ජිවිතේ ගැන කල කිරිල ඉන්නේ

pansilu2020

Member
Mar 16, 2019
7
1
0
ජිවිතේ ගැන කල කිරිල ඉන්නේ

ජිවිතේ ගැන කල කිරිල ඉන්නේ

මචන් ,අලුත් account එකක හැදුවේ මාව දන්න උන් ඉන්න හින්ද ...මම මාරම ප්‍රශ්නෙක හිර වෙලා ඉන්නේ...උඹලට කියන්නේ දුක තුනී වෙන්නත් එක්කම ...පුළුවන් නම් උපදෙසක් දියන් ...පුළුවන් තරම කෙටියෙනේ ස්ටොරිය කියන්නම් ..

මගෙයි කෙල්ලගෙයි love එකට ගෙදරින් එචරම කැමැත්තක් තිබ්බේ නැහැ ..හදහන් වගේම තවත් පොඩි පොඩි ප්‍රශ්න නිසා ...කොහෙමෙන් හරි අපි දෙන්න බැන්ද ..අන්තිම මොහොත වෙනකොටත් තාත්තගේ ලොකු කැමත්තක් නොතිබුනත් අපි දෙන්න බැන්දට පස්සේ තාත්තත් එයාගෙම දුවෙකුට සලකනවා වගේ මගේ කෙල්ලට සැලකුවේ ...බැඳලා අපි අපේ ගෙදරමයි හිටියේ ..එකට හේතුව උනේ මම එකම ළමය වගේම තත්තට් අසනීපෙන් හිටිය නිසා ....බදින්න කලින් කෙල්ලගේ අම්ම කියල තිබ්බ පොඩි ඉඩම් කැල්ලක් දෙනවා කියල ...

ඔය කතාව කියල තියෙන්නෙත් අපේ අම්මට ...ඒ මදිවට කෙල්ලගේ තාත්තත් අපි දෙන්නගේ එන්ගගේමෙන්ට් එක දවසේදී අපේ බාප්පව එයාලගේ කඩේකට (අර ඉඩම දෙනවා කියපු ඉඩමේම කඩයක් තියෙනවා ..කෙල්ලත් ඒක දාන්න ලොකු ගානක් දීල තියෙනවා) එක්කන් ගිහින් ඒක කෙල්ලට දෙනවා කියල..මම නම් ඕව පස්සේ වැඩිය එලවන්නේ නැහැ ...එත් මට තියෙන තරහ එයාලට දෙන්න බැරි නම් ඕව අපේ අම්මලට නොකිය හිටිය නම් ඉවරයි....බැඳලා දැන් ටික දවසක් වෙනවා එයාලගේ ගෙදරින් ඒවා ගැන කිසිම සද්දයක් නැහැ...හැබැයි අපේ අම්මයි තාත්තයි කෙල්ලට කිසිම වෙනසක් කලේ නැහැ...ප්‍රශ්නේ පටන් ගත්තේ වෙනම විදියකට...කෙල්ලයි මමයි දෙන්නම වැඩට යන හින්ද අපි උදේට කෑම හදනවා අම්මලට දවල්ටත් එක්කම ..රෑට අම්ම අපිටත් එක්කම කෑම හදල තියෙනවා ...ගොඩක් වෙලාවට අපේ තාත්තා රැට බත් කන්න කැමති නැති නිසා ඉදිඅප්ප ,රොටි ,පිට්ටු ,ආප්ප , noodles වගේ ඒවා හදන්නේ ..කෙල්ල හුරු වෙලා තියෙන්නේ රැට බත්ම කන්න ..එයා අර කෑම කන්න ලොකුවට කැමැත්තක් නැහැ වගේම සමහර දවස් වලට නොකම ඉන්නවා ....මටත් මාරම කේන්ති මෙයා නොකා ඉන්නකොට ..ඇයි අප්පා අපේ අම්මා කෑම හදල තියෙන එක කොච්චර දෙයක්ද අපි වැඩ ඇරිලා එනකොට ...දවසක් මම බැන්නත් එක්ක කන්න බැරි නම් කන්න පුළුවන් කෑමක් හදන කන්න කියල..ඕවගේ පොඩි පොඩි ප්‍රශ්න නම් එමටයි ....අනික මම car එකේ lease එක ගෙවනවා ...

බදින්න කලින් කිඋවේ එයත් lease එක ගෙවන්න සල්ලි දෙන්නම් කියල ...මට එයාගේ සල්ලි ඕනි නැහැ ...එත් මට තේරිලා තියෙන විදියට එය එයාලගේ ගෙදරට සල්ලි වියදම කරනවා .ඕවගේ දේවල් හින්ද මමත් ඉන්නේ හිතේ අවුලෙන් ...අනික මම normally 6 ට වත් නැගිටිනවා වීක් එන්ඩ් එකේ නිවාඩු දවසට..ඒත් එයා නැගිටින්නේ 8 ත් පහු වෙලා ...ඕකටත් අපි රණ්ඩු උනා ...ලොකුම ප්‍රශ්නේ පටන් ගත්තේ වෙනම දෙයක් හින්ද ...එයාගේ නෑදෑ වෙන අක්කා කෙනෙක් Colombo private campus එකක degree ද කොහෙද කරන්න පටන් ගත්ත ..ඒ අක්කගේ ගෙවල් පොළොන්නරුවේ ...සතියකට දවසක් colombo එනවා ...එය පාන්දර bus එකේ ඇවිත් රැට 11 bus එකේ ආයේ ගෙදර යනවා ..මම තමයි පාන්දර බුස් එකේ එනකොට 5.00 ට මගින් අරැගෙන අපේ ගෙදරින් කිරි බිලා wash දාගෙන campus ගිහින් 6.30 ට විතර අපේ ගෙදර එනවා ...රෑ 11 bus එකට් මම ගෙනිහින් අරලවනවා ...ඕකට අපේ ගෙදරින් ලොකුවට කැමැත්තක් තිබ්බේ නැහැ ටික දවසක් යනකොට ...මම අදටත් හේතුව දන්නේ නැහැ ඒ අක්ක එක දවසක් හවසක ඇවිත් ...අම්ම කෑමත් හදලා ..ඒ අක්කා ගේ යාලුවෙක් ඉන්නවා අපේ ගෙවල් වලට ටිකක් අතින් ..එයා ගිහින් එහෙ නතර වෙන්න ...අපේ අම්ම කියල අපි වැඩ ඇරිලා එනකවත් ඉන්න කියල ..ඒත් එයා ගිහින් ..මම අක්කාගෙන් හේතුව ahwuwata කියන්නෙත් නැහැ ...මගේ කෙල්ල හිතන්නේ අපේ අම්මල මොනවා හරි කියපු නිසා ගෙදරින් ගියේ කියල පස්සේ දවසෙම කුස්සිය පැත්තටවත් ආවේ නැහැ කෑමක් හදන්නවත් අම්මටට් උදවු වෙන්නවත් ..

අම්ම එක්කත් කතා කලේ නැහැ වැඩියම ...මගෙත් එක්කත් තර්ක කලේ අපේ අම්මල මොනවා හරි කියපු නිසා එයා ගියේ මමත් අපේ අම්මලාගේ පැත්ත අරන් කියල ...ඔය සීන් එක තාත්තටත් meter උනා මෙය අම්මත් එක්ක වැඩි කතාවක් නැහැ කියල ...පස්සේ සීන් එක shape උනත් අපේ ගෙදරින් ලවක් දෙවක් නැතුව මට බනිනවා කෙල්ලව බැඳපු එකට ..කෙල්ල අනිත් පැත්තෙන් කියන්නේ මම ගෙදර පැත්තේ ඉන්නේ කියල ..අපේ තාත්තත් කියන්නේ මම කෙල්ලගේ පැත්තේ කියල..අනේ මන්ද බන් ..මට දැන් එපා වෙලා තියෙන්නේ ...මම දැන් ගෙදර ඉන්න එචර අසවකිත් නැහැ ...මේ ප්‍රශ්න නිසා ...මට තාම මතකයි අපේ ගෙවල් ලග අයිය කෙනෙක් කිවුව කතාව .."මල්ලි ඔයාට ගෙදරයි කෙල්ලවයි balance කරන්න ලොකු ගේමක් දෙන්න වෙයි..හිතන තරම් ලේසි නැහැ කියලා .." ඒ අයිය කියපු කතාව නම් සහතික ඇත්ත කියල දැන් තමයි හිතෙන්නේ ...
 
Last edited:
  • Like
Reactions: tas

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    oowa ooma thamai baan
    uba kellage passen ghn adalada yalu une
    badinna kalinuth kella muranduida?
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    සොහොන;24291730 said:
    කුලියට ගෙයක් ප්‍රශ්නෙ ඉවර්ස්‍යි

    pawle ekama ekaalune
    mtath wenne oya seen eka
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    සොහොන;24291741 said:
    1 වෙනි ලමයා හැදුවා නම් ප්‍රශ්නෙ ඉවරයි

    eth na bn
    ethkota meya lamayage pitin dala kuth wedk nokara idi hamadama
    ethkota aay case
    nendammagei leligei wali nathiwennanm wenma gdrkta ynna oona
    ehma nththan adu wadi wdiyt owa thiyenwa:(
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    අපේ තාත්තත් කියන්නේ මම කෙල්ලගේ පැත්තේ කියල..අනේ මන්ද බන් .

    බැන්දට පස්සේ අපේ තාත්ත මට කිව්වේ
    "මොන දේ උනත් ගෑනි එක්ක ඉන්න කියල. අපි ගැන බලන්න කලින් ගෑනි ගැන බලන්න කියලා." :dull:
    නිවාඩු දවසට ගෑනි ඇහැරෙන්නේ 8 ට. ඉතින් මොකද බන්. ගෑනි වැඩට යනවනේ නිවාඩු දවසට පොඩ්ඩක් නිදාගන්න දීපන්. උබට ඉරිසියද උබට නින්ද යන්නේ නැති එකට.

    අනික තමයි හේතුවක් දන්නේ නැත්තනම් රණ්ඩුවට යන්නේ මොකටද ? දැන් අර නෑදෑ කෙනෙක් ගෙදරින් ගියා කිව්වේ. උබ දන්නේ නැනේ හේතුව. උබේ අම්ම කියන්නෙත් නැත්නම්. ඒ නැයා කියන්නෙත් නැත්නම්. මොන එහෙකටද ඕයි ඕවට රණ්ඩු වෙන්නේ. ගැනිට අම්මත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් එක විසදලා දීපන් උබ රණ්ඩුවට යන්නේ නැතුව. කෙලින්ම අම්මගෙන් අහන්න මොනවා හරි කිව්වද කියල ගෑනි ඉස්සරහ. අම්ම නැ කිව්වොත් ගැනිට කියන්න. රණ්ඩු වෙන්න කලින් අක්කාගෙන් හේතුව අහන එන්න ඊට පස්සේ රණ්ඩු වෙමු කියලා.

    තමන්ගේ අම්ම තාත්ත උනත් ඕනවට වැඩිය පව්ල් ජිවිතේට ලං කරගන්න එපා. සලකන්න එපා කියලා නෙමයි කිව්වේ. නැත්නම් මේකේ ඉන්න උන් අපෝ

    • Like
    Reactions: Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    matath kasaada geevitheeea epaa una eka kellek nisa mama e kellawa atha ariya aaye bandinne naa mai
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    බැන්දට පස්සේ අපේ තාත්ත මට කිව්වේ
    "මොන දේ උනත් ගෑනි එක්ක ඉන්න කියල. අපි ගැන බලන්න කලින් ගෑනි ගැන බලන්න කියලා." :dull:
    නිවාඩු දවසට ගෑනි ඇහැරෙන්නේ 8 ට. ඉතින් මොකද බන්. ගෑනි වැඩට යනවනේ නිවාඩු දවසට පොඩ්ඩක් නිදාගන්න දීපන්. උබට ඉරිසියද උබට නින්ද යන්නේ නැති එකට.

    අනික තමයි හේතුවක් දන්නේ නැත්තනම් රණ්ඩුවට යන්නේ මොකටද ? දැන් අර නෑදෑ කෙනෙක් ගෙදරින් ගියා කිව්වේ. උබ දන්නේ නැනේ හේතුව. උබේ අම්ම කියන්නෙත් නැත්නම්. ඒ නැයා කියන්නෙත් නැත්නම්. මොන එහෙකටද ඕයි ඕවට රණ්ඩු වෙන්නේ. ගැනිට අම්මත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් එක විසදලා දීපන් උබ රණ්ඩුවට යන්නේ නැතුව. කෙලින්ම අම්මගෙන් අහන්න මොනවා හරි කිව්වද කියල ගෑනි ඉස්සරහ. අම්ම නැ කිව්වොත් ගැනිට කියන්න. රණ්ඩු වෙන්න කලින් අක්කාගෙන් හේතුව අහන එන්න ඊට පස්සේ රණ්ඩු වෙමු කියලා.

    තමන්ගේ අම්ම තාත්ත උනත් ඕනවට වැඩිය පව්ල් ජිවිතේට ලං කරගන්න එපා. සලකන්න එපා කියලා නෙමයි කිව්වේ. නැත්නම් මේකේ ඉන්න උන් අපෝ

    මේ කතාව ඇත්ත...තමන්ගේ පවුල් ජීවිතේට පිට මිනිස්සු ඇතුල් කර ගන්න එපා...මෝඩ වැඩක්...
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    බැන්දට පස්සේ අපේ තාත්ත මට කිව්වේ
    "මොන දේ උනත් ගෑනි එක්ක ඉන්න කියල. අපි ගැන බලන්න කලින් ගෑනි ගැන බලන්න කියලා." :dull:
    නිවාඩු දවසට ගෑනි ඇහැරෙන්නේ 8 ට. ඉතින් මොකද බන්. ගෑනි වැඩට යනවනේ නිවාඩු දවසට පොඩ්ඩක් නිදාගන්න දීපන්. උබට ඉරිසියද උබට නින්ද යන්නේ නැති එකට.

    අනික තමයි හේතුවක් දන්නේ නැත්තනම් රණ්ඩුවට යන්නේ මොකටද ? දැන් අර නෑදෑ කෙනෙක් ගෙදරින් ගියා කිව්වේ. උබ දන්නේ නැනේ හේතුව. උබේ අම්ම කියන්නෙත් නැත්නම්. ඒ නැයා කියන්නෙත් නැත්නම්. මොන එහෙකටද ඕයි ඕවට රණ්ඩු වෙන්නේ. ගැනිට අම්මත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් එක විසදලා දීපන් උබ රණ්ඩුවට යන්නේ නැතුව. කෙලින්ම අම්මගෙන් අහන්න මොනවා හරි කිව්වද කියල ගෑනි ඉස්සරහ. අම්ම නැ කිව්වොත් ගැනිට කියන්න. රණ්ඩු වෙන්න කලින් අක්කාගෙන් හේතුව අහන එන්න ඊට පස්සේ රණ්ඩු වෙමු කියලා.

    තමන්ගේ අම්ම තාත්ත උනත් ඕනවට වැඩිය පව්ල් ජිවිතේට ලං කරගන්න එපා. සලකන්න එපා කියලා නෙමයි කිව්වේ. නැත්නම් මේකේ ඉන්න උන් අපෝ
    වෙන කාගෙන්වත් අහන්න ඕනෙ නෑ, මේ තියෙන්නෙ උත්තරේ. තැන්ක් යූ TNHM