ජීවිතයේ හැරවුම් ලක්ශය.....

Shan_LK

Member
Dec 13, 2016
184
82
0
හැමදාම එලකිරියට ලොග් වෙලා කට්ටිය දාන ත්‍රේඩ් බල බල හිටියට අද නිකමට වගේ හිතුන මගේම කියල එකක් දාන්න. මම කියන්න හදන්නෙ මගේ ජීවිතේ වෙනස් කරපු, ජීවිතේ හැරවුම් ලක්ශය ගැන. මේක බලල එකෙක් වත් ජීවිතේ ගොඩ දා ගත්තොත් ඒ ඇති මට ..... :yes:

මම ඉගෙන ගත්තෙ ගාල්ලේ තියෙන ප්‍රසිද්ධම පිරිමි පාසල් දෙකෙන් එකක. 11 වසරට කලින් මම හමදාම පන්තියේ අන්තිම හරියෙ තමයි හිටියෙ.... කොටින්ම 10 වෙනියගෙන් පල්ලෙහට අවිත් තිබුනෙ නැ කවදාවත්ම.... O/L ලිව්වේ 2005 අවුරුද්දෙ දෙසැම්බර් .... 2005 මාර්තු මාසෙ තමයි අපේ first term ටෙර්ම් ටෙස්ට් එක තිබුනෙ... ඉතින් ඕකෙ result සුපුරුදු පරිදි මම පන්තියේ 33 වෙනිය ....:shocked: ඒ මදිවට රිපෝර්ට් එක දෙන්නෙ දෙමාපිය රැස්වීමක් තියල.... :no::no:ඉතින් අපේ තාත්තා ආව රැස්වීමට .... රිපෝර්ට් එක තාත්තට දුන්නා .... තාත්තගෙ මූන බලන්නත් ලැජ්ජයි ....:confused: අපේ තාත්ත පරිපාලන සේවයේ ටිකක් ඉහල තනතුරක තමයි වැඩ කරේ .... අම්මත් teacher කෙනෙක්... පොඩි කාලෙ ඉදලම අපිට කිසිම දේකින් අඩුවක් තිබුනෙ නැ ... ඉතින් එහෙම වෙලත් මම විභාගෙ ඇණ ගත්තොත් ඒ දෙන්නට කොච්චර දුක හිතේවිද.... වැඩ කරන තැන්වල කට්ටිය පුතාගෙ result ඇහුවම මොනවද කියන්නේ ... ඉතින් ඔය වගේ ගොඩක් දේවල් හිතුනා ඒ වෙලාවෙ ...

කොහොම හරි මීටින් එක ඉවර උනා ... හැබයි අපේ තාත්තා මට හිත රිදෙන විදියට මුකුත්ම කිවුවෙ නෑ... මූට කියල වැඩක් නෑ කියල හිතුනද දන්නෙ නෑ... :rolleyes::rolleyes:

කොහොම හරි එදා ගෙදර යනකොට මම කොහොම හරි විභාගෙ ගොඩ දාන්න හිතාගෙන ඉවරයි ...:yes: ඔන්න කොල්ලා ගේමට බැස්සා .... මුලින්ම මට 10 වසරෙ බුල කෙලපු ඒව ගොඩ දාන්න උනා ... දවසට පැය 16ක් විතර වැඩ කලා ... හැමදාම රෑ 11.00 විතර වෙනකන් වැඩ .... ආපහු උදේ 4.00 ට නැගිටිනවා... කොහොම හරි ඔය විදියට ඊලග වාරෙ වෙනකන් වැඩ කලා ....

ඊලග වාරෙ මම පන්තියේ පලවෙනිය ...:)වැඩේ ගොඩ ... තුන් වෙනි වාරෙත් පන්තියේ පලවෙනිය උනා ...O/L වලට A9ක් අරගෙන පාස් උනා .... :)

O/L කරපු ගැම්මට A/L maths කරන්න තෝර ගත්තා ... මුල ඉදන්ම වැඩ කලා බොක්කෙන්ම ... A/L result එක ABB :yes: Engineering faculty select උනා පලවෙනි පාරම ....:D:D දැන් ඉතින් Engineer කෙනෙක් විදියට ජොබ් එක කරගෙන ඉන්නව shape එකේ .... මට තාම පුදුමයි අපේ තාත්ත අර වගේ situation එකක් handle කරපු විදිය ගැන ... අද ඉන්න පොඩි එවුන්ගෙ අම්මල නම් ඔය වගේ එකක් උනොත් පොඩි එකාව කන්න හදාවි...:angry::angry: ඉතින් ඕක තමයි කතාව ...
මොකක් හරි හේතුවක් නිසා මට ඔය turning point එක ගන්න බැරි උනා නම් මමත් අද හරිහමන් ජොබ් එකක් නැති අනාතයෙක් වෙන්න තිබුනා ... උබලටත් කියන්න තියෙන්නෙ ඔයා අද ඉන්න තැනින් එක අඩියක් හරි ඉස්සරහට යන්න පුලුවන් හොද target එකක් තියාගෙන කැපවීමෙන් වැඩ කලොත් ... විශෙශයෙන්ම ඔය ඉගෙන ගන්න උන්ට,A/L ඇනගත්ත දෙවනි පාර කරන උන්ට කියන්න තියෙන්නෙ තමන්ට කෙල උනාම ඇත්තටම දුක් වෙන්නෙ ගෙදර අම්ම තාත්ත මිසක් කොහෙවත් ඉන්න ජන්ගි කෑල්ලක්වත්, පන දෙන්න හඩන යාලුවොවත් නෙවෙයි ....:angry::angry: ඒක නිසා ඉගෙන ගන්න ටිකේ ඒක හරියට කරපන් ...:yes: උබලට ජය ....:):)

අයියගෙ කතාව මෙහෙම share කල එකම ගොඩක් වටිනවා. :love::rolleyes:
ඇත්තටම හැමෝම මේ වගේ හිතුවොත් කියන්න බැරි තරම් ලොකු වෙනසක් තමන්ට විතරක් නෙමෙයි රටටත් කරන්න පුලුවන් වෙයි කියලයි මගෙනම් අදහස.. :):yes:
අයියගේ ඉදිරි වැඩකටයුතු සාර්ථකව කරගෙනයාමට හදවතින්ම සුභපතනවා.
ජය වේවා!!
 

AEG

Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    අයියගෙ කතාව මෙහෙම share කල එකම ගොඩක් වටිනවා. :love::rolleyes:
    ඇත්තටම හැමෝම මේ වගේ හිතුවොත් කියන්න බැරි තරම් ලොකු වෙනසක් තමන්ට විතරක් නෙමෙයි රටටත් කරන්න පුලුවන් වෙයි කියලයි මගෙනම් අදහස.. :):yes:
    අයියගේ ඉදිරි වැඩකටයුතු සාර්ථකව කරගෙනයාමට හදවතින්ම සුභපතනවා.
    ජය වේවා!!

    Thanks broo .... :)