ජීවිත හාදුව ගැන අසා තිබේද?

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජීවිත හාදුව ගැන අසා තිබේද?

    42399315_2006204789435682_5991317367458627584_n.jpg


    The Kiss of Life නැතහොත් ජීවිත හාදුව ලෙස හඳුන්වන මෙම ඡායාරූපය සිය කැමරාවේ අහම්බෙන් සටහන් කර ගන්නා ලද්දේ ෆ්ලොරීඩාහි මාධ්‍යවේදියෙකු වූ රොකෝ මොරාබිටෝ විසින් 1967 ජූලි මස 26 වන දින සිය මෝටර් රථය පදවමින් සිටි අතරතුර දීය.

    ඡායාරූපයෙන් දැක්වෙන්නේ රැන්ඩොල් චැම්පියන් සහ ජේ. ඩී තොම්සන් යන විදුලි රැහැන් සේවකයන් දෙදෙනාය. එම අවස්ථාවේදී ඔවුන් දෙදෙනා විසින් රැහැනක නඩත්තු කටයුත්තක් සිදු කරමින් සිටින අතරතුර විදුලි කණුව මුදුනේ සිටි රැන්ඩොල් චැම්පියන්ට වෝල්ට් 4000 අධිබලැති විදුලි සැර වැදුණි. කෙසේ වෙතත් ආධාරක කම්බි කේබලය හේතුවෙන් ඔහුගේ අඩපන වූ සිරුර බිමට නොවැටුණු අතර ඒ වන විට එහි පහල කොටසේ නඩත්තු කටයුතු කළ තොම්සන් හැකි ඉක්මනින් සිය සගයාගෙ එල්ලෙන සිරුර දෙසට නැග යන්නට සමත් විය. සිය සගයාගේ එල්ලා වැටෙන සිරුරට ළංවී හැකි ඉක්මනින් කෘත්‍රීම ශ්වසනය ලබා දීමෙන් පසුව චැම්පියන්ගේ ශරීරයේ ගැස්මක් සහ නාඩි වැටීමක් ඇතිවූ බව තේරුම් ගත් තොම්සන් සිය සගයාට අඛණ්ඩව කෘතිම ශ්වසනය ලබාදීමට කටයුතු කල අතර ඉන්පසු රැහැන් වලින් ලිහා ගත් චැම්පියන්ගේ සිරුර කරමත තබා බිමට රැගෙන එන්නට සමත් විය. ඒ වනවිට බිම සිටි තවත් විදුලි සේවකයෙකු සමග එක්වී චැම්පියන් හට යලිත් පපු තෙරපුම් ක්‍රමයට කෘත්‍රීම ශ්වසනය ලබාදීමට තොම්සන් කටයුතු කළ අතර තරමක් දුරට සිරුර යළි ප්‍රාණවත් වන්නට විය. වෛද්‍යවරුන්ගේ හදිසි කැඳවීමත් සමග රැන්ඩෝල් චැම්පියන්ගේ ජීවිතය බේරාගැනීමට ඔවුහු සමත් වූහ.

    මෙලෙස දිවි බේරාගත් රැන්ඩොල් චැම්පියන් ඉන්පසුව තවත් 37ක් වසක් ජීවත් ව 2002 දී මිය යන විට අවුරුදු 67ක් ඉක්මවා තිබිණි. ඔහුගේ දිවි බේරාගත් ජේ. ඩී තොම්සන් (85) අදත් දකුණු ෆ්ලොරිඩාවේ ජීවත් වෙයි. ජීවිත හාදුව (The Kiss of Life) ලෙස ස්පොට් නිවුස් සඟරාවේ (Spot News Magazine) පළවූ මෙමෙ ඡායාරූපයට 1968 පුලිට්සර් සම්මානය හිමිවූ අතර ඡායාරූප ශිල්පී රොකෝ මොරබිටෝ 2009 දි ජීවිතයෙන් සමුගත්තේය.



    බුකියෙන් ගත්තේ-
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පැවතී.. බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවෙති....
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113