ජීවිතේම එපා වෙලා... පුළුවන් අය වචනෙකින් හරි උදව්වක් දෙන්න...

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,181
    13,895
    113
    පෘථිවිය
    මන් හිතනවා හැමෝම විනාඩි කීපයක් අරන් මේ කතාව කියවයි කියලා. මන් වෙනුවෙන් නෙවෙයි. මේකෙන් දෙයක් ගන්න තියෙනවා නම් ඔයාගේ ජීවිතේටත් ගන්න. ජිවිතේ වරද්දගන්න නැතුව ජිවත් වෙන්න පොඩ්ඩක් හරි වැදගත් වෙයි.

    ජිවිතේ අවුල් වීගෙන යන්න පටන් ගත්තා තැනේ ඉඳන්ම මම කියන්නම්.

    මම ශිෂ්‍යත්වෙන් පාස් වෙලා රටේ නම ගිය ඉස්කෝලෙකට ගියා. ඇත්තටම කිව්වොත් ඒ දවස් වල පට්ට bright case එකක්. ඉගෙන ගන්නත් මාරම ආසයි. ගෙදර ආපු වෙලේ ඉඳන් පොත අතේ. පොත් කියවන්න එහෙමත් මාරම ආසයි. 6 වසරේ මැදක් වෙනකන් පට්ටටම වැඩ ටික කරන් අවා. මගේ අම්මයි තාත්තයි නම් එහෙමට ඉගෙන ගත්තා අය දෙන්නෙක් නෙවෙයි. එත් මොනවා නැත්තන් කන්නබොන්න දීලා පුළුවන් උපරිමෙන් සැප සම්පත් දීලා මට උගන්නන්න සැහෙන්න try එකක් දුන්න. හැබැයි ඒගොල්ලන්ට අදහසක් තිබ්බේ නැහැ ළමයෙක්ට උගන්නන්නේ කොහොමද කියන එක ගැන.

    හයවසරේ වාර 2ක් ඉවර උනා. ඉස්කෝලේ එක එක අම්මලාගේ කතා අහලා හොදයි කියන tuition class එකින් එකට මාවත් දාන්න ගත්තා. හැබැයි එකෙන් මගේ ජීවිතේම කණපිට ගැහුවා වගේ දෙයක් උනේ. මන් තාම 6 වසරේ. ඒ කියන්නේ මට අවුරුදු 12. සතියේ දවස් 7න් 5ක් වගේ tuition class. ඉතිරි දවස් 2 නුත් ඉරිදා උදේ වරුවේ දහම් පාසල්. සමහර දවස්වලට class යන්න කලින් බිම පෙරලි පෙරලි අඬනවා. මොකද ඒ තරමටම ඒක මට වදයක් උනා. උදේ 6.30 ට ගෙදරින් එනවා ඉස්කෝලේ යන්න. ආපහු ගෙදර යන්නේ හවස 6, 7 වෙලා. උඹලම හිතපන් මම කොච්චර වදයක් විඳින්න ඇත්තද කියලා. අම්මට තාත්තට මට පුළුවන් විදිහට මේවා කියන්න try කලා. එත් අවුරුදු 12ක මන් කියන දේ පිළිගන්න ඒගොල්ලෝ පොඩි හරි උත්සහයක්වත් ගත්තේ නැහැ. පන්තියේ මුල් පස් හය දෙන අතර හිටපු මම අවුරුද්දක් යනකොට පන්තියේ අනිත්ම හතර පස්දෙනාගේ ගානටම වැටුනා. උදේ යනවා හවස එනවා ගෙදර ඇවිල්ලත් මට රෑ 10 වෙනකන් නිදා ගන්න දුන්නේ නැහැ. ඇවිල්ලා පාඩම් කරන්න ඕන එදා ඉස්කෝලෙයි class එකයි කරපු දේවල්. බැරිවෙලා හරි නින්ද ගියොත් ගුටි. මොන පාඩම්ද උදේ ඉඳන් මැරිච්ච මට. පොත දිහා බොරුවට බලන් හිටපු එක තමා කලේ. නින්ද ගිය ඒවාට සැහෙන්න ගුටි කලා ඇති. අවුරුදු 12ක මම මේවා පුදුම විදිහට ඉවසන් හිටියේ. මොනා උනත් දවසින් දවස පිරිහෙච්ච එක විතරයි උනේ. ලකුණු අඩු වෙනකොට අම්මල ඒ class එකට බනිනවා එකෙන් අයින් කරලා තව එකකට දානවා. ඕක තමා හැමදාම කලේ.

    අනිත් එක මට ලොකු cricket පිස්සුවක් තිබ්බා ඒ කාලේ. ඒක නිසාම ඉස්කෝලේ cricket බාර සිර්ට ගිහිල්ලා කතා කරලා ඔක්කොම කරලා තිබ්බේ join වෙන්න. first day එකේ අම්ම හරි තාත්තා හරි එක්ක එන්න කිව්වා. හැබැයි අපේ අම්ම තාත්තා එකට කැමති උනේ නැහැ. ඒවගේම තමා ඒ කාලේ මම කිසිම ක්‍රීඩාවක් කරනවට අමතර ක්‍රියාකාරකමක් කරනවට ඒ දෙන්නගේ කිසිම කැමැත්තක් තිබ්බේ නැහැ. පස්සේ පස්සේ එක හරි ගියා. එත් එතකොට සැහෙන්න පරක්කුයි.

    ඔහොම ඔහොම මන් 8 වසරට අවා. කිසිම වෙනසක් නැහැ. හැමදාම පන්තියේ අන්තිම තුන් හතර දෙනා අතර. අම්මලත් පුළුවන් තරම් තියෙන හැම විෂයකටම වගේ මාව class වලට යැවුවා. මන් 6 වසරේ ඉඳන්ම ඉස්කෝලේ ගියෙත් තනියම public transport එකේ. ඔය අතරේ තමයි මගේ ජිවිතේ පස්සට ඇදපු ඊලග ලොකුම සිද්දිය උනේ. මම bus එකේ යනකොට වයසක uncle කෙනෙක් මගේ පස්සෙන් එන්න ගත්තා. ඒ දවස් වල ඇත්තටම මට තේරුනේ නැ මොකක්ද කරන්න ඕන කියලා. ඒ වැඩේ දවසින් දවස දුරදිග ගියා. bus වල සෙනඟ නිසා කාටවත් මේ මනුස්සයා මට කරනදේ දැක්කේ නැහැ. මාත් ලජ්ජාවට මේක ගෙදරටවත් කිව්වේ නැහැ. පස්සේ ලැජ්ජාවට වඩා ඒක ලොකු ඇබ්බැහියක් උනා. සතියට දවස් 2ක් 3ක් මේ මනුස්සයා bus එකේදී හැමදාම ඔය වැඩේ මට කලා. මටත් එක අමුතු දෙයක් උනා. මාත් ඒක ඒ මනුස්සයට කරන්න දුන්නා. පස්සේ ඒ මනුස්සයා විතරක් නෙවේ bus එකේ යන එනකොට කීප දෙනෙක්ගෙන්ම මට ඔය වැඩේ සිද්ද උනා. මගෙත් ඇඟ පත පොඩ්ඩක් ලස්සනයි. මම දන්නේ නැහැ. මිනිස්සු තමා කියන්නේ. එක වෙන්න ඇති මට ඔහොම වෙන්න ඇත්තේ. ඔහොම ඔහොම ගිහිල්ලා ඔය වැඩේ ටික ටික නතර උනා. එත් එකෙන් වෙච්ච ඇබ්බැහිය නම් නතර උනේ නැහැ. දැන් තමයි මට තේරෙන්නේ ඒ වෙච්ච දේ මන් ඒ වෙලාවේ ගෙදරට නොකිය කර ගත්ත මෝඩකම. ඇබ්බැහිය කිව්වේ අද වෙනකොට porn වලට addict වෙලා මම.

    ඔහොම ගිහිල්ලා O/L යන්තම් pass උනා. ඒක ගොඩ දාගෙන පන්තියේ හිටපු උන් ගොඩක් වෙන ඉස්කෝල වලට ගිය. මට වෙන එකකට යන්න තරම් pass marks තිබ්බේ නැහැ. A/L වලටත් ඒ වගේම තමා. හැමදාම ලකුණු 10 යි 15 යි. කලේ maths stream එකෙන්. එකත් ගෙදර බලකිරිල්ලට. මට කැමති දේ කවදාවත් කරන්න දුන්නේ නැහැ. A/L කලේ එක සැරයයි. F 2යි S 1යි. දෙවෙනේ සැරේ කරන්න හදද්දී මට private institute එකකින් scholarship එකක් ලැබුණා. A/L නැති නිසා foundation එකේ ඉඳන්ම කලා. 1 year diploma complete කලා. කරලා උන්ගේම company එකේ වැඩට ගියා. ජොබ් එකට තිබ්බ ආසාවට කන්න ඕන හැම කට්ටම කෑවා. අවුරුදු 3.5 ක් එතන වැඩ කලා. පස්සේ එතනින් අයින් වෙලා ලංකාවේ ධනවත්ම කියපු dial එකෙක්ගේ company එකක අවුරුදු 2ක් වැඩ කලා. ඒ ජොබ් එකනම් මම කරපු පවකට ලැබිච්ච එකක් වෙන්න ඕන. කන්න බොන්න වෙලාවක් නැ. නිවාඩුවක් නැ. දවසේ පැය 24න් 18ක් විතර වැඩ. පස්සේ එපා වෙලා කොරෝනා දවස් වල එකෙනුත් අයින් උනා.

    අයින් වෙලා පොඩි business එකක් කරන්න පටන් ගත්තා. පටන් ගත්ත දවස් වල වැඩේ නැගලම ගියා. දැන් එකෙත් business නම් සෑහෙන්න අඩුයි. දැන් මට අවුරුදු 27. එක එක දේවල් try කරන්නම ගිහිල්ලා අතේ තිබ්බ සොච්චමත් නැති කර ගත්තා. දැන් 0 ටම වැටිලා ඉන්නේ. ඒ මදිවට loan එකකුත් ගෙවනවා.

    ගෙදරින් කෑ ගහනවා කෙල්ලෙක් හොයා ගනින් කියලා. එක පැත්තකින් අම්මලට මොකුත් කියන්න බැ. ඒගොල්ලෝ ටිකක් වයසයි. ඒගොල්ලෝ ආස ඇති මැරෙන්න කලින් අපේ මොකක්ම හරි දියුණුවක් දකින්න. ලස්සනට පවුලක් වෙලා ජිවත් වෙනවා දකින්න ආස ඇති. එත් බන් හරිහමන් රස්සාවක් නැතුව අතේ සතේ නැතුව ඔය දේවල් කරන්නේ කොහොමද? ගොඩක් දවස් වලට නිදාගන්න ඇඳට ගිහිල්ලා කරන්නේ අඩ අඩ ඕක ගැන හිත එක. ඇයි මට මෙහෙම උනේ. සිරාවට කියන්නේ. මන් කිසි එකෙක්ට වචනෙකින්වත් කරදරයක් කරන එකෙක් නෙවේ. මගේ පාඩුවේ පැත්තකට වෙලා වැඩක් කරන් ඉන්න dial එකක්. පුළුවන් හැම වෙලාවෙම පුළුවන් හැම එකාටම උදවු කරනවා.

    එහෙම කරලත් ජිවිතේ සතුටක් විඳපු දවසක් නැති තරම්. ඉපදිච්ච දවසේ ඉඳන් තාමත් දුක් විඳින එකම තමා කරන්නේ. මාරම විදිහට ජීවිතේ විඳවනවා බන්. මේ ටික type කරන්නෙත් ඇස්වල කඳුළු පුරෝගෙන. එච්චරටම මන් අතරමන් වෙලා ඉන්නේ. එච්චරටම ජිවිතේ එපා වෙලා. ජිවත් වෙන්න ඕන නිසා ජිවත් වෙනවා. මෙතනින් එහාට මට කිසිම දෙයක් පෙන්නේ නැහැ. කරන්න දෙයක් හිතෙන්නේ නැ.

    ඔයා මේක කිවලා ගන්න දෙයක් තියෙනවා නම් ගන්න. මොකක් හරි අදහසක් තියෙනවා නම් පහලින් කොටාගෙන යන්න.

    ඕක තමා මගේ කතාව. වචනෙකින් හරි උදවු කරන ඔයාට බොහෝම පිං.
    ජිවතය කියන්නේ සුන්දර රතු පලසක් නෙමේ.
    ලස්සනට ජීවත්වෙන්න එක්කෝ දෙමාපියන් බිලියනපති වෙන්න ඕන නැත්නම් දේශපාලනය කරන අය වෙන්න ඕන.

    මෙන්න මේකයි කරන්න පුළුවන් හොඳම දේ.
    ඉසෙල්ලා පොතක් අරගෙන, ඔයා කැමති දේවල් ලියන්න.
    ඉස්සෙල්ල ලියන්න ජිවිතේ කරන්න කැමති දේවල්
    ඊට පස්සේ ජිවිතේ කරන්න අකමැති සහ දකින්න අකමැති දේවල්
    ඔක්කොම ලියන්න, පිටු 10ක් විතර ඉඩ තියන්න.
    හිතෙන හිතෙන වෙලාවට කරුණු එකතු කරගන්න.
    දැන් 11 වැනි පිටුවේ ඔයා කැමති රස්සාවල් ලියන්න
    ඔයාට වැඩිපුරම කරන්න පුළුවන් දේවල්. උදාහරණයක් විදිහටචිත්‍ර අඳින්න, උයන්න වගේ
    මෙහෙම ලිගෙන යන්න

    හරියට සති 3ක් විතර වෙනකොට පොතේ ඔයා කැමති අකමැති, ගොඩක් දේවල් ලිවිල තියෙයි.

    ඊට පස්සේ තේරුම්ගන්න කොතනින්ද පටන්ගන්න ඕන කියල.

    කැමති ගොඩේ හිතන්න.
    ඊට පස්සේ ප්ලෑන් එකක් ගහල වැඩේට ඉගෙනගෙන බහින්න
     

    prabu77

    Active member
  • Mar 22, 2007
    636
    152
    43
    උඹට මම දෙයක් කියන්නම් .මට පේන්නෙ උඹට ගෙදර මිනිස්සුන්ගෙන් ඒ කිව්වෙ දෙමාපියන්ගෙන් වැඩි අවධානයක් ලැබිලා නැහ .
    ඒ කිව්වෙ මෙහෙමයි .
    උඹට කන්න බොන්න දුන්නා .අඳින්න පලඳින්න දුන්නා .
    ඒත් උඹට දැනෙන විදියට ආදරයක් කරන්න උවමනාවක් තිබිලා නැහැ .
    ඒ වගෙම තමා උඹගෙන් කිසි දෙයක් අහන්නෙ නැහැ .

    එහෙම උනානම් ඔය බස් එකෙ ආපු අංකලයා කරපු දේ ගෙදරට කියන්න උඹට පැකිලෙන්න උවමනවක් නොතිබෙන්නට ඉඩ තිබුණා .

    ඒ වගෙම තමා උඹ ශිෂ්‍යත්වෙත් පාස් වෙලා ලොකු ඉස්කොලෙකට ගිහින්
    පන්තියෙ මුල් පස් හය දෙනා අතර ඉඳලා අන්තිම ලෙවල් එකට වැටුණා කිව්වහම හිතා ගන්නත් අමාරුයි .

    ඒත් මන් දන්න ඔහොම එකෙකුත් හිටියා.
    ඌත් සෙක්ශන් එකෙ මුල් හතර පස් දෙනා අතර හිටියෙ.

    ඉස්කොලෙ 10 වසරට ආපුවහම වල බැස්සා.
    සිගරට් අනං මනං කරන්න ඔනි සෙරොම ගැහැව්වා.
    පස්සෙ ඒ ලෙවල් ඉවර වෙලා මූ Garmant එකක වැඩට ගියා .
    එතනදි කෙල්ලෙක් රේප් කරලා
    පස්සෙ මූව කසාද බන්දලා දීලා තියෙන්නෙ පොලිසියෙන් .
    අර රේප් කරපු කෙල්ලවම .
    දැන් නම් ඌට අවුලක් නැහැ .හොඳින් ඉන්නවා කෙල්ලත් එක්කලා .

    අනික් කාරණෙ මෙකයි .
    මේ තුන්වෙනි ලොකෙ සංස්කෘතියක් එක්ක පීචං වෙන දූපතෙ අපෙ උන් ලයිෆ් එක කිය්ලාඅ හිතන් ඉන්නෙ
    ඉස්කොලෙ ගිහින් කැම්පස් ගිහින් ජොබක් කරලා
    කසාදයක් කරලා ළමයෙක් හදලා ළමයා වෙනුවෙන් නැහිලා මැරිලා යන එක කියලා .

    තේරුමක් නැති අනාථ ජීවිත තමා මේ වගෙ රටක ඉන්නවා කියන්නෙ .
    පලයන් රටකට. බලාපොරොත්තු ඇති වෙවි .

    පසුව ලියම
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    @Mane2021
    උඹේ කතාව අඩු වැඩි වශයෙන් ලංකාවේ ඉන්න අපි හැමෝටම මුහුණ දෙන්න වෙලා තියෙන දෙයක් යාළුවා. ඔය තියෙන්නේ සිස්ටම් එකේ වැරැද්ද.
    ඉස්සර කුල වලින් මිනිස්සු මැන්න.ඊටත් පස්සේ උගත් කම් වලින්.පෙනුමෙන්.වාහනෙන්.ගෙවල් දොරවල් වලින්.
    මම මෙහෙම කිව්වට මුකුත් හිතන්න එපා.දෙමව්පියන්ට උගත්කම ටිකක් අඩු උනාම ඒ අයට දරුවන්ට මාර්ගයක් පෙන්නන්න තේරෙන්නේ නෑ.
    අනික් එක උඹ අම්මා තාත්තා එක්ක තියෙන සම්බන්ධය ගොඩක් අඩුයි වගේ.ඒක උනේ අර ඉගෙන ගන්න කාලේ පන්ති ගොඩකට ගිය නිසා වෙන්න පුළුවන්. පුළුවන් නම් අම්මා තාත්තා එක්ක හොඳට කතා බහ කරලා විහිළුවක් කරලා ඉඳපන්.මාර සැහැල්ලුවක් දැනෙයි.මොකද අම්මා තාත්තා හැමදාම ඉන්නේ නෑ.සමහරවිට උඹ හොඳ තැනක ඉන්නකොට ඒ අය නැති වෙන්නත් පුළුවන්.
    දැන්වත් උඹ ආසා දෙයක් ඉගෙන ගනින්. හැබැයි අර සමහර එවුන් කරනවා වගේ කරන්නං වාලේ දේවල් කරන්න එපා.ගොඩක් දෙනෙක් තමුන් කරන රස්සාවට ආසාවක් නෑ මොකද හම්බවෙච්ච දේ කරලා.
    27 කියන්නේ කසාද බඳින්න පහුවෙච්ච වයසක් නෙවෙයි.මම දන්න එවුන් ගොඩක් බැන්දේ 30-31 කාලේ මොකද ඉස්සර වගේ නෙවෙයි දැන් හැම එකාම වගේ පරක්කු වෙනකන් ඉගෙන ගන්න නිසා.
    ස්ථීර ජොබක්,අදායමක් නැතුව කසාද බඳින්නත් එපා මොකද ඊට පස්සේ කසාද ජීවිතේ එපා වෙයි.
    දෙයක් ඉගෙන ගන්නකොට රස්සාවක් කරනකොට පෝර්න් බලන එක නැති වෙලා යයි. පිටරටවල වගේ අපිටත් අවුරුදු 18-20 දී පාර්ට් ටයිම් ගහලා කීයක් හරි එනවනම් ඔය තරුණ වයසේ කොල්ලෝ කෙල්ලන්ගේ තියෙන නරක පුරුදු ගොඩක් අඩු වෙනවා.
    උඹේ ජීවිතේ කාත් එක්කවත් සසදන්න යන්න එපා.ඒකෙන් වෙන්නේ තවත් වැටෙන එක. මනස හරියට හදා ගත්තනම් ඔය දේවල් හරි යයි මොකද උප්පත්තියෙන් හැකියාවක් තියෙන නිසා.
     

    sumithraya

    Active member
  • Mar 1, 2021
    67
    145
    33
    මොන කර්මාන්තය උනත් ආවට ගියාට ඉගෙනගෙන කරන්න බැහැ.හරියටම කොලිෆිකේශන් හදාගනින්.එxපෙරියන්ස් ගනින්. ඒකට කාලයක් යනව. කට්ටක් කන්න ඕනෙ.උඹ බිස්නස් කරන්න ගත්තු එක මෝඩ තීරණයක්. එහෙම තීරණයක් ගන්න ඕනෙ යමකින් ස්තාවර වෙලා. ඉන්න ෆීල්ඩ් එකේ එxපෙර්ට් කෙනෙක් වෙයන්. එහෙන් මෙහෙන් ඉගෙන ගෙන බැහැ. ඩිග්‍රි කරපන් තවත් ඉගෙන ගනින්. වයස ගියාට කමක් නැහැ. මට දැන් 40ය් තාම ඉගෙන ගන්නව. දරුවොත් ඉන්නව. හැම දේටම සල්ලි ඔනෙ නැහැ.මම හරියට ඉගෙනගන්න පටන් ගත්තෙ 34 ඉඳලා. ඒකෙ ප්‍රතිඵල මම අද සතුටින් බුක්ති විඳිනව. තාම අලුත් ජීවිතේ පටන් ගන්නව විතරයි. ඒත් ඉදිරිය පැහැදිලියි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,330
    113
    34
    Kalutara
    Ara tittagalle hamduruwo kivva karana karana hema dema kela wenne niwan dakinna pina tiyena aya kiyala.soba dahamenma kela karanawalu e path eke yanna nodi.
    ------ Post added on Mar 17, 2021 at 9:34 AM
    අඩෝ මෙන්න මේ සීන් එක නම් ඇත්ත, කෙල වුනාම තමා ජීවිතාවබෝධය ලැබුනේ. 😍
     
    • Like
    Reactions: visalbro

    Mane2021

    Active member
  • Mar 16, 2021
    77
    126
    33
    Thanks all... eka ekkenata wenama thank karanna amarui. mn hamogema comment eka gane kiyewwa. hamotama thanks.
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    නාකිය උබට මොනව ද කරේ කියපන්?
    🙄🙄
    අතේ ගැස්සුව ද?
    පුකට විද්ද ද?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    ජිවතය කියන්නේ සුන්දර රතු පලසක් නෙමේ.
    ලස්සනට ජීවත්වෙන්න එක්කෝ දෙමාපියන් බිලියනපති වෙන්න ඕන නැත්නම් දේශපාලනය කරන අය වෙන්න ඕන.

    මෙන්න මේකයි කරන්න පුළුවන් හොඳම දේ.
    ඉසෙල්ලා පොතක් අරගෙන, ඔයා කැමති දේවල් ලියන්න.
    ඉස්සෙල්ල ලියන්න ජිවිතේ කරන්න කැමති දේවල්
    ඊට පස්සේ ජිවිතේ කරන්න අකමැති සහ දකින්න අකමැති දේවල්
    ඔක්කොම ලියන්න, පිටු 10ක් විතර ඉඩ තියන්න.
    හිතෙන හිතෙන වෙලාවට කරුණු එකතු කරගන්න.
    දැන් 11 වැනි පිටුවේ ඔයා කැමති රස්සාවල් ලියන්න
    ඔයාට වැඩිපුරම කරන්න පුළුවන් දේවල්. උදාහරණයක් විදිහටචිත්‍ර අඳින්න, උයන්න වගේ
    මෙහෙම ලිගෙන යන්න

    හරියට සති 3ක් විතර වෙනකොට පොතේ ඔයා කැමති අකමැති, ගොඩක් දේවල් ලිවිල තියෙයි.

    ඊට පස්සේ තේරුම්ගන්න කොතනින්ද පටන්ගන්න ඕන කියල.

    කැමති ගොඩේ හිතන්න.
    ඊට පස්සේ ප්ලෑන් එකක් ගහල වැඩේට ඉගෙනගෙන බහින්න
    Kematho gode tiyenne spa witarane
     
    • Haha
    Reactions: kevin_levin

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    දැන් කාලෙ පොඩි එවුන් හිත හිත විහින් දුක් වෙනවා. :dull:
    Eka eka kalawala heti bn.oya wage dewal issara ape normal life.dan ayata ewa mental pressure.tawa issarahata yaddi tawa weak wei,suicide wedi wei.dan kale peer pressure eka patta wediy social media hinda.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අපිට වෙච්ච දේවල් එක්ක බැලුවාම තොට කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ හුත්තො. :lol:
    hamoma eka wage hayiya naha ban. mu podi kaale godak igenumata daksha nam ammala samanaya aya nam
    amalata muwa penne aththe nidhaanayak kiyala .
    ithin podi kale idan nelum malen awaa wage salakanna athi egollanata puluwan uparimayennama malak wage hadunaa ma samajayata muhuna dilaa prashnyak wunama kadagena watena wa ban hodatadama. passe pihinna puluwan eka pinanawaa bari eka gilenawaa


    ---------------------------------------------------------------------------------------
    giya dewal giya kiyala aluthen jiwithe patan ganain ban 27k kiyanne wayasak da . ubata thaniyama pressure eka daraganna barinam counseling palayan . pvt yanna salli nathanam gov hospital walath privacy eka hodayi elakiri ye inna samaharu ekata udaw karayi.

    lambo ganna wage balaporoththu danma thiya ganna epa.
    mulin sarala weyan adiyena adiya himit issrata yanna path eka hada ganing, kadda bari nam eka hadaganing muling hithanne nathi pathi wirthaweyi

    mulin eda wela kala jiwath wenna puluwan thanata waren passe salli gawasenakota ube prshana okkoma maga harila yayai

    uba kamathi paththak , daksha paththak ehema thiyenawa nam kiyapan meke inna hoda wun awankayenma ubata guide karayi
     
    • Like
    Reactions: jennt

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    social media nathnam godak un anith unge life dakkinne na compare wena ekath adui bung.

    ada kale godak un podi un depress wela inne ekaiyi
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,179
    113
    Mother Earth
    නොකිව්වට අපේ ජීවිතත් ඔය වගේම තමයි. මුලින්ම උබ කෙරෙහි තියෙන වරදකාරී හැඟීම අයින් කර ගනින්.
     
    • Like
    Reactions: jennt

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    hamoma eka wage hayiya naha ban. mu podi kaale godak igenumata daksha nam ammala samanaya aya nam
    amalata muwa penne aththe nidhaanayak kiyala .
    ithin podi kale idan nelum malen awaa wage salakanna athi egollanata puluwan uparimayennama malak wage hadunaa ma samajayata muhuna dilaa prashnyak wunama kadagena watena wa ban hodatadama. passe pihinna puluwan eka pinanawaa bari eka gilenawaa

    මමත් උට හැදෙන්න තමයි කිව්වෙ මචන්. හැබැයි වෙන විදිහකට. :rolleyes:
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    machan ubata kiyanne apita waradunu nisa . uba demand ekak thiyana job ekak uba kathi ekak karapan
    asai kiyala demand nathi ekak karanna epa
    puluwan nam asai nam auto electric / auto mechanic kenak weyai wade hodata saradaranawa karanawanam
    one tharam minissu