ජීව විද්‍යා ප්‍රථමයා මගේ - දිනේෂ් මුතුගල

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මෙවර 2024 අ.පො.ස උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ හෑගොඩ ආරච්චිගේ සඳිති නිම්හාරා සිසුවිය සමත් වූ අතර ඇය සමග

    ඡායාරූපයකට පෙනී සිටි උපකාරක පන්ති ගුරුවරයෙකු වන දිනේෂ් මුතුගල මේ ආකාරයේ සටහනක් සිය සමාජ මාධ්‍ය ගිණුමේ තබා තිබේ.






    gossiplanka image 1





    ලංකාවේ පලමුවැනියා හැදුවේ මමයි.. AL ප‍්‍රතිඵලවලින් පසු ටියුෂන් ගුරුවරයෙක් කියයි..


    2024 උසස් පෙළ ප්‍රතිඵල අනුව එක්තරා විෂය ධාරාවකින් ශ්‍රී ලංකාවේ පළමු වැනියා තම උපකාර පන්තියට සහභාගි වූ අයෙක් බව මෙරට ප‍්‍රකට පුද්ගලික උපකාරක පන්ති ගුරුවරයකු සඳහන් කර තිබේ.

    තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ තමන් විසින් එම ප්‍රතිඵලය තම දිස්ත්‍රික්කයට ගෙන එන ලද බවයි.

    කෙසේ ඔහුගේ එම ප්‍රකාශය උපුටමින් සමාජ ජාලවල විවේචනාත්මකව අදහස් පළ වෙමින් තිබේ.

    මේ ආකාරයේ උපකාරක පන්ති ගුරුවරුන් කිසි දිනක තම පන්තිවලට පැමිණෙන සමස්ථ සිසුන්ගේ සමත් අසමත් ප්‍රතිශතයන් වාර්තා නොකරන බවත් එය හෙලි කරන්නේ නම් බොහෝ දුරට එය දිවයිනේ සමස්ත අසමත් ප්‍රතිඵලය ඉක්මවා යනු ඇති බවද ඒවායේ සදහන්ය.


    සිසුන් 2000ක් පමණ සහභාගී වන පන්තියක ඉහලින්ම සමත් ප‍්‍රතිශතය හා කොළඹ රාජකීය, ආනන්ද, විශාකා විදුහල්වල එම විශය ධාරාවේ සමත් ප‍්‍රතිශත සැසදුවහොත් මෙම නොමග යැවීම වඩා පැහැදිලි වනු ඇති වුවද මෙම ගුරුවරුන්ගේ උලුප්පා දැක්වීම සේම මෙම සැසදීමද සාධාරණ නොවන බවත් එම සටහන්වල තව දුරටත් දැක්වෙයි.
     
    • Like
    Reactions: Yeezus

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Sri Lankan so called Schools' REDI left...No means of thousands of schools , their respect,pride,
    Like, If Mothers Ex Partner demands newly born Baby's ownership, then Baby's real legal father left and humilated before public.
     
    • Like
    • Haha
    Reactions: tushi81 and SLK_sri

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    Title එකයි, හෑල්ලෙයි තියෙන විදිහට fb post එකේ නෑනෙ. 😂 ඇස් ඇරලා බලපල්ලාකො.
    මුන් ඊරිසියාවට නැති මඩ හදලා, මඩ ගහනවා.
     
    • Like
    Reactions: senewimala1988

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    "මෙවර 2024 අ.පො.ස උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට
    කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ......"

    මෙය දුටු විදුහල්පතිතුමා....:no:
    1ae8bcdcef865fe7a50e34148c8cb1ce.jpg
     
    • Haha
    Reactions: zid2021