ජුලම්පිටියේ අමරේට මරණ දඬුවම

White Wolf

Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93


    වසර හතකට පෙර කටුවන ජනතා විමුක්ති පෙරමුණේ රැස්විමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම හා තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාවට වැරදි කරු වු මිද්දෙණිය ජුලම්පිටියේ පදිංචි ජී.ජී. අමරසිරි නොහොත් ජූලම්පිටියේ අමරේට තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා අද (07) මරණීය දණ්ඩනය නියම කෙරුණි.

    2012.06.15 වන දින ජුලම්පිටිය අමරේ සිදු කළ වෙඩි තැබීමකින් කාන්තාවක හා තරුණයෙකු මිය ගිය අතර තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලැබීය.

    ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේ අදාල සිදුවීමෙන් පසුව පොලිසිය මගහැර සිටි අතර පසුව සැකකරු නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර වීය.

    පසුව අදාළ ඝාතනය සම්බන්ධයෙන් 2012 වසරේ ජුනි මස 22 දින වලස්මුල්ල අධිකරණයේදී හදුනාගැනීමේ පෙරෙට්ටුවක් පැවතිණි. එහිදී සාක්ෂිකරුවෝ තිදෙනෙකු විසින් ජූලම්පිටිය අමරේ හදුනා ගැනීමට සමත් වූහ.

    නඩු විභාගයේදී සැකකාර ජුලම්පිටිය අමරේට එරෙහිව නගා තිබු චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරිම හේතුවෙන් තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා සැකකරුට මරණීය දණ්ඩනය නියම කෙරුණි.

    ජූලම්පිටිය අමරේ මනුෂ්‍ය ඝාතන කිහිපයකට හා තංගල්ල බන්ධනාගාර කැරැල්ලටද චෝදනා ලැබ සිටි අයෙකි.වෙනත් සිදුවිමකට අදාලව ජුලම්පිටිය අමරේ 40 වසරක සිර දඩුවමක් විදින අතර සැකකාර ජුලම්පිටිය අමරේ අද (07) දිනයේද අධිකරණයට රැගෙන ආවේ බන්ධනාගාර නිළධාරීන්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේය.

    අද (07) දිනයේ පැවති නඩු විභාගය දැක බලාගැනීම සදහා ජනතා විමුත්කි පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගප්පත්ති, කලුතර දිස්තික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස ඇතුළු පිරිසක්ද අධිකරණයට පැමිණ සිටියහ.සැකකාර ජුලම්පිටිය අමරේ නැමැත්තා විසින් වෙඩි තැබිම සිදුකර තිබුණේද ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස මහතා ඇතුළු පිරිසක් සහභාගී වූ රැස්වීමකටය.

    සැකකරුට මරණීය දණ්ඩනය නියම කල මහාධිකරණ විනිසුරු වරයා බන්ධනාගාර අධිකාරී වරයාට නියෝග කෙරුණේ ශ්‍රි ලංකා ජනාධිපති වරයා විසින් නියම කරන ස්ථානයකදි හා වේලාවකදී සැකකරු බෙල්ලෙන් එල්ලා මරණයට පත් කරන තෙක් සැකකරු වැලිකඩ බන්ධනාගාරයේ රදවා තබන ලෙසයි.

    පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධි නීතීඥ අග්බෝ පණ්ඩිතරත්න මහතා සමග කටුවන පොලීසියේ කොස්තාපල් ලලිත් ප්‍රේමකුමාර මහතා පෙනී සිටියහ
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,874
    1
    6,717
    113
    20241120_182348.jpg
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,333
    113
    Baiby wa 2030 President karawamu..ethakota ahinsakaya nidahas karai



    No.
    Sri Lanka didn't sign 2nd optional Protocol in ICCPR covent. So not binding
    ------ Post added on Nov 20, 2024 at 6:31 PM
    So president can initiate it anytime.any idea how many people convicted for death by hanging?
     
    • Like
    Reactions: haunte and NRTG

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,224
    9,122
    113
    ඒ දවස් වල හුලුගල්ල බේසික පුතා ඕක ජවිපේ දෙපිරිසක් අතර උන වෙඩිතැබීමක් කියලා මාධ්‍ය සාකච්චා තියලා කිව්වේ අංජනං බලලා :angry: :angry:
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    වැඩක් නැහැ ඔය කිව්වට එල්ලලා මරන්නේ නැහැ. ඌ මැරෙනකම් අපේ සල්ලි වලින් පිනට කකා ගල් බෝඩිමේ ඉඳීවි :confused2:
    රුසියාවට export කරා නම් ඩොලර් ටිකක් හරි එනවා රටට. :baffled:

    බේබිටත් මරු ආරක්ෂකයෝ ඉදල තියෙන්නේ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,742
    1
    15,142
    113
    ප්‍රසිද්දියේ වෙඩි තිබ්බනම් ලංකාවේ සතියෙන් අපරාධ ඉවරයි.
    Game එකක් වගේ නම් මරාගෙන මරාගෙන යන්න තිබුණා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,850
    113
    සේදවත්ත
    Game එකක් වගේ නම් මරාගෙන මරාගෙන යන්න තිබුණා
    හෝව් හෝව් චීනය , අරාබිය නිදසුනට ගන්න . අපරාධ නෑ ඇයි . කෙලින්ම ඉවර කරා ප්‍රසිද්දියේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,633
    86,999
    113
    ආශ්චර්යමත් රටක
    පොනිල්,රාජපක්ක කාලකණ්ණි මූසල බල්ලෝ විනාස කරපු රට හදන්න පටන් අරන්. 💪🏻

    බිංදුවෙනුත් පහළට දාපු රටක් ගොඩගන්න ලේසි වෙන්නෙ නෑ හැබැයි.