“නිවාඩු දවසෙ එළියට වෙලා හිටියෙ පුතා බයිසිකල් පදිනවා බලාගෙන.
ඒ අතරෙ මේ කාන්තාව ආවෙ..යාචකයෙක්ගෙ පෙනුමක් නෑ..වැදගත් විදියට කතාකළෙත්.
"සර්..මතුගම ඉඳන් හදාගෙන ආව හොඳ කිතුල් හකුරු තියනවා.අරගෙන බලන්න." කිතුල් හකුරු ගැනීමේ උවමනාවක් මට නොතිබ්බ නිසා මම එපා කිව්වා.
"සර්..මගේ දුවට අවුරුදු 19යි.ලියුකේමියාව හැදුනේ අදුරුදු පහළවෙන්.දෙපාරක් බඩේ වතුර පිරිලා අයින් කළා.දැන් එකතැන ඉන්නෙ.ආයෙ වතුර පිරුණාම එක්කගෙන එන්නත් එපා කිව්වා.සනීප කරන්න බෑ කියලා."
"ඉතින් මේ හකුරු මුල් 25ක් හදාගෙන එනවා සර් මේක විකුණගන්න." කඳුළුත් එක්ක කිව්ව කතාවෙ ඇත්තක් ඇති කියලා මට හිතුණා. රුපියල් 300ක් දීලා හකුරු මුල අරගෙන මම ඇහුවා පවුලෙ විස්තර. "මට තව නිවුන් පුතාලා දෙන්නෙක් ඉන්නවා සර්.9 වසරේ. ඊයේ ඒ දෙන්නට දුන්නෙත් දුවට හදලා දීපු ලුණු කැඳ. බත් කටක් දරුවො දෙන්නට දෙන්න බැරිවුණා මට."
දරුවන්ගේ තාත්තා කෝ?? "කිතුල් ගහෙන් වැටිලා මගේ මහත්තයා මැරුණා සර්..මම මෙහෙම ගෙවල් ගාණෙ ඇවිදින්න ඕන කෙනෙක් නෙවෙයි. හැබැයි හැමදේම පුදුම ඉක්මනට වෙනස් වුණා.." " මහත්තයගෙ මල්ලිගෙ තේ අක්කර කාලක් තිබ්බා.ඒක කළේ අපි.ආදායම් තිබ්බා අපිට.මහත්තයා මැරුණාම ඒක නැතුව ගියා.දැන් නෑනලා ඒ දිහා අපිට බලන්න දෙන්නෙ නෑ...උදව්වකුත් නෑ. "ගේ කෑල්ල තියෙන්නෙ මගේ නමට නිසා අපිට වැටිලා ඉන්න තැනක් තියනවා සර්.නැත්නම් ඒකත් නෑ." "ඒ අතරේ දුව අසනීප වුණා..ගෙදර යනකල් මම මේ යන්නෙ ගින්දරෙන්..යනකොට දුවට මොනවා වෙලා තියෙයිද කියන්න දන්නෙ නෑ සර්..."
තව උදව් කරන්න හිතාගෙනම මම ටෙලිෆෝන් නම්බර් එක ඉල්ලුවෙ. "අනේ දෙයියෝ ගෙදර ඉඳගන්න පුටුවක්වත් නැතිකොට මට කොහෙන්ද ටෙලිෆෝන් එකක්.." ඒ පාර මම ලිපිනය ඉල්ලගත්තේ පුලුවන් උදව්වක් කරන්න උත්සාහ කරන්නම් කියලා. "උදව්වක් කරන්න පුලුවන් නම් පින් සර්..මේ අමාරු කාලෙ කාටවත් කරදරයක් වෙන්න මට බෑ.හැමෝටම ප්‍රශ්නනෙ..පුළුවන් විදියට මම හකුරු විකුණනවා..යන්නම්" කියලා ඇය ගියේ කඳුළු පිහදාන ගමන්.
ජීවිත කොයිතරම් ඉක්මනට වෙනස් වෙනවද..එක නිමේශයක් ඇති සමහර දේවල් කණපිට පෙරළෙන්න. ඈත්ත නැත්ත හොයලා බලලා උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් උත්සාහයක් දෙන්න.
එන්.ස්වර්ණා 352/2 මීගහතැන්න පිරිවන අසල වළල්ලාවිට.
“ Original post
by Dileepa Hennayake https://www.facebook.com/photo.php?fb...