.: ජීවිත යාත්‍රා - සම්මානි කුමානායක :.
“මල්ලිලා ඉක්මනට නගින්නකෝ....ඉක්මන් කරල ඔය දොරෙන් ඇතුලට එන්න...”යැයි මදක් සැරෙන් පැවසූ කොන්දොස්තර දිවගොස් ඉදිරිපස දොරෙන් බසයට නැග ගත්තේය. බසය කෙමෙන් කෙමෙන් ඉදිරියට යනවාත් සමඟ බස් රථයේ පා පුවරුවෙ කෙළවර කුඩා ඉඩක එල්ලී සිටි ප්රගීත්ගේ හිතට සියුම් චකිතයක් දැනෙන්නට විය.
ඉක්මණින් ගෙදර යාමට ඇති අවශ්‍යතාවයට වඩා බසයක් එනතුරු කල්මැරීමට ඇති අකමැත්ත නිසාවෙන් තම සඟයන්ද සමඟ සෙනඟ පිරී සිටි ගාල්ල -මාතර ශීග්රගාමි බසයට නැඟ ගත්තත් කොයි මොහොතේ හෝ තමා සිටින තැනින් ලිස්සා ඇද වැටෙතැයි ජීවිතයේ ප්‍රථම වතාවට ඔහුට බියක් දැණිනි.
“ඒ සහන් පොඩ්ඩක් බලපන් ගීත් ඔතන ඉන්නවද කියල ,කිසි සද්දයක් නැත්තේ මිනිහ වැටිලවත්ද දන්නෙ නැහැනේ..” යි පල් හිනාවක් මුවඟ රඳවාගෙන සිතුම් පැවසුවේ ප්‍රගීත් දෙසට හැරී ඇද කරන ගමන්ය..
එයට අනුබල දුන් සහන් “අනේ අනේ හික්කඩුව සනායා බීච් රෙස්ටුරන්ට් එකේ අනාගත හිමිකාරයට වෙච්චි දෙයක් ..” යැයි පවසමින් යන්තමින් දොර අල්ලාගෙන සිටි තම දකුණු අත කම්මුලට ගන්නා විට “හා හා මේ ගීත්ට පල් එක දාන්න ගිහින් පුලුවන්නම් සහනො උඹ ඔතනින් වැටියන්කෝ..” යනුවෙන් පැවසුවේ ගෙදර ඕනෑතරම් වාහන තිබියදීත් හැමදාමත් තම ගමන් සඳහා බසයම තෝරා ගන්නා ප්‍රගීත්ට නිතර විහිළු කරනා කටකාර යහළුවන්ගෙන් ඔහුව හැමදාමත් වගේ ගලවා ගන්නා ප්රගීත්ගේ කලණ මිතුරා වන නිසල් ය.
සඳුදා හවස 4.30 යනු ගාල්ල නගරයේ බොහෝ උපකාරක පංති නිමා වන පොදු වෙලාවක් බැවින් එම සිසු සිසුවියන්ගෙන් බස් රථය පිරී ගොස් තිබුණි.පමණට වඩා සෙනඟ පටවාගෙන වේගයෙන් දාවනය වූ බස් රථයේ රියදුරාට කුඩා වංගුවක් සහිත ප්‍රදේශයකදී බසය හරවන විට ඉදිරිපසින් වේගයෙන් පැමිණි කුඩා මරුටි කාරය නොපෙණුනු හෙයින් එය බේරීම සඳහා වම්පසට ඇල කොට බසය හැරවීමට සිදු විය.අනපේක්ෂිත තිරිංග තද කිරීමත් සමඟ යාන්තමින් දොර අල්ලාගසිටි අතේ ග්‍රහණය ලිහිල් වී ප්‍රගීත් බසයෙන් පිටතට විසිවී ගොස් වැටුණේ පාර අයිනේ තිබූ විදුලි කනණුවක් පාමුලටය.
පළමුව එය දුටු සිතුම් අනෙක් මිතුරන් දෙදෙනාවද මවිත කරමින් බසයෙන් එළියට පැන තම මිතුරා අසලට දිව යනවිට සෙස්සන්ටද සිද්දිය මනාව වැටහිණි.බසයේ සිටි මගීන් සියලුම දෙනාගේ මහත් දෝෂාරෝපණයට ලක් වූ රියදුරු හා කොන්දොස්තර කඩිනමින් පාරේ යමින් තිබූ ත්‍රීරෝද රථයක් නතර කොට තුවාල ලැබූ ගීත්ව ඔහුගේ යහළුවන්ද සමඟින් රෝහලට පිටත් කර යැවීය. මඳ සිහියකින් හුන් ප්‍රගීත් බොඳ වූ චායාවන් සේ පෙනෙන තම සඟයන් සමඟ කතා කිරීමට දැරූ උත්සාහය අඩාල කරමින් ඔහුගේ දෙනෙත් පිය වුණු නිසාවෙන් මිතුරන්ගේ හදවත් බියෙන් ඇළලෙන්නට විය.
හිසෙන් දැණුනු සියුම් වේදනාවකුත් සමඟ සෙමින් දෑස් විවර කර ඇඳෙ වටේට නෙත් යැවූ ප්‍රගීත්ට දෑසේ කඳුළු පුරවාගෙන සිටි තම මවත් නැගණියත් පියා හා මිතුරන් තිදෙනාත් දක්නට ලැබුණත් ඔවුන් සමඟ කතා කරන්නට සැරසෙත්ම එවර තම වම් කකුලෙන් නැගෙන්නට වූ මහත් වේදනාව නිසාවෙන් නැවතත් තදින් දෙනෙත් පිය ගත්තේය.
බස් රථයෙන් වැටීම හේතුවෙන් වම් කකුලේ මාංශ පේශී ඇදීමකට ලක්වීම හා දෑතේ හා නළලේ ඇති වූ තුවාල නිසාවෙන් දින හතරක් පමණ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් හිඳ තම නිවසට පැමිණි දින ප්‍රගීත්ට දැණුනේ තමා නරකාදියක සිට සුරලොවකට පා තැබූවාක් වැනි හැඟීමකි.
“ නංගී...චූටි නංගී ..” ගීත් උපරිම වෙර යොදා කෑ ගැසුවේය.
පෑනකුත් අතැතිව බෙරි කරගත් මුහුණින් පැමිණි නංගි ඔහු දෙස බැලුවේ මහා කරදරකාරී බැල්මකිනි.
“ අපෝ...මූණේ හැටි විතරක්..,මේ පහලට ගිහින් මට කූල් වතුර එකක් ගේනවකෝ..බෝතලේ වතුර ඉවරයි..”
කියවමින් සිටි නවකතා පොත දෙසට අවධානය යොමු කරමින් ඔහු පැවසුවේ ඇගේ බැල්ම ගණන් නොගත් තාලයෙනි.
“ මොකද්ද අයියා ඔයා මට මේ රචනාව ලියන්න දෙන්නෙම නැද්ද අනේ.. දැන් කී සැරයක් මාව උඩටයි පහළටයි යැව්වද , එක සැරේ කියන්න එපැයි ඕන දේවල් සේරම..” යැයි පැවසූ ඇය ගස්සාගෙන යන විට තවත් ඇයව තරහා ගැස්සීමට යමක් කීමට කට අරින්නට සැරසෙද්දීම කමිසයේ බොත්තම් පියවමින් පැමිණි තාත්තා නිසා ඔහු ඒ අදහස අතහැරියේය. එවැන්නක් කියා මෙවැනි වෙලාවක තමා හැමදාමත් බිය ගන්වන තාත්තාගේ ඒ රළු බැල්මට හසුවීමට ඔහුට අවශ්‍ය නොවුණි.
“ මොකද්ද ප්‍රගීත් මේ කරන වැඩේ තේරුම ආ..මන් කොච්චරවත් කිව්ව වව්ලෝ වගේ බස්වල එල්ලිලා යන්නේ නැතුව අර කාර් එකෙන් වීරේත් එක්ක යන තැනක යන්න කියලා. කෝ මං කියන දෙයක් කනකටවත් ගත්තෙ නැතුව ගිහින් කකුල කඩා ගත්ත මදිවට දැන් අර පොඩි කෙල්ලටවත් පාඩුවේ වැඩක් කරගන්න දෙන්නේ නෑනේ..”
ඔහුගේ වේගවත් කතාව අනුව නිදහසට කරුණු දැක්වීමෙන් වැඩක් නොවන බව වටහාගත් ප්‍රගීත් පියාගේ දෑස් මගහැර ඔහුට පිටු පසින් සිටින අම්මා දෙසට බැල්මක් හෙලා නැවතත් පොත දෙස බැලුවේ හැමදාමත් මෙවන් මොහොතකදී ඇය ඔහුගේ ගැලවුම්කාර සුර දූතිය වන බැවිණි.
“හා හා දැන් ඔය ළමයට බනින්නේ නැතුව කෑම කාලා යන්න ගිය වැඩේට ගිහින් එන්නකෝ දයා පරක්කු වෙන්නේ නැතුව ..”
පුතාගේ හොර බැල්ම වටහා ගත් මව එයට මැදිහත් වෙමින් තම සැමියාට ආදරණිය ස්වරයකින් එසේ පැවසුවේ පුතුගේ දඟ වැඩ ගැන සිතින් සිනහවෙමිනි.
“ ඔව් ඔව් ඉතින් ඔයා තමයි මෙයාව නරක් කරන්නේ හැමදාමත් ඔහොම බේරගෙන.පිරිමි ළමයෙක් වුණාම හැමදේටම පුරුදු වෙන්න ඕන..ගැහැණු ළමයෙක් වගේ හැමදාම වීරෙත් එක්ක ගිහින් පන්තිය ගාවින් බහින්නේ කොහොමද , අරව මේවා කියල කොහොමහරි ෂේප් කරනවා..දැන් දැක්කනේ කරගත්ත දෙය..කකුල කැඩිලා බේරුණා මදැයි..”
අම්මා හා පුතා දෙස බලමින් එසේ පවසා රවා ගත් මුහුණින් යුතුව පියා කාමරයෙන් පිට වූ විගසම මෙතෙක් වෙලා ගොළු වී තිබූ ප්රගීත්ගේ මුවට පණ ලැබිණි..
“අයියෝ අම්මා තාත්තා මට ඔච්චර ආදරේනම් කියන්නකෝ හොඳ බයික් එකක් අරන් දෙන්න කියලා..”
අම්මා ඉන් ඇවිස්සෙන බව දන දැනම ඔහු පැවසුවේ ඇය දෙස කපටි බැල්මක් හෙළමිණි .
“ඔව් ඔව් එචචරයි අඩු , බස් එකේවත් හරියට යන්න බැරි මිනිහ බයික් එකෙන් කොහොමට යාවිද..එතකොට පුළුවන්නේ අත පය හතරම කඩාගෙන ඇඳට වෙලා ඉන්න..” යැයි පැවසූ ඇය කාමරයෙන් පිටව යන දෙස ඔහු බලා සිටියේ නිහඬ සිනාවක් මුව රඳවාගෙනය..
තමාගේ කුමන දඟ වැඩකට උදව් කරත් මේ වැඩේදී නම් ඇය තමාට සහය නොදෙන බව ඔහු හොඳින්ම දන්නේය..ඇය යතුරුපැදි වලට ඉතා බියක් දක්වන්නේ ඒවගෙන් සිදුවන අනතුරු බහුල නිසාවෙන් බව දන්නා ගීත්ට මව කෙරේ ඇති සෙනෙහස තවත් වැඩි වන්නාක් මෙන් දැනෙන්න්නට විය..
ඔහුගේ සිතිවිලි වලට බාධා කරමින් මහා හඬක් නංවමින් බෝතලය මේසය මත තබා තමාට ඇද කර දිව යන නැගණියට යමක් පැවසීමට හාන්සි වී සිටි ඉරියව්ව වෙනස් කරන විටම එක්වරම කකුලෙන් දැණුනු වේදනාවක් නිසා නිශ්ශබ්දවම ඇඳේ වැතිරිණි .
සති දෙකකට පසුව පරිගණක පන්තියට පැමිණෙන තම සඟයාව පිළිගැනීම පිණිස සහන් ,සිතුම් , දර්ශන හා නිසල් ආයතනයේ ගේට්ටුව අසල රැඳී සිටියේ සතුටු හදිනි... අනෙක් සල්ලිකාර පුතුන් ළඟ නොමැති නිහතමානී, අව්‍යාජ ගති පැවතුම් ඇති විනෝදශීලි සිසුවෙකු වූ ගීත්ට සිදුවුණු අනතුර නිසාවෙන් කනස්සල්ලට පත් වී සිටි මිතුරන්ට ඔහුගේ නැවත පැමිණීම සිතට සහනයක් විය.
පියා සමඟ මෝටර් රථයේ පැමිණි ප්‍රගීත් ඔහු දුන් මුදලුත් රැගෙන ඉන් බැස්සේ බෙරි කරගත් මුහුණින් යුතුවය. මෝටර් රථය ගාලු පාරේ වේගයෙන්ඉගිල්ලී යන අයුරු බලා සිටි ඔහු ගේට්ටුව අසල රැඳී සිටින තම මිතුරන් වෙතට යනවිට පිටුපසින් පැමිණ කව්රුන් හෝ තම නම කියනු ඇසී ආපසු හැරී බැලුවේය.
චාම් සායකින් හා බ්ලව්සයකින් සැරසුණු සුන්දර යුවතියක් හා එවැනිම චාම් ඇදුමකින් සැරසුණු තවත් යුවතියක් සිනහ වෙමින් තමා දෙසට එනු දුටු ප්‍රගීත් එදෙස බලා සිටියේ පුදුමයෙනි.
හිමිදිරි උදෑසන තමාව සොයාගෙන පැමිණි මේ සුන්දර යුවතියන් කව්ද..?
මේ අපේ නගා ලියපු නවල් එකක්....මේ වෙද්දී කතාව සම්පූර්නෙන්ම ලියල තියෙන්නේ
මගේ කතාවටත් වඩා ලස්සනයි...ඒක නිසාම මට හිතුන මේ ස්ටෝරි එකත් එළකිරියේ පොස්ට් කරන්න....කට්ටිය කියවල බලල කමෙන්ට්ස් දෙන්න එහෙනම්....
~ පළමුවෙනි කොටස ~

~ මතු සම්බන්ධයි ~

ලයිට් කනුවෙ ඔලුව වැදුනා 
ටිකක් සමානයි ගොඩක් අසමානයි

araka wage masekata sarayak upload bokara eka digata dapan