ජීවිතේ ලස්සනයි.
[FONT="]ජීවිතේ හරිම ලස්සන දෙයක්. ඒත් කේන්තිය, පසුතැවීම, සැකය, සාංකාව, දුක වගේ හැඟීම් වලින් ඒ ජීවිතය අවලස්සන වෙනවා. ඇත්තෙන්ම කියනවානම් අවලස්සන වෙනවා නෙමේ අවලස්සන කර ගන්නවා අපිම. අපි අවට ජීවත්වෙන කිසිම කෙනකුටවත් කිසිම දේකටවත් බෑ අපේ හිතේ කේන්තියක්, පසුතැවීමක්, දුකක් ඇති කරන්න. දැන් බලන්න අපි ඇවිදගෙන යද්දි එක පාරටම අපේ කකුලෙ මොනා හරි වැදුනම අපිට කේන්ති යනවා. ඉන් පස්සෙ අපි මොකද කරන්නේ, ඒ කේන්තිය හේතුවෙන් ප්‍රතිචාරයක් දක්වනවා. පොඩි ළමයිනම් ඒ වැදිච්ච දේට එයාමහරි වැඩිහිටියෙක් හරි දඬුවමක් දෙනකන් සැනසෙන්නේ නෑ. වැඩිහිටියො වුනත් එහෙමයි.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඊයෙ පෙරේදා මේ වගේ වැඩක් මටත් උනා. පානදුරේ ස්ටේෂන් එක ලඟ තියෙන කුණු ගොඩේ ගඳට ඒ පැත්තෙ පළාතේ ඉන්න බෑ. මිනිස්සු එතනින් ඇවිදින්නේ නහය අතින් තද කරන්. ලඟදි මාත් එතනින් කෝච්චියෙ යද්දි ඒ ගඳ දැනුනා. කිසිම කථාවක් නෑ අනිත් මිනිස්සු වගේම මගේම අතින් මගේ නහයත් වැහුනා. ඒ එක්කම කේන්තියකුත් ඇති වුනා. මේ මිනිස්සු ඇයි මෙහෙම කුණු දාන්නේ කියල. ඒත් ආයිත් දැනුනා අහවල් දේකට ද මේ ගඳ ගහන කුණු ගොඩක් නිසා මන් කේන්ති ගන්නෙ කියලා. එහෙමම හිත හදා ගත්තා, මේක කුණු ගොඩක්නේ, මන් මොකට ද අහක දාන දේ පිරිච්ච කුණු ගොඩකින් මගේ හිත අවලස්සන කර ගන්නේ.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]සමහරවිට අපි අපේ ජීවිතේ ඇති කරගෙන තියෙන සබඳතා නිසාවෙන්, ආශ්‍රය කරන මිනිස්සු නිසාවෙන්, අනෙක් අතට විශේෂයෙන් ම අපේ පවුලේ අය සහ අනිකුත් ඥාති මිත්‍රයො නිසාවෙන් දුක ඇති කර ගන්නවා. සබඳතා පවත්වාගෙන යද්දි සහකරුවා හරි සහකාරිය හරි අපි අකමැති දෙයක් කරනවානම් ඔන්න අපි කේන්ති ගන්නවා. එහෙම නැත්නම් අපිට ඒ කෙනා වෙනුවෙන් කර ගන්න බැරි දෙයකට පසු තැවෙනවා. ඒ විතරක් නෙමේ මේ වගේ අශුභවාදී, සෘණ හැඟීම් නිසාවෙන් අපේ හිත අපි අවලස්සන කර ගන්නවා. ඒකෙන්ම අපේ ජිවිතෙත් ඒ හිදියට ම අවලස්සන කර ගන්නවා. දෙමාපියො ඉඩම් කෑල්ලක් නොදුන්නා කියලා කොයි තරම්නම් සමහරු තමන්ගේ හිතේ කේන්තිය පුරවනවා ද තමන්ගෙම දෙමාපියො නිසාවෙන්. ඇහෙට පේන, අහන්න දකින මිනිස්සු නිසාවෙන් අපි කොයි තරම් නම් හිත රිද්දෝගන්නවාද. ඒකෙන් දැනෙන්නේ දුක මිසක් වෙන දෙයක් නෙමේ.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]සමහරු එයාලා ආදරය කරන කෙනෙක්, ආරක්ෂා කරන කෙනෙක් තවකෙනෙක් එක්ක ඉන්නවා දකිද්දි කේන්තියක් ඇති කර ගන්නවා. බයක් ඇති කර ගන්නවා අනේ මෙයා මාව දාලා යයි ද, මාව අමතක කරයි ද කියලා. එහෙම ම දුකක් ඇති කර ගන්නවා අනේ අහවලා මාව දාලා ගියොත් මාව තනිවෙයි, මට පිස්සු හැදෙයි කියලා. ඇත්තෙන්ම එහෙම බැලුවම සමහරු ආදරෙයි කියලා තව කෙනෙක්ව ජීවිතේට ලන් කරන් ඉන්නේ පාළුව දුරු කර ගන්න. ඒකනෙ සමහර අය සමහරුන්ව දැක්කම අහන්නේ කොහෙද මෙච්චර කාලයක් ගිහින් ඉඳියෙ, අපිව දැන් මතක් වෙන්නේ නෑ නේ, අපි කළුයිනේ වගේ දේවල්. අනික සමහරු කථා කළාම කියන්නේ ආ කොහොම ද නිකන් ඉද්දි මතක් වුනා ඒකයි මේ කතා කළේ කියලා. ඒ කියන්නේ සමහරුන්ට තමන්ගේ වැඩ ඉවර වුනාම විතරයි අනිත් කෙනාව මතක් වෙන්නේ. ඒ තරම්ම බිසී. කාර්යබහුලයි. ඒත් ඒ විදියට මොකට ද අපේ පාළුවට විතරක් අපි අන් අයව ලන් කර ගන්නේ. ඒ අනිත් කෙනා අපි ගැන මොනවා හිතනවාද, අපෙන් ඒ කෙනා මොනවා බලාපොරොත්තු වෙනවා ද කියලා අපි චුට්ටක්වත් හිතනවා ද ? නැහැ. ඒත් අපි පාළුවෙන් ඉන්න වෙලාවට ඒ කෙනාට කථා කරලා කථා කර ගන්න බැරි වුනොත් ඔන්න් අපිට දුකයි, කේන්තියි. හැබැයි අපි එහෙම කරද්දි දුකක් නෑ. මෙතන තියෙන්නේ පැහැදිලි ආත්මාර්ථකාමීත්වය. ඒක පදනම් වෙන්නේ තණ්හාව උඩ. තණ්හාව කියන්නේ සත්වයකුගේ ජීවිතේ සැනසීම නැති කරන අංගයක්. ඉතින් ඒ අංගය අපේ ජීවිතේට ඇයි අපි තව කෙනෙක්හරි, දෙයක් හරි නිසාවෙන් ඇති කර ගන්නේ ?[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]තවත් වෙලාවට සමහරුන්ගේ ක්‍රියාවන් නිසාවෙන් තව කෙනකුට ඒ කෙනා ලඟ ඉන්න බැරිව ඒ කෙනාගෙන් වෙන් වෙනවා. නැත්නම් ඈත් වෙනවා. ඇත්තෙන්ම කෙනකුට තව කෙනෙක් එක්ක සාර්ථක සම්බන්ධතාවක් පවත්වාගෙන යාම හිතන තරම් ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. හැබැයි එහෙම ජීවත්වෙන මිනිස්සු අතළොස්සක් මේ සමාජයේ ජීවත් වෙනවා. බහුතරයකට සම්බන්ධතා සාර්ථකව පවත්වාගෙන යන්න අපහසුයි. පවුල් ජීවිතේ දී මේ විදියට හිතේ නොයෙක් දුක් පොදි බැඳන් තමන්ගේ දරුවො නැත්නම් දෙමාපියො වෙනුවෙන් අසතුටින් පිරුණු ජීවිත ගෙවන අය ඕනා තරම් මේ ලංකාවේ ජීවත් වෙනවා. ඒ අය තමන් කළ දේ ගැන පසුතැවෙනවා. සමහර වෙලාවට සමහරු කෙනෙක් එක්ක ජීවත් වෙන්න බැරි නිසා ඒ කෙනාගෙන් ඈත් වෙලා ඉද්දි තමන්ට ජීවත් වෙන්න පුළුවන් විදියෙ ජීවිතයක් ලබා ගන්නවා. ඉන් පස්සෙ පසු තැවෙනවා චික් අපරාදේ අර කාලෙත් මට මෙහෙමම ඉන්න තිබ්බානම්, නැත්නම් ඒ කෙනත් මේ කෙනා වගේ වුනානම් අදත් මන් එයත් එක්කනේ ද ජීවත් වෙන්නේ වගේ දේවල් හිතලා. මේ හැමදේම නිසා වෙන්නේ ජීවිතේ අසතුටට පත් වීම මිසක් වෙන දෙයක් නෙමෙයි.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේ කිසිම දෙයක් ඒ මිනිස්සු කරන දේවල් නෙමෙයි. බාහිරින් ජිවත්වන මිනිස්සු, දේවල් අපේ කරන් අපි ඇති කරගන්න සිතුවිලි නැත්නම් හැඟීම් නිසාවෙන් අපි ඇති කර ගන්න අසතුට.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]සතුටින් ජීවත්වෙන කෙනාගේ හිතේ අනිත් අය ගැන කේන්තියක්, සැකයක්, තමන් කළ දේ ගැන පසුතැවීමක්, දුකක් ඇත්තේ නෑ. ඒ කෙනා අන් අය ගැන හිතලා දුක් වෙන්නෙ නෑ. සතුටින් ජීවත්වෙන කෙනා කවදාවත් අතීතයේ දේ ගැන පසුතැවෙන්නෙත් නෑ, අනාගතේ මෙහෙම වේවි කියලා බිය වෙන්නෙත් නෑ. සතුට කියන්නේ හරිම පුදුම දෙයක්. විශ්ව නියාමය අනුව සිදු වෙන දේ තමයි යම් දෙයක් වැඩි තැන ඉඳලා අඩු තැනට ගලා යාම. සතුට කියන්නෙත් එහෙමයි. වැඩි තැන ඉඳලා අඩු තැනට ගලා යනවා.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]බලන්න පුංචි උදාහරණයක්. අපි බේත් ගන්න ගිහිල්ලා පෝලිමේ හිටන් ඉන්නවා දොස්තර මහත්තයා එනකම්. වෙලාව පහු වෙද්දි ටිකෙන් ටික කේන්තිය අපේ හිතේ ඇති වෙනවා. ඊට පස්සෙ ඉතින් එක විදියට වාඩි වෙලා ඉන්නවත් බෑ නේ. අපි හුඟක් අය මේ හැඟීම විඳලා ඇති කියලා හිතෙනවා. මෙහෙම දඟලා දඟලා ඉද්දි අම්මා කෙනෙක් වඩාගෙන පුංචි දරුවෙක් එතනට ගෙනාව කියලා හිතන්න. ඒ දරුවා අර කේන්තියෙන් ඉන්න මිනිස්සු දිහා බලන් තමන්ගේ දත් නැති ලොඹු කට පෙන්නලා හිනා වෙද්දි අර කේන්තියට මොකද වෙන්නේ. ඒ වෙද්දිත් කේන්තියෙන් ම ඉන්නවා නම් ඒ මිනිහා මිනිසෙක් විදියට හිතන්න බෑ. අර පුංචි දරුවා දන්නේ නෑ දොස්තර පරක්කුයි කියලා. එයාගේ හිතේ ද්වේශයක් නෑ. ඒත් එයා වටේ ඉන්න මිනිස්සුන්ගේ හිත් ද්වේශයෙන් පිරිලා. ඒ කිසිම කුණු ගොඩක් හිතේ නැති පුංචි දරුවා අම්මාගේ අතේ ඉඳන් හිනා වෙද්දි ටික වෙලාවකින් මොකද වෙන්නේ, අර තිබිච්ච කේන්තිය අඩු වෙලා යන්නේ නැද්ද? සමහරවිට ඔයාලා මේ අත්දැකීම විඳලා ඇති. එහෙම වෙන්නේ අර කලින් කී සතුටෙ තියෙන ගලා යාම නිසාවෙන්.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මරණ ගෙදරක ඉන්න මිනිස්සු දුක් වෙනවා. එතනට යන මිනිස්සුත් දුක් වෙනවා. ඒ දුක ගලන් යන නිසාවෙන්.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]සතුටින් ඉන්න කෙනෙක් එක්ක ජීවත් වෙන්න ලැබෙන එකත් සතුටක් කියලයි මන් හිතන්නේ. කොහොම ද ඉතින් අපි සතුටින් ඉන්නේ.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඉස්සෙල්ලා කිව්ව වගේ කේන්තිය, පසුතැවීම, සැකය, සාංකාව, දුක අපේ ජීවිතේ සතුට නැති කරනවා. එහෙමනං මේ වගේ විරුද්ධ පැත්ත අනිවාර්යෙන් ම ජීවිතේට සතුට ගේනවා. කේන්තිය නැති කරන්න නොයෙක් ක්‍රම තියෙනවා. අපි ඒවා දන්නවත් එක්ක. නමුත් ඒ මොනවා දැන ගත්තත් හැම දෙයක්ම පරදවාගෙන කේන්තිය මුලට එනවා. කලින් කියපු මගේ අත්දැකීම, ඒ කිව්වේ ගඳ ගහන කුණු ගොඩේ සිදුවීම මෙතනදි උදාහරණෙට ගන්න පුළුවන්. මේ වගේ දේවල් හැම කෙනෙක්ගේම ජීවිතේ තියෙනවා. කලින් වුනා, දැනුත් වෙනවා, ඉස්සරහටත් වෙයි. කොහොම ද ඒවාට මුහුණ දුන්නේ කියලා හිතලා බලන්න. ඒ වෙලාවල දි හිතේ සතුට වැඩි වුනාද නැති වුනාද කියලා. කේන්තියක් ඇති වන කෙනෙක්ගේ හිතේ කොහොමවත් සතුටක් රැඳෙන්නේ නෑ. මේ වගේ හැම වෙලාවකදිම සරලව ම උත්සහ කරන්න ඕනා, ඒ අවස්ථාව හිතෙන් අල්ලගන්නෙ නැතිව අමතක කරලා දාන්න. හිතෙන් අල්ල ගත්තොත් පැසව පැසව වේදනා විඳින්න වෙනවා. කවුරුහරි කෙනෙක් ගැන කේන්තියක් ඇති වුනත් සරලවම හිතන්න ඕනෙ දේ තමයි මේ මනුෂ්‍යයගේ තත්ත්වයට මාත් පත් වෙනවා ද, අනික මන් මොකට ද කොහේවත් ඉන්න කෙනෙක් නිසා, ඒ මනුෂ්‍යයා කළ කී දේ නිසාවෙන් කේන්තියක් ගන්නේ කියලා. එතකොට ඒ අසතුටින් මිදෙන්න පුළුවන්. ඒත් මේවා අහද්දි අහන කෙනා කියන්නේ ඕවා ලියනවා, කියනවා වගේ නෙමෙයි කරන්න ගියාම කියලා. ඇත්තෙන්ම මේ දේවල් කරන්න හරිම ලේසියි. ඒ සඳහා අවශ්‍ය දේ තමයි ඉවසීම සහ ආඩම්බරකම නැති කම. ආඩම්බර නැති වුනාම තමයි සමාව ගන්න පුළුවන් වෙන්නේ.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]පසුතැවීම සමහර වෙලාවට කේන්තියටත් වඩා භයානකයි. හිතේ සතුට විතරක් නෙමෙයි, ඇඟ පතේ වේදනාවත් පසු තැවීමෙන් ඇති වෙනවා. අතීතයේ කරපු දේවල්, අතීතයේ වෙච්ච දේවල් සිහි කිරීමෙන් අතීතයේ ජීවත් වෙමින් වර්තමානය අත හැරීම නිසාවෙන් තමයි මේ ප්‍රශ්නෙ ඇති වන්නේ බහුතරයකට. අනාගතේ ගැන නොසන්සිඳුනු ආශාවන් ඇති කර ගැනීමත් මේ විදියට ම හිතේ සතුට නැති කරන්න හේතු වෙනවා.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] “අතීතයෙහි වූ, සංස්කාරයන් ඇසුරෙන් ඉපදුණු කෙලෙස් වේ නම්, ඒවා වියළා දමන්න. අනාගතයෙහි මතුවිය හැකි, සංස්කාරයන් අරමුණු වන, කෙළෙස් ඇතිවීමට ඉඩ නො හරින්න. වර්තමානයෙහි, සංස්කාරයන් අරමුණු වශයෙන් නො ගන්නේ නම්, ඔහු උපශාන්තව හැසිරෙනු ඇත.” - අත්තදණ්ඩ සූත්‍රය, සුත්ත නිපාතය.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේක තමයි අපි කාටත් තේරෙන නමුත් අපි කරන්න අකමැති, පසුතැවීම මග හරින්න තියෙන ක්‍රමවේදය.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]සැකය, සාංකාව මතු වෙන්නේ අපි අපි ගැන විශ්වාස නොකර, අපි අපි ගැන නොහිතා අනුන් ගැන හිතන්න යාමෙන්. අපි, අනිත් කෙනෙක් හරි යම් දෙයක් හරි අපිට සළකන විදිය, අපි ලඟ හැසිරෙන විදිය ගැන හිතලා ඇති කර ගන්න මානසික තත්ත්වයක් තමයි සැකය කියන්නේ. සැකය ආවම පවුල් ජීවිත, කාලයක් තිස්සේ පවතින යාළු මිතුරුකම් එක ක්ෂණයකින් නැති වෙලා යනවා. මිනිස්සු ගහ මරා ගන්න තත්ත්වෙට පත් වෙනවා. විශ්වාසය කියන දේ හොයා ගන්න බැරි වෙනවා. සමාජයේ ජීවත් වෙන්න බෑ නේ විශ්වාසය නැතිව. හැම තිස්සෙම අන්යන් ගැන සැක කිරීම මානසික රෝගයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේ හිතේ සැනසිල්ල නැති කරවනවා මේ සැකය. ඇයි අපි තව කෙනෙක්ගේ හරි යම් දෙයක හරි ක්‍රියාකාරකම්, හැසිරීම නිසාවෙන් අපේ හිතෙ සැනසිල්ල නැති කර ගන්නේ? සාංකාවත් මේ වගේමනේ. තමන් ගැන ඇති කර ගන්න අවබෝධය සැකයට වගේම සාංකාවටත් හොඳ විසඳුමක්.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]සතුටින් ජීවත් වෙන්න බලාපොරොත්තුවන ඔබ විසින් අනිවාර්යෙන්ම දැන ගත යුතු සහ පුහුණු කළ යුතු දේ තමයි අනුන්ට ඔබගේ හිතට බලපෑමක් කරන්න ඉඩ නොදීම. ඔබේ පාලකයා ඔබමයි. අව්වට වැස්සට සුළඟට වගේම කිසිම සත්ත්වයකුට ඔබේ හිතේ පාලන බලය පැවරීමෙන් වළකින්න. ඔබම, ඔබගේ පාලකයා වෙන්න. හරි දේ දැනගෙන වැරදි දෙයින් වැළ කී හරි දේ කරන්න. ඔබ ඔබටම ආලෝකය වෙන්න. එවිට ඔබට සදාකාලික සතුටක් දැනෙන විදියට ජීවත් වෙන්න පුළුවන් වේවි. [/FONT]