ජීවිතයේ හැම දෙයක්ම තේරීම් දෙකයි
ඔන්න එකෝමත් එක රටක රෙස්ටූරන්ට් කළමනාකාරයෙක් හිටියා කියමුකෝ. එයාට අපි සපරමාදු කියලාත් කියමුකෝ. දැන් අපි එයා ගැන කතාවක් බලමු.
ඉතින් මෙයා හැම වෙලාවෙම හිටියේ හොඳ මූඩ් එකකින්. හැම කෙනාටම ප්‍රසන්නව කතා කරනවා. එයාගේ රෙස්ටෝරන්ට් එකේ සේවකයෙක් ඒක දාලා යන්නේ, එක්කෝ තමන්ගේම කියලා වැඩක් පට්ටන්ගන්න හරි, නැත්නම් ඊට වඩා ලොකු තනතුරකට හරි තමා. මොකද සපරමාදු කියන්නේ ස්වභාවිකවම තව කෙනෙක්ව පෙළඹවීමට හැකි කෙනෙක් (Natural Motivator).
තම්න්ගේ සේවකයෙක් අසතුටින් ඉන්නවානම් එයා ගිහින් ඒක හොඳ පැත්ත ගැන පෙන්නලා දීලා
ඒ සේවකයාගේ හිත හැදීමේ හැකියාවක් මෙයාට තිබ්බා.
ඉතින් මෙහෙම හැම වෙලාවේම ධනාත්මකව ඉන්නේ කොහොමද කියලා හුඟක් අයට ප්‍රශ්නයක්.අපිටත් දැන් එහෙම හිතෙනවානේ. ජීවිතයේ අපි කොතරම් වැටෙන අවස්ථා එනවාද නේද?එයාගෙන් ඒක ඇහුවහම එයා දුන්න උත්තරේ නම් අපූරුයි.
"හැම උදෑසනකම මම ඇහැරෙන කොට මම මටම කියා ගන්නවා. දැන් මට තියනවා තේරීම් දෙකක්. එකක් මම අද දවස හොඳ මූඩ් එකකින් ඉන්නවාද? නැත්නම් අද නරක මූඩ් එකකින් ඉඳලා දවසම කාලකන්ණි කර ගන්නවාද කියලා. ඉතින් මම තෝර ගන්නේ පළවෙනි එක
මට යම් නරක දෙයක් සිදු වූ විට මම ඒ නරකට ගොදුරු වෙලා පීඩා විඳිනවද, නැතනම් ඒකේන් දෙයක් ඉගෙන ගන්නවාද කියලා හිතනවා. මම ඉතින් තෝරා ගන්නේ දෙවෙනි එක
කෙනෙක් මට දෝෂාරෝපණය කරන විට මට එයාගේ චෝදනාව බාර ගන්න පුලුවන්, නැත්නම් මට ජීවිතේ ධනාත්මක පැත්ත ගැන හිතන්න පුලුවන්. ඉතින් මම ඒකෙත් තෝර ගන්නේ දෙවෙනි එක."
ඒත් මේක කරන්න අමාරුයි වගේ නේද. ඒකටත් මෙයා ළඟ උත්තරයක් තියෙනවා
"ඔව් ඒක අමාරුයි තමා. පොඩ්ඩක් හිතන්න වල් පල් අයින් කරහම ජීවිතේ අපිට ගන්න තියෙන්නේ තේරීම් නෙමේද කියලා. හැම සිදුවීමක්ම තේරීමක් අපිට තෝර ගන්න පුලුවන් අපි කොහොමද සිදුවීම් වලට මුහුණ දෙන්නේ. ඒකෙන් අපේ මූඩ් එකට කොහොමද බලපාන්නේ. ඔයාට තෝරගන්න පුලුවන් හොඳ විදිහටද නරක විදිහටද මට මම ඒක එක් කර ගන්නේ කියලා. මොකද මේක අපේ ජීවිතේනේ.."
වසර කිහිපයකට පස්සේ සපරමාදුගේ රෙස්ටූරන්ට් එක හොරු කැඩුවා.
සේප්පුව ඇරීමේදී අත වෙව්ලීම නිසා ඒක ඇර ගැනීමට නොහැකිව වෙඩි පහරකට මූණ දීමට සිද්ද උනා. පැය 18ක ශල්‍ය කර්මයකින් පස්සේ පතුරමේ කෑල්ලක් පමණක් ගැනීමට පුලුවන් උනා.
සතියක් ඉස්පිරිතාලේ නැවතීමෙන් පසුව සපරමාදුට ගෙදර යන්න අවසර දුන්නා පතුරමේ කෑල්ලකුත් සමඟම.
මාස 6කට විතර පස්සේ සපරමාදු සිද්ධිය විස්තර කලේ මෙහෙමයි
"වෙඩි වැදුන ගමන් මට මතකයි මම බිම දිගා වෙනවා. මට මතක් උනා මට තේරීම් දෙකක් තියෙනවා කියලා.
මම ජීවත්වෙනවද එහෙමත් නැත්නම් මැරෙනවද ,, ඉතින් මම තෝරා ගත්තේ ජීවත් වෙනවා කියලා.."
"අනික දොස්තර වරුත් මගේ හිත හදන්න උදව් කරා. මට හොඳ වෙයි කියලමයි කිව්වේ.
ඒත් ට්‍රොලියේ මාව අරන් යනකොට එයාලාගේ මූණු වලින් මට පෙනුණා තත්වය නරකයි කියලා.
ඒත් මට ක්‍රියා මාර්ගයක් ගන්න ඕනේ කියලා හිතුනා."
"එයාලා ඇහුවා මට බෙහෙත් විසවීම් තියෙනවද කියලා.
මම ඔව් කිව්වහම එයාල එතනින් එහාට වැඩ කරන එක මදකට නැවැත්තුවා.
මම කිව්වා මම මරනය හා ජීවිතය අතරින් ජීවිතය තෝරගෙන ඉන්නේ මම ජීවත් වෙන්න ඕනෙනම් මාව ශල්‍යකර්මයට භාජනය කරන්න කියලා. ඉතින් එයාලත් මගේ කීම ඇහුවා"
ඇත්ත වශයෙන්ම සපරමාදු මහත්තයා ජීවත් උනේ දොස්ටර වරුන්ගේ දක්ෂතාවය මත,
ඒත් එයාගේ මේ පුදුම සහගත චින්තනය වැදගත්.
ඉතින් මේකෙන් අපිට ගන්න පුලුවන් දේ තමයි
ඔයාට ජීවිතයේ හැමදාම තේරීමක් එනවා. ජීවිතේ විඳිනවාද නැත්නම් විඳවනවාද කියලා. මේ ශරීරය අපි කවදා හරි දාල යන්න පුලුවන්. එතකන් මේක මගේ. මේක මට ඕනෙ විදිහටයි හසුරවන්න ඕනේ. ඉතින් සැමදා ජීවිතය විඳින්න ඕනේ. යන තැනකට වැඩක් කර ගන්න ගමන්ම

මේක මට ඊ මේල් එකකින් එංග්රීසි භාෂාවෙන් ආපු එකක්. මම කලේ අපිට ගැළපෙන විදිහට පරිවර්තනය කරපු එක. හොයාගෙඅ යද්දී මේ කතාව වෙන වෙන සයිට් වලත් තිබුනා
විචාරයක් දාල යන්න
.......................................................................................................................
මම මේ විදිහට ලියපු තවත් කතා වල පටුනක් මම දක්වන්නම්.
මේ හැම එකකින්ම ජීවිතයට යමක් ගන්න තියෙනවා
ලොක්කෙක් කියලද හිතන් ඉන්නේ
දර කපන්නාගේ කථාව අද විදිහට
බොරුවේ ආයුෂ ටයර් එකෙන් බලමු
ගෙඹි කතාවක්

Last edited:

ජීවිතයට ගතයුතු යමක් 