ජීවිතේට කරපු ලොකුම ගොන්කම

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    හිනාවෙන්න එපා යාලුවේ හිත හොද වැඩි හින්දයි මේ හැම ප්රශ්නයක්ම
    Uge gon kama nisa uu asarana wena tharama nikan hithapanko 😂 society eket okata ohoma athi ban
     
    • Haha
    Reactions: siri_ayya

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මිනිස්සුනම් විශ්වාස කරන එක දැන්නම් මයිනස් ගනන්වලින් කරන්නෙ මමනම්. අරින තරමක් අරින්නෙම දුක කියාගෙන එන උන්. දවසක් ආච්චි හොස්පිටල් ඇඩ්මිට් කරල ඉන්දෙද්දි මං වෝඩ් එකෙන් එලියෙ පුටු පේලියක් තිබිල වාඩි වෙලා හිටිය ගෙදර අය ඇතුලෙ ඉන්නකම්.., ඔහොම ඉන්දෙද්දි තරුන කෙල්ලෙක් (අක්ක කෙනෙක්) ඇවිත් හෙනම දුක සීන් එකෙක් කියල බස් එකේ යන්නවත් සල්ලි නෑය අරමය මේමය හෙනම බයිලයක් ගහල බස් එකේ යන්නයි, තාත්තට තව බඩු වගයක් අරන් දෙන්නයි කියල සල්ලි ඉල්ලුව, මමත් ඉතින් දුන්නා මිනිස්සු අසරන වෙලා ඉන්න තැනක් නිසා.. අඩේ ආයෙ මේ ලගදි ගියා හොස්පිටල් යන්න සෙට් වුනා කාගෙ හාරි වැඩකට, අඩේ මේකි තාම අර වාට්ටු වල ඇවිද ඇවිද, ඇවිත් ඉන්න උන්ගෙන් සේම් දුක බයිලෙ කිය කිය සල්ලි ඉල්ල ඉල්ල යනව කියහන්කො.. මට කීවෙ ඒකිගෙ තාත්තා එකපාරටම අසනීප වෙලා ඇඩ්මිට් කරාය, හොස්පිටල් එකෙන් ගේන්න කියපු බඩු වලට අතේ තිබ්බ සල්ලි ටික එවර වුනාය වගේ තව ලස්සන කතා ගොඩක් කීවා, බලහන්කො ඉතින් තරුන කෙල්ලොත් දෙන ගේම්... ඒක දැක්ක වෙලේ තමා තේරුනේ දුක කියාගෙන එන කිසිම එකෙක්ට ආයෙනම් සත පහක උදවුවක්වත් කරන්නෙ නෑ කියල.. හොස්පිටල් එකක් කියන්නෙ මිනිස්සු අසරන වෙලා ඉන්න තැනක්නෙ බන්,,, එහෙම තැනකත් ඔහොම කැරි දෙකයි පනහෙ ගේම් දෙන්නම ජොබ් කරන උන් ඉන්නව කියන්නෙත් හෙනම අවුල් බන් මේ මිනිස්සු...
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    group link diyn ko
    Group එකට ගියෙ නෑ සහෝ. කිරියෙම දාලා තිබ්බා ඕකෙන් ගත්තු පෝස්ට් වගයක්. ඒ ටික කියවලා තමයි මේ නස්පැත්තිය වුණේ. 🥴
     
    • Haha
    Reactions: Shamal3001

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    උඹෙත් මගෙත් ජීවිතේට කරපු ලොකුම ගොන්කම් හුගක් ඇති. ඒ්කෙන් හොදම ඒක ෂෙයාර් කරගමු. ටිපර් වෙන්න ඒපා. ප්ලීස්.

    මෙන්න මගේ ඒක.

    මගේ නම් පොඩ්ඩ ඇත්නම් මිනිස්සුන්ගේ දුක ට හිත උණු වෙනවා. ඒ්ක මම සෑහෙන දුරට පාලනය කරන් ඉන්නේ. මෑතකදී වෙච්ච සිද්දියක් නිසා. මම වැඩ කරපු තැන . මගේ සැලරි ඒකෙන් හුගක් පොඩි මුදලක් තමයි. මම පාවිච්චි කරන්නේ..ඉතුරු ඒ්වා ඉතුරු කරනවා. කරදරයකදී ගන්න කියලා.

    ඉතින් ඔක මම දවසක් ඒකෙක්ට කිව්වා. මිනිහා බැදපු ඩයල් ඒකක්. මිනිහා මගෙන් පොඩි පොඩි ගනන් ඉල්ලගන්නවා. හැබැයි ඉල්ල ගත්තට පස්සේ ආපහු ගෙනත් දෙනවා. මමත් ඉතින් මනුස්සකමට උදව් කලා. මිනිහාගේ තාත්තා නැති වුනා. ඇම්බියුලන්ස් ඒකට ගෙවන්නවත් සල්ලි නැහැ. මම ඒ්කත් දුන්නා.

    හැබැයි මම කිව්වා මට ඒ් සල්ලි ආපහු ඒපා කියලා. කාගෙහරි මරණයක් නේ ..ඒ් නිසා. ඊට පස්සේ ටික ටික සල්ලි ඉල්ලුවා ඒ්ක ඒක හේතු වලට . ඒ් හැම ඒකක්ම සාධාරණ හේතු කියලා හිතුනා. පුතාට සනීප නැහැ කියලා..තව තව ඒක ඒක දේවල්. (තාත්තලා කවදාවත් ලමයි ගැන අසරන කම් කියන්නේ නැහැ කියලා හිතුවා..මම ඒ් හැම කාරණයක්ම මගේ තාත්තාට ආදේශ කරලා බැලුවේ.ඉතින් මම සල්ලි දෙනවා. පට්ට ඉමෝෂනල් .. )

    අන්තිමට ඉල්ල ගත්ත ගාන 45000 ක් විතර , කවදාවත් මට හම්බුනේ නැහැ. මම ඒකව බ්ලැක්ලිස්ට් කලා. අනික මම ඉගෙන ගත්තා මොන දුක කියන් ආවත්, ආවට ගියාට කාටවත් සල්ලි දෙන්නේ නැහැ කියලා. මිනිහෙක්ට අපි උදව් කරන්න් මනුස්සකමට..ඒ්ත් බොරුවෙන් මුලා කරන කොට පට්ට දුකයි හිතට.

    මට ඒක සර් කෙනෙක් කියපු මරු කතාවක් මතක් වුනා ...

    " පුතා උඹ කවදාවත් ජීවිතේ "සීරියස් තීරණ" දුකෙන් ඉන්න කොට ගන්නත් ඒපා..සතුටින් ඉන්න කොට ගන්නත් ඒපා. "

    උඹලගෙත් අත්දැකීම් කොටාගෙන යමල්ලා... ඒහෙම ඒකක් නැත්නම් බම්පියක් හරි දෙන්න...
    මට මුස්ලිම් කොල්ලෙක් කිව්වේ දුකෙන් ඉන්නකොට තීරණ ගන්නත් එපා සතුටින් ඉන්නකොට පොරොන්දු දෙන්නත් එපා. ඒකට මම කෑල්ලක් එකතු කරන්නම් වැදගත් තීරණයක් ගන්න කලින් හොඳට අතේ පාරක් ගහලා ඉන්න එතකොට මනස පැහැදිලියි.

    කරපු ගොංකං නම් අනන්ත ඒවම පාඩම් කරගෙන දියුණු වෙන එක තමා පට්ට. කවදාවත් රුපියලක්වත් වංචා කරන්න එපා ඒක පට්ට ලේසී ඒත් රිටන් සුවර් 1ට 1000ක් යනවා හින්දුස්තානි වෙන්නම. ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් එක ෆලෝ කරන්න.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මිනිස්සුනම් විශ්වාස කරන එක දැන්නම් මයිනස් ගනන්වලින් කරන්නෙ මමනම්. අරින තරමක් අරින්නෙම දුක කියාගෙන එන උන්. දවසක් ආච්චි හොස්පිටල් ඇඩ්මිට් කරල ඉන්දෙද්දි මං වෝඩ් එකෙන් එලියෙ පුටු පේලියක් තිබිල වාඩි වෙලා හිටිය ගෙදර අය ඇතුලෙ ඉන්නකම්.., ඔහොම ඉන්දෙද්දි තරුන කෙල්ලෙක් (අක්ක කෙනෙක්) ඇවිත් හෙනම දුක සීන් එකෙක් කියල බස් එකේ යන්නවත් සල්ලි නෑය අරමය මේමය හෙනම බයිලයක් ගහල බස් එකේ යන්නයි, තාත්තට තව බඩු වගයක් අරන් දෙන්නයි කියල සල්ලි ඉල්ලුව, මමත් ඉතින් දුන්නා මිනිස්සු අසරන වෙලා ඉන්න තැනක් නිසා.. අඩේ ආයෙ මේ ලගදි ගියා හොස්පිටල් යන්න සෙට් වුනා කාගෙ හාරි වැඩකට, අඩේ මේකි තාම අර වාට්ටු වල ඇවිද ඇවිද, ඇවිත් ඉන්න උන්ගෙන් සේම් දුක බයිලෙ කිය කිය සල්ලි ඉල්ල ඉල්ල යනව කියහන්කො.. මට කීවෙ ඒකිගෙ තාත්තා එකපාරටම අසනීප වෙලා ඇඩ්මිට් කරාය, හොස්පිටල් එකෙන් ගේන්න කියපු බඩු වලට අතේ තිබ්බ සල්ලි ටික එවර වුනාය වගේ තව ලස්සන කතා ගොඩක් කීවා, බලහන්කො ඉතින් තරුන කෙල්ලොත් දෙන ගේම්... ඒක දැක්ක වෙලේ තමා තේරුනේ දුක කියාගෙන එන කිසිම එකෙක්ට ආයෙනම් සත පහක උදවුවක්වත් කරන්නෙ නෑ කියල.. හොස්පිටල් එකක් කියන්නෙ මිනිස්සු අසරන වෙලා ඉන්න තැනක්නෙ බන්,,, එහෙම තැනකත් ඔහොම කැරි දෙකයි පනහෙ ගේම් දෙන්නම ජොබ් කරන උන් ඉන්නව කියන්නෙත් හෙනම අවුල් බන් මේ මිනිස්සු...
    oya kello sex drugs walata purudu wela inne.
    sex toy aragenama salli nasthi karagannawa..
    hoyan gihin therapist kenekta set karala deepan paw
     
    • Like
    Reactions: Shamal3001

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කලින් යාලු වෙලා හිටිය කෙල්ලට 50000ක් දුන්නා. 20000යි දුන්නෙ. තව 30ක් දෙන්න තියෙනවා මට. දෙයිද නැද්ද ෂුවර් නෑ. එක ප#යෙක්ටවත් සල්ලි නම් දෙන්නෙ නෑ මින් පස්සෙ. සෑහෙන්න ඔහොම සල්ලි නැති කරගෙන තියේ ණයට දීලා. මට තියෙන අවුල අනික් උන් ගැන පුදුම විදියට හිතන්නෙ පව් කියලා. මම මං ගැනවත් එහෙමට හිතන්නෙ නෑ. ඒ නිසාම තමා නැති ප්‍රශ්ණ දාගන්නෙ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,770
    9,128
    113
    මේවගෙ ත්‍රෙඩ් වල සාරාංශය.

    > කාටහරි උදව් කරනව
    > උදව් ගත්ත එකා හරකෙක් වගේ හැසිරෙනව
    > ආයෙ නම් කාටවත් උදව් කරන්නෑ කියල පම්පෝරි ගහනව

    මොන චින්තනයක්ද යකුනෙ මේ. කෙලින්ම කියහන්කො ඉස්සර වගේ උදව් කරන්න හිතෙන්නෑ දැන් අමාරුයි කියල. ආදරෙන් පැරදිල loser ල වගේ කොන් වෙලා ඉන්න උනුත් හිතන්නෙ මේ වගෙ.
     
    suranga7777

    Active member
  • Feb 28, 2008
    182
    145
    43
    මමත් උබ වගේ තමයි.. හිත උණු වෙලා ලක්ෂ ගණන් ය දීල කෙලවා ගෙන පසු තැවෙනවා... වැඩක් නෑ බන් ඕවා කතා කරලා.. ඉස්සරහට වත් ඔවා නොකර ඉන්න ඕනේ..