මේක තමයි මගෙ ජීවිතේට වෙද්දි අහඹුම සිද්ධිය. මම කැම්පස් ගිය හැටි.
ඕ ලෙවල් වල මම තමයි ඉස්කෝලෙ බෙස්ට්ම රිසල්ට්ස්. ඉතින් මම ඒ ලෙවෙඋත් හොදින්ම කරයි කියල තමයි හැමෝම හිතන් උන්නෙ. ඒකට ඒ දේ එහෙම උනේ නෑ .මම පිස්සු නටපු එක කලේ. කෙල්ලො පස්සෙ ගියා (එකෙක් වත් සෙට් උනෙත් නෑ) බිව්වා, ක්ලාස් කට්කරල ෆිල්ම් හෝල් වල ෆිල්ම් බැලුවා. ඕව තමයි කලේ අන්තිමට ඒ ලෙවෙල් සී දෙකයි එස් දෙකයි. රිසල්ට්ස් එන්න කලින්ම බඩු බනිස් කියල දන්න නිසා සෙකන්ඩ් ශයි කරන්න ක්ලාස් ගියේ ෆස්ට් ශයි ඉවර උන ගමන්ම තමයි.
කොහොම හරි මට හිටිය ගමේ අම්මලගෙ තාත්තලගෙ ස්ටාෆ් වල ටීචර්ස්ලගෙ යාලුවො සෙට් එකක්. බහුතරය කෙල්ලො. ඔක්කොම ආර්ට් කරල ඒ දෙක තුන. ඉටිහ්න් මම සෙcඅන්ඩ් ශයි ලියල ඉවර වෙනකොට උන් සෙට් එක කැම්පස් යන්න ඇප්ලිකෙශන් දාන කාලෙ. මට ෆුල් අවුල් . මමත් තියෙන තරං ජොබ් වලට දාන්න ගත්ත. අඩවි වන නිලදාරි, මීරට් රීඩර්, තැපැල් ස්තානාදිපති අනම් මනම්. මම ඔක්කොටම දානවා.
මගෙ එක පුරුද්දක් තිබ්බ අතට අහුවන ඕනි දෙයක් කියවනවා. බත් කෑවත් පත්තරේ දිග ඇරගෙන තමයි. දවසක් ගෙදෙට්ට ගෙනාව හාල්මැස්සො මුලක් සුද්ද කරන්න දුන්න අම්මා. මම හාල් මැස්සො ටික සුද්ද කරල ඉවර වෙලා ඔතල තිබුන පත්තරේ කියවන්න ගත්තා. ඕකෙ තිබුන මොරටුව විශ්ව විද්යාලෙ එක්තරා පාටමාලාවකට මූලික සුදුසුකම් වලට තරග විදාගයක්. ක්ලෝසින් ඩේට් වලට දවසයි හරි දෙකයි හරි. මම අම්මගෙන් සල්ලි ඉල්ලන් ඕක දැම්ම. දාල මම අර කෙල්ලො සෙට් එකේ එක ගොඩක් හිතවත් එක්කෙනෙක්ට කිව්ව මම මෙහෙම එකක් දැම්ම, විස්තර නම් දන්නෙ නෑ කියල. එයා කොහොම හරි ඒ ගන දැනන් උන්න. කොහොම හරි ඒක මොන වගේ එකක්ද කියල කියල දුන්නේත් එයා තමයි.
පස්සෙ මට එග්සෑම් එක ආව. මමත් දන්න තරමින් තාත්තත් එක්ක මොරටුවට ඇවිත් කලා. කොහොම නමුත් පස්සෙ දැනගන්න ලැබුන ඒ කෝස් එකට තෙරේන්න කැම්පස් ඇප්ලිකේශන් දාල, ඒ කෝස් එකට කැමතියි කියල දන්වල තියෙන්නෙ ඕනි කියල. ලකුනු 200 ක් තිබ්බ මට මොන කැම්පස්ද කියල මම ඇප්ලයි කලේ නෑ.
කාලෙ ගතවුනා. ඊට මාස දෙකකට විතර පස්සෙ මට ටෙල්ග්රෑම් එකක් ආව " ඔබගේ විශ්ව විද්යාල ප්රවෙශය පිලිඹද සාකච්චා කිරීමට මෙය ලද වහාම පැමිණ මා හමුවන්න- තිස්ස නන්දසේන, අතිරේක ලෙඛම්, විශ්ව විද්යාල ප්රතිපාදන කොමිශන් සභාව" මගෙ ඇස් උඩ ගියා මේක දැකල. තාත්තත් හොල්මන්.
කොහොම හරි පහුවෙනිදම මායි තාත්තයි තිස්ස නන්දසේන සර් හමුවෙන්න යුනිවර්සිටි ග්රාන්ට් කොමිශන් එකට ගිය. මෙන්න මෙහෙමයි කතා බහ.
සර් : පුතා අහවල් කෝස් එකේ ඇප්ලිටියුඩ් ටෙස්ට් එකට ලියුවද?
මම: ඔව් සර්.
සර්: පුතා ඒ විභාගෙ හොදට කලාද?
මම: ඔව් සර්.
සර්: පුතා කැම්පස් යන්න ඇප්ලිකෙශන් දැම්මද?
මම : නෑ සර්
සර්: ඇයි දැම්මෙ නැත්තෙ?
මම: සර් මට ලකුනු 200 යි තිබ්බෙ. (මේ සබ්ජෙක්ට් හතරක් තියෙන කාලෙ )
සර් :ඉතින්.
මම: සර් බයෝ කරල ලකුනු 200 න් කැම්පස් යන්න බෑනෙ.
සර්: පුතා දන්නවද අහවල් කෝස් එකට කැම්පස් ඇප්ලයි නොකර ලියල වැඩක් නෑ කියල?
මම: නෑ සර්. පස්සෙ යාලුවෙක් කිව්ව.
සර්: ඒකන. ඔය ලමය ලොකු අපරාදයක්නෙ කරගේන් තියෙන්නෙ. මේ බලන්න එක්සෑම රිසලිටස්.
සර් එක්සෑම් රිසල්ට්ස් පෙන්නුව. මම ලංකාවෙන්ම තුන් වෙනිය.)
සර්: බලන්න. ඔයා කැම්පස් ඇප්ලිකේශන් දැම්මනම් මේ කෝස් එකට සිලෙක්ට්. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. මේ පාරත් දාල ආයෙ ලියල කැම්පස් යන්න බලන්න. පණ්ඩිත් වැඩ කරන්න එපා. දැන් යන්න පුලුවන්.
මම යන්න නැගිට්ට. ඇස් වල කදුළු හංගන්න පුලුවන් උනේ නෑ. වෙනද සැර වැර කරන තාත්තගෙත් ඇස් වල කදුළු.
මම සර්ට වැදල යන්න හැරුන. දොර ගාවට එත්දි සර් ආයෙත් කතා කලා.
"පුතා මෙහෙ එන්න, ඔයා ගෙ දක්ශතාවය බලල අපි ඔයාට අවස්තාවක් දෙන්න තීරණය කලා. මේක අරන් උඩ තට්ටුවට ගිහින් ඇප්ලිකේශන් එකක් අරන් ගිහින් පුරවල මට ගෙනත් දෙන්නෙ හෙටම". සර් මට තුණ්ඩු කෑල්ලක් දුන්න.
,මම ඒක අරන් උඩට ගියාම මට ඇප්ලිකේශන් එක දුන්නෙ නෑ. කල් පැනල කියල. මට ආයෙත් නන්දසේන සර් ගාවට යන්න උනා. සර් කෝල් කරල ඇප්ලිකෙශන් එක ගෙනත් දුන්න. සල්ලි ගත්තෙත් නෑ.
මට නිකන් හීනයක් වගේ. රෑ ගෙදර ගිහින් ඒක පුරවල, පහුවදා උදේම ප්රින්සිපල් හම්බ වෙලා අත්සන් කරන් මායි මල්ලියි කොලඹ ඇවිත් ඒක භාර දුන්න. සත් දෙකකින් මට කැම්පස් යන්න ලියුම ආව.
ඉතුරු සියල්ල අතීතය පමණයි.
දෙවන පාර විභාගයෙන් මට මෙඩිසින් යන්න තරමට ලකුණු තිබ්බත් මම පටන් ගත්ත වැඩේ අතෑරියේ නෑ.
තිස්ස නන්දසේන මහතාට / ජීවතුන් අතර නොමැති මගේ පියාට හිස නමා ආචාර කරමි.

මාරයි මචන්.. වාසනාවකටත් වඩා පෙර පිං මහිමය වෙන්නත් පුළුවන්..

මාත් කියන්නං එහෙනම් එක සිද්ධියක්.. මේක උනේ 2012 අවුරුද්දෙ. ඔය වෙනකොට මම ඩිග්‍රිය කම්ප්ලීට් කරලා හිටියෙ හැබැයි හොඳ ජොබක් තිබ්බෙ නෑ මට. රුපියල් 12000 පඩිය. ඉන්ටවීව් ගියා අම්බානක් එකක්වත් හරි ගියේ නෑ. බෝඩිමට සල්ලි ගෙව්වෙත් ගෙදරින් ඉල්ලගෙන. අවුරුද්දක් විතර කෙල්ලගෙ පස්සෙන් ගියා (දැන් වයිෆ් <3) 4 පාරක් ඇහුවා කැමති උනේම නෑ. ඔය අස්සෙ ඉඩම් නඩුවකුත් පටලැවිලා කෙලවිලා ඔක්කොම එපාම වෙලා හිටියෙ. ඔය අතරෙ බෝඩිමේ එවුන් එක්ක සිරීපාදෙ යන්න සෙට් උනා. මම දෙවියො විශ්වාස කරන කෙනෙක් නෙමෙයි හැබැයි ට්‍රිප් එකක් නිසා ගියේ. සිරීපාදෙදි යාලුවෙක් කිව්වා පළවෙනි පාර ආපු කෙනෙක් සමන් දෙයියන්ගෙන් දෙයක් ඉල්ලුවොත් ඒක ඉශ්ට වෙනවා කියලා. වැඩි ව්ශ්වාසයක් නැතත් මම දේවල් 3 ක් ඉල්ලුවා දෙයියන්ගෙන්.
1 හොඳ ජොබ් එකක්
2 කෙල්ල ගෙ කැමැත්ත
3 නඩුවෙන් විසඳුමක්
මාස 3ක් ඇතුලත ඔය ඔක්කොම හරි ගියා බන්.![]()
හී හී , සුමන සමන් කියන්නේ නාග කුමාරයෙක් , ඒ කුමාරයා තමයි බුදුන්ට ශ්‍රී පාදයට වඩින්න කියලා ආරාධනා කරලා තියෙන්නේ , මිනිස්සුන්ගේ විශ්වාසයක් තියෙනවා , ඒ කුමාරයා දෙවියෙක් වෙලා ශ්‍රී පාද අඩවිය ආරක්ශා කරනවයි කියලා. හිතන්න එපා බන් දෙවියෝ උඹට ඕවා කරලා දුන්නා කියලා , එහෙම දෙවිවරු මේ ලෝකේ නෑ ,
Save

මාත් කියන්නං එහෙනම් එක සිද්ධියක්.. මේක උනේ 2012 අවුරුද්දෙ. ඔය වෙනකොට මම ඩිග්‍රිය කම්ප්ලීට් කරලා හිටියෙ හැබැයි හොඳ ජොබක් තිබ්බෙ නෑ මට. රුපියල් 12000 පඩිය. ඉන්ටවීව් ගියා අම්බානක් එකක්වත් හරි ගියේ නෑ. බෝඩිමට සල්ලි ගෙව්වෙත් ගෙදරින් ඉල්ලගෙන. අවුරුද්දක් විතර කෙල්ලගෙ පස්සෙන් ගියා (දැන් වයිෆ් <3) 4 පාරක් ඇහුවා කැමති උනේම නෑ. ඔය අස්සෙ ඉඩම් නඩුවකුත් පටලැවිලා කෙලවිලා ඔක්කොම එපාම වෙලා හිටියෙ. ඔය අතරෙ බෝඩිමේ එවුන් එක්ක සිරීපාදෙ යන්න සෙට් උනා. මම දෙවියො විශ්වාස කරන කෙනෙක් නෙමෙයි හැබැයි ට්‍රිප් එකක් නිසා ගියේ. සිරීපාදෙදි යාලුවෙක් කිව්වා පළවෙනි පාර ආපු කෙනෙක් සමන් දෙයියන්ගෙන් දෙයක් ඉල්ලුවොත් ඒක ඉශ්ට වෙනවා කියලා. වැඩි ව්ශ්වාසයක් නැතත් මම දේවල් 3 ක් ඉල්ලුවා දෙයියන්ගෙන්.
1 හොඳ ජොබ් එකක්
2 කෙල්ල ගෙ කැමැත්ත
3 නඩුවෙන් විසඳුමක්
මාස 3ක් ඇතුලත ඔය ඔක්කොම හරි ගියා බන්.![]()
......
ආයෙත් මට අපේ අම්මව කොහෙවත් එක්ක යන්න බැරි උනා ..
මම ආවේ අම්මගේ මරණයට .....!!!!!!!
ආයෙත් මාස 06 විතර පස්සේ යේ තාත්තගේ මරණයට එන්න උනා
මම සිදුවීම් දෙකක් දානවා මගේ ජීවිතේට සිදුඋන .
මම ඒ දවස්වල ටිකක් වැඩි වෙන්න ගහනවා ..ගැහුවත් බයික් එකේ ගෙදර එනවා .
අදටත් මට තියන පුරුද්දක් බිලා වාහනයක ගියොත් විනාඩි දහයෙන් නින්ද යනවා ..
...................
අපේ ජීවිත ගත කරන කොට එදිනෙදා එක එක සිද්ධි වලට මුහුණ දෙන්න සිද්ධ වෙනව. සතුටුදායක සිද්ධි, අසතුටුදායක සිද්ධි.සමහරවෙලාවට අපි කොච්චර උත්සාහ කලත් යම් යම් දේවල් කරන්න බෑ.
සමහර දේවල් වැඩි උත්සාහයක් නැතිවම කරගන්න පුලුවන්.
ඒ වගේ දේවල් අපි එක එක විදියට පැහැදිලි කරනව.
සමහරු වාසනාව නැත්නම් ලක් එක / අවාසනාව, එහෙම නැත්නං කරුමෙ, පරණ පින්, ලබා උපන් හැටි, දේව බැල්ම / දේව කෝපය ආදී වශයෙන් පැහැදිලි කරනව. සමහරු හදි හූනියම් විදියට සලකනව.
මේවගෙ නොයෙක් සිද්ධීන් වෙනව. අපි ඒවයින් වෙලාවකට පුදුමයටත්, වෙලාවකට දුකටත්
, වෙලාවක කෝපයටත්
, වෙලාවක සතුටටත්
පත් වෙනව. මේ හැම සිද්ධියටම පොදු දේ තමයි ඒව එහෙම උනේ ඇයි කියල පැහැදිලි කරන්න බැරි එක.
ඔයාලගේ ජීවිත වලත් එහෙම කතා ඇති.ඒවට තමයි මේ හුයේ ඉඩ හසර.
මේක හොල්මන් අවතාර පිලිඹද නූලක් නෙමෙයි.ඒකට තම එලකිරි භූත කොටුව තියෙන්නෙ.


සමහරවෙලාවට අපි කොච්චර උත්සාහ කලත් යම් යම් දේවල් කරන්න බෑ.
මේක තමයි වෙලාම තියෙන්නේ.
සමහර දේවල් වැඩි උත්සාහයක් නැතිවම කරගන්න පුලුවන්.
මෙහෙම නන් වුන දෙයක් මතක ඇති කාලේක වුනේ නෑ.
වයස 20 - 22 ඉදන් උවමනාවක් තිබ්බ අම්මත් නැතුව මාව හදාගත්ත තාත්තට 55 වෙන්න කලින් ගෙදර නවත්තන්න. ඩිග්‍රියට තාත්තගෙන් සල්ලි ඉල්ලන්නේ නැතුව තනියම ගොඩ යන්න. කොහොම හරි ඉතින් අදටත් එක දෙයක් වත් කරගන්න බැරි වුනා. ඒක කරගන්න පුලුවන් වෙයි කියන දේවත් පේන තෙක් මානෙක නෑ. තාම හිතාගන්න බෑ ඇයි මෙහෙම වුනේ කියල.
පලවෙනි ජොබ් එකේ ඉදන්ම කෙල වුන එක වුනේ. අන්තිමට කරපු දේකුත් නෑ වුන දේකුත් නෑ ඩිග්‍රීත් නෑ වයසත් පැනලා හරි පාත් එකකුත් නෑ යන්නන් වාලේ යනවා වෙලා..................
ටයිප් කරන්න කම්මැලි. වැඩකුත් නෑ ඉතින්.



උඹ හිතන්නේ ජීවිතේ අවුරුදු 30 වෙද්දී ඉවරයි කියලද ?
මම කලින් වැඩ කරපු තැන් දෙකකදීම මගේ ඩිපාර්ට්මන්ට් එකේ බොස් ( ඒ මනුස්සයා තමා මාව වැඩට ගත්තේ ) අවුරුදු 36 දී කරපු සේරම රස්සාවල් වලින් අයින් වෙලා වයිෆ් ගෙන් රුපියල් ලක්ෂ 3 ක ණයක් අරගෙන රොස්ට් චිකන් කඩයක් දැම්මා.දැන් අවුරුදු 4 විතර ඇති. දැන් පොරට අවුරුදු 40 යි.ඉස්කෝලේ යන වයසේ ගෑනු දරුවෝ 3 ගේ තාත්තා කෙනෙක්.
දැන් රොස්ට් චිකන් කඩ 3 තියෙනවා...මිනිහා ජීවිතේ පටන් ගත්තේ අවුරුදු 36 දී බන්....මොකද අවුරුදු 36 වෙද්දී කඩේ පටන් ගන්නවත් මිනිහගේ අතේ ලක්ෂ 3 තිබුනේ නැහැ.
උඹ වයසයි කියල හිතන්න එපා....
අහම්බෙන් වෙන දේවල් තමයි
මම engineering degree එකක් කරේ , ජොබ් එකක් හොයාගන්න ගොඩක් try කලාට ලේසි උනේ නෑ . CV දැම්මා හතර අතේ . ජොබ් එකක් හම්බෙනකන් ගෙදරට වෙලා ඉන්නවා කියන්නේ මාර ස්ට්‍රෙස් වැඩක්, අහල පහල මිනිස්සු මගේ දිහා බලන්නේ කරුමක්කාරයෙක් දිහා බලන්න වගේ . ඒ නිසා මම campus එකට වෙලා හිටිය ගෙදර නොයා .
ඒ අලුත් අව්රුද්ද ලබන්න ඔන්න මෙන්න . මම ගෙදර යන්න ලෑස්ති වෙන ගමන් හිටියේ . මම CV දාපු company එකකින් මට call කලා, interview එන්න කියල හෙට, ඒ කියන්නේ april 12 . මම ගෙදර යන වැඩේ කැන්සල් කරලා ඊට පස්සේ දවසේ colombo ආව interview එකට .
ජොබ් එක telecommunication එකක් , ඒ උනාට මම ආස field එක electrical . එච්චර ආස නැති උනත් ජොබ් එකක් නැති නිසා face කලා . Interview එක හොදට ගියා . Panel එකටත් satis වගේ .
අන්තිමට තමයි කොර වෙන ප්‍රශ්නේ ඇහුවේ . මගෙන් ඇහුව ඔයාගේ interesting field එක Telecommunication ද electrical ද කියල . මට ඇත්තම කියුනා බන් . මම කිව්වා Electrical කියලා . Panel එකට මාර upset ගියා . එයාල කිව්වා "මේක telecommunication ජොබ් එකක්, field එකට කැමති නැති කෙනෙක් ගන්න අපේ idea එකක් නෑ" කියල .
මගේ කටින් වචනේ පැනල ඉවර නිසා මට කියාගන්න දෙයක් නැති උනා . මාර upset එකේ ගෙදර අවා මම .
මට ආයේ ටික දවසකින් ඒ company එකෙන් ආපහු කතා කළා . එයාලගේ electrical division එකක් තියනවලු, එකේ engineer ජොබ් එක දාල ගිහින්ලු හදිස්සියේම . ආපහු ඒ post එකට interveiw කරන්න time එකක් නෑ කියල මට එන්න පුලුවන්ද ඇහුව ඒ post එකට . මම ජොබ් එකට අවා .
මම තාම ඉන්නේ ඒ Company එකේ . 6 years . බොහොම සතුටින් ජොබ් එක කරන්න පුළුවන් තැනක් මේක . මගේ mistake එකෙන් තමයි මට ජොබ් එක හම්බුනේ .
අනිත් කාරණේ තමයි අර telecommunication post එකට කව්රුවත් ගත්තේ නෑ . ඒ vacancy එක නැති වෙලා තිබුන!!
මේක උනේ මෙහෙමයි....මගේ අම්ම කිව්වේ.
අපේ අම්මල තාත්තල විශ්වාස කරනවනේ ඔය සත්තු කෑගහන සද්දවල්, හැසිරීම් වලින් හොදුවාවල් කියනවා කියල...ඔය කපුටො නෑයෝ එනවා කියනවා වගේ......මට මතකයි අම්ම කියල තියෙනවා බල්ලෝ උඩුබුරන එක අසුබයි කියල ...



