ජීවිත කොයිතරම් ඉක්මනට වෙනස් වෙනවද?

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    “නිවාඩු දවසෙ එළියට වෙලා හිටියෙ පුතා බයිසිකල් පදිනවා බලාගෙන.
    ඒ අතරෙ මේ කාන්තාව ආවෙ..යාචකයෙක්ගෙ පෙනුමක් නෑ..වැදගත් විදියට කතාකළෙත්.
    "සර්..මතුගම ඉඳන් හදාගෙන ආව හොඳ කිතුල් හකුරු තියනවා.අරගෙන බලන්න." කිතුල් හකුරු ගැනීමේ උවමනාවක් මට නොතිබ්බ නිසා මම එපා කිව්වා.
    "සර්..මගේ දුවට අවුරුදු 19යි.ලියුකේමියාව හැදුනේ අදුරුදු පහළවෙන්.දෙපාරක් බඩේ වතුර පිරිලා අයින් කළා.දැන් එකතැන ඉන්නෙ.ආයෙ වතුර පිරුණාම එක්කගෙන එන්නත් එපා කිව්වා.සනීප කරන්න බෑ කියලා."

    "ඉතින් මේ හකුරු මුල් 25ක් හදාගෙන එනවා සර් මේක විකුණගන්න." කඳුළුත් එක්ක කිව්ව කතාවෙ ඇත්තක් ඇති කියලා මට හිතුණා. රුපියල් 300ක් දීලා හකුරු මුල අරගෙන මම ඇහුවා පවුලෙ විස්තර. "මට තව නිවුන් පුතාලා දෙන්නෙක් ඉන්නවා සර්.9 වසරේ. ඊයේ ඒ දෙන්නට දුන්නෙත් දුවට හදලා දීපු ලුණු කැඳ. බත් කටක් දරුවො දෙන්නට දෙන්න බැරිවුණා මට."

    දරුවන්ගේ තාත්තා කෝ?? "කිතුල් ගහෙන් වැටිලා මගේ මහත්තයා මැරුණා සර්..මම මෙහෙම ගෙවල් ගාණෙ ඇවිදින්න ඕන කෙනෙක් නෙවෙයි. හැබැයි හැමදේම පුදුම ඉක්මනට වෙනස් වුණා.." " මහත්තයගෙ මල්ලිගෙ තේ අක්කර කාලක් තිබ්බා.ඒක කළේ අපි.ආදායම් තිබ්බා අපිට.මහත්තයා මැරුණාම ඒක නැතුව ගියා.දැන් නෑනලා ඒ දිහා අපිට බලන්න දෙන්නෙ නෑ...උදව්වකුත් නෑ. "ගේ කෑල්ල තියෙන්නෙ මගේ නමට නිසා අපිට වැටිලා ඉන්න තැනක් තියනවා සර්.නැත්නම් ඒකත් නෑ." "ඒ අතරේ දුව අසනීප වුණා..ගෙදර යනකල් මම මේ යන්නෙ ගින්දරෙන්..යනකොට දුවට මොනවා වෙලා තියෙයිද කියන්න දන්නෙ නෑ සර්..."

    තව උදව් කරන්න හිතාගෙනම මම ටෙලිෆෝන් නම්බර් එක ඉල්ලුවෙ. "අනේ දෙයියෝ ගෙදර ඉඳගන්න පුටුවක්වත් නැතිකොට මට කොහෙන්ද ටෙලිෆෝන් එකක්.." ඒ පාර මම ලිපිනය ඉල්ලගත්තේ පුලුවන් උදව්වක් කරන්න උත්සාහ කරන්නම් කියලා. "උදව්වක් කරන්න පුලුවන් නම් පින් සර්..මේ අමාරු කාලෙ කාටවත් කරදරයක් වෙන්න මට බෑ.හැමෝටම ප්‍රශ්නනෙ..පුළුවන් විදියට මම හකුරු විකුණනවා..යන්නම්" කියලා ඇය ගියේ කඳුළු පිහදාන ගමන්.

    ජීවිත කොයිතරම් ඉක්මනට වෙනස් වෙනවද..එක නිමේශයක් ඇති සමහර දේවල් කණපිට පෙරළෙන්න. ඈත්ත නැත්ත හොයලා බලලා උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් උත්සාහයක් දෙන්න. 🙏 එන්.ස්වර්ණා 352/2 මීගහතැන්න පිරිවන අසල වළල්ලාවිට.

    “ Original post
    by Dileepa Hennayake https://www.facebook.com/photo.php?fb...


    fQJtBdMuuKwYGyhjPIFCjpe6k4rJTkHSClccdUchwN6PNQnM1g2Kf3EY3U_jn0fyRkNGQ0hqYUjiLZQ=s1352-nd-v1
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    duka hithuna.

    Lankave gofundme vage ekak thibunanam fundrising karala me vage kattiyata udau karanna thibuna. (mage chuti asavak thiyenava ehema web site ekak hadanna, non profit)
     
    • Like
    Reactions: pasansnoop

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    Sinhalu ai bn nadayonta , ekinekata udav karaganne natte? Ekata anith un balapanko sehenna udav karanava paule ayata
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,308
    113
    duka hithuna.

    Lankave gofundme vage ekak thibunanam fundrising karala me vage kattiyata udau karanna thibuna. (mage chuti asavak thiyenava ehema web site ekak hadanna, non profit)
    lankawe gofundme? Pissuda huththo. Mey wesa ratey inna hora hukannala nisa minissu udau karanne ne.

    apey paare hingana dial ekak innawa, dakkama patta dukai. But dial eka salli hoyan bona eka tama karanne. Danna nathi un seeya paw gaga kanna denawa. Inna godak pirimi un oya wage tama.
     
    • Like
    Reactions: Hankook

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    lankawe gofundme? Pissuda huththo. Mey wesa ratey inna hora hukannala nisa minissu udau karanne ne.

    apey paare hingana dial ekak innawa, dakkama patta dukai. But dial eka salli hoyan bona eka tama karanne. Danna nathi un seeya paw gaga kanna denawa. Inna godak pirimi un oya wage tama.
    ow ithin, nikanma nemei approval process ekak hadala horu tika ain karala thamai kaloth karanne.

    Godak minissu udau karanna kamathiy, ekane oya laksha ganan hoyana higanno gana ehema news yanne samahara velavata.

    meheth innava ehema ekek, bus stand ekemai inne, lamai pannala. davasa thissema kiyavana ekama thamai vade, bivvahama vitharak silent wela guli vela innava.
    Boru kiyala salli illanne naha. dawasak illuvahama mn sigarat ekak aran dunna. Uta eken sathutak danenava athine. moko good health thiyagena thava awrudu ganan jeevath vennada e naki manussaya
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,819
    113
    duka hithuna.

    Lankave gofundme vage ekak thibunanam fundrising karala me vage kattiyata udau karanna thibuna. (mage chuti asavak thiyenava ehema web site ekak hadanna, non profit)
    රැල්ලට පොස් එවුන්ට ෆන්ඩ් කරයි. මේ වගේ දුප්පත් මිනිස්සුන්ට් ෆන්ඩ් කරන්නෙ එහෙමත් අය.