනාධිපතිවරණයකින් හිටපු ජනාධිපති වෙනුවට වෙනත් ජනාධිපති කෙනකු පත්වූ විට අගමැති හා කැබිනට් මණ්ඩලය වෙනස්වන බවක් සඳහන් නො වේ. සිදුවන්නේ නව ජනාධිපති කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කැබිනට් මණ්ඩලයට එකතු වීම පමණකි. අගමැති වෙනස්වීමක් අස්වීමක් ගැන සඳහන් නොවන බැවින් අනෙක් කැබිනට් ඇමතිවරුන්ගේ ද වෙනසක් නො සිදුවෙයි. අදටත් නීත්‍යානුකූල අගමැති දි මු ජයරත්න ය.

    එසේ වුවත් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ නිකුත් කරන්නේ තමා ජනාධිපති ලෙස සලකමිනි. වාර්තා වී ඇති අන්දමට කුරුණෑගල පැවති රැස්වීමක දී ඔහු කියා ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මෙන් ඔහු පුවත්පත් කතුවරුන් මුණගැසීමක් නොකරන බව ය. මහින්ද රාජපක්‍ෂ මෙන් මුණගැසීමට රනිල් ට නොහැක්කේ ඔහු ජනාධිපති නොවන නිසා ය. එසේ කළ හැක්කේ මහින්දට පමණ ය. ඒ කෙසේ වෙතත් රනිල් පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට විටෙක තර්ජනය කරයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය ඇත්තේ ජනාධිපතිට පමණක් බව ඔහු නො දන්නේ ද?

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකමින් ක්‍රියාකරන රනිල් ජාතිවාදය අවුස්සන්නේ යැයි කියමින් ඉරිදා දිවයින පුවත්පතටත් එහි කතෘ අනුර සොලමන්ස් මහතාටත් ඉරිදා රිවිර පුවත්පතටත් එහි කතෘ සිසිර පරණතන්ත්‍රී මහතාටත් තර්ජනය කර ඇත්තේ නමින් ම ය. රනිල් මේ අවසාන වතාව බවත් පුවත්පත් හිමියන් ගෙන්වා කටයුතු කරන බවත් ප්‍රකාශ කර ඇත. ඔහු කරන්නට යන්නේ කුමක් ද යන පැහැදිලි ය.

    මගේ ලිපි ඉරිදා දිවයින පුවත්පතෙහි පළ නොවීම පිළිබඳ මට කුකුසක් ඇති වී තිබිණි. අද පුවත්පත් නිල නොවන වාරණයකට යටත් ව ඇති බවට සැකයක් තිබිණි. රනිල්ගේ කුරුණෑගල ප්‍රකාශයෙන් එය තහවුරු වෙයි. මේ පුවත්පත් ජාතිවාදය අවුස්සන්නේ ය යන්නෙන් රනිල් අදහස් කරන්නේ කුමක් ද? මේ පුවත්පත් දෙකම එඩ්මන්ඩ් රණසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ වැඩුණු පුවත්පත් ය. රණසිංහ මහතා මා දන්නා ආකාරයට එ ජා ප නිල පුවත්පත වූ සියරට පත්‍රයෙහි ද කතෘ ධුරය දැරී ය.

    එහෙත් රණසිංහ මහතා එ ජා පක්‍ෂයේ සාමාජිකයකු ව සිටියේ යැයි මම නො සිතමි. කෙසේ වෙතත් ඒ මහතාට එ ජා පක්‍ෂයට හා එහි නායකයන්ට නැති ජාතිකත්වයක් තිබුණේ ය. රිවිර හා දිවයින පුවත්පත්වල රණසිංහ මහතාගේ ජාතිකත්ව ලකුණ ඇත. මේ ජාතිකත්ව ලකුණ පිළිබඳ ව රනිල් වික්‍රමසිංහට එඩ්මන්ඩ් රණසිංහ මහතාගෙන් තවදුරටත් කරුණු දැනගත හැකි ය. අද රනිල් වික්‍රමසිංහ ජාතිවාදය යනුවෙන් හඳුන්වන්නේ මේ ජාතිකත්වය විය යුතු ය. හැකිනම් ජාතිවාදය යනු කුමක් දැයි නිර්වචනය කර ඒ පුවත්පත්වලින් ජාතිවාදයක් නිරූපණය වන්නේ කෙසේ දැයි පැහැදිලි කර දෙන මෙන් රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටිමි.

    මෙරට දෙමළ ජාතිවාදීන් ද ඊනියා රාජ්‍ය නොවන පඬියන් ද සිංහල විරෝධීන් ද කලක් තිස්සේ මේ පුවත්පත් ජාතිවාදී යැයි කියන බව අපි දනිමු. පෘතුගීසීන් ලංකාවට පැමිණි දින සිට ම සිංහල බෞද්ධ ජාතිකත්වයට පහර එල්ල වන්නට විය. රනිල් ට පෘතුගීසීන් පැමිණීමේ පන්සිය වස සැමරීමට වුවමනාවක් 2005 දී වූ බව ද අපි දනිමු. එය මගහැරී ගියේ ඔහුට අගමැති පදවිය අහිමි වීම නිසා ය. 1815 ජනවාරි පෙබරවාරි 18 වැනි දා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංගිරිසින්ට පාවා දෙනු ලැබිණි. රනිල්ට සෘජුව ම අභියෝග නොකළත් මහින්ද රාජපක්‍ෂ අගමැති බවට පත්කිරීමේ සටන නුගේගොඩින් ඇරඹුණේ ඉන් හරියට ම අවුරුදු දෙසියයකට පසුව ය. මාර්තු 2 වැනි දාට සිංහල ඉංගිරිසි ගිවිසුම අත්සන් කර අවුරුදු දෙසියයක් පිරෙයි. ආණ්ඩුව එය සැමරීමට කල්පනා කරන්නේ ද?

    තමා නීත්‍යානුකූල ව අගමැති නොවන බව දන්නා රනිල් අද හැසිරෙන්නේ ආත්ම විශ්වාසයක් ඇතිව නො වේ. ඔහුට නුගේගොඩ රැස්වීම ප්‍රශ්නයක් වී ඇත් ද? ඒ කෙසේ වෙතත් සිංහලයන්ට දිනාගැනීමට ඇති අයිතිවාසිකම් බොහොමයකි. එ අයිතිවාසිකම් සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට නැති වූයේ බටහිර යුදෙවු ක්‍රිස්තියානි ආක්‍රමණ සමග ය. 1505(6) දී ඇරඹී මේ ක්‍රියාදාමය 1833 ව්‍යවස්ථාදායක මණ්ඩලය පිහිටුවීමත් සමග සෘජු දේශපාලන තලයට පැමිණියේ ය. එදා පටන් ඉංගිරිසිහු සිංහල ජාතිකත්වයට එරෙහි ව දේශපාලනික වශයෙන් දෙමළ ජාතිවාදය යොදාගත්හ. දෙමළ ජාතිවාදය හතළිස් ගණන්වල දෙමළ බෙදුම්වාදය බවටත් හැත්තෑවේ දශකයෙහි දෙමළ ත්‍රස්තවාදය බවටත් විකාශය විය. මහින්ද රාජපක්‍ෂ 2009 දී නන්දිකඩාල් කලපුවේ දී දෙමළ ත්‍රස්තවාදය පැරදවීම සඳහා මානුෂික මෙහෙයුම්වලට දේශපාලන නායකත්වය ලබා දුන්නේ ය. ඒ මෙයෙුම්වලට රනිල් ඇතුළු එ ජා ප නායකයෝ උසුළු විසුළු කළහ. තොප්පිගල කැලෑවක් බවත් අලිමංකඩ යනවා යැයි කියමින් පාමංකඩ යන බවත් ඕනෑම ගොනකුට යුද්ධ කළ හැකි බවත් ඔවුන් කීවේ රණවිරුවන් අධෛර්යමත් කර දෙමළ ජාතිවාදයට උඩගෙඩි දීමට ය. ඔවුන්ගේ කතාවලින් දෙමළ ජාතිවාදීහු ද ඒ ජාතිවාදය පිටුපස සිටින ඊනියා උගත්තු ද බටහිරයෝ ද උද්දාමයට පත්වූහ.

    සිංහලයන් බටහිරයන් විසින් නැතිකරනු ලැබූ අයිතිවාසිකම් දිනාගැනීමට කටයුතු කළ යුතු ය. එය සිංහලයන්ගේ අයිතියකි. එ පිළිබඳ පුවත්පත්වලට ලිපි සැපයිය යුතු ය. සිංහලයන්ට එරෙහි ව දෙමළ ජාතිවාදීන් ගෙන යන ව්‍යාපාර ගැන සිංහලයන් දැනුවත් කළ යුතු ය. එය ජාතිවාදී ක්‍රියාවක් යැයි රනිල් වික්‍රමසිංහ කියන්නේ ද? ඉංගිරිසින් සිංහල ජාතිකත්වයට එරෙහිව දෙමළ ජාතිවාදය යොදාගත් ආකාරය මා දිවයින පුවත්පතට ලියූ ලිපිවලින් හා ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා යන පොතෙන් විස්තර කර ඇත. රනිල් වික්‍රමසිංහ ඒ පොත කියවා නැත්නම් රතන හිමියන්ගෙන් හෝ චම්පික රණවකගෙන් හෝ ඒ ඉල්ලා කියවිය හැකි ය. එසේත් නැත්නම් මට එරෙහිව එකල චම්පිකලා ඉදිරියට ගෙන ඒමට තැත්කල, අද එ ජා ප මාධ්‍ය ඒකකයක සිටින සුජිත් අක්කරවත්තගෙන් හෝ ජනමාධ්‍ය ලේකම් කරුණාරත්න පරණවිතානගෙන් හෝ ඉල්ලා ගත හැකි ය. ඔවුන් සියල්ලන් ම ඒ පොත කියවා ඇත.

    රනිල්ලාගේ ජනාධිපති අපේක්‍ෂකයා වූ මෛත්‍රිපාල සිරිසේනට ජනාධිපතිවරණයේ දී සිංහලයන්ගෙන් ඡන්දවලින් ලැබුණේ ආසන්න වශයෙන් 42% කි. ඒ ඊනියා යහපාලනයක් ගැන ගෙන යන ලද ප්‍රචාරයක් මගින් පඬියන් විසින් ජාතික යැයි හැඳින්වෙන ප්‍රශ්නය යටපත් කර තිබිය දී ය, ඇමරිකාව අනෙක් රටවල තමන්ට විරුද්ධ නායකයන්ට එරෙහිව සයිබර් යුද්ධයක් යොදාගෙන ඇති අන්දමට මෙරට ද තරුණයන් නොමග යවමින් මහින්දට වීිරුද්ධව සයිබර් අවකාශය යොදාගැනීමෙන් පසුව ය.

    මීළඟ මැතිවරණයේ දී රනිල් පක්‍ෂ නායකයා ලෙස තරග කළහොත් එ ජා පක්‍ෂයට ලැබෙන සිංහල ඡන්ද ප්‍රමාණය ගැන අටුවා ටීකා ලිවීම මගේ අභිප්‍රාය නො වේ. රනිල් ඉරිදා රිවිරට හා ඉරිදා දිවයිනට තර්ජනය කරන්නේ ඒ පුවත්පත් සිංලයන්ගේ අයිතිවාසිකම් ගැන කතා කළහොත් තම ඡන්ද ප්‍රමාණය තවත් අඩුවේ යැයි සිතන බැවින් ද? සිංහලයන්ට තම අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නැගීමට ඉඩ නොතැබීම යහපාලනය ද? මාධ්‍ය නිදහස ද? සිංහලයන්ට මාධ්‍ය නිදහස අහිමි ද? එය තිබිය යුත්තේ ඊනියා රාජ්‍ය නොවන පඬියන් ඇතුළු දෙමළ ජාතිවාදින්ට පමණ ද?

    ජාතිවාදී වීමක් ගැන කියමින් ඒ පුවත්පත් දෙකට හා එහි කතුවරුන්ට තර්ජනය කරන රනිල් උතුරේ මහ ඇමති විග්නේස්වරන්ගේ සිංහල විරෝධී දෙමළ ජාතිවාදී ප්‍රකාශ, යෝජනා අමතක කර දමයි. ඔහු ඒ සම්බන්ධයෙන් කියන්නේ විග්නේස්වරන්ට ඊනියා ජාත්‍යන්තරයෙන් කණේ පහරක් ලැබී ඇති බව ය. කවුරු කණේ පහරක් දුන්නත් නැතත් විග්නේස්වරන්ට විරුද්ධව පියවරක් නොගන්නේ ඇයි? රනිල් ක්‍රියා කරන්නේ කා වෙනුවෙන් ද යන ප්‍රශ්නය මැතිවරණයේ දී පුවත්පත් තහනමක් ඇතිව හෝ නැතිව හෝ රැව් පිළිරැව් නැගීම කිසිවකුටවත් වැළැක්විය හැකි නො වේ.

    නලින් ද සිල්වා

    2015 පෙබරවාරි 22
     
    නලින්ද සිල්වා කියන්නේ මහාචාර්ය කෙනෙක් කියලද උබ හිතන් ඉන්නේ. මට දේශපාලනයක් වැඩක් නැහැ. නලින්ද සිල්වා කියන්නේ අමුම අමු ගොන් මැට්ටෙක්.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,309
    1,223
    113
    රනිල්ට ඡන්දය දුන්නේ කවු ද?

    රනිල් වික්‍රමසිංහ පසුගිය දා කියා තිබුණේ තමාට අගමැති වීම සඳහා ජනතාව ඡන්ද හැට දෙලක්‍ෂයක් දී ඇති බව ය. ඔහු වැඩි දුරටත් කියා ඇත්තේ 2005 පැවැත්වූ ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ දිනුවේ කොටි සංවිධානය එහි දී ඡන්දය දීම වර්ජනය කළ නිසා බව ය. ඉන්පසු ඔහු මහින්ද රාජපක්‍ෂට අභියෝග කර ඇත්තේ හැකි නම් මහා මැතිවරණයට ඉදිරිපත් වී තමා පරාජය කර අගමැති වීමට ය.

    රනිල් වික්‍රමසිංහ අද වියරුවෙන් මෙන් කතා කරන්නේ , හැසිරෙන්නේ තමන් නීත්‍යානුකූල ව අගමැති නොවන බව දන්නා නිසා ය. ඔහු සිංහල ජාතිකත්වයට මූලික වශයෙන් විරුද්ධ ය. එබැවින් සිංහල ජාතිකත්වයට යම් ආකාරයකින්වත් පක්‍ෂව කටයුතු කරන රිවිර හා දිවයින පුවත්පත් මර්දනය කිරීමට ඔහුට අවශ්‍ය වෙයි. පාර්ලිමේන්තු මැතිවරණයක දී ඔහුගේ සිංහල ජාතිකත්ව විරෝධයට ජනතාව එරෙහි වන බව ඔහු දනියි. ඔහු මහින්ද රාජපක්‍ෂට අභියෝග කරන්නේ මෛත්‍රිපාල සිරිසේන පික් පොකට් ගැසූ ශ්‍රී ල නි පක්‍ෂයෙන් මහින්දට නාම යෝජනා දීමට ඇති ඉඩ ඉතාමත් අඩු නිසා ය.

    රනිල්ට මහින්ද පැරදවිය හැකි නම් ඔහුට 2010 දී හා 2015 දී ජනාධිපතිවරණවලට ඉදිරිපත් වීමට තිබිණි. එහෙත් ඔහුට එය කළ නොහැකි බව දන්නා බැවින් ඔහු වෙනත් අයට ඒ අවස්ථාව ලබා දුන්නේ ය. සිංහලයන්ගේ ඡන්ද ඔහුට ලැබෙන්නේ අඩු ප්‍රමාණයකිනි. ඔහු පවසන පරිදි 2005 දී ඔහු පැරදුණේ කොටි සංවිධානය ඡන්දය වර්ජනය කළ බැවිනි. එයින් කියැවෙන්නේ සිංහලයන් ඔහුට ඡන්දය අඩුවෙන් දෙන බව හා කොටි සංවිධානය ඡන්දය වර්ජනය නොකළේ නම් දෙමළ ඡන්ද ඔහුට ලැබීමට තිබුණු බව ය. ඔහුට සිංහල ඡන්ද ප්‍රතිශතයට වඩා දෙමළ ඡන්ද ප්‍රතිශතයක් ලැබෙයි. එසේ වන්නේ කුමක් හෙයින් දැයි රනිල් තේරුම් කරන්නේ ද?

    ඔහුට නොව පොළොන්නරුවේ ගොවියකුගේ පුතකු යැයි කියන මෛත්‍රිපාල සිිසේනටවත් සිංහල ඡන්ද වැඩි ප්‍රමාණයක් ලැබී නැත. මෛත්‍රිපාලට සිංහල ඡන්දවලින් ලැබී ඇත්තේ 42%ක් පමණ ය. අද මහින්ද සිංහල ජාතිකත්වයේ ඉහළ ම නියෝජිතයා වෙයි. ඔහු සමග අද සිංහල ඡන්ද සඳහා තරග කිරීමට වෙනත් කිසිම දේශපාලනඥයකුට නො හැකි ය. අප මෙයින් අදහස් කරන්නේ දෙමළ හා මුස්ලිම් ඡන්ද ප්‍රතික්‍ෂෙප කළ යුතු බව නො වේ. එහෙත් ඒ ඡන්ද ලබාගැනීමට බටහිරයන් හා ඉන්දියාව පසුපස ගොස් සිංහල ජාතිකත්වය පාවා නොදිය යුතු ය. අද මෙරට ජාතිවාදය නමින් රනිල් ඇතුළු එ ජා ප, පඬියන් හා අන් අය විසින් හැඳින්වෙන්නේ සිංහල ජාතිකත්වය පාවාදීමට විරුද්ධ වීූම ය.

    ඒ කෙසේ වෙතත් ජනවාරි 8 වැනි දා පැවැත්වූයේ ජනාධිපතිවරණයක් මිස පාර්ලිමේන්තු මැතිවරණයක් නො වේ. එහි දී දි මු ජයරත්න වෙනුවට රනිල් අගමැති කළ යුතු ය යන්න යම් කිසිවකුගේ සිතේ තිබුණි නම් ඒ රනිල්ගේ විය යුතු ය. ජනවාරි 8 වැනි දා රනිල් අගමැති කළ යුතු බවට කිසිම වේදිකාවක හඬක් නො නැඟිනි. යම්කිසි අයුරකින් කිසිවකු එවැනි අදහසක් ප්‍රකාශ කළේ නම් නිසැකව ම මෛත්‍රිපාල පැරදීමට තිබිණි.

    තමා නීත්‍යානුකූල අගමැති නොවන බව රනිල් හොඳාකාරව ම දනියි. මෛත්‍රිපාල සිරිසසේන දිවුරුම් දුන් විගස ඔහු අගමැති ලෙස දිවුරුම් දුන්නේ දි මු ජයරත්නගේ අගමැතිකම පික්පොකට් ගැසීමට ය (මේ වෙබ් අඩවියේ පළ වී ඇති මේ ආණ්ඩුව නීත්‍යානුකූල ද යන ලිපිය කියවන්න). තවමත් මේ රටේ අගමැති දි මු ජයරත්න ය. අද රනිල් අගමැති වී සිටින්නේ විධායක ජනාධිපති බලතලවලට හා ශ්‍රී ල නි ප ඉහළ නායකයන්ගේ නිවටකමට පින්සිිදුවන්නට ය. රනිල්ට අගමැති වීමට ජනතාව ඡන්දය දී නැත.

    නලින් ද සිල්වා

    2015 පෙබරවාරි 24
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    670
    0
    Amsterdam
    කට්ටඩි.ගුරුන්නා;17952351 said:
    නලින්ද සිල්වා කියන්නේ මහාචාර්ය කෙනෙක් කියලද උබ හිතන් ඉන්නේ. මට දේශපාලනයක් වැඩක් නැහැ. නලින්ද සිල්වා කියන්නේ අමුම අමු ගොන් මැට්ටෙක්.


    Well Said. Well Said. Well Said. Well Said. Well Said. Well Said. Well Said.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    3,618
    1,307
    113
    කට්ටඩි.ගුරුන්නා;17952351 said:
    නලින්ද සිල්වා කියන්නේ මහාචාර්ය කෙනෙක් කියලද උබ හිතන් ඉන්නේ. මට දේශපාලනයක් වැඩක් නැහැ. නලින්ද සිල්වා කියන්නේ අමුම අමු ගොන් මැට්ටෙක්.

    healthy.jpg
     

    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    කට්ටඩි.ගුරුන්නා;17952351 said:
    නලින්ද සිල්වා කියන්නේ මහාචාර්ය කෙනෙක් කියලද උබ හිතන් ඉන්නේ. මට දේශපාලනයක් වැඩක් නැහැ. නලින්ද සිල්වා කියන්නේ අමුම අමු ගොන් මැට්ටෙක්.

    Should have a relatively higher analogical capacity within your brain to understand Prof Nalin,People with a lack of that ability try to classify him as a total lunatic,that's not his fault,Should not tell the rest ne.Prof is of a rare breed of people :yes:
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    913
    113
    කට්ටඩි.ගුරුන්නා;17952351 said:
    නලින්ද සිල්වා කියන්නේ මහාචාර්ය කෙනෙක් කියලද උබ හිතන් ඉන්නේ. මට දේශපාලනයක් වැඩක් නැහැ. නලින්ද සිල්වා කියන්නේ අමුම අමු ගොන් මැට්ටෙක්.

    poddak pahadili karala deepan machan නලින්ද සිල්වා ge gon mati bhawaya.
    Ethakota apita umba wage watina buddimatek ge karunu terun aran sinhalun pilibanda kata karana udawiyata gon matto kiyala banina puluwan. :):)

    eeta amatarawa oya gon matta liyapu dewal wala boru tiyenawanan ewath daapan. :):)
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,719
    113
    poddak pahadili karala deepan machan නලින්ද සිල්වා ge gon mati bhawaya.
    Ethakota apita umba wage watina buddimatek ge karunu terun aran sinhalun pilibanda kata karana udawiyata gon matto kiyala banina puluwan. :):)

    eeta amatarawa oya gon matta liyapu dewal wala boru tiyenawanan ewath daapan. :):)
    :lol::lol: amasingen oawa ahanawata wada hodayi waha tikak bipan oya mona ponnayekda ban :lol:
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Should have a relatively higher analogical capacity within your brain to understand Prof Nalin,People with a lack of that ability try to classify him as a total lunatic,that's not his fault,Should not tell the rest ne.Prof is of a rare breed of people :yes:

    poddak pahadili karala deepan machan නලින්ද සිල්වා ge gon mati bhawaya.
    Ethakota apita umba wage watina buddimatek ge karunu terun aran sinhalun pilibanda kata karana udawiyata gon matto kiyala banina puluwan. :):)

    eeta amatarawa oya gon matta liyapu dewal wala boru tiyenawanan ewath daapan. :):)

    Mama nam kiyanne Nalin Silva meattek newei, Pissek wage kenek :D TV ekatama ewilla kiyanawa batahira widdiyawa boru kiyala. Batahira widdiyawa boru nam adu gane TV ekawath thienawada? Eya aragena thiena degree valid da? :rofl:
     
    Last edited:

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Good work by Ranil. Lankawe Jathiwadeta nam thitha thiyanna ona. Sudda rata dala yanakota ape rata Asia we 2nd developed country eka (1st Japan) 1950+ wenakan UK walatath naya deela thibunalu. Ape ratata kelawune Jathiwadeen & Communist karayo nisa
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,646
    113
    hell
    nalin de silva kiyanne aurudu 26di cosmology walin doctorate eka gaththa patta mitarayak, eka ona kenek piligannawa. eth ohu dhadi jathiwaadi pudgalayek. mathamatics waladi ohuta thiyana hakiyawa, anith pathi waladi nathi bawa penawa.
     
    • Like
    Reactions: Nirmal1991

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,646
    113
    hell
    Good work by Ranil. Lankawe Jathiwadeta nam thitha thiyanna ona. Sudda rata dala yanakota ape rata Asia we 2nd developed country eka (1st Japan) 1950+ wenakan UK walatath naya deela thibunalu. Ape ratata kelawune Jathiwadeen & Communist karayo nisa

    :yes::yes::yes:
     

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    කෝ මේ රනිලගේ ලෝල්ලෝ ??? තොපිට මොකද වුනේ???
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    කට්ටඩි.ගුරුන්නා;17952351 said:
    නලින්ද සිල්වා කියන්නේ මහාචාර්ය කෙනෙක් කියලද උබ හිතන් ඉන්නේ. මට දේශපාලනයක් වැඩක් නැහැ. නලින්ද සිල්වා කියන්නේ අමුම අමු ගොන් මැට්ටෙක්.

    මෙතැනින්ම කතාව ඉවරයි..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,550
    113
    නලින්ද සිල්වා මැට්ටෙක්ද නැද්ද කියන එක නෙවෙයි ප්‍රශ්නෙ. මෙතන කියල තියෙන දේවල් බොරැද ඇත්තද කියන එක. ඇත්තටම අපි කව්රැවත් මෙතන රනිල්ට බලය දුන්නෙ නැනේ. ^එහෙම කරන මැට්ටොත් ඉතින් ඉන්නවා^ ඉතින් එයා මොනවද මේ කියන කතා.

    උතුරේ මහ ඇමති විග්නේස්වරන්ගේ සිංහල විරෝධී දෙමළ ජාතිවාදී ප්‍රකාශ, යෝජනා නොසලකා හරින ඔහු මේ පිළිබදව සිංහලයා අවදි කරන සිංහල පුවත්පත් කතුවරැන්ට තර්ජනය කිරීම සාධාරණද
    කොහොමත් ඉතින් මුන්ගෙන් මේ වගේ දේවල් බලාපොරොත්තුවිය යුතුව තිබුණා
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    nalin de silva kiyanne aurudu 26di cosmology walin doctorate eka gaththa patta mitarayak, eka ona kenek piligannawa. eth ohu dhadi jathiwaadi pudgalayek. mathamatics waladi ohuta thiyana hakiyawa, anith pathi waladi nathi bawa penawa.

    මෙහෙම එකෙක් ලංකාවෙ හිටියද කියලවත් දන්නෙ මේ ඊයෙ පෙරේ දා. මිනිසා හඳට ගියාලු......කියන සිංදුවෙ ස්cරිප්ට් එක ලිවුවෙ එයාද? ඇමරිකාවෙ නාසා එකත් එහෙම හෙන කනෙක්ෂන් ඇතිනේ?:confused::baffled:
     

    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    Mama nam kiyanne Nalin Silva meattek newei, Pissek wage kenek :D TV ekatama ewilla kiyanawa batahira widdiyawa boru kiyala. Batahira widdiyawa boru nam adu gane TV ekawath thienawada? Eya aragena thiena degree valid da? :rofl:

    Haa ya,there you are, Not only you even prof Nalin knows Television and most other modern day equipments which ease our lifestyles are a direct result of modern day science, that’s not what he bothers about, question is in the basement of this knowledge, he has questioned and analytically bring forward the facts that has led to crack the ground work of this knowledge, Western method is hugely based on a set of theories and laws, Even some of these theories and laws have subjected to create controversial topics within some western scholars as well. Foundation should be stable and well-constructed one to build up a house, even without a proper foundation there is a possibility to build a house, but no one will be able to stay inside that house for a long period. To really understand this issue you should have background knowledge of this subject.


    He rejects his own PHD,don't you know that :dull: