Questions ජීවිතේ ගොඩදාගන්න උදව්වක් දෙන්න යාලුවනේ

Ahinsaka kolla

Active member
  • Dec 18, 2021
    93
    158
    33
    මචන්ලා මට ඔයාලගෙන් පොඩි උපදෙස් ටිකක් ඔනේ ප්‍රශ්න වගයක් තියනවා. මට ඔනේ මගේ ජිවීතේ ගොඩ දාගන්න.
    මේකයි මචන් සිද්දිය,

    1.මම සාමන්‍ය් ජොබක් කරලා පොඩි සැලරි එකක් ගන්න කෙනෙක්. මම ඉන්නේ අම්මයි තාත්තයි එක්ක ගනේමුල්ලේ ප්‍රදේශයේ. මට දේපල කිය්ලා මුකුත් නෑ. ඒත් මට ඔනේ මගේ දේවල් තනියම ගොඩ නගාගන්න.ඒත් මට කිසි දෙයක් කරන්න හිත දෙන්නේ නෑ.මට කිසි ස්කිල් එකක් නෑ කියල හිතෙනවා.ඒත් මට මුකුත් කරන්න හැකියාවක් නෑ කියලත් හිතෙනවා. මට මෝටිවේශන් තිබ්බට ඒක ක්ශනිකව නැති වෙලා කම්මැලි වෙනවා. මටත් ඔනේ බන් අනිත් අය වගේ හොද වාහනයක් ගෙයක් දොරක් හදන් ඉන්න. ඒත් මට බයික් එකක්වත් නෑ. මං ගාව ඉතුරු කරපු සල්ලිවත් නෑ. මොකක් හරි නිසා වියදම් වෙනවා.

    2. මගේ ආදර සම්බන්දයක් තියනවා දැන් අවු: 4ක් තිස්සේ. ඒ කෙල්ල නම් ගොඩක් හොදයි. එයාගේ first love මම. එය උගත් බුද්දිමත් කෙනෙක්.පට්ට ඉවසීමක් තියෙනවා. ඒත් මචන් එයා ගෙදර අයත් එක්ක ගොඩක් සමීපයි. මම එයා මත්තෙම නහින කෙනෙක්. පොඩ්ඩ ඇත්නම් මට අව්ල් යනවා.එයාගේ පොඩි වෙනස්ක් දැනුනත් ඇති මට අව්ල් යන්න. මම එයාව හැම අවුරුදදෙම පොඩි පාටි එකක් දාලා යාලුවොත් එක්ක පාටියක් දෙනවා. ඒත් එයා කවදාවත් මං වෙනුවෙන් එහෙම දෙයක් කරලා නෑ. හරියට මං ගැන ඩෝන්ට් කෙයා සීන් එකේ ඉන්නේ. හැබැයි මට ආදරෙයි.වෙන කොල්ලො සීන් නම් නෑ. ඒත් මචන් මම එහෙම ලස්සන කෙනෙක් නෙමෙයි. ස(ල්ලි ලොකුවට නැති, ලස්සන නැති කෙනෙක්. මගෙ මුනේ ලොකු වලවල් එහෙමත් තියනවා කුරුලෑ කඩපුවම එන වලවල්. ) එයාට සල්ලි තියනවා හොදටම. එයා කැමති මම ලස්සනට අදිනවා පලදිනවා දකින්න.ඒත් මට එහෙම හිතෙන්නේ නෑ බන්. මම ඔහේ යනවා. මට වියදම් කරන්න සල්ලිත් නෑනේ ලොකුවට. මට ඔනේ එයත් එක්ක නිතරම කතාකරන්න. ඒත් එයා එහෙම නෑ. එයාට ජොබ් එකට ගොඩක් ෆෝකස් කරනවා වගේම ගෙදර අයත් එක්කම ඉන්නයි ඔනේ.ඉතින් මට අව්ල් යනවා. මට එයාව ගොඩක් ලොකු වෙලා වගේ. ඒත් එයාට එහෙම නෑ. මට තරහ වෙලා ඉන්නත් බෑ ගොඩක් වෙලා. අනිත් එක එයා සෙක්ස් වලට ගොඩක් නැබුරු කෙනෙක් නෙමෙයි. මම තමයි බලෙන්ම ෆිල්ම් එකක් හරි බලන්න එක්කන් යන්නේ.ඒත් පොඩි පොඩි දේවල් තමයි වෙන්නේ. අනික කවදාවත් සෙක්ස් ගැන ෆෝන් එකෙන් වත් කතා කරලා නෑ. එයා මාත් එක්ක කතා කරන්නෙ හරිම පිලිවෙලට. හැබැයි එයලගේ පවුලෙ අයත් හෙන වැදගත්. කවුරුත් නරක අය නෑ. මට මචන් මෙයත් එක්ක ඉද්දි ගොඩක් හැගීම් එනවා. ඒත් එයාට එහෙම නෑ. මට ඒ සෙක්ස් හැගීම් එන එකත් නවත්තන්න ඔනේ කියලා හිතෙනවා මොකදා එයාට මාව ඒක නිසාම එපා උනොත් කියලා මාර අවුල්. මේකට ක්‍රමයක් තියේද මචන්? ඒකි අව්ල් කෙල්ලෙක් නෙමෙයි. හරිම හොද කෙනෙක්. මට නැති කරගන්න ඔනෙ එයා මත්තෙම නහින එක. ඒත් මට වැඩිය කතා නොකර ඉන්නත් බෑ එයත් එක්ක. මාව අව්ල් යනව. අනිත් එක මට යාලුවො නෑ. කොහෙවත් යන්නෙවත් නෑ මම. එයාම කියනවා යලුවොත් එක්ක ඇවිදලා කරලා ඉන්න කියලා.එයා නම් යලුවොත් එක්ක යන්නෙ නෑ පවුලේ අයත් එක්ක සෑහෙන්න ට්‍රිප් යනවා.
    මට ඔනේ මගේ අවුල් ටික හදන් ඉස්සරහට යන්න බන්.පුලුවන්නම් මට මේකට උපදෙසක් දෙන්න

    ස්තුතියි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,099
    113
    34
    Kalutara
    ලස්සනට ඇඳලා කරලා ඉඳපන් කෙල්ල වෙනුවෙන් නැතත් තමන් වෙනුවෙන්,.

    තොට යාළුවො නැත්තන් කොහොමද කෙල්ලට යාළුවො එක්ක පාටියක් දෙනවා කියන්නේ? 😏
     
    Ahinsaka kolla

    Active member
  • Dec 18, 2021
    93
    158
    33
    ලස්සනට ඇඳලා කරලා ඉඳපන් කෙල්ල වෙනුවෙන් නැතත් තමන් වෙනුවෙන්,.

    තොට යාළුවො නැත්තන් කොහොමද කෙල්ලට යාළුවො එක්ක පාටියක් දෙනවා කියන්නේ? 😏
    නෑ මචන් යාලුවො කිව්වේ එහෙම යාලුවො නෙමෙයි කෙල්ලගෙ යලූවො දෙතුන් දෙනෙක් සෙට් කරන් පොඩි පටියක්. ඒ යාලුවෝ එදාට විතරයි. මට බොක්කේ ෆිට් යාලුවො නෑ බන්. අවශ්‍ය තාවයට කතා කරන උන් විත්රරයි ඉන්නේ. ඒක නිසා මම තනියම ඉන්නේ.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,192
    4,887
    113
    Abyss
    ලස්සනට ඇඳලා කරලා ඉඳපන් කෙල්ල වෙනුවෙන් නැතත් තමන් වෙනුවෙන්,.

    තොට යාළුවො නැත්තන් කොහොමද කෙල්ලට යාළුවො එක්ක පාටියක් දෙනවා කියන්නේ? 😏
    ගොඩක් අයට function වලට එහෙම යාලුවෝ හිටියට තමන්ව judge කරන්නේ නැතුව
    ප්‍රශ්නයක් කියන්න පුලුවන් යාලුවෝ ඉන්නේ ගොඩක් අඩුවෙන්.. මෙයාට එහෙම
    යාලුවෝ නැතිව ඇති ..

    Anyway Bump..

    නෑ මචන් යාලුවො කිව්වේ එහෙම යාලුවො නෙමෙයි කෙල්ලගෙ යලූවො දෙතුන් දෙනෙක් සෙට් කරන් පොඩි පටියක්. ඒ යාලුවෝ එදාට විතරයි. මට බොක්කේ ෆිට් යාලුවො නෑ බන්. අවශ්‍ය තාවයට කතා කරන උන් විත්රරයි ඉන්නේ. ඒක නිසා මම තනියම ඉන්නේ.
    හෑ.... දෙන්නම් එක පාර reply කරලා තියෙන්නේ ... lol
    ------ Post added on Dec 18, 2021 at 9:47 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    Uba supiri boot ekak kanna yanne brother.depalakuth nattan danma ratin yana eka thama hoda ganiwath amataka karala
     
    • Like
    Reactions: Master malli

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,149
    113
    එකමත් එක රටක
    මම එයා මත්තෙම නහින කෙනෙක්.
    මට ඔනේ එයත් එක්ක නිතරම කතාකරන්න. ඒත් එයා එහෙම නෑ. එයාට ජොබ් එකට ගොඩක් ෆෝකස් කරනවා වගේම ගෙදර අයත් එක්කම ඉන්නයි ඔනේ.
    ඒත් මට බයික් එකක්වත් නෑ. මං ගාව ඉතුරු කරපු සල්ලිවත් නෑ.
    මට කිසි දෙයක් කරන්න හිත දෙන්නේ නෑ.මට කිසි ස්කිල් එකක් නෑ කියල හිතෙනවා.

    උබ නිකන් කම්මැලි නෙගටිව් විදියටම හිතන එකෙක් වගේ නේ.
    කෙල්ල හරි. ෆෝන් වල ඇලිල මල් කඩනවා වෙනුවට පවුල එක්ක ඉන්න, අනාගතේ ගැන ෆෝකස් කරන කෙල්ලෙක්. උබ ඔය ගොබ්බ විදියටම හිටියොත් ඒකි හරිහමන් එකෙක් හොයාගනී.. :rofl:
     
    Ahinsaka kolla

    Active member
  • Dec 18, 2021
    93
    158
    33
    උබ නිකන් කම්මැලි නෙගටිව් විදියටම හිතන එකෙක් වගේ නේ.
    කෙල්ල හරි. ෆෝන් වල ඇලිල මල් කඩනවා වෙනුවට පවුල එක්ක ඉන්න, අනාගතේ ගැන ෆෝකස් කරන කෙල්ලෙක්. උබ ඔය ගොබ්බ විදියටම හිටියොත් ඒකි හරිහමන් එකෙක් හොයාගනී.. :rofl:
    අන්න හරි බන්. මට ඔනේ මේ ගොබ්බ ගතියෙන් මිදෙන්න. කෙල්ල ජීවිතෙම කියල හිතෙනවනේ. මේකිට බොරුවක් කරන්න හිතෙන්නෙත් නෑ. මටත් ඔනේ මේකිට මම පර්ෆෙක්ට් කියලා පෙන්නන්න.
    මම ඉස්සර නෙගටිව් නෑ බන් ඒත් දැන් 2yrs වගේ ඉදාලා තමා මෙහෙම උනේ.

    Uba supiri boot ekak kanna yanne brother.depalakuth nattan danma ratin yana eka thama hoda ganiwath amataka karala
    Rata යන්නත් මොනවහරි කරන්න වෙනවනේ බන්. අනික සල්ලි, skill එකක් ඔනේ.
    ------ Post added on Dec 18, 2021 at 9:54 PM
     
    • Love
    Reactions: jennt

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මම එයාව හැම අවුරුදදෙම පොඩි පාටි එකක් දාලා යාලුවොත් එක්ක පාටියක් දෙනවා
    මං ගාව ඉතුරු කරපු සල්ලිවත් නෑ. මොකක් හරි නිසා වියදම් වෙනවා

    Okkotama kalin thamanta kiyala personality ekak hadaganna.
    Wena kenek wenuwen dreams hadanna kalin thamange target hadanna

    wahanayak ganna kamati kollek, laksha 2k dila bike ekak hari ganna balanawa. passe eka tika tika upgrade karanna balanawa
    aduma gane eeka maintain karanna salli hamba karanna try karanawa. nikan boruwata party dala kella hitha wenas wela giyoth okkoma habak
     
    Ow machan oya kiyapu de hari. Mama mage target ekak gena hithanne ne eka mata therenwa. Eth mata eka wenas krnna kale hri dn. Ekai mama meke demmeth meka. Mata mage abilities identify karagnnath be mchn.eth eka krnna one kiyala therenwa.
    Godak sthuthiy machan
     
    • Like
    Reactions: Jack_Sparrow

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මේකේ ගොඩක් උන්ට තියෙන්නේ කෙල්ලො ප්‍රශ්න නැත්නම් සෙක්ස් ප්‍ර‍ශ්න එහෙමත් නැත්නම් කොන්ඩම් ප්‍රශ්න ඒවත් නැත්නම් එහා ගෙදර ඉන්න එකා ගැන හරි ප්‍රශ්න ..මොන හු යන්නක් ද අන්න අරහේ රට බන්කොලොත් වෙන්න යනවා වරෙන් රට ගොඩ දාන්න එතකොට කම්මැලිකම නැතිවෙයි :lol:
     
    Sen-lu

    Well-known member
  • යන්න ඕන උනොත් උඹ දෙයියන්නාන්සෙ උනත් ගෑනු නම් දාලා යනව පුතෝ. හොඳ බූට් එකක් කාල පොඩ්ඩක් විඳෙව්වෙ නැත්නම් ගෑනු ගැන තේරුම් ගන්න බෑ. පිටට පිහියෙන් අනින යාලුවෙක් සෙට් උනේ නැත්නම් මිනිස්සු තේරුම් ගන්න බෑ. අපිට උපතින් ආපු චරිත ලක්ෂණ තියෙනව එක්ස්පීරියන්ස් එන්නෙ නැතුව කව්රු කිව්වත් ඒව වෙනස් වෙන්නෙ නෑ.

    කරන්න පුළුවන් එකමදේ උඹට ඇත්තටම සතුට එන්නෙ මොනා කරාමද කියල හොයා ගන්න එක. හොයාගෙන ඒක accomplish කරන්න try කරපං. තමන්ට වෙනස් කරන්න බැරි බාහිර දේවල් ගැන වැඩිය වද වෙන්න එපා.

    හැබැයි උඹ කියන්නෙ බොරුවක් කියලයි මට හිතෙන්නේ. උඹ අර ඇටෙන්ෂන් හොයන මානසික ලෙඩා නෙවෙයිනෙ නේද??