ජීවිතේ එපා වෙලා

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ගෙදර අය එක්ක විහිලුවක් කරල යාලුවො වගේ කතාබහ කරල ඉන්න. අපත යාලුවොන්ට වඩා ගෙදර මිනිස්සු හොඳ යාලුවො කියල හිතන්න.
    ගෙදර අයගෙ වැරදි හැසිරීම් වලට ඔයාට තරහ යනවනං, ඒ වෙලාවට බනින්නෙ නැතුව වැරැද්ද කරපු කෙනාව ජෝක් කරල චාටර් කරන්න පුරුදුවෙන්න (අපි යාලුවන්ව බයිට් එකට ගන්නව වගේ).

    ගෙදර ඉන්න වෙලාවට වත්තෙ පිටිය ඇවිදින්න. ගෙදර මල් ගස්, එළවලු පැල එහෙම වවන්න. ඒ අතර පාඩම් වැඩ හිමිහිට පටංගන්න

    ෆෝන්, කම්පියුටර්, ටීවී භාවිතය ටිකක් අඩුකරන්න නිවුස්වත් ඕනවට වඩා බලන්න එපා (ඕවයින් හොඳට ඉන්න මිනිස්සු පිස්සො වෙනව)

    මේ දේවල් මම ලොක්ඩවුන් එකට ගෙදර ඉන්නකොට කරන්න පුරුදු උන දේවල්. එකතැන ඉද්දි එන ස්ට්‍රෙස් ගතිය නැතිම වෙලා ගියා. මමනං ධර්මය, භාවනාව වගේ දේවලුත් කරන්න පුරුදු උණා. ඔයා දැනට උඩ ටික කරල බලන්නකො.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,374
    6,205
    113
    Puluwannam koluwo me kiyana de therum ganna.serama balanna.meka balanna one kiyala hangimak awath athi.katath jiwithe ohoma thamai sithuwili walin pirila wadi.me wage video balanna athal 1k karagaththoth jiwithe maruwata Rasa widinna puluwan.
     
    isuru58

    Junior member
  • Nov 2, 2016
    116
    7
    18
    මල්ලි උබ තාම පොඩි එකෙක් , උබ වැඩියෙන්ම ආසා කරන දේ කරපන් . ජීවීතේ කියන්නේ ගේම් එකක් . එකෙදි ඔනේ සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි .
     
    funny hacker

    Junior member
  • Feb 3, 2014
    30
    24
    8
    Bulathsinhala
    මමත් ඉංජිනේරුවෙක් වෙන්න හිතාගෙන තමයි al පටන් අරන් වැඩ කරගෙන ගියේ.පලවෙනි පාර c3 යි.මට එහා පැත්තෙ එකා මොරා ඉන්ජිනියරින්.අනිත් පැත්තෙ එකා පේරා ඉන්ජිනියරින්.කමක් නෑ මටත් පුලුවන්නෙ හොද රිසාල්ට් එකක් ගන්න කියලා දෙවෙනි පාර කලින්ට වඩා මහන්සි වෙලා ලිව්වා.A1 B2 යි.ඒත් ඉංජිනියරින් යන්න මදි.
    ගෙදරින් කිව්වා සල්ලි දෙන්නම් sltc යන්න කියලා මට scholarship එකකුත් හම්බුනා 70% ක ඒත් ගියේ නෑ.ආපහු විබාගෙ ලියන්න හිතකුත් නෑ.දෙමව්පියන්ට වයසයි දැන්.
    කැම්පස් පොත යවන්න හදද්දි දැක්ක සබරගමුව කැම්පස් එකේ තියෙනවා surveying science කියලා ඩිග්‍රි එකක්.පොඩ්ඩක් හොයල බලලා හොදයි කියපු නිසා දැම්ම.ඕනවටත් වඩා රිසාල්ට් තිබ්බ නිසා නිකන්ම සෙට් උනා.
    ඔතනින් තමා කතාවෙ හොදම ටික පටන් ගන්නෙ.කැම්පස් ගියා.රැග් තියෙනවා.අවුලක් නෑ.මාස කිහිපයක් ගියා රැග් එක ඕනවටවඩා යන්න ගත්තා.ලමයි ගුටි කනවා.ලොකු ලොකු ප්‍රශ්න.මාත් එක්ක හිටපු එකෙක් හොදටම අවුලෙන් අඩ අඩ කියවනවා හැමදාම රෑට.කාමරේ හතරයි ඉන්නෙ.දවසක් උදේ ඇහැරෙනකොට උගෙ රෙදි මුකුත් නෑ හොරෙන්ම ගෙදර ගිහින්.කිව්වනන් යන්න දෙන්නෙ නැති නිසා හොරෙන් ගිහින්.ඔය අස්සෙ එකෙක් එල්ලෙනව හොස්ටල් එකේ.පොතක් අල්ලන්නවත් හිතෙන් නෑ.එක දවසක් පොතක් හොයද්දි අහු වෙනවා රූම් එකෙ එකෙක් depression වලට බෙහෙත් ගන්න ක්ලිනික් පොතක් වගේ එකක්.වැඩි විස්තර ඕන නෑ.සරලවම කිව්වොත් ඉගෙන ගන්න ගිය තැන ඉගෙනගන්න හම්බුනේ නෑ.නිකන් මානසික ලෙඩෙක් වගේ උනා.දවසක් ඉන්නම බැරි පාර ගෙදර ඇවිත් විස්තර ගෙදෙට්ට කිව්වා.ගෙදරින් යන්න එපා කිව්ව ආපහු.ඒත් ගියා.
    ඩිග්‍රි එක කොහොමත් මම ගන්නවා.ඒක නවත්තන්න කාටවත් බැ.මමත් විබාගෙ පාස් වෙලානෙ ගියේ.ක්ලාස් ඕන නෑ.
    ඉස්සර ඉදන්ම උවමනාව තිබ්බ stock market එකේ invest කරන්න.කොරෝනා කාලෙ පොඩ්ඩක් වෙලාව ලැබුනු විදිහට වැඩේ පටන් ගත්තා මන් ඉතුරු කරලා තිබ්බ සල්ලි වගයක් දාලා.තව යාලුවෙක් එක්ක එකතු වෙලා පොඩි වෙබ් එකකුත් කරගෙන යනවා.

    ජීවිතේ කාලෙන් කාලෙට එක එක අවුල් තැන් එනවා මචන්.කාපට් පාරවල් වගේ ගැස්සෙන්නෙ නැතුව සැපේ යන්න නං හම්බෙන්නෙ නෑ හැමදාම.කාටවත් කරදරයක් නොකර උබ කැමති පාරකින් ඉස්සරහට යන්න බලපන්.යාලුවො එක්ක දෙමව්පියෝ එක්ක වෙනදට වඩා කතා කරන්න බලපන්.උබටවඩා ප්‍රශ්න තියෙන අය තව ඇති ඕන තරම්.

    Al වලින් උබේ ජීවිතේ තිරණය කරන්න බෑ මචං.කැම්පස් ගියා කියලත් වැඩක් නෑ.

    පාරවල් ඕන තරම් තියෙනවා.උබට ගැලපෙන පාර තෝරගන්නයි තියෙන්නෙ.උබට ජය 😀
     
    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    කතාව කොතැනින්දැයි පටන් ගන්නේ කියල හිතා ගන්න බෑ
    දැන් මට අවුරුදු විස්සක්
    මම උසස් පෙළ ලියල දෙවෙනි වතාවේ ආපහු ලියන්න හැදුවේ
    මට මේ අවුරුද්දේ මුල මානසික ලෙඩක් හැදුන
    මගේ පාඩම් වැඩ කරගන්න බෑ
    බෙහෙත් අහුරක් බොනවා උදේ රෑට
    මගේ අනාගත බලාපොරොත්තුව උනේ ඉංජිනේරුවෙක් වෙන්න
    දැන් තව අවුරුද්දක් පස්සට දාල විභාගේ ලියන්න හැදුවේ
    ඒත් මට පාඩම් කරගන්න හිතක් ඇත්තෙත් නෑ
    පුදුම කලකිරීමක් තියෙන්නේ ජීවිතේ
    පට්ට විදියට තරහ යනවා මට
    සමහර වෙලාවට මට ජීවිතේ නැති කර ගන්නත් හිතෙනවා
    මගේ අම්ම අද ඇඩුවා මගේ කලින් විදියයි දැන් විදියයි වෙනස් කියල
    මට කිසි දෙයක් කර ගන්න බෑ පුදුම බයක් හිතට දැනෙන්නේ
    අනේ මචං මගේ හිත සනසන්න වචනයක් හරි කියාගෙන පලයල්ලා
    oyage oya enginner kenek wenna hadana heene nisama oyge molaya awul unado kiyala mata hithenawa. oita wada honda nedda wena interesting field ekak thoraganna eka. Computer side eke......mage neda puthek innawa A/L weda 3 nama fail deparama. passe eyawa demma SLITT eke computer course ekaka karanna ( programme developer ) eka eya asawen kala. ethanininma girl kenek set una eyata hithgannawath beri high mattame Doctor family ekakin.den edenna marry karala lassanata jeewath wenawa.thaman asa field ekak thora gaththahama maanasika peedanaya hungakma aduui.
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Machan exam walata baya wenna epa. Eka ashirwadayak kiyala hithapan. Uba O/L walata baye O/L kare naththam ubata A/L karanna wenne na ne. Exam hinda thamai uba jeewithe adiyen adiya udata yanne. Manasika peedanaya exam ekka enawa machan. Hithe haiya hari wadagath. Mona prashna awath mama isasarahata yanawa kiyala hithapan. Ube oya manasika gatalu kath ekka hari kiyalan. Amma ekka wage. Ethakota hitha sahallu wenawa. Ube beheth tika beepan machan. Ape brain eke chemical balance eka adu wunama thamai ohoma wenne. Beheth walin karanne oya chemical imbalance eka hadana eka. Ubata monahari udawwak one nam PM ekak dapan bun. Puluwan udawwak karannam. Uba kohamahari A/L goda dagani kiyala hithenawa. Ikmanata oya manasika peedana adu wewa. Budu saranai.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    හිතන්න එපා මචන්, ඕව මහලොකු දේවල් නෙවෙයි.. ඔයිට වඩා දේවල් මේ ලෝකේ මිනිස්සුන්ට වෙනවා.
    ඉවසීමෙන් ඉදන් වැඩටික කරගනින්..

    අම්ම ඇඬුව කියල උබට දුකයිනම් දවසක අම්මව ඊටත් වඩා සනසවපන් උබ හොඳ තැනකට ඇවිත්..

    උබට කියන්න ඕනතරම් උදාහරණ මගෙ ජීවිතේ තියෙනව මල්ලි. වැදගත්ම එකක් දැන් කියන්නම් උබට හයියක් වෙයි කියල හිතලා

    මල්ලි මම පළවෙනි පාර ඕලෙවල් ෆේල්, විශයන් තුනයිද කොහෙද පාස් මතක විදියට. එදා අම්ම ඇඬුවා සෑහෙන්න. මොකද අවුරුදු ගාණක් ස්කෝලේ ගිහිල්ලා තිබුන ලොකුම විභාගයක් ෆේල් වුනා කියන්නෙ දෙමව්පියන්ට කොහොම දැනෙනව ඇතිද..

    මම දෙවෙනි පාර කලා ආයෙම, ඒ වතාවෙත් හිතන තරම් රිසල්ට් එකක් තිබුනෙ නැහැ. ඒත් ඒලෙවල් කරන්න පුලුවන්කම තිබුනා ආර්ට් නැතුව.
    ඒලෙවල් කලා මචන්, ඒත් හිතන් ඉදපු රිසල්ට් එක ආවේ නැහැ. 1st shy එකෙන්ම කැම්පස් යන්න බලාපොරොත්තුවෙන් ඉදියේ.
    මම වැටුනේ නෑ, මට ඒ වෙනකොට ඕනවෙලා තිබුනේ කොහොමහරි කරල ඉක්මන්ට තැනකට එන්න.. ආයෙ වතාවක් ඒලෙවල් කරලා කැම්පස් ගිහින් කාලෙ නාස්තිකරන්න ඕනකමක් තිබුනෙ නැහැ. මොකද ඕලෙවල් ෆේල් වෙලාම අවුරුද්දක් නාස්ති වුනා නිකන්ම..

    ගෙදරින් ආයෙ ඒලෙවල් කරපන් කියද්දි මම ඒක අතෑරල තිබුන රිසල්ට් එකෙන් අවුරුදු තුනක ඩිප්ලෝමා එකක් කරන්න ගියා..
    ගිහිල්ල ඒකෙ අවුරුද්දක් ගියාම ඒක කරන්න බෑ කියල අස්වෙලා ආවා...

    ඒකෙනුත් අයින්වුන පාර මගෙ ජීවිතෙන් අවුරුදු දෙකක් නිකරුනේ නාස්ති වුනා..

    කොහොමහරි ඒකෙන් අයින් වෙලා මම කැමතිවෙලා ඉදිය ෆීල්ඩ් එකකින් Higher education කලා.

    දැන් ඒ ඔක්කොම ඉවරයි, මම අද හොඳ කම්පැණියක QA Executive කෙනෙක්.

    අද මට කිසිම පසුතැවීමක් නැහැ වුන දේවල් ගැන.. මොකද ඒ හැමදේම මගෙ හොඳට වුනේ කියල මම දන්නවා..

    ඕලෙවල් ෆේල් වුනේ නැත්නම් අනිවාර්යයෙන් මම උසස්පෙළට ආර්ට් කරන්නේ,
    කලින් අස්වුන ඩිප්ලෝමා එක දිගටම කලානම් අද තවමත් ඒක කම්ප්ලීට් නැතුව රස්සාවක් නැතුව ඉන්නවා.. (හේතු ඔක්කොම එකින් එක කියන්න බෑ දැන්, මොනා වුනත් මම එදා අවුරුදු දෙකක් ජීවිතේ ෆේල්වුනේ නැත්නම් අද මම ඉන්න හොඳ තැන මට නොලැබෙන්න තිබුනා..)

    මගෙ අම්ම අඬල ඇති බන් මම නිසා සෑහෙන්න, ඒත් අද ඒ හැමදේටම හරියන්න එයාල සතුටුවෙනවා මම ගැන. උබට මේක කියනව් වෙලේ මට ඒ දේවල් මතක් වෙලා ඇහැට කඳුලු එනවා..

    වැටෙන්න එපා මල්ලි, උබට අතපය හතර නැතිවෙලා නෑනේ. ලෙඩක් නම් ඒක බෙහෙත් බීල හොඳකරගනින්..
    ජීවිතේ ගොඩදාගනින් පුලුවන් විදියට හෙමින්සැරේ..
    ගුඩ් ලක්:love:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    ado menna balano.api campus gihilla thama job na kalakanni wage
     
    • Like
    • Sad
    Reactions: Tharaka_x and Erzo

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    Futher i tell u this for your moral up. I do maths for AL but not get through.. i do NIBM and started my own computer shop and done ot for 20 years.. end of that i turned to astrology and related field.. someday now im earning xxxxx fogure money just one day... so if exams fails dont worry.. if u have immense courage.. u can b a millionaire... even a billionaire...
     
    • Love
    Reactions: Tharaka_x and Boole