ජීවිතේ සතුට

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මට ගොඩක් හොද උපදෙස් දීපු එළකිරි සාමාජිකයො හැමෝට ම ගොඩක් ස්තූතියි මුලින් ම. හැමදාමත් උබලව මතක තියෙනවා.🤩😍

    මේකෙ එකෙක් නූලක් ඇදල තිබුණා සතුටින් ඉන්න කොච්චර ආදායමක් තියෙන්න ඕන ද කියල.
    ඕක දැකල මමත් අද ගොඩක්
    කල්පනා කරා.
    බලන් යද්දි මාත් ඔහේ උපන්නට වැනෙනව නේද කියල හිතුණා.
    ඇත්තට ම අද වෙන කම් ජීවිතේ සතුට කියන එක අත්දැකලා නැහැ.......

    හිතුවක්කාර විදියට තරුණ කාලෙ විනාස කරලා දැම්මා. ගෙදර තිබුණ සමහර ප්‍රශ්න එක්ක මට මගේ ජීවිතේ ගැන හිතලා හොද තීරණ ගන්න බැරි උනා. අන්තිමට ගල් ඉබ්බො තුන් දෙනෙකුගෙ වයසත් පහු කරාට පස්සෙ විභාගය කරලා කැම්පස් ආවා.
    දැනටත් මගේ ජීවිතෙන් ලොකු කාලයක් නාස්ති වෙලා.මේ වයසෙ එවුන් දැන් කැම්පස් වලින් අවුට් වෙලා.
    කැම්පස් ආවට පස්සෙත් මම ආස දේට වගේ ම ආස නැති දේවලුත් ඉගනගන්න වෙනවා.
    ඇත්තට ම මගේ බලාපොරොත්තුව උනේ ගණිතඥයෙක් වෙන එකයි.
    ඒකත් මට වයස 20ක් 21 ක් වෙනකම් ම තේරුණේ නෑ. කොටින් ම අර සමහර ළමයි වගේ පුංචි කාලෙ ඉදන් ම මම ඉංජිනියර් මම ආකිටෙක්චරර් මම අරූ මම මූ කියල පතාගෙන ආව ඇම්බිෂන් එකක් තිබුණෙ නෑ.
    ටික ටික ගණිතය ගැන දේවල් ඉගනගත්තෙ විදුසර පත්තරේ පියසූරි කියන කෙනායි තව සමහර අයයි දාපු ලිපි කියවලා.
    උසස් පෙල නන්තත්තාර වෙලා හිටියට මම විදුසර කියවන එක නැවැත්තුවේ නෑ. ගෙදර අයත් මට හිනා උනා කැම්පස් ඇවිල්ලා පෙන්නනකම් ම. ගණිතය ගැන ටික ටික හොයද්දි පස්සෙ දැන ගත්තෙ වර්තමාන ගණිතඥයො කවුරුවත් ගණිතයේ සියලු ම සිද්ධාන්ත දන්නෙ නැහැ. ගණිතයේ ගැඹුර කොච්චර ද කියල කියනව නම් ජීවිත කාලෙ ම ඉගනගත්තත් ඉවර කරන්න පුළුවන් වෙයි ද කියල සැකයි. සේරම ඉගන ගන්න බලාපොරොත්තුවක් නැතත් පුළුවන් තරමක් දුරට දේවල් ඉගන ගන්න ආසයි. තව ලොකු ආසාවක් තියෙනවා සටන්කලාව ඉගන ගන්න.
    ස්ප්ලිට් එක ගහන්න මේ දවස්වල ප්‍රැක්ටිස් වෙනවා. මට ඕන ඒ දේවල් දෙක හරියට ඉගන ගන්නයි.
    හොද ගෙදරක් වත්තක් සීතල දේශගුණයක් තියෙන කදුකර පැත්තකින් හදාගෙන විවේකීව ඉන්න ඕන.
    ඒත් ඇත්තට ම බලද්දි මං යන විදියට මට වෙන්නෙ මම ආස විෂය ඇරුණ ම ඒ හා සමාන ප්‍රමාණයක් වැඩකට නැති හෑලි ඉගන ගන්න කාලෙත් නාස්ති කරලා මොනවා හරි ජොබ් එකකට ගිහිල්ලා ගාණක් හොයා ගන්න උදේ අට පහ නහින්න නේද? එතකොට ආස දේවල් ඉගන ගන්න වෙලාවක් නෑ. ජීවිතේ විදින්න වෙලාවක් නෑ.
    මට හිතෙන්නෙ ජීවිතේ විවේකයක් නැතුව ලක්ෂ 2ක් 3ක් පඩි හම්බ උනත් තේරුමක් නෑ කියල.
    මට වෙලාවකට හිතෙනවා ඩිග්‍රිය පැත්තකට දාලා ක්ලාස් කර කර ඉන්න. ඒ ඉන්න ගමන් ආස දේවල් ඉගන ගන්න. ඒත් එතකොට ප්‍රශ්න කෝටියක් ඔළුවට එනවා. කොහොමද ඕව ඉගන ගන්නෙ කියල☹පශ්චාත් උපාධි වලට නොයා ගැඹුරින් ම ගණිතය ඉගන ගන්න විදියක් නෑනෙ ලොකුවට.ඉගන ගත්තට පිලි ගැනීමකුත් නැති වෙයි ☹
    ක්ලාස් කරන්න ගියාමත් තියරි පංති තුනක් රන් කරගෙන රිවිෂන් එකකුත් රන් කරන්න වෙනවා. එතකොටත් කාලය මදි වෙනවා.☹

    එක අතකට ව්‍යාපරයක් කරන්නත් ව්‍යාපාරික ඥානය නෑ කියල හිතෙනවා.

    ඉස්සරහට මොනවා කරන්න ද හිතා ගන්න බෑ.
    මොනවා උණත් 8-5 රස්සාවල් මහ කරුමයක් කියලා හිතෙනවා.
    ජීවිතේ ඉතුරු කාලය මගේ හිතේ හැටියට සතුටින් ඉන්න විදියක් මට හිතාගන්න බැහැ.

    උබලගෙ අත්දැකීම්නුයි උපදෙසුයි ඕන😰
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,156
    166,268
    113
    එකමත් එක රටක
    අනිත් උන්ට ආතල් දෙන්න තමන්ගේ කාලේ නාස්ති කරන්නේ නැතුව කැමති දේවල් පුලුවන් තරම් කරපං. අනිත් උන් දුවන දේවල් පස්සේ උබත් උන් දිහා බලලා දුවනවනම් තේරුමක් නැතිව උබට හොදටම කරන්න පුලුවන් දේවල් මග ඇරෙන්න පුලුවන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,060
    67,370
    113
    8 to 2 wage tibbanam shape 5.30 wenakan inna gyama tama epa wenne.2n passe aga naliyanawa.dawasama office eke waste gedara awama adum galawanna pana ne.
     
    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    Mehemayi puthe, asawal nam hamoma laga thiyenawa. eth ewa lagata ganna nam ithin me loke salli nathuwa ba.
    Job nokara inna salli ona
    Seethala paththaka geyak hadanna salli ona.
    Igena ganna experiment karanna salli ona.

    Salliyi heenai yanne ekata. ekakin galawila anith eka passe giyama balance ekak naha.

    Mage advice: Salli hoyala invest karanna. Jobak karanna. salli save karanna. 5 years 10 years target thiyagena investing hari business hari karanna.
    salli target ekak thiyaganna. EX: 20 million in 5 years or 10 years ube life style eka / location expenses anuwa.

    Target ekata awama joben ayin wenna. investing digatama karanna. ethakota ubata uba asa dewal karanna welawa hambenawa salli gana hithanne nathuwa.
     
    But etakota teenage eka gihilla.enjoy karanna kale ne naki wela.payya naginne ne.athal energy adu wela
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    Suddo ape unge oluwata daapu lokuma hena pathe thama danuma kiyana de penwannam ingirisi akuru mulata enna one kiyana eka .. hithagena yana kota hina ynawa..niyama wedonta oya monawath na ban namata issarahin. thamange danuma gana confidence nati unta thama oya ingirisi kali namata mulin one. balapan Albert Einstein School gihinuth na.... wediya lokuwata hitanna epa ban puluwan tharam saralawa hitapan weda aduwen karala salli wediyen hoyanna (smart work ) . Dan balan pan ara 5 wasara unta chakare kiyala deela ekek laksha ganan hoyanne.....U tv programs tiyala wenamama art ekakata eeka karanne :lol:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    ඩිග්‍රී එක නම් මගදී නවත්වන්ඩ එපා බන් එක ඉවර කරලා හිටපන් ඔක්කොටම කලින්
    ජොබ් කරන එක නම් ඉතින් එපා වෙනවා, අපි කැමති දේවල්, නිදහස නැති වෙනවා, හැබැයි ජීවත් වෙන්ඩ සල්ලි නැතුව බැ.
    ප්ලෑන් කරලා තමන්ගේ වැඩක් කරන්ඩ පුළුවන් නම් ඉතින් හොදයි.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,559
    4,325
    113
    Wadiya hithanna epa depression hadeyi
    ubata oya hithana athal eka ganna ba bn

    dan oya karan dekin athal ekak ganna balapan
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    අනිත් උන්ට ආතල් දෙන්න තමන්ගේ කාලේ නාස්ති කරන්නේ නැතුව කැමති දේවල් පුලුවන් තරම් කරපං. අනිත් උන් දුවන දේවල් පස්සේ උබත් උන් දිහා බලලා දුවනවනම් තේරුමක් නැතිව උබට හොදටම කරන්න පුලුවන් දේවල් මග ඇරෙන්න පුලුවන්.
    අනිත් උන්ට ආතල් දෙන්න නම් කිසිම දෙයක් කරන්නෙ නෑ බං.
    ඒත් මට තියෙන ප්‍රශ්නෙ මම ආස දේවල් වලට කාලෙත් නැහැ
    සල්ලිත් නැහැ.
    සල්ලි හොයාගන්න විදිත් හිර වෙලා කොරෝනා නිසා.
    මම නිකං එක තැන හිර වෙලා වගේ

    Suddo ape unge oluwata daapu lokuma hena pathe thama danuma kiyana de penwannam ingirisi akuru mulata enna one kiyana eka .. hithagena yana kota hina ynawa..niyama wedonta oya monawath na ban namata issarahin. thamange danuma gana confidence nati unta thama oya ingirisi kali namata mulin one. balapan Albert Einstein School gihinuth na.... wediya lokuwata hitanna epa ban puluwan tharam saralawa hitapan weda aduwen karala salli wediyen hoyanna (smart work ) . Dan balan pan ara 5 wasara unta chakare kiyala deela ekek laksha ganan hoyanne.....U tv programs tiyala wenamama art ekakata eeka karanne :lol:
    ඌ හොරෙක් ලු බං. උබ දැක්කෙ නැද්ද ඌට කට්ටිය පලු යන්න බැනලා තිබ්බෙ. උගේ උපාධියත් බොරු එකක්.
    ඌ කැම්පස් එකෙනුත් එලෝපු එකෙක්.

    Mehemayi puthe, asawal nam hamoma laga thiyenawa. eth ewa lagata ganna nam ithin me loke salli nathuwa ba.
    Job nokara inna salli ona
    Seethala paththaka geyak hadanna salli ona.
    Igena ganna experiment karanna salli ona.

    Salliyi heenai yanne ekata. ekakin galawila anith eka passe giyama balance ekak naha.

    Mage advice: Salli hoyala invest karanna. Jobak karanna. salli save karanna. 5 years 10 years target thiyagena investing hari business hari karanna.
    salli target ekak thiyaganna. EX: 20 million in 5 years or 10 years ube life style eka / location expenses anuwa.

    Target ekata awama joben ayin wenna. investing digatama karanna. ethakota ubata uba asa dewal karanna welawa hambenawa salli gana hithanne nathuwa.
    ඒත් මොනව ද මචං කරන්න පුළුවන් 🙄
    මට තිබුණ අදහස්
    1. මිළ අධික කුළුබඩු වර්ග දෙකක් තුනක් වවන එක.
    2. ගණිතය හොදට ම ඉගන ගෙන 10 වසර වගේ වයසට උසස් පෙල මට්ටමේ , උසස් පෙල වයසේ අයට විශ්ව විද්‍යාල මට්ටමේ , විශ්ව විද්‍යාල මට්ටමේ අයට ලංකාවෙ විශ්ව විද්‍යාල මට්ටමෙන් එහාට ගණිතය උගන්වන කෝස් / අධ්‍යාපනික ආයතනයක් දාන්න.

    පලවෙනි එකට ගෙදර නම් අක්කරයක ඉඩමක් තියෙනවා.අක්කර බාගයකුයි කාලකුයි තියෙනව. පවුලෙ එකෙක්වත් බැදලා නෑ. මං තමයි වැඩිමල්. ඒත් අනිත් එකා ගෙවල පෙරේතයෙක්. ඕකා මැරෙන්න හදාවි.

    දෙවනි එකට නම් මං විශ්ව විද්‍යාල මට්ටමෙන් එහාට ඉගන ගන්න ඕන නෙ. ඒකටත් සෑහෙන්න කාලයක් යනවා.ලංකාවෙ මිනිස්සුන්ගෙ ආකල්ප එක්ක එකත් ගැලපෙන එකක් වෙයි ද කියල සැකයි.

    උබලාගෙ ළග නැද්ද ස්මාට් අයිඩියා එකක්
     
    • Dislike
    Reactions: sithija.h

    Chuti Bro

    Active member
  • Aug 27, 2016
    164
    102
    43
    E monawada?

    jobs wala(career eke) prashna , kello htya kaale un ekka prshna , jeewithe wadiyen hithann ghn athi una prshan. ohma ohma bara lot ekak tynwa oya sathuta kiyana api hoyana ekath ekka badila tyena. anika ooka kohomath eka ekaata relative nisa e e prshna wala swaruupath tika tika wenas ithn
     
    • Like
    Reactions: skylander

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    සල්ලි ඉතුරු කරන්න පුළුවන් පිටරටකට පලයන් . දිගට ඉන්න නෙමෙයි, අවුරුදු කීපයක් වැඩ කරලා සල්ලි හොයාගෙන, ඉතුරු කරගෙන අපහු ලංකාවට එන්න. ඩුබායි, කටාර්, කොරියා වගේ හොඳයි මේ වැඩේට. tax එහෙමත් අඩුයි, පොඩි කට්ටක් කාලා අඩු වියදමින් ඉන්න පුළුවන්, හම්බෙන සල්ලි වැඩි හරියක් ඉතුරු කරලා. (ඔසී වගේ රටවල් එච්චර හරියන්නේ නැහැ මේකට මොකද උන්ගේ tax වැඩියි, ටික කාලෙකට රස්සාවක් කරලා එන්න යන්නත් අමාරුයි, වියදන් වැඩියි, ඉතුරුවක් කරගන්න අමාරුයි .) ලංකාවට ඇවිල්ලා ඒ සල්ලි ආයෝජනය කරපන්. හෙමිට සයිඩ් එකේ මොකක් හරි කරලා (එදිනෙදා වියදන් වලට) උඹ ආස දේවල් කරන්න පුළුවන් වැඩි වෙලාවක්.
     
    • Love

    ඒත් මචං මං ආස ගණිතය පැත්තට. ඒ පැත්තට අදාල ව ජොබ් හොයාගන්න පුළුවන් වෙයි ද? මට ඔය මිඩ්ල් ඊස්ට් වල ජොබ් ගැන ඇත්තට ම කිසි ම දැනුමක් නෑ. රෙස්පට් පිට කරන්න පුළුවන් ජොබක් සෙට් වෙයි ද ෆිසිකල් ඩිග්‍රියකට?