මට ගොඩක් හොද උපදෙස් දීපු එළකිරි සාමාජිකයො හැමෝට ම ගොඩක් ස්තූතියි මුලින් ම. හැමදාමත් උබලව මතක තියෙනවා.

මේකෙ එකෙක් නූලක් ඇදල තිබුණා සතුටින් ඉන්න කොච්චර ආදායමක් තියෙන්න ඕන ද කියල.
ඕක දැකල මමත් අද ගොඩක්
කල්පනා කරා.
බලන් යද්දි මාත් ඔහේ උපන්නට වැනෙනව නේද කියල හිතුණා.
ඇත්තට ම අද වෙන කම් ජීවිතේ සතුට කියන එක අත්දැකලා නැහැ.......
හිතුවක්කාර විදියට තරුණ කාලෙ විනාස කරලා දැම්මා. ගෙදර තිබුණ සමහර ප්‍රශ්න එක්ක මට මගේ ජීවිතේ ගැන හිතලා හොද තීරණ ගන්න බැරි උනා. අන්තිමට ගල් ඉබ්බො තුන් දෙනෙකුගෙ වයසත් පහු කරාට පස්සෙ විභාගය කරලා කැම්පස් ආවා.
දැනටත් මගේ ජීවිතෙන් ලොකු කාලයක් නාස්ති වෙලා.මේ වයසෙ එවුන් දැන් කැම්පස් වලින් අවුට් වෙලා.
කැම්පස් ආවට පස්සෙත් මම ආස දේට වගේ ම ආස නැති දේවලුත් ඉගනගන්න වෙනවා.
ඇත්තට ම මගේ බලාපොරොත්තුව උනේ ගණිතඥයෙක් වෙන එකයි.
ඒකත් මට වයස 20ක් 21 ක් වෙනකම් ම තේරුණේ නෑ. කොටින් ම අර සමහර ළමයි වගේ පුංචි කාලෙ ඉදන් ම මම ඉංජිනියර් මම ආකිටෙක්චරර් මම අරූ මම මූ කියල පතාගෙන ආව ඇම්බිෂන් එකක් තිබුණෙ නෑ.
ටික ටික ගණිතය ගැන දේවල් ඉගනගත්තෙ විදුසර පත්තරේ පියසූරි කියන කෙනායි තව සමහර අයයි දාපු ලිපි කියවලා.
උසස් පෙල නන්තත්තාර වෙලා හිටියට මම විදුසර කියවන එක නැවැත්තුවේ නෑ. ගෙදර අයත් මට හිනා උනා කැම්පස් ඇවිල්ලා පෙන්නනකම් ම. ගණිතය ගැන ටික ටික හොයද්දි පස්සෙ දැන ගත්තෙ වර්තමාන ගණිතඥයො කවුරුවත් ගණිතයේ සියලු ම සිද්ධාන්ත දන්නෙ නැහැ. ගණිතයේ ගැඹුර කොච්චර ද කියල කියනව නම් ජීවිත කාලෙ ම ඉගනගත්තත් ඉවර කරන්න පුළුවන් වෙයි ද කියල සැකයි. සේරම ඉගන ගන්න බලාපොරොත්තුවක් නැතත් පුළුවන් තරමක් දුරට දේවල් ඉගන ගන්න ආසයි. තව ලොකු ආසාවක් තියෙනවා සටන්කලාව ඉගන ගන්න.
ස්ප්ලිට් එක ගහන්න මේ දවස්වල ප්‍රැක්ටිස් වෙනවා. මට ඕන ඒ දේවල් දෙක හරියට ඉගන ගන්නයි.
හොද ගෙදරක් වත්තක් සීතල දේශගුණයක් තියෙන කදුකර පැත්තකින් හදාගෙන විවේකීව ඉන්න ඕන.
ඒත් ඇත්තට ම බලද්දි මං යන විදියට මට වෙන්නෙ මම ආස විෂය ඇරුණ ම ඒ හා සමාන ප්‍රමාණයක් වැඩකට නැති හෑලි ඉගන ගන්න කාලෙත් නාස්ති කරලා මොනවා හරි ජොබ් එකකට ගිහිල්ලා ගාණක් හොයා ගන්න උදේ අට පහ නහින්න නේද? එතකොට ආස දේවල් ඉගන ගන්න වෙලාවක් නෑ. ජීවිතේ විදින්න වෙලාවක් නෑ.
මට හිතෙන්නෙ ජීවිතේ විවේකයක් නැතුව ලක්ෂ 2ක් 3ක් පඩි හම්බ උනත් තේරුමක් නෑ කියල.
මට වෙලාවකට හිතෙනවා ඩිග්‍රිය පැත්තකට දාලා ක්ලාස් කර කර ඉන්න. ඒ ඉන්න ගමන් ආස දේවල් ඉගන ගන්න. ඒත් එතකොට ප්‍රශ්න කෝටියක් ඔළුවට එනවා. කොහොමද ඕව ඉගන ගන්නෙ කියල☹පශ්චාත් උපාධි වලට නොයා ගැඹුරින් ම ගණිතය ඉගන ගන්න විදියක් නෑනෙ ලොකුවට.ඉගන ගත්තට පිලි ගැනීමකුත් නැති වෙයි ☹
ක්ලාස් කරන්න ගියාමත් තියරි පංති තුනක් රන් කරගෙන රිවිෂන් එකකුත් රන් කරන්න වෙනවා. එතකොටත් කාලය මදි වෙනවා.☹
එක අතකට ව්‍යාපරයක් කරන්නත් ව්‍යාපාරික ඥානය නෑ කියල හිතෙනවා.
ඉස්සරහට මොනවා කරන්න ද හිතා ගන්න බෑ.
මොනවා උණත් 8-5 රස්සාවල් මහ කරුමයක් කියලා හිතෙනවා.
ජීවිතේ ඉතුරු කාලය මගේ හිතේ හැටියට සතුටින් ඉන්න විදියක් මට හිතාගන්න බැහැ.
උබලගෙ අත්දැකීම්නුයි උපදෙසුයි ඕන