lol..
එක එක්කෙනා එක්ක compare කරන්න එපා බන්. උඹට target එකක් තියාගනින්. එකට යන path එක හොයාගනින්. ඒ path එකේ පලයන් මොකක් උනත්,
අපි පෘතග්ජන මිනිස්සු නිසා අනිත් අය එක්ක compare කෙරෙනවා. ඉරිසියා හිතෙනවා. එත් ඒ වගේ වෙලාවට උඹේ target එක මතක් කරගනින්. උඹ යන path එක මතක් කරගනින්. එහෙම
හිතෙන හිතෙන හැමසරේම උඹේ target එක වෙනුවෙන් වැඩක් කරපන්.
අනිත් එක බන් එක එක මිනිස්සු දියුණු වෙන විදි වෙනස්. සමහරු ඉහලට ඉගෙන ගෙන දියුණු වෙනවා. සමහරු කොල්ලා කාලේ loss වේවි ඉඳල බිස්නස් වලින් ගොඩයනවා. සමහරු රට ගිහින් මොනවහරි ජොබක් කරලා සල්ලි හොයාගෙන ලංකාවට ඇවිත් හොඳට ජීවත් වෙනවා. සමහරු දෙමව්පියන්ගේ බිස්නස් කරනවා. ඒ එකක් වත් නැති එකාට සමහරවිට lottery එකක් ඇදෙන්න පුළුවන් කෝටි 10 ක විතර. එහෙමත් එකෙක් තමයි loss වෙන්නේ දිගටම. එහෙම වෙන්නෙත් තමන්ට දෙයක් කරගන්නේ නැතුව අනිත් ය දිහා බලන් හූල්ල හූල්ල හිටපු උන් තමයි. උඹලට අවුරුදු 25 ට වැඩි නම් පොඩ්ඩක් ඉස්කෝලේ එකට හිටපු යාලුවෝ දැන් මොනවද කරන්නේ කියලා හිතලා බලපන්. හැමෝම තම තමන්ට අවේනික විදිහකට යම් තැනකට ඇවිල්ලා ඇතිනේ මේ වෙනකොට. එක එක්කෙනාට තියෙන්නේ වෙන වෙන path. ඒ path ඇතුලේ ඒ කෙනා තමන්ගේ target එකට යන කාලය වෙනස් වෙන්න පුළුවන්. එක ඔලුවේ තියාගෙන ඉන්නවා නම් ගොඩක් ඔය අනම් මනං ප්රශ්න ඔලුවට දාගන්නේ නැතුව ඉන්න පුළුවන්.
මොනවා කරන්නද බන් මම හිතන්නේ මම අන්තිමයා කියලා තමයි බන් සීරා සීන් එක ගොඩක් එවුන් කාර් ,ප්රාඩෝ අරන් ඉන්නේ මම විතරයි bike කට්ටෙන් අදින්නේ දැන් හෙමිට මගේම තැනක් වැඩ පටන් අරන් තියෙන්නේ ඡොබ් එකත් කරන ගමන්. දැන් ලිස්ට් එක එක නොකවුට් කරන් යන්න තමයි තියෙන්නේ.



