ජාතියේ විරුවෙකුගේ ඉරණම
ජනපතිවරණය ඉවරයි. මාධ්‍ය මගින් මුල සිටන්ම අනාවැකි පළ කළේ මේක ලංකා ඉතිහාසයේ තියුණුම තරඟයක් ඇති ජනාධිපතිවරණය වේවි කියලා. ඒත් ඒ සියළු අනාවැකි පුස්සක් කරමින් අතිගරු ජනාධිපතිතුමාට පැහැදළි ජනවරමක් මගින් නැවත අපේ ආදරණීය මාතෘභූමිය මෙහෙයවීමේ වගකීම පැවරී තියෙනවා.
ජනපතිවරණයට කලින් අපේ එළකිරියත් පුංචි දේශපාලන පොරපිටියක ස්වරූපයක් ගත්තා. වාද විවාද, චෝදනා, අවලාද වගේම මඩ ව්‍යාපාර වලත් අඩුවක් තිබ්බෙ නෑ. මඩ කෙසේ වෙතත් online forum එකක වාද විවාද තිබිය යුතුයි. ඒක සාමාන්‍ය දෙයක්. ඒත් ජනපතිවරණය අවසන් වී මැතිවරණ කොමසාරිස්තුමා මෙහි අවසන් ප්‍රතිඵලය ප්‍රකාශ කිරීමෙන් පසුවත් කිහිප දෙනෙක් මේ ජයග්‍රහණය දෙස කුහක ඇසින් බැලීම ජනතා පරමාධිපත්‍යයට කරන නිගාවක්. ඒක නිසා කුහක දේශපාලන අදහස් වලින් ඔළු ගෙඩි පුරවාගෙන දේශපාලන උම්මත්තකයින් ලෙසින් හැසිරීම දැන්වත් නවත්වමු.
ජනපතිවරණයේදී ජනමාධ්‍ය වල ප්‍රචාරණයට හසු වීම නිසා සැබෑ ජන විඥානය දැකීමට බොහෝ දෙනා අසමත් වුණා. කොටින්ම ජනාධිපතිතුමා වටා සිටි වැඩි පිරස පවා මේ ජනමාධ්‍ය වල පුස් බෝම්බයට හසු වුණා. ඒත් අපි පැහැදළිවම දැන සිටියා මේ වගේ පැහැදිළි ජනවරමක් එතුමාට හිමි වන බව. මම එක් වරක් පමණක් එළකිරියේදී අවසන් ප්‍රතිඵලය ගැන අනාවැකියක් පළ කළා. <<SEE>> ||| <<LINK FOR THE WHOLE THREAD>>
ජනමතය නිවැරදිව කල් තියා අවබෝධකරගැනීමට හැකි වීම සතුටක්.
දේශපාලන අදහස් කුමක් වුවත් අපි පිළිගතයුතු එක් දෙයක් තියෙනවා. යුද ජයග්‍රහණයේ වැඩි ගෞරවය ජනාධිපතිතුමාට හිමිවිය යුතු වුණත් (බහුතර ජනතාව පවා එය අනුමත කර තිබෙනවා) සරත් ෆොන්සේකා මහතාගේ සහභාගීත්වය අවතක්සේරු කරනවානම් එය ජාතික අපරාධයක්. සරත් ෆොන්සේකා සාධකය එතරම් නොවැදගත්නම් එවකට හමුදාපති අවුරුදු දෙකකට කලින් ගෙදර යවා ෆොන්සේකා මහතා හමුදාපති කළේ මන්දැයි කියන සාධාරණ ප්රශ්නය නැගෙනවා. ෆොන්සේකා මහතා අපේ නිර්භීත යුද සෙනෙවියෙක්. සිංහලේ බරපතලම යුද්ධයක යෙදුණු පාබළ හමුදාවකට නායක්වය දෙමින් කිහිප වරක්ම තම රුධිරයෙන් මාතෘභූමිය තෙත් කළ ඔහු අපේ කාලයේ අභීත රණ සෙනෙවියෙක්. නමුත් ඔහුගේ තිබූ යම් දුර්වලකම් දුටු දේශද්‍රෝහීන් ඒවා ජාතියේ විනාශය සඳහා යොදා ගත්තා. මෙය කිසිදු ජාතිමාමක පුද්ගලයෙක් හීනෙකින්වත් නොහිතපු නොපතපු දෙයක්. සරත් ෆොන්සේකා අපේ අසහාය යුද සෙනෙවියා ජාති මාමක කඳවුරේ සිට ජාති ද්‍රෝහී කඳවුරට ගමන් කිරීම කිසිවෙක් අපේක්ෂා කළ දෙයක් නොවේ. ඒත් ජාතියේ අවාසනාවට එය එසේ සිදුවුණා. එය එසේ සිදුවෙද්දී එදා ඔහුත් මේ මහා මානුෂික මෙහෙයුමත් පිටුපස සිටි දේශප්‍රේමී බලවේග වල දැඩි දෝෂ දර්ශනයට ලක් වුණා. ඒ විවේචනයන්ට පිළිතුරු දීමට හා ඔහුගේ මේ අමනොඥ තීරණය වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත් වුණේ එදා ඔහුත් මානුෂීය මෙහෙයුමත් සමච්චලයට ලක් කළ ජාතිද්‍රෝහීන් වීම දෛවයේ සරමක් වගේ. මොන බලවතා වුණත් දේශපාලනයට එනවානම් චෝදනා අවලාද හා මඩ වලට මුහුණ දීමට සූදානම් විය යුතුයි. අප කැමති වුණත් අකමැති වුණත් යථාර්තය එයයි. මේ යථාර්තය එතුමා තේරුම් නොගැනීමෙන් වුණේ මඩ හා ගැරහිලි තවත් උත්සන්න වීමයි.
ඒත් දැන් ජනාධිපතිවරණය ඉවරයි. එතුමාගේ තීරණය බහුතර ජනතාව ප්රතික්ෂෙප කර තිබෙනවා. සියළු දෙයින් මදකට මිදී තනිව බුද්ධිය මෙහෙයවා කල්පනා කර නැවත මේ දේශපාලනය නැමති මඩ ගොහුරට නොබැසීමට ඔහු තීරණය කරතැයි අපි ප්‍රාර්තනා කරමු. ජනපති තුමා වැරදිනම් ඒ බව ප්‍රසිද්ධියේ කීම එතුමාගේ අයිතියක්. ඒත් නැවතත් ජාතීද්රෝහීන්ගේ විළි වසන සාළුවක් නොවී ස්වාධීනව කටයුතු කිරීමට එතුමාට නුවණ පහළ වේවා!
එතුමාටත් අපේ ආදරණීය මාතෘ භූමියටත් තෙරුවන් සරණයි!