ජීවිතය ගොඩ දාගන්න වටිනා දෙයක්. හැමෝම කියව&#350

Jul 26, 2011
8,378
730
0
no sinhala land
ජීවිතය ගොඩ දාගන්න වටිනා දෙයක්. හැමෝම කියව&#350

දවසක් දා ගුරුවරයෙක් තමන් ගේ පන්ති කාමරයට ඇවිත් මේසය උඩින් පාර්සල් වගයක් තිබ්බා. පන්තිය පටන් ගත්තට පස්සේ එයා වචනයක්වත් කතා නොකර පාර්සලයෙන් ගත්ත ලොකු බෝතලයකට ගල් කැබලි දාලා ඒක පිරෙව්වා.
ඊට පස්සේ පන්තිය පැත්තට හැරුන ගුරුවරයා ළමයින් ගෙන් ඇහුවා දැන් බෝතලය පිරිලාද කියලා,ළමයි ඔව් කිව්වා.
ආයෙත් පාර්සලයෙන් කලින් ගත්ත ගල් කැබලි වලට වඩා කුඩා ගල් කැබලි ගත්ත ගුරුවරයා ඒවත් අර ලොකු බෝතලයට දැම්මා,දාල ලොකු ගල් කැබලි අතරට පොඩි ගල් කැබලි යන විදියට හෙමින් සෙලෙව්වා.
ගුරුවරයා නැවතත් ළමයින් ගෙන් ඇහුවා දැන් බෝතලය පිරිලාද කියලා,ළමයි නැවතත් ඔව් කිව්වා.
ගුරුවරයා ආයෙත් පාර්සලයෙන් වැලි වගයක් අරගෙන නැවතත් ඒවා බෝතලයට දැම්මා,දැන් බෝතලයේ කිසිම හිඩසක් නැතිව ලොකු ගල් වලිනුයි,පොඩි ගල් වලිනුයි,වැලි වලිනුයි පිරිලා. ගුරුවරයා ළමයින් ගෙන් නැවතත් කලින් ප්‍රශ්නෙම ඇහුවා..ළමයිනුත් කලින් උත්තරේම දුන්නා,ඒ කියන්නේ බෝතලය පිරිලා කියල පිලි ගත්තා.

පන්තිය පැත්තට හැරුන ගුරුතුමා මෙහෙම කිව්වා.

"මේ ලොකු බෝතලයෙන් නිරූපනය කරන්නේ ඔබේ ජීවිතයයි. මේ ලොකු ගල් කැබලි යනු ඔබේ ජීවිතයේ ගොඩක්ම වැදගත්, ගොඩක්ම වටිනා දේවල් - ඔබේ පවුල,ඔබේ මව, ඔබේ පියා,ඔබේ සහකරුවා/සහකාරිය,ඔබේ දරුවන් සහ ඔබේ සෞඛ්‍ය වැනි දේවල්. ජීවිතයේ අනිත් සියලුම දේවල් නැති වී මේ දේවල් පමනක් ඉතිරි වූවත් ඔබේ ජීවිතය තවමත් සම්පූර්ණයි."

"මේ කුඩා ගල් කැබලි යනු ඔබේ ජීවිතයේ වටිනාකමින් මදක් අඩු දේවලුයි - ඔබේ රැකියාව,ඔබේ නිවස,ඔබේ වාහනය වැනි දේවල්."

"වැලි යනු ජීවිතයේ අනෙල් සියලුම දේයි - ජීවිතයේ කුඩා කුඩා දේවල්."

"ඔබ මේ බෝතලයට ප්‍රථමයෙන් වැලි පිරෙව්වා යැයි සිතන්න,එවිට ලොකු ගල් කැබලි වලට හෝ කුඩා ගල් කැබලි වලට බෝතලයේ ඉඩ මදි වෙනවා, ප්‍රථමයෙන් කුඩා ගල් කැබලි දැම්මා යැයි සිතන්න,එවිට ලොකු ගල් කැබලි වලට බෝතලයේ ඉඩ මදි වෙනවා. ඔබේ ජීවිතයත් එසේමයි."

"ඔබ ජීවිතයේ වැදගත් කමින් අඩු දේවල් වලට මුල් තැන දුන්නොත් ඔබේ ජීවිතයේ වටිනාම,වැදගත්ම දේවල් වලට ඇති අවධානය අඩු වෙනවා.
ඔබේ ජීවිතයේ වටිනාම දේවල් සදහා ඇති අවධානය වැඩි කරන්න. ඔබේ පවුල,ඔබේ මව, ඔබේ පියා,ඔබේ සහකරුවා/සහකාරිය,ඔබේ දරුවන් සහ ඔබේ සෞඛ්‍ය වැනි ජීවිතයේ ඔබට වරක් අහිමි වුනොත් සදාකාලිකව ඒ අඩුව පිරවීමට නොහැකි දේවල් හදුනා ගන්න. ඔබේ රැකියාව,ඔබේ වාහනය,ඔබේ නිවස වැනි දේවල් ඔබට වරක් අහිමි වූවත් ඒවා නැවත ලබා ගත හැකි බව වටහා ගන්න."


:yes::yes::yes::yes::yes::yes::yes:


ගත්තෙ මෙයාගෙන්
http://www.facebook.com/Kaju.Waththa.Eksath
 
සරලව පෙන්නපු සංකිරණ ඇත්තක් මචන්,
අපි ලොකු ගල් පොඩි ගල් වැඩි කලවම් කරගෙන ඉන්නේ,
නිවැරදිව කලමණාකරගෙන නැද්ද මන්දා.
හොද ජිවිතාදර්ශයක් ගේන ත‍්‍රෙඩ් එකක් මචන්.

අරවා ඉවරලු කොල්ලො:(
 
Jul 26, 2011
8,378
730
0
no sinhala land
ගල්පාත මහත්තයා;11283855 said:
සරලව පෙන්නපු සංකිරණ ඇත්තක් මචන්,
අපි ලොකු ගල් පොඩි ගල් වැඩි කලවම් කරගෙන ඉන්නේ,
නිවැරදිව කලමණාකරගෙන නැද්ද මන්දා.
හොද ජිවිතාදර්ශයක් ගේන ත‍්‍රෙඩ් එකක් මචන්.

අරවා ඉවරලු කොල්ලො:(

:yes::yes: