මචන්ලා මම මේ කියන කතාව සම්බන්ද වෙන්නේ පුද්ගලයින් දෙන්නෙක් වටා..මේක කතාවක් නෙමයි ..දැනට සති දෙකකට විතර කලින් මට දැනගන්න ලැබුණු දෙයක් නිසා මම ටිකක් කලකිරිලා ඉන්නේ..මේක කල කිරීමක්ම නෙමයි මේක ඇතුලේ ඉරිසියාව,වයිරය සහ හිත ඇතුලෙන් තියන පොඩි සතුටකුත් තියනවා... මේක ඇතුලේ ඉන්න මමයි,මගේ ලොකු අම්මගේ දුවයි..මම මේ කියන දෙයින් ඔගොල්ලන්ටත් ලොකු ආදර්ශයක් ගන්න පුළුවන් වෙයි ජීවිතේට...මම ඉන්නේ ගාල්ලේ ...ඉගෙන ගත්තේ ගාල්ලේ..කොළඹ අවේ රස්සාවක් කරන්න...මගේ ප්‍රශ්නේ උඹලා ලොකුවට ඔලුවට ගන්න එපා..කියනත් කවුරුත් නැති නිසා මම මෙහෙම forum එකක දාල ඔයාලගේ අදහස් ටික බලල හිතින් සැනසෙන්නම්..
මම ඉපදුනේ 1989 ජනවාරි..මගේ ලොකු අම්මගේ දුව..ඒ කියන්නේ මට එයා වෙන්නේ අක්කා..එයා 1988 එපදුන එක්කෙනෙක්..එත් අපි දෙන්නම ඉස්කෝලේ එකම පන්තියේ..ඉස්කෝල දෙකක් උනාට.මොකද මම වැටුනෙත් 1988 කාණ්ඩයට 1989 ඉපදුනාට..ඉතින් එයයි මැයි එකටමයි ක්ලාස් ගියේ,පාඩම් කලේ එහෙම...අපි O/L කාලේ තමා හොදටම ෆිට් උනේ..මොකද දෙන්නගෙම තරුණ අවදිය පටන්ගත්තේ ඒ කලේ නිසා..අපි ගෙදෙර පාඩම් කලෙත් එකට,ක්ලාස් ගියෙත් ,ගණන් හැදුවෙත් දන්නේ නැති දේවල් එකී නෙකාට කියලා දුන්නෙත් එකට...කොහොම හරි මම O/L එයාට වඩා හොදට පාස් වුනා...මට ඒක මාරම සතුටක් වුනා මොකද අක්කට වඩා මම හොදට පස් වුන නිසා..මමත් හෙන ඔලුවෙන් හිටියේ ඒක නිසා...කොහොම හරි දෙන්නම A/L වලට කලෙත් එකම subject එකමයි...ඉස්සර වගේම දෙන්නම කිසිම වෙනසක් නැතුව ඔහේ හිටියා සහෝදර සහෝදරියෝ වගේ..නෑදෑයින් ගේ ගෙදරක ගියත් අහන්නේ කෝ අනිත් එක්කෙනා කියලා..ඒ තරමට දෙන්නා එකමටයි හිටියේ පොඩි කලේ ඉඳන්...යාලුවෝ,නෑදෑයෝ ඔක්කොම ඒක දන්නවා...
එත් අපි දෙන්නටම කිසිම ඉලක්කයක් තිබ්බේ නෑ අනාගතේ ගැන.කොහොම කොහොම හරි අපි A/L ලුත් කළා..එත් දෙන්නම fail..දෙපාරම කළා දෙන්නම fail...ඔය අතරේ දෙන්නාම වෙන වෙනම තමන්ගේ ජිවිතේ ඉස්සරහ ගැන හිතන්න ගත්තා...අවුරුදු 13ක් වගේ තිබ්බ යාළුකම දෙන්නගෙන්ම ටිකක් ඈත් වුනාවගේ..එත් හැමදාම ඒක මැසේජ් එකක් හරි දානවා..මන් කිව්වේ අර ඉස්සර තිබ්බ බැදීම අඩු වුනා..ඔය අතරේ අපේ අම්ම මට Course එකක් කරන්න කියල කිව්වා නිසා මම කොළොඹ ඇවිත් ඒක කළා අවුරුද්දක් විතර...එත් මගෙයි අරයගෙයි යාලු කම පොඩ්ඩක් වත් අඩු වුනේ නෑ...ඔය අතරේ එයත් බැංකුවක ජොබ් එකක් හොයාගෙන කොළොඹ අවා..මෙහෙදී අපි හම්බුනා හැම මාසෙම වගේ...ඔහොම ටික කාලයක් යනකොට මම training කරන්න company එකකට ගියා..එතකොට ටිකක් අපි දෙන්නගේ තිබ්බ බැදීම අඩු වුනා...මොකද මට මෙහෙදී අලුත් යාලුවෝ එහෙම හම්බුනා නිසා..එයටත් එහෙම තමා අලුත් යාලුවෝ එහෙම හම්බුනාම අපි දෙන්න ටිකක් නිශ්ශබ්දව හිටිය..එත් හැම මාසෙම ගාල්ලේ ගියේ එකට...
ඔහොම් ඔහොම් කාලයක් යද්දී එයාට එයාගේ අනාගත සහකරුවා හම්බුනා..මටනම් ඒක මහා ලොකු ප්‍රශ්නයක් වුනේ නැහැ...මටත් දැන් ජොබ් ඒක හම්බවෙලා..හොදට කාලය ගත කළා..දැන් අපි දෙන්නගේ තිබ්බ යාලු කම ගොඩාක්ම අඩුවෙන්න පටන් ගත්තා... ඒ අතරේ තමා එයා තනියම හිතල එයාගේ අනාගතේ ගැන හොදට බලලා තීරණයක් අරන් තිබ්බේ..මටත් පස්සේ කිව්වේ...මටත් ලොකුවටම අවුලක් තිබ්බේ නෑ..මොකද මටත් ටිකක් සරු නිසා වැඩිය අයිත් ඉගෙන ගන්න අදහසක් තිබ්බේ නෑ..ඒ උනාට එයා තවත් ඉගෙන ගත්තා...එයාට කිසි සුදුසුකමක් නැති නිසා එයා ටිකක් දුකෙන් හිටියේ ඒ දවස් වල...ඒක නිසා එය ගිය course එකක් කරන්න job ඒක කරන ගමන්ම පාරට් time..අවුරුදු දෙකක් විතර ඒක කළා..මටත් ඒක එච්චර ගානක් වුනේ නෑ..ඔය අතරේ මන් කරපු රස්සාව මට නැති වුනා...මම ගෙදර යන්න තීරණය කළා..මන් ගෙදෙර මාස 10ක් විතර නිකම්ම හිටියා.. ඒ දවස් වල හෙනම පාලුවෙන් තමා හිටියේ...ඒ නිසා මමම හිතලා අයිත් අක්කා එක්ක ටිකක් ලං වෙලා ඉන්න ඕන කියලා දැනුනා..එයා මාව කොළඹ එක්කන් ඇවිත් මට හොදට සලකලා,කන්න බොන්න එහෙම අරන් දුන්න මාසෙකට සැරයක් විතර එක්කන් ඇවිත්...ඒ අතර මට අයිත් අලුත් ජොබ් එකක් හම්බුනා..අයිත් කොළොඹ අවා..ඉස්සරට වඩා දැන් අක්ක එක්ක මම ලං වෙලා ඉන්නේ...
ඔහොම ටික කාලයක් යද්දී මෙයා දවසක් මට කිව්වා මම රට යනවා ඉගෙන ගන්න කියලා..මටත් ඉතින් ඒක එච්චර ලොකු ගානක් වුනේ නෑ..ටිකක් දුකකුත් අවා..මොකද ටික කාලෙකට හරි එය මගේ ලග නැති නිසා..එත් යාලුවෝ,office වැඩ නිසා මට ගානක් නැති වුනා..එයා එහෙම කියලා මාසෙකින් විතර යන්න ගියා...
ගිහිල්ලා මට කතා කළා..මමත් සතියකට සැරයක් වගේ skype කතා කරනවා...ඔහොම ඔහොම සති දෙකකට සැරයක්,මාසෙකට සැරයක් වගේ කතා කරන්න ගත්තා..අයිත් අපේ බැදීම අඩුවෙන්න ගත්තා..එයා මට කතා කලත් මම cut කළා.සිග්නල් madi,දැන් bus එකේ ඉන්නේ පස්සේ ගන්නම් වගේ කියලා මන් එයාව මග ඇරියා...මොකද මට ටිකක් ඉරිසියාවක් වගේ තියනවා මොකෝ මටවඩා හොද තැනකට එයා කවදා හරි එන නිසා...එත් එයා මාව හැලුවේ නෑ...කොච්චර cut කලත් අඩුම සතියකට දවසක් හරි කතා කරනවා..අපේ මහප්පට සල්ලි තිබ්බා..ඒක නිසා තමා එයාව යැව්වෙත්..අපිට එච්චර නෑ..එත් මට ලොකු උනන්දුවක් තිබ්බෙත් නෑ..එහෙම ලොකුවට ඉගෙන ගන්න..අනික එයා කෙල්ලෙක් වුනාට මට වඩා ජිවිතේ වැරදිච්ච තැන වලින් ඉගෙන ගත්තා..හොදට සමාජය ගැන දැනගත්තා...ඕව තම මට වඩා එයා ලග තිබ්බ ලක්ෂණ..මම නිකන් simple,හෙටමරුනත් අද සැපයි වගේ හිටියා කිසිම අනාගතේ ගැන දෙයක් හිතා ගන්නේ නැතුව...
දැන් තමයි මගේ ප්‍රශ්නෙට එන්නේ මන්..මේ කිව්වේ ටිකක් හැදින්වීමක් ඕගොල්ලන්ට ..
දැනට සති දෙකකට විටර කලින් එයා එයාගේ course ඒක complete කරලා 1st class degree එකක් අරගෙන එහෙදි..මේ news ඒක දැක්ක ගමන් මට හෙන අවුල්...මම ඉන්න තැන කොහෙද කියල මට එවලේ මතක් උනේ...මන් ගැන පට්ටම කල කිරුනා...මගේ ජිවිතේ මගේ ලගින් හිටිය කෙනෙක් මට වඩා ලොකු තැනකට අවා කියල හිටුනා..ඒවගේම ඉරිසියාවක් එක්ක එන සතුටකුත් මගේ හිතේ තියනවා..මම රුපියක් 50,000ක් විතර ගන්න රස්සාවක් කරනකොට එයා මෙහෙ ඇවිත් හරි එහෙදීම හරි මටවඩා ජිවිතේ ගොඩ දාගන්නවා කියලා හිතෙනකොට මාරම අවුල්....අනික මේ දැනට මාස දෙකක් වගේ ඉඳන් අපේ company එකෙන් අපිට salary ගෙවලත් නෑ....මට තාම ඉන්න හොද ගෙයක්,දොරක්,වහනයක්වත් මන් තාම හදාගෙන නැහැ...අඩුම තරමේ කසාදයක්වත් කරගෙන නෑ...හෙනම අවුලක ඉන්නේ මන්..මට මෙයාව මග අරින්න බැහැ අනිත් නෑදෑයෝ මගහැරියත්..මෙයා ලංකාවට අපු දවසක මව හොයාගෙන එනවා..ඒ එන්නේ "උඹට වැඩ දැන් මම තැනක ඉන්නවා" කියල හිතින් හිතාගෙනද නැත්තම්" ඔයා ම එක්ක පොඩි කලේ ඉඳන්ම ජිවිතේ හිටිය කෙනෙක්" කියල හිතින් හිතාගෙනද කියල එන්නේ කවුද දන්නේ????ආපු ගමන් එය marry කරයි....මම තාම පඩියක් වත් හරියට ගෙවන්නේ නැති කොම්පැණි යක කට්ට කකා ඉන්නවා...
උඹලා දැන් කියන්නේ එපා "උඹ තාම පරක්කු නෑ ,උඹට පුළුවන් ඊට වඩා ගොඩයන්න" වගේ ඒවා...මන් ඒවා ගැන අහන්න නෙමයි මෙහෙම දැම්මේ...මගේ හිත හදාගන්න....මම මගේ ජිවිතේ ගැන පසුතැවෙනවා....එයාගේ ජීවිතෙත් එක්ක මන් මව සංසන්දනය කරනවා.....එහෙම සංසන්දනය කරන්න එපා කියන්නත් එපා උඹලා..නෑදෑයෝ,යාලුවෝ එහෙම එයාගේ සාර්ථකත්වය දකිනකොටම ඒ එක්කම මගේ අසාර්ථක ජීවිතෙත් එයාලට අනිවා පේනවා...මොකද පොඩි කලේ ඉඳන් දෙන්නම එකට හිටිය නිසා.....