ජීවත්_වීම_සඳහා_මොහොතක්_සිතන්න

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ජීවත්_වීම_සඳහා_මොහොතක්_සිතන්න

    ගෘහ නිර්මාණ ශිල්පියෙක් දිනක් තම රැකියා ආයතනයේ හිමිකරු මුනගැසී මෙසේ පැවසුවා.
    "මට දැන් අවුරුදු 55ක්.
    ඒ නිසා මම තීරණය කලා විශ්‍රාම ගැනීමට.
    ඒ වගේම මගෙ බිරිද සහ දරු මුණුපුරන් සමග ඉදිරි කාලය සතුටින් සහ විවේකයෙන් ගතකිරීමට"
    ඇත්තෙන්ම ඔහුට තවත් කාලයක් වැඩකලහැකි වුවත්,මාසිකව ආදායමක් ආයතනයෙන් ලබාගත හැකි වුවත් එය ඔහුගේ අවසන් තීරණය උනා.
    ඒත් ආයතනයේ හිමිකරු එයට කැමති උනේ නෑ.
    මන්ද,මේ ගෘහ නිර්මාණ ශිල්පියා හොද සේවකයෙක්.
    කාර්‍යක්ෂම සේවකයෙක්.
    ඒ නිසා ආයතන හිමිකරු ඔහුගේ වැටුප ඉහල නැංවීමට විමසුවා.
    ඒත් ගෘහ නිර්මාණශිල්පියාගේ අදහස වෙනස් උනේ නෑ.
    ඔහුගේ අදහසට අකමැත්තෙන් උවත් එකග වූ ආයතන හිමිකරු අවසාන වශයෙන් එක ඉල්ලීමක් කලා.
    "මම ඔබගෙන් ඉල්ලා සිටිනවා විශ්‍රාම ගැනීමට පෙර තවත් එක සුඛෝපභෝගී නිවසක් තනා නිමකරන්න කියල.
    මේක මගෙ පෞද්ගලික ඉල්ලීමක් ඔබගෙන් කරන"
    අකමැත්තෙන් වුවත් ගෘහ නිර්මාණ ශිල්පියා එයට එකග උනා.
    ඒ ඔහුගේ වෘත්තීයමය ජීවිතයේ අවසාන ව්‍යාපෘතිය විදියට.
    ඔහු වැඩ ආරම්භ කලා.
    නමුත්,ගෘහ නිර්මාණශිල්පියා එතරම් උනන්දුවකින් නෙවේ වැඩකලේ.
    මංද ඒ ඔහුගේ අවසාන ව්‍යාපෘතිය නිසා.
    ඔහු අතිරික්තකාලය(overtime) වැඩකලේ නෑ.
    ඒ වගේම උසස් තත්වයේ සිමෙන්ති මිශ්‍රණයක් භාවිත කිරීම පිලිබඳව සලකා බැලුවේ නෑ.
    සුඛෝපභෝගී නිවසක අංගයක් ලෙස පිහිනුම්තටාකයක් එක්කලේ නෑ.
    උසස් තත්වයේ දැව හෝ උසස් නිමාවකින් යුත් දොර ජනෙල් භාවිත කලේ නෑ.
    උසස් තත්වයේ ගෘහභාණ්ඩ නිවස වෙනුවෙන් ඇනවුම් කලේ නෑ.
    කෙසේ නමුත් ගෘහ නිර්මාණශිල්පියා ව්‍යාපෘතිය අවසාන කර ආයතන හිමිකරු වෙත ගොස් මෙසේ පැවසුවා.
    "ඔබගේ ඉල්ලිම පරිදි මගේ අවසාන ව්‍යාපෘතිය අවසන් කලා.
    දැන් මට විශ්‍රාම ගැනීමට අවශ්‍යයි"
    කිසිවක් කතානොකරම ආයතන හිමිකරු අලුතින් ඉදිකල නිවසේ යතුරු කැරැල්ල ගෘහ නිර්මාණශිල්පියාගේ අතට දුන්නා.
    ඉන්පසුව මෙසේ පැවසුවා .
    "මේක මගෙන් ඔබට ලැබෙන තෑග්ගක්,
    ඔබ මා වෙනුවෙන් සහ ආයතනය වෙනුවෙන් කල අවුරුදු 15ක සේවය වෙනුවෙන්"
    මෙවිට ගෘහනිර්මාණශිල්පියා කම්පනයට පත්වුනා.
    ඒ වගේම ඔහුට ලැජ්ජා සිතුනා.
    ඔහු දැනසිටියානම් මේ ඉදිකරන්නේ ඔහුගේම නිවස කියල හැමදේම මීට වඩා ගොඩක් වෙනස් විදියට සිද්ද වෙන්න තිබුන.
    ....................................................................
    අපි අපේ ජීවිත ගොඩනගනවා.
    ඒත් බොහෝ වෙලාවට අපි ජීවිතය ගොඩනැගීම වෙනුවෙන් උපරිමය කරන්නෙ නෑ.
    අවසානයේ අපි කම්පනයට පත්වෙනව ඇයි අපි උපරිමය නොකලෙ කිරීමට හැකියාව තියෙද්දිත් කියල.
    අපිට ජීවිතය ගොඩනගන්න පුලුවන් හොදම විදියට.
    ඒත් ඇයි අපි ඒක නොකරන්නෙ.
    අවසානයෙදි තේරුම්ගන්නව අපිට ආපහු හැරෙන්න බෑ කියල.
    ඒත් එතකොට අපි ප්‍රමාද වැඩියි.
    ඒ අපේම නොසැලකිල්ල නෙවෙයිද?
    මොහොතක් සිතන්න.
    ඔබ තමා ගෘහනිර්මාණශිල්පියා ,
    ඔබට අවශ්‍ය හැමදේම තියෙනවා.
    නිර්මාණය උසස් ලෙස බිහිකිරීම හෝ නොකිරීම ඔබට භාරයි.
    ඔබගේ ජීවිතය ගොඩනගන්න.
    ඔබගේම ව්‍යාපෘතියක් ලෙස.
    උසස් නිමාවකින් යුතුව.
    එමනිසා,
    තීරණ ගන්නා විට දෙවරක් සිතන්න.
    මන්ද,
    ඔබ අද දවසේ ගනු ලබන තීරණ ඔබගේ හෙට දවස තීරණය කරනු ලබන නිසා.
    #ජීවත්_වීම_සඳහා_මොහොතක්_සිතන්න
    =========උපුටා ගැනීම බුකියෙනි =======
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    7mrUEp9.png
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,115
    367
    83
    Muu aniwa lankawe sinhala jathikayek un thamai oma wada karnne anith jatim ema krne na un dnnwa ape huthalta tmai oya wage pahath wdk kloth krne dekak naa 1000%k sure