ජිවන අත්දැකීම් එක්ක තියන සල්ලි ඉතිරි කරමු.

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    හාල් ගන්න මෝලකට යන්න, අනිව අඩුවෙ ගන්න පුලුවන්
    මාලු නන් ලෙල්ලමකට
    සබන්, ටූත් පේස්ට්, සැමන් ටින් වලට තොග කඩේකින් ගන්න, රුඉයල් 8-10 ක් අතර ගානකට අඩුවෙන් ගන්න පුලුවන්
    ඔන්න බලාපිය ඉතින් කීල්ස් අදිපතියා යකෝ උබ කීල්ස් එකේ හොද දාපන් මෙතන සිල්ලර කඩ ප්‍රමෝශන් කරන් නැතුව උබලට බිස්නස් නෑ කියලා ත්‍රෙඩ් දාපන් කෝ බලන්න :LOL::LOL::LOL:
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    අද කාලෙ ඔහොම කීප තැනකට ගිහින් ගන්නවට වඩා ලාබයි එක තැනකින් ඔක්කොම ගන්න එක ගමන් වියදම එක්ක බලපුවාම. ඔක්කොම එකම තැනක තියෙන ආර්ථික මධ්‍යස්ථානයකින් නම් ඔහොම කරන්න පුළුවන්.

    meca ettec
    ada kale welawa watinawa okkotama wada
    anika petrol cost ekath sahenna wedi nisa, Rs 50ka -100ka labayata wada

    යෝගට් ගන්නවානම් සුපර්මාකට් ගන්න එපා සාමන්යෙන් රුපියල් 10-12 ක් අඩුවෙන් පිට ගන්න පුළුවන්, හයිලන්ඩ් අයිස්ක්‍රීම් උනත් එහෙමයි,

    මමනම් ගොඩක් වෙලාවට කීල්ස් ටැබ්ලොයිඩ් එක බලලා යන්නේ, (tabloid.keellssuper.com)වටවල තේ වලට, සර්ෆ්ක්සෙල් වොෂින් liquid එකට 30% හම්බවෙනවා nexus, තව ඉන්ස්ටන්ට් කොෆි එහෙමත් ඕකෙන් බලලා තමා ගන්නේ, ඕකත් එක්කම ඉතින් එළවළු, පලතුරු, අනිත් බඩු ගන්න ගියොත් ඉතින් ෂොට් එක හම්බ වෙනවා, එහෙමෙහෙ දුවන්න බැරිනම් ගන්න, නැත්නම් ලාබම වැඩේ තමයි ලාභ බඩූ ඒ ඒ තැනින් ගන්න එක,

    තව තියෙනවා ටයිප් කරන්න වෙලාවක් නෑ :dull:

    Mehema dena discount okkoma branch walata common da?
    mama hithan hituwe discount denne branch anuwa kiyala
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    1. ගොඩක් වෙලාවට අපි හැමෝම යන්නේ supermarket වලටනේ. මේවගෙන් කරවල හාල් මැස්සෝ වගේ දේවල් ගන්න හොද නැහැ.packet කරලා ගිනි ගණන් වලට විකුනන්නේ.හාල්මැස්සෝ කරවල වගේ ඒවා ගන්න town එකේ තොග කඩේට යන්න.
    හාල්මැස්සෝ ගනිද්දී ටිකක් ලොකු හාල්මැස්සෝ ගන්න. අනික තෝරද්දී හාල්මැස්සෝ කුඩු එන්නේ නැති වෙන්න දාන්න කියන්න. හොදට වේලිච්ච හාල්මැස්සෝ ගන්න.කරවලත් එහෙමයි.

    පොඩි මාලු ගෙනල්ල ගෙදර ටකරමේ වේලල ගත්ත නම් ගොඩක් ලාබයි කරවල විදියට.

    අමු හාල්මැස්සන් ගෙනත් ඒවත් වේලගන්න. සල්ලි ඉතුරුයි, කුඩු එන්නෙත් නෑ කඩෙන් ගන්නව වගේ.

    2. yorgart ගද්දි supermarket වලින් ගන්න එපා.පොඩ්ඩක් බලන්න කඩවල් තියනවා yorgart 10ට 2කක නිකන් දෙනවා.ඒ වගේ තැනක් බලල ගන්න.Island එකේ එහෙම දෙනවා.

    10ට 2ක් නිකන් දෙන යෝගට් කන්න හොඳ නෑ.
    ඊට වඩා එළදෙනක් අරගෙන පැටියෙක් දැම්මම කිරි ටිකක් දොවල යෝගට් හදාගත්තනම් ඇගටත් ගුණයි, ලේසියි.

    3. සුපෙර්මර්කෙට් වලින් carot එහෙම තියන්නේ කොළ ටික බාගෙට කපලා.දැන් එළවලු ගණන් එක්ක වැඩකට නැති කොළ කෑලි වලට ගෙවලා වැඩක් නැහැනේ. ලජ්ජා වෙන්න එපා ඒ ටික කඩල අයින් කරන්න
    ගෙදර එලවලු වගාවක් කලානම් කඩේ තියෙන ඒවගෙ කොල වලට ගෙවන්න ඕනත් නෑ, ඒව කඩ කඩා මහන්සි වෙන්න ඕනත් නෑ.


    3. කෙසෙල් ගනිද්දී කෙසෙල් අවරියේ යට බලන්න.ගෙඩි තැලිලා තියෙන්න පුළුවන්. මිදී වගේ දේවල් උනත් එහෙමයි. ඒ ගෙඩි අයින් කරන්න.
    තැලිච්ච කෙසෙල් කඩෙන් ගන්න ඕන් නෑනෙ තෝර තෝරා, ගෙදර කෙහෙල් ගහක් හදාගත්තනම් ඒක ලේසියි.

    4. මාළු එහෙම ගනිද්දී වැල්ලෙන් වගේ ගන්න පුලුවන්නම් ගොඩක් ලාබයි සහ ෆ්‍රෙෂ්.

    වැල්ලෙ බෝට්ටුවක් අරන් තමන්ම මුහුදු ගියානම් හොඳ ෆ්‍රෙෂ් මාලු ටිකක් අල්ලන් එන්න තිබ්බ, වැල්ලට ගිහින් මහන්සි වෙනවට වඩා.

    5. සිනි පරිප්පු එහෙම ගද්දි 1 kg packet ගන්න එපා. එකක් පරිසර දුෂණය. අනික බෞ ගානක් වැඩි පුර ගෙවන්න ඕන. ඒවා loose 3-5kg ක් වගේ ගන්න.

    ගෙදර උක් ගස් ටිකක් හදල ඒකෙන් සීනි හදාගත්තනම් ඕන වෙලාවට පොඩ්ඩ පොඩ්ඩ ගත්තැකි. වැඩිපුර ගෙවල ගන්න ඕන් නෑනෙ බොරුවට


    6. LED bulb එහෙම අරන් තියගට්ටට කමක් නැහැ. මාසෙන් මාසෙට ගණන් යනවා.

    බල්බ් හදන්න කෝස් එකක් කරල, කොටුවෙන් බඩු ගෙනත් ගෙදරම බල්බ් හදාගත්ත නම් ඒ කොස්ට් එක සෑහෙන්න ඉතුරුයි


    9. තේ කොළ වගේ ගන්නවනම් 500g වගේ ගන්න බලන්න. ගාන ටිකක් අඩුයි එතකොට. හැබැයි රහට තේ එකක් බොන්න ඕනනම් ටිකක් වියදම් කරන්න ඕන. එත් එහෙම කරත් පාඩු නැහැ.

    ගෙදර තේ ගස් ටිකක් හදල කොල වේලල කුඩු කරල ගත්තනම් කොස්ට් එක ඉතුරුයි, බොරුව්ට සල්ලි ගෙවන්නෙ කඩේට.

    දැනට ඔය ටික තමයි shopping කරද්දී මතක් වෙන්නේ. මතක් වෙන ඒවා දාන්නම්. නොදන්නා tricks තියනවනම් බෙදා ගමු.
     

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    Malu ganne Koswaththe SiriLak eken, Elawalu langa kadeking gannawa, anith badu super market eken offers ehema balala ganne
     
    • Love
    Reactions: IronRox

    HmNRazor

    Well-known member
  • හාල් ගන්න මෝලකට යන්න, අනිව අඩුවෙ ගන්න පුලුවන්
    මාලු නන් ලෙල්ලමකට
    සබන්, ටූත් පේස්ට්, සැමන් ටින් වලට තොග කඩේකින් ගන්න, රුඉයල් 8-10 ක් අතර ගානකට අඩුවෙන් ගන්න පුලුවන්
    කීල්ස් එක්ක පලයන් ලමයින්ව 🥴
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මේ ආණ්ඩුවෙන් ඉගන ගන්න තියෙන වැදගත්ම පාඩම, සල්ලි (රුපියල්) එකතු කරල තියාගත්තොත් හීනියට දාලා අරිනවා 😄
     

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    උඩ තට්ටුවේ වැඩට කල් තියාම පුළුවන් විදිහට බඩු ගේනවා

    ඇලුමිනියම් බඩු ටික -
    පොටි -RS 500- 25KG
    වයරින් එකේ බඩු ටික (swith / bulb ගෙනාවේ නැ )
    Rocell Tile Order කලා - 912 per 2x2 tile
    වැලි එකක් ගේනවා - 2 cube

    වැඩ පටන් ගන්න cement අඩුත් නැ තාම

    Tile order kare kawadda wageda ban? Dan 2×2 - 1300 wage kiyanavane
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    meca ettec
    ada kale welawa watinawa okkotama wada
    anika petrol cost ekath sahenna wedi nisa, Rs 50ka -100ka labayata wada



    Mehema dena discount okkoma branch walata common da?
    mama hithan hituwe discount denne branch anuwa kiyala
    ow machan common, mama nam balala yana ewa ehemama thiyenawa
     
    • Love
    Reactions: IronRox

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    අද කාලේ ඇත්තටම අපි වියදම් කරන මුදලට සාධාරණයක් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට දැන් හැම වෙළෙන්දම බලන්නේ හුරන් කන්න,පුරුදු වෙලා.
    මම එදිනෙදා කරන වියදම් වලින් මුදලට පොඩි හරි වටිනාකමක් දෙන්නේ මෙන්න මේ වගේ දේවල් වලින්. උබලගේ methods මොනවාද කියලා පොඩ්ඩක් share කරමු. කාගේ හරි ජිවිත අත්දැකීම් වටීවි කාටහරි.

    කඩේකට ගියාම කොහොමද බඩු ගන්නේ.


    1. ගොඩක් වෙලාවට අපි හැමෝම යන්නේ supermarket වලටනේ. මේවගෙන් කරවල හාල් මැස්සෝ වගේ දේවල් ගන්න හොද නැහැ.packet කරලා ගිනි ගණන් වලට විකුනන්නේ.හාල්මැස්සෝ කරවල වගේ ඒවා ගන්න town එකේ තොග කඩේට යන්න.
    හාල්මැස්සෝ ගනිද්දී ටිකක් ලොකු හාල්මැස්සෝ ගන්න. අනික තෝරද්දී හාල්මැස්සෝ කුඩු එන්නේ නැති වෙන්න දාන්න කියන්න. හොදට වේලිච්ච හාල්මැස්සෝ ගන්න.කරවලත් එහෙමයි.

    2. yorgart ගද්දි supermarket වලින් ගන්න එපා.පොඩ්ඩක් බලන්න කඩවල් තියනවා yorgart 10ට 2කක නිකන් දෙනවා.ඒ වගේ තැනක් බලල ගන්න.Island එකේ එහෙම දෙනවා.
    3. සුපෙර්මර්කෙට් වලින් carot එහෙම තියන්නේ කොළ ටික බාගෙට කපලා.දැන් එළවලු ගණන් එක්ක වැඩකට නැති කොළ කෑලි වලට ගෙවලා වැඩක් නැහැනේ. ලජ්ජා වෙන්න එපා ඒ ටික කඩල අයින් කරන්න.

    3. කෙසෙල් ගනිද්දී කෙසෙල් අවරියේ යට බලන්න.ගෙඩි තැලිලා තියෙන්න පුළුවන්. මිදී වගේ දේවල් උනත් එහෙමයි. ඒ ගෙඩි අයින් කරන්න.

    4. මාළු එහෙම ගනිද්දී වැල්ලෙන් වගේ ගන්න පුලුවන්නම් ගොඩක් ලාබයි සහ ෆ්‍රෙෂ්.

    5. සිනි පරිප්පු එහෙම ගද්දි 1 kg packet ගන්න එපා. එකක් පරිසර දුෂණය. අනික බෞ ගානක් වැඩි පුර ගෙවන්න ඕන. ඒවා loose 3-5kg ක් වගේ ගන්න.
    6. LED bulb එහෙම අරන් තියගට්ටට කමක් නැහැ. මාසෙන් මාසෙට ගණන් යනවා.
    7. ලුණු ,සුදු ළුණු එහෙම ගද්දි පොත්ත හොදට වේලිච්ච ළුණු , ගන්න.කල් තියාගන්න පුළුවන්. වතුර බර අඩු නිසා වැඩි ගෙඩි ගානක් අල්ලනවා.
    8. තැබිලි එහෙම ගන්නවනම් ගෙඩි 7-8ක් ගන්න normaly රුපියල් 5ක් වගේ අඩු කරනවා ගොඩක් වෙලාවට.
    9. තේ කොළ වගේ ගන්නවනම් 500g වගේ ගන්න බලන්න. ගාන ටිකක් අඩුයි එතකොට. හැබැයි රහට තේ එකක් බොන්න ඕනනම් ටිකක් වියදම් කරන්න ඕන. එත් එහෙම කරත් පාඩු නැහැ.
    10. කිරි පිටි නම් දැන් අපි අත ඇරලම දාලා තියෙන්නේ. ඒ වෙනුවට හොද තේ එකක් බොන්න පුරුදු වෙන්න බලන්න.
    11. තුනපහ ජාති ගෙදර කොටා ගන්නවනම් සුවදත් හොදයි රසත් හොදයි. ලොකු ලාබෙකුත් තියෙනවා. ගන්නවනම් 250g වගේ packet වත් ගන්න 50-100g ගද්දි පාඩුයි.

    දැනට ඔය ටික තමයි shopping කරද්දී මතක් වෙන්නේ. මතක් වෙන ඒවා දාන්නම්. නොදන්නා tricks තියනවනම් බෙදා ගමු.
    TFS
     
    • Love
    Reactions: IronRox

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,679
    3,404
    113
    උඩ තට්ටුවේ වැඩට කල් තියාම පුළුවන් විදිහට බඩු ගේනවා

    ඇලුමිනියම් බඩු ටික -
    පොටි -RS 500- 25KG
    වයරින් එකේ බඩු ටික (swith / bulb ගෙනාවේ නැ )
    Rocell Tile Order කලා - 912 per 2x2 tile
    වැලි එකක් ගේනවා - 2 cube

    වැඩ පටන් ගන්න cement අඩුත් නැ තාම
    Badu aduwena akak nedda tawa auruddakin wath????
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    Supermarkets වලින් බඩු ගන්නවනම් HSBC, Sampath card promotion තියෙන දවස් වලට ගිහින් ගන්නව + උන්ගෙ membership cards use කරනව. එතකොට තව off එහෙම set වෙනව.

    Electric or household items ගන්නවනම් HSBC එකේ promotion තියෙන වෙලාවක් බලල 0% interest + card promo තියෙන තැනකින් ගන්නව. එතකොට Damro බඩු ගන්නව ඊට වඩා අඩුවට තියෙන wasi.lk වගේ එකකින්. මොකද damro badu damro ලටත් වඩා අඩුවට එ site වලින් ගන්න පුලුවන් Damro warranty එකත් එක්කම.

    සමහර බඩු daraz එකෙන් ගන්නව. Specific දවස් වලට හැම කාඩ් එකටම 10% ක off තියෙනව.

    Vehicle + life insurance වලට HSBC card එකේ නිතරම 0% interest offers තියෙනව. එතකොට 1,2 years වලට එක පාර ගෙවල ඒක 0% installment කරගන්නව.

    Fuel ගහනවනම් Sampath Amex or HSBC card වලින් ගහනව. 15% / 10% cashback එනව. Online bill ගෙවනවනම් ඒවත් card එකෙන්ම ගෙවනව. Cash back තියෙනව.

    තව තියෙනව.

    හදිස්සි වෙලාවට, busy දවස් වලටනම් ඔහොම manage කරන්න ටිකක් අමාරුයි. එතකොට ලේසිම විදියට කරන්න වෙනව.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    එක එක කඩවල් වල එක එක ගනං වලට තමා බඩු විකුණන්නෙ. මිල අහන්න ලැජ්ජා වෙන්න එපා. සල්ලි තමන්ගෙ, ඒ සල්ලි හම්බකරන්න මිඩංගු කරපු ජීවිතයෙන් ගෙවුණු කාලයත් තමන්ගෙ. ඒ නිසා මිල කියවලා බලලා, අහලා බඩු ගන්න.

    පොල්, දෙසැම්බර් ජනවාරි කාලෙට හිඟ වෙනවා. මිල ඩබල් ට්‍රිබල් වෙනවා. ගෙවල් වල වත්තක කඩන තැනක් හොයාගත්තොත් ලේසියි.

    පොල් තෙලුත් ගෙවල්වල හිඳින තැනක් හොයාගන්න බලන්න.

    මස් මාලු ෆුඩ්සිටි එකේ ලාබයි බොහෝවිට.

    ගොටුකොළ, මුකුණුවැන්න, කතුරුමුරුංගා, කරපිංචා, රම්පෙ, සේර ගෙදරම ඔහේ පැලවෙන දේවල්. හදන්න පොඩි ඉඩක් තියේනම් මුදලට ගන්න ඕනෙ නැහැ. දෙහිනම් කාලෙකට විතරයි ප්‍රමාණවත් ඵලදාවක් දෙන්නෙ. නාරං ගහක් හදාගත්තොත් එහෙම නෑ. ඇඹුල දෙහි තරම් නැතත් ආදේශකයක් විදිහට හොඳයි. හැමදාම වගේ ගෙඩි තියෙනවා. මිල වැඩි එළවලු ඒ ඒ කාලවලට නොගෙන ඉන්න.

    එළවලු ලොරි වලින්/පොඩි කඩවලින් ගන්නකොට බිලක් ඉල්ලන්න. මොකද කියන ගාන එකක් බිල හදනකොට ඊට වැඩි ගානක්. කඩවල් වලත් එහෙමයි.
    තොග කඩවලින් බඩු ගන්නකොට මිල සාපේක්ෂව අඩුයි සිල්ලර කඩේට වඩා.

    ගෙදර උයන පිහන කෙනාම බඩු ගේන්න යනවනම් අව්‍යශ්‍යතාවයට බඩු ගේන්න පුළුවන්. නැතිනම් ලිස්ට් එකක් හරි ලියවලා ඉල්ලගන්න.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,932
    113
    Gampaha
    හාල් ගන්න මෝලකට යන්න, අනිව අඩුවෙ ගන්න පුලුවන්
    මාලු නන් ලෙල්ලමකට
    සබන්, ටූත් පේස්ට්, සැමන් ටින් වලට තොග කඩේකින් ගන්න, රුඉයල් 8-10 ක් අතර ගානකට අඩුවෙන් ගන්න පුලුවන්
    අපි සුමාන දෙකකට තුනකට විතර සැරයක් පෑළියගොඩ මැණිං මාකට්, මාළු මාකට් පැත්තෙ රවුමක් දානව....

    එළවළු, මාළු, අල ලූණු සිල්ලර මිළට වඩා බාගයක් අඩුවෙන් ගන්න පුලුවන්.

    හාල් නං බන්දුල මහත්තයට පිං සිද්දවෙන්න අඩු මිළට ලැබෙනවනෙ....😅

    ඉතුරු අයිටම් ටික ගෙවල් කිට්ටුව තොග කඩේකින් හෝ ඩිස්කවුන්ට් කාඩ් තියෙන සුපර් මාකට් එකකින්.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,661
    113
    Piliyandala
    රත්මලාන ආර්තිකෙන් අල ළූනු රතුළූනූ සුදුළූනූ වගේ ගන්නවනම් ටිකක් ලාබයි. හැබැයි එක එක බඩු එක එක තැන් වල. ගිහිල්ල එන්නත් වෙලා යනව.

    පිලියන්දල මාකට් එකෙන් එලවලු තුනපහ කරවල හාල්මැස්සන් උම්බලකඩ කොල වර්ගයක් අල ළුනූ දෙහි තක්කාලි රම්පෙ කරපිංචා ටික ගන්නව.

    මාලූ කඩයක් තියෙනව මාලූ ගන්නව.

    අනිත් ඔක්කොම බඩු ගන්නෙ ආර්පිකෝ එකෙන්. ඒකේ ඔක්කොම තියෙනව.

    පැට්‍රල් ගහන් රත්මලානේ යන වෙලාව ඉතුරුයි.