ජීවිතේ ජීවත්වෙමු

^Chamith^BE_ONE

Active member
  • Aug 27, 2014
    348
    64
    28
    අදාල නෑනේ
    ජීවිතේ ජීවත්වෙමු


    attachment.php



    ජීවිතේ....

    අපි කාටවත් හිතාගන්න බැරි,තේරුම් ගන්න බැරි,අරුම පුදුම ජීවිතේ....
    වෙලාවකට සොමිබරයි,
    වෙලාවකට දුක්බරයි....

    හුඟාක් අය ජීවිතේ ගැන දන්නෙවත් නෑ,
    ඔහේ ජීවත් වෙනවා,
    ජීවත් වෙන්නේ ඇයි,ජීවත් වෙන්නේ කවුරු වෙනුවෙන්ද කියලවත් සමහරු දන්නේ නෑ....

    හැබැයි,
    අපි හැමෝම ජීවිතේ ජීවත් වෙනවා...

    සමහරු පරණ මතක තුරුළු කරං ජීවත් වෙනවා...
    ඒ මතක බොහෝවිට දුක්,කඳුලු පිරුණු මතක..

    තවත් සමහරු අතීතේ වෙච්ච රසවත්,ආදරණීය මතක පොදි බැඳගෙන සතුටින් ජීවත් වෙනවා...

    ඔය අතරේ බොහෝම සුළු දෙනෙක් අද දවසේ ජීවත් වෙනවා,
    වර්තමානය දකිනවා,විඳිනවා ජීවත්වෙනවා...

    ජීවිතේ නියම සතුට තියෙන්නේ අද දවසේ,මේ මොහොතේ කියන්නේ ඇත්තක්...

    ඊයේ වෙච්ච දේවත්,හෙට වෙන්න තියෙන දේවත් නිසා නෙවෙයි අපේ සතුට තීරණය වෙන්න ඕනි...

    අද දවසේ,මේ මොහොතේ තෘප්තිමත්ව ජීවත්වීමයි,ජීවිතේ ජීවත්වෙන හරි විදිය...

    ඒ නිසා අපි ජීවිතේ ජීවත්වෙමු,
    මේ මොහොතේ...

    ගතවෙන හැම මොහොතකම සතුටින් ජීවිතේ විඳිමු,
    "දුක් , කඳුළු" හෙටට කල් දාමු...

    අද දවසේ,මේ මොහොත සතුට වෙනුවෙන්,සිනහව වෙනුවෙන්,ජීවිතේ වෙනුවෙන් වෙන්කරමු...

    එන්න,
    අපි ජීවිතේ ජීවත්වෙමු.....


     

    Attachments

    • 64.jpg
      64.jpg
      17.5 KB · Views: 77