එක එක කඩවල් වල එක එක ගනං වලට තමා බඩු විකුණන්නෙ. මිල අහන්න ලැජ්ජා වෙන්න එපා. සල්ලි තමන්ගෙ, ඒ සල්ලි හම්බකරන්න මිඩංගු කරපු ජීවිතයෙන් ගෙවුණු කාලයත් තමන්ගෙ. ඒ නිසා මිල කියවලා බලලා, අහලා බඩු ගන්න.
පොල්, දෙසැම්බර් ජනවාරි කාලෙට හිඟ වෙනවා. මිල ඩබල් ට්‍රිබල් වෙනවා. ගෙවල් වල වත්තක කඩන තැනක් හොයාගත්තොත් ලේසියි.
පොල් තෙලුත් ගෙවල්වල හිඳින තැනක් හොයාගන්න බලන්න.
මස් මාලු ෆුඩ්සිටි එකේ ලාබයි බොහෝවිට.
ගොටුකොළ, මුකුණුවැන්න, කතුරුමුරුංගා, කරපිංචා, රම්පෙ, සේර ගෙදරම ඔහේ පැලවෙන දේවල්. හදන්න පොඩි ඉඩක් තියේනම් මුදලට ගන්න ඕනෙ නැහැ. දෙහිනම් කාලෙකට විතරයි ප්‍රමාණවත් ඵලදාවක් දෙන්නෙ. නාරං ගහක් හදාගත්තොත් එහෙම නෑ. ඇඹුල දෙහි තරම් නැතත් ආදේශකයක් විදිහට හොඳයි. හැමදාම වගේ ගෙඩි තියෙනවා. මිල වැඩි එළවලු ඒ ඒ කාලවලට නොගෙන ඉන්න.
එළවලු ලොරි වලින්/පොඩි කඩවලින් ගන්නකොට බිලක් ඉල්ලන්න. මොකද කියන ගාන එකක් බිල හදනකොට ඊට වැඩි ගානක්. කඩවල් වලත් එහෙමයි.
තොග කඩවලින් බඩු ගන්නකොට මිල සාපේක්ෂව අඩුයි සිල්ලර කඩේට වඩා.
ගෙදර උයන පිහන කෙනාම බඩු ගේන්න යනවනම් අව්‍යශ්‍යතාවයට බඩු ගේන්න පුළුවන්. නැතිනම් ලිස්ට් එකක් හරි ලියවලා ඉල්ලගන්න.