ජීවිතේ අමිහිරිම සිදුවීම්! කථාකරමු...

ElaMans

Member
May 10, 2014
1,268
434
0
ජීවිතේ අමිහිරිම සිදුවීම්! කථාකරමු...

මේකථාව කොහෙන්පටන්ගන්නද කියලා මට තේරෙන්නෑ. :no: මේක මගේ ජීවිත කථාවෙ එක් අඳුරු පරිඡේදයක්. :confused: කාටවත් කියුවාට විසදුමක් දෙන්න ත් බැරිදෙයක්. නමුත් මම පටන් ගන්නම්! ඔයාලත් කියවලා බලන්න. :(

:love: ඒ මගේ අම්මා ගැන :love:

අපි ඉපදිලා කියන මුල්ම ලස්සනම වචනෙ තමයි, “අම්මා”. මට ඒ දේ කියන්න ලැබුනෙ අවුරුදු හතරක් විතරයි. මොකද, එයා මාව සදහටම දාලගියපු නිසා. නැති උනේ පිළිකාවකින්. :no:

මට අන්තිමට මතක තියෙන්නෙ, තාත්තගෙ අතේ එල්ලිලා අම්මාව බලන්න මහරගම පිළිකා රෝහලට ගිය මොහොත. අම්මාව ගොඩක් උස ඇඳක තමා දාල තිබ්බෙ. මට මුකුත් තේරෙන්නැති නුහුරු පරිසරයකට ආපු නිසා මම ගොඩක් බය වෙලා හිටියෙ. එයා අමාරුවෙන් කෙදිරිගානවා මට ඇහුනා. අමාරුවෙන් බෙල්ල මගේපැත්තට හරෝලා එයාගෙ වම් අත යන්තම් හොල්ලලා මට කතා කලා. මම අම්මා ගාවට ගියාම, මගේ පුංචි අත එයා මට නොරිදෙන්න මිරිකුවා. එයාගෙ අතේ රස්නි මගේ ඇඟ පුරාම විහිදිලා ගියා වගේ දැනුනා. එයා ඇස්දෙකෙන් මට මොනවා දෝ කියනවා වගේ මට තේරුනා. ඔව්, මට ඒ දෙනෙත් තාම මතකයි. ඒ එක්කම නර්ස් කෙනෙක් ඇවිල්ලා අම්මා ට ලොකු දුබුරු පාට සිරින්ජරයකින් බෙහෙතක් විද්දා. බෙහෙත් විදින්න එනකොට එයා ඔලුව අමාරුවෙන් අනික් පැත්තට හරෝ ගත්තා. ක්ෂනයෙන් එයාගෙ සුදු ඇදුම ලේවලින් තෙත් උනා. නර්ස් අඩුතරමෙ පිහදැම්මෙ වත් නෑ. එයා ගියා. එයාට සිහිය නැති වුනා ලු. උත්තර හොයා ගන්න බැරි ප්‍රශ්න ගොඩක් එක්ක තාත්තත් එක්ක ගෙදර ආව. :no:

පහුවෙනිදා උදෙන්ම අපි ඉස්පිරිතාලෙට ගියා. අම්ම හිටපු ඇඳ හිස්? එයා සදහටම මාව දාල ගිහින්. මුකුත් නොදන්න අසරන මම, අම්මා ගේ නිසල දේහය ගෙදෙරට ගේන කොට, "අන්න මිනිය ගේනවා" කියල කෑගැහුවා. ඒ වෙලාවෙ "පව් අසරනය" කියල කව්දෝ ගෑනුකෙනෙක් කියනවා ඇහුනා. අවසන් කටයුතු කරන දවසෙ අම්මාගේ නිසල සිරුරට පැන් ඉස්සා මතකයි. කහමලක් කකුල්දෙක ගාව තියලා වැන්දා අද වාගේ මතකයි. :sorry:
 
  • Like
Reactions: nitrox

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මට තියෙන අත්දැකීම තමයි ,ජීවිතේ හරිම ඒකාකරියි, කම්මැලියි, එපා වෙලා වගේ. trip එකක් වත් යන්න ඕනේ.
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
38
අගහරු වල
:dull::dull: ජිවිතේ ඔහොම තමයි..
අම්මා ඔයාගෙන් බලපොරත්තු උන දේවල් කරන්න උත්සාහ කරන්න.අම්මා ඒ දේවල් දැකලා සතුටු වේවි....:):)
 
thanujaka

Well-known member
  • අම්ම වගේම දවසක උබයි මායිත් මැරෙනවා කියන එක මතක තියාගෙන මැරෙන මිනිස්සු වගේ ජීවත් වෙන්න පුරුදු වෙයං මචං..උබ හොද වැදගත් මනුස්සයෙක් වෙලා උබේ අම්මගෙයි තාත්තගෙයි නම උඩටම ගෙනියපන්... වැදගත්කම තියෙන්නේ සල්ලි වල නෙමෙයි කියන එකත් හැමදාම හිතේ තියාගනින්...
    කවදාවත් නොමැරෙන මිනිස්සු විදිහට ජීවත් වෙන්න පුරුදු වෙන්න එපා..
    අද රටේ ලොක්කන්ගේ ඉදන් හැමෝටම වෙලා තියෙන්නේ එකයි..
     
    • Like
    Reactions: Black Puma

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    අම්ම වගේම දවසක උබයි මායිත් මැරෙනවා කියන එක මතක තියාගෙන මැරෙන මිනිස්සු වගේ ජීවත් වෙන්න පුරුදු වෙයං මචං..උබ හොද වැදගත් මනුස්සයෙක් වෙලා උබේ අම්මගෙයි තාත්තගෙයි නම උඩටම ගෙනියපන්... වැදගත්කම තියෙන්නේ සල්ලි වල නෙමෙයි කියන එකත් හැමදාම හිතේ තියාගනින්...
    කවදාවත් නොමැරෙන මිනිස්සු විදිහට ජීවත් වෙන්න පුරුදු වෙන්න එපා..
    අද රටේ ලොක්කන්ගේ ඉදන් හැමෝටම වෙලා තියෙන්නේ එකයි..

    :yes::yes: me wage lawyerslath innawa ehenam. Rep+
     
    • Like
    Reactions: thanujaka

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    හැමෝටම කවදා හරි මේ ජීවිතෙන් සමුගන්න වෙනවා ..එත් වෙනසකට කියල තියෙන්නේ සමුගෙන යන විදියයි ,සමුගෙන යන වෙලාවයි විතරයි ...........:yes:
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    :dull::dull: ජිවිතේ ඔහොම තමයි..
    අම්මා ඔයාගෙන් බලපොරත්තු උන දේවල් කරන්න උත්සාහ කරන්න.අම්මා ඒ දේවල් දැකලා සතුටු වේවි....:):)

    අම්ම වගේම දවසක උබයි මායිත් මැරෙනවා කියන එක මතක තියාගෙන මැරෙන මිනිස්සු වගේ ජීවත් වෙන්න පුරුදු වෙයං මචං..උබ හොද වැදගත් මනුස්සයෙක් වෙලා උබේ අම්මගෙයි තාත්තගෙයි නම උඩටම ගෙනියපන්... වැදගත්කම තියෙන්නේ සල්ලි වල නෙමෙයි කියන එකත් හැමදාම හිතේ තියාගනින්...
    කවදාවත් නොමැරෙන මිනිස්සු විදිහට ජීවත් වෙන්න පුරුදු වෙන්න එපා..
    අද රටේ ලොක්කන්ගේ ඉදන් හැමෝටම වෙලා තියෙන්නේ එකයි..

    මම අද හොඳතැනක ඉන්නවා බන්. :cool: ඒ ගැන සතුටුයි. :yes::yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ජීවිතේ නිකන් ඔරලෝසුවක් වගේ... හැමදාම එකම තැන කැරකෙනවා. එකම වැඩේ කරනවා. ඊට පස්සේ දවස ඉවරයි. අයෙත් හෙට ඉදන් එකම පටන්ගනන්වා.... වෙනසක් නෑ.. තේරුමක් නෑ,... අපි ජීවිතේ විදිනවා නෙමේ. විදොනවා.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අම්ම වගේම දවසක උබයි මායිත් මැරෙනවා කියන එක මතක තියාගෙන මැරෙන මිනිස්සු වගේ ජීවත් වෙන්න පුරුදු වෙයං මචං..උබ හොද වැදගත් මනුස්සයෙක් වෙලා උබේ අම්මගෙයි තාත්තගෙයි නම උඩටම ගෙනියපන්... වැදගත්කම තියෙන්නේ සල්ලි වල නෙමෙයි කියන එකත් හැමදාම හිතේ තියාගනින්...
    කවදාවත් නොමැරෙන මිනිස්සු විදිහට ජීවත් වෙන්න පුරුදු වෙන්න එපා..
    අද රටේ ලොක්කන්ගේ ඉදන් හැමෝටම වෙලා තියෙන්නේ එකයි..

    :yes::yes::yes:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    තමන්ගෙ බිරිද චූටි පුතාවයි එයයි දාල ගිය දවසේ උඹේ තාත්තා කොච්චර දුක් වෙන්න ඇත්ද? එදා එයා හිතා ගන්න ඇති පුතා තමා මගෙ දැන් එකම ලෝකේ පුතාව කොහොම හරි හදාගන්නවා කියල හිතා ගන්න ඇති.
    දැන් උඹේ එකම ඉලක්කෙ කරගනින් තාත්තාව හොදට බලා ගන්නවා කියන එක.. ගෑනු කර ගහගෙන තාත්තට මදිපාඩු කම් කරන්න එපා...
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    තමන්ගෙ බිරිද චූටි පුතාවයි එයයි දාල ගිය දවසේ උඹේ තාත්තා කොච්චර දුක් වෙන්න ඇත්ද? එදා එයා හිතා ගන්න ඇති පුතා තමා මගෙ දැන් එකම ලෝකේ පුතාව කොහොම හරි හදාගන්නවා කියල හිතා ගන්න ඇති.
    දැන් උඹේ එකම ඉලක්කෙ කරගනින් තාත්තාව හොදට බලා ගන්නවා කියන එක.. ගෑනු කර ගහගෙන තාත්තට මදිපාඩු කම් කරන්න එපා...

    එහෙම වෙන්නෑ බන්. මමත් තාත්ත කෙනෙක්!