පන්සලේ අටවිසි පින්කම් දවස් වල තමා ඉතින් මේ සිද්දිය උනේ..ඔන්න ඉතින් පිංකම පටන් අරන් ටික වෙලාවක් යද්දී කෙල්ලෙක් ආවා හද සසල වෙන තරමේ ! මමයි තව කොල්ලෝ දෙන්නෙකුයි වටේ කැරකි කැරකි හිටියා ඉතින් රබර් ඇහැ දදා !
ඔන්න ඉතින් පිංකම ඉවරයි..එක පාරටම කෙල්ල missing අපි දැන් පන්සල පීර පීර හෙව්වා ! මම පටස් ගාල පාරට ගිහින් බැලුව.. මෙන්න යනවා තාත්තයි දුවයි අම්මයි නිකන් සුසන්තිකා මීටර් 100 දුවනවා වගේ !
ඉතින් ටක් ගාලා එකෙක් නැග්ග මගෙ bike එකට ! අනික නැග්ග උගෙ bike එකට ෆලෝ පාර දෙන්න හිතාගෙන ! ඔන්න ඉතින් අපි ෆලෝ කරනවා ! එකෙක් ටිකදුරක් පාස් කරන් යනවා ! එතන ඉදන් මම යනවා ! එහෙම එහෙම මාරුවෙන් මාරුවට ගියා !..
![]()
යනවා යනවා ඉවරයක් නෑ ! අම්මෝ ඔන්න ගමනාන්තයට ආවා තුන්දෙනා ගෙට ගියා ! අපිටත් ඉතින් පැණි අමාරුව වැඩි නිසා ගේ පාස් කරන් වැඩර් ල වගේ හෝන් එකත් ගහගෙන ගියා (හෝන් එක අලි එලවන එකක් පාපාපාපාපාපාපාපාපාO ගානවා)
ගේ පාස් කරන කොටයි දැක්කේ එතනින් පාර ඉවරයි බොල
තාත්තයි අම්මයි එලියට ඇවිත් මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා !
විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ ! මොනා කරන්නද Bike එක shape එකේ හරෝගත්තා ! bike එකේ ගියර් දාන්නේ මොන පැත්තටද කියලත් මතක නෑ ! පිටිපස්සේ එකා fone එක කනේ තියන් කියනවා " මේ මචන් මේ පාර නෙවේ වගේ බන්.. ආ.. ආ.. හරි හරි අනිත් පාරද ? ආ.. අපි එන්නම් ! අනේ උගෙ ටිකිරි මොලේ ! තව පොඩ්ඩෙන් තාම ගුටි කනවා !
![]()
මරිසි thread එකේ දැම්ම මේක.. හොදම ලැජ්ජ සීං මෙතන කියන්න ලැජ්ජයි යකෝ
![]()
මමත් මෙවැනිම සීන් එකකට අහු වෙලා තියෙනවා අලව්වේදී. පොසොන් දවසෙ.

කියන්න නිකන් මොකද්ද වගේ.
එදා අහු උනා නං මචන් කනවා මුළු ගමකින්ම
එහෙනං අද අපි මෙලොව නෑ 
ගේ පාස් කරන කොටයි දැක්කේ එතනින් පාර ඉවරයි බොල


සරම ගලවල ඔලුවේ ඔතාගන්න හිතෙනව
.......... අප්පොච්චා උගන්නන්න එන නිසා රෙදි කොහෙත්ම නෑ

ඔන්න කොහේදෝ හෙන දුරක ගිහිං..
අම්මි ගහයි.. ඇස් ඇරල බැලින්නම් ඒක හීනයක් යකෝ.. ඇදෙන් එකයි චූ නාල..
හරි සන්තෝසයි..