ජීවිතේ අමිහිරිම සිදුවීම්! කථාකරමු...
මේකථාව කොහෙන්පටන්ගන්නද කියලා මට තේරෙන්නෑ.
මේක මගේ ජීවිත කථාවෙ එක් අඳුරු පරිඡේදයක්.
කාටවත් කියුවාට විසදුමක් දෙන්න ත් බැරිදෙයක්. නමුත් මම පටන් ගන්නම්! ඔයාලත් කියවලා බලන්න. 
ඒ මගේ අම්මා ගැන 
අපි ඉපදිලා කියන මුල්ම ලස්සනම වචනෙ තමයි, “අම්මා”. මට ඒ දේ කියන්න ලැබුනෙ අවුරුදු හතරක් විතරයි. මොකද, එයා මාව සදහටම දාලගියපු නිසා. නැති උනේ පිළිකාවකින්.
මට අන්තිමට මතක තියෙන්නෙ, තාත්තගෙ අතේ එල්ලිලා අම්මාව බලන්න මහරගම පිළිකා රෝහලට ගිය මොහොත. අම්මාව ගොඩක් උස ඇඳක තමා දාල තිබ්බෙ. මට මුකුත් තේරෙන්නැති නුහුරු පරිසරයකට ආපු නිසා මම ගොඩක් බය වෙලා හිටියෙ. එයා අමාරුවෙන් කෙදිරිගානවා මට ඇහුනා. අමාරුවෙන් බෙල්ල මගේපැත්තට හරෝලා එයාගෙ වම් අත යන්තම් හොල්ලලා මට කතා කලා. මම අම්මා ගාවට ගියාම, මගේ පුංචි අත එයා මට නොරිදෙන්න මිරිකුවා. එයාගෙ අතේ රස්නි මගේ ඇඟ පුරාම විහිදිලා ගියා වගේ දැනුනා. එයා ඇස්දෙකෙන් මට මොනවා දෝ කියනවා වගේ මට තේරුනා. ඔව්, මට ඒ දෙනෙත් තාම මතකයි. ඒ එක්කම නර්ස් කෙනෙක් ඇවිල්ලා අම්මා ට ලොකු දුබුරු පාට සිරින්ජරයකින් බෙහෙතක් විද්දා. බෙහෙත් විදින්න එනකොට එයා ඔලුව අමාරුවෙන් අනික් පැත්තට හරෝ ගත්තා. ක්ෂනයෙන් එයාගෙ සුදු ඇදුම ලේවලින් තෙත් උනා. නර්ස් අඩුතරමෙ පිහදැම්මෙ වත් නෑ. එයා ගියා. එයාට සිහිය නැති වුනා ලු. උත්තර හොයා ගන්න බැරි ප්‍රශ්න ගොඩක් එක්ක තාත්තත් එක්ක ගෙදර ආව.
පහුවෙනිදා උදෙන්ම අපි ඉස්පිරිතාලෙට ගියා. අම්ම හිටපු ඇඳ හිස්? එයා සදහටම මාව දාල ගිහින්. මුකුත් නොදන්න අසරන මම, අම්මා ගේ නිසල දේහය ගෙදෙරට ගේන කොට, "අන්න මිනිය ගේනවා" කියල කෑගැහුවා. ඒ වෙලාවෙ "පව් අසරනය" කියල කව්දෝ ගෑනුකෙනෙක් කියනවා ඇහුනා. අවසන් කටයුතු කරන දවසෙ අම්මාගේ නිසල සිරුරට පැන් ඉස්සා මතකයි. කහමලක් කකුල්දෙක ගාව තියලා වැන්දා අද වාගේ මතකයි.

ඒ ගැන සතුටුයි.