ජූලි වර්ජනය සහ UNP ඉතිහාසය පුනරාවර්තනය

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජූලි වර්ජනය සහ UNP ඉතිහාසය පුනරාවර්තනය

    80 දශකයේ මේ රටේ ඉතිහාසය සහ අද සිද්ධ වෙන දේවල් අතර මොන තරම් සමානකමක් තියෙනවද කියන එක, මේ ලිපිය කියෙව්වට පස්සේ දැනගන්න පුළුවන්.

    Free WiFi දෙනවා කිව්වම රෙද්ද උස්සගෙන ඇවිත් පොන්සිරාට කතිරේ ගහලා UNP ආණ්ඩුවක් හදන්න කඩේ ගිය, ඉතිහාසය නොදන්න සහ මේ රටේ ඉතිහාසයට වෛර කරන උන්ට නම්, මේක කියෙව්වම රිදෙයි...


    80 ඉතිහාසයට එක්‌කළ ජූලි වර්ජනයට වසර 36යි..

    ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් 40,356 ක්‌ ගෙදර යවා ලක්‌ෂ 3 කට අධික දරු පවුල් අනාථවූ 1980 ජුලි මහා වැඩ වර්ජනය සිදුවී 2016 ජුලි 15 වැනිදාට වසර 36 කි.

    "ධර්මිෂ්ඨ සමාජයක්‌ ඇති කරමු" යන තේමාව යටතේ
    (හරියටම පබයා පහුගිය ජනවාරි 8 කිව්ව "මයිත්‍රී පාලනයක්" වගේම තමයි)
    1977 ජුලි 22 වැනිදා පැවති මහ මැතිවරණයට තරග කළ ජේ.ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් එක්‌සත් ජාතික පක්‌ෂය එම පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 168 න් ආසන 140 ක්‌ ලබා ගනිමින් විශිෂ්ට ජයක්‌ ලබා ගත්තේය. දෙමළ ඊළාම් රාජ්‍යයක්‌ වෙනුවෙන් තරග කළ දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ ආසන 18 ක්‌ ලබාගන්නා විට ශ්‍රීලනිපයට හිමි වූයේ ආසන 7 ක්‌ පමණි. ස්‌වාධීන මන්ත්‍රී හාරිස්‌පත්තුවේ විෙ-සිරි ශ්‍රීලනිපයට එක්‌වීමත් සමඟම එයට ආසන 8 ක්‌ බවට පත්විය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව දෙවන සංශෝධනය 1977 ඔක්‌තෝබර් 4 වැනිදා තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කරගත් අගමැති ෙ-.ආර්. ජයවර්ධන සියලු බලතල සමඟ විධායක ජනාධිපති බවට පත්විය.

    දිනෙන් දින බඩුමිල ඉහළ යැම නිසා වැඩකරන ජනතාව ඉහළ යන ජීවන වියදමට ඔරොත්තු දීම සඳහා මසකට රුපියල් 300 කින් එනම් දිනකට රුපියල් 10 කින් වැටුප් වැඩිකරන ලෙසද වැඩිවන සෑම ජීවන වියදම් දර්ශකයකට රුපියල් 5 බැගින් දීමනාවක්‌ ගෙවන ලෙසද ඉල්ලා සිටියෝය.

    (හරියටම අද VAT බද්දට එරෙහිව මුළු සමාජයම විරෝධතාවයක් ඇති කරන එක වගේමයි)
    1-1.jpg

    රජයේ සේවක නිවාඩු දින ගණන අඩුකිරීමට රජය තීරණය කළද වෘත්තීය සමිතිවල විරෝධතා හේතුවෙන් එම තීරණය හකුලා ගැනීමට සිදුවිය. එජාප ආණ්‌ඩුව හයෙන් පහක බලය උපයෝගි කර ගනිමින් විපක්‌ෂයේ දේශපාලන පක්‌ෂ සහ වෘත්තීය සමිති මර්දනය කරමින් පාලනය ගෙන ගියහ.
    (හරියටම අද FCID එකෙන් ආණ්ඩුවට විරුද්ධ ගම්මන්පිල, විමල්, බන්දුල වගේ හැම එකාවම හිරේ දානවා වගේමයි)
    මේ පිළිබඳව සාකච්ඡා කිරීමට වෘත්තීය සමිති 16 කින් සමන්විත වෘත්තීය සමිති එක්‌සත් ක්‍රියාකාරි කමිටුව සෑම ක්‌ෂේත්‍රයකම නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින් 1,024 ගේ සහභාගිත්වයෙන් 1980 මාර්තු 8 සහ 9 දිනයන්හි කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී ජාතික සමුළුවක්‌ පවත්වන ලදී.

    (හරියටම අද ETCA ගිවිසුමට විරුද්ධව විහාරමහා දේවි උද්‍යානයේ පහුගිය පෙබරවාරි 11 වැනිදා පැවැත්වූ වෘත්තිකයන්ගේ මහා සමුළුව වගේ...)

    dharman190216.jpg
    (වමේ සිට: ඉන්දු ලංකා ගිවිසුම 1987 ජුලි ‘රාජ්‍යතාන්ත්‍රිකව’ අත්සන් කලාක්මෙන් ශ්‍රී ලංකාව සමඟ එට්කා ගිවිසුම අත්සන් කිරීමට කටයුතු කරන ඉන්දියාව, ක්‍රමෝපාය සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළෙඳ පිළිබද ඇමති මලික් සමරවික්‍රම, එට්කා ගිවිසුමේ ‘ආර්ථික උපදේශකයින්’ වූ ආචාර්ය සමන් කැලේගම, මහාචාර්ය රොහාන් සමරජීව සහ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි).
    එහිදී තීරණය වූයේ රුපියල් 300 කින් මාසික වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් දිනා ගැනීම සඳහා 1980 ජුනි 5 වැනිදා කෑම පැයේදී ජාතික විරෝධතා ව්‍යාපාරයක්‌ පැවැත්විය යුතු බවය. මෙහිදී එජාප ආණ්‌ඩුවට අනුබද්ධිත ජාතික සේවක සංගමය සහ රාජ්‍ය සේවා ජාතික වෘත්තීය සමිති සම්මේලනයට අනුබද්ධ එජාප වෘත්තීය සමිති සිදුකළේ 1980 ජුනි 5 වැනිදා රජයට පක්‌ෂපාතිත්වය දක්‌වමින් රාජ්‍ය සහයෝගිතා දිනයක්‌ ප්‍රකාශයට පත්කිරීමය.
    (හරියටම අද රවී කරුපයියගේ සිගරට්-කසිප්පු වලට කඩේ යන කිහිප දෙනෙක්, වැට් බද්ද ඕනේ කියලා කියනවා වගේ)

    රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයෝ ලක්‌ෂ 4 කට ආසන්න පිරිසක්‌ 1980 ජුනි 5 වැනිදා තම ඉල්ලීම් ලබාගැනීම සදහා ආයතන ඉදිරිපිට පිකටින්, විරෝධතා, උද්ඝෝෂණ, රැස්‌වීම් පැවැත්වූ අතර ඒවාට පුළුල් සහභාගිත්වයක්‌ සහිතව සටන්කාමි ස්‌වරූපයක්‌ ගනු ලැබීය. එජාප ආණ්‌ඩුවට හිතවාදී වෘත්තීය සමිති එදිනම එම මොහොතේදීම රජයට සහයෝගිතාවය දක්‌වමින් පිකටින් සහ උද්ඝෝෂණ පවත්වනු දක්‌නට ලැබිණි.

    කොළඹ චිත්තම්පලම් ගාඩිනර් මාවතේ රජයේ සැපයුම් දෙපාර්තමේන්තුව ඉදිරිපිට පිකටින් ව්‍යාපාරයේ යෙදී සිටි වෘත්තීය සමිති සාමාජිකයින්ට මහජන බැංකුව සහ ලේක්‌හවුස්‌ ආයතනය දෙසින් පැමිණි කණ්‌ඩායම් දෙකක්‌ ගල්මුල්වලින් පහරදී බෝම්බ ප්‍රහාරයක්‌ද එල්ල කරන ලදී. මෙහිදී සැපයුම් දෙපාර්තමේන්තුවේ සේවකයෙකු වන එහි පොදු සේවක වෘත්තීය සමිති ශාඛාවේ දෙද්දුවගේ සෝමපාල මරුමුවට පත්විය.

    සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසියේ සහකාර පොලිස්‌ අධිකාරි එන්.අයි. රත්නායක විසින් පොලිස්‌පති ආනා සෙනෙවිරත්න වෙත ඉදිරිපත් කර තිබූ වාර්තාවේ මෙසේද සඳහන් විය. "ජුනි 5 වැනිදා 12.45 පැයට රජයේ සැපයුම් දෙපාර්තමේන්තුව ඉදිරිපිට 100 කට අධික පිරිසක්‌ උද්ඝෝෂණය කරමින් සිටියා. එහිදී කොම්පඤ්ඤ වීදිය දෙසින් පැමිණි 31 ශ්‍රී 1111 දරණ ජීප්රියේ සිටි කණ්‌ඩායම ගල් සහ මුගුරු ගෙන පිකටින් කණ්‌ඩායමට පහර දුන්නා. පසුව පිපිරීම් හඬක්‌ ඇසුනා. තුවාල ලබා සිටි 6 දෙනෙකු රෝහලට ඇතුළත් කළා. ජීප්රිය ස්‌ථානයෙන් ඉවත්ව ලේක්‌හවුස්‌හි ඉදිරිපිටින් යළි ගමන් ගත් අතර එහි ඉදිරිපස අසුනේ අගලවත්ත එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මෙරිල් කාරියවසම් වාඩිවී සිටිනු දක්‌නට ලැබුණා. මෙම සිද්ධියේදී එක්‌ පුද්ගලයෙක්‌ මිය ගියා." පසුකාලයේ ජවිපෙ දෙවැනි කැරළි සමයේදී මෙරිල් කාරියවසම් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මගින් 1989 සැප්තැම්බර් මස ඝාතනය කර තිබුණේ මෙයට දඬුවමක්‌ වශයෙන් බව ඔවුන්ගේ රණහඬ ගුවන්විදුලිය නිවේදනය කර තිබිණි.

    මෙම ඝාතනය වැඩකරන ජනතාවගේ සිත් සසල කරන්නක්‌ විය. මුල්ඔය වර්ජනයේදී 1940 ජනවාරි 10 වැනිදා මියගිය ගෝවින්දන්ට පසු 1953 හර්තාලයේ මියගිය සගයන්ද ඇතුළත්ව 12 වැනියා ලෙස මියගියේ සෝමපාලය. නාරාහේන්පිට පදිංචි දෙදරු පියෙකු වූ සෝමපාල මියගියේ හෘදවස්‌තුව සහ පෙනහල්ල තැලීමද ඉළඇට කැඩීබිදී යාම නිසා බව අධිකරණ වෛද්‍ය නිලධාරිනි බී.එම්. කාරියවසම් සහ මහාචාර්ය එච්.ෙ-. ප්‍රනාන්දු සිය අධිකරණ වෛද්‍ය පරීක්‌ෂණ වාර්තාවේ සඳහන් කළෝය. සෝමපාලගේ පවුලේ අය වෙනුවෙන් බාල තම්පෝ, මංගල මුණසිංහ සහ පීටර් ජයසේකර යන අයගේ ඉල්ලීම පරිදි මරණය ගැන මහේස්‌ත්‍රාත් පරීක්‌ෂණයක්‌ පැවැත්වීමට හදිසි මරණ පරීක්‌ෂකවරයා තීරණය කළේ සහකාර පොලිස්‌ අධිකාරි සී. පී. ජයසූරියගේ විරෝධයද නොතකමිනි.

    සෝමපාලගේ නිවසට ගිය විට දක්‌නට ලැබුණේ නිවස ඉතා කුඩා වූ බැවින් මෘත දේහය අසල නිවසක තැන්පත් කර තිබූ බවය. සෝමපාලගේ දේහය අවසන් ගෞරවය සඳහා පසුව කොටුවේ පොදු සේවක වෘත්තීය සංගම් මූලස්‌ථානයේ තබන ලදී. ඔහුගේ අවමඟුල සංවිධානය කළේ වෘත්තීය සමිති එක්‌සත් ක්‍රියාකාරි කමිටුව මගිනි. සාමාන්‍ය කම්කරුවෙකු වූ ඔහුට ගෞරව කිරීමට වරුවක නිවාඩු දමා සේවකයෝ දස දහස්‌ ගණනින් පැමිණ සිටියහ. බොරැල්ල කනත්තේ පැවැති අවමඟුලට 50,000 කට අධික පිරිසක්‌ එක්‌වූ අතර මඟ දෙපස ලක්‌ෂයකට ආසන්න පිරිසක්‌ රැස්‌වී සිටි බව ලියුම්කරුට දිස්‌විය. පසුකලෙක ත්‍රීමාවිතාරණගේ අවමඟුලට ලක්‌ෂයකට අධික පිරිසක්‌ කනත්තට පැමිණ සිටි අතර ලලිත් ඇතුලත්මුදලිගේ අවමඟුලටද 50,000 කට අධික පිරිසක්‌ පැමිණි සිටි බවද මතකය.

    සෝමපාලගේ මරණය පිළිබඳව මහෙස්‌ත්‍රාත් විභාගය කොටුව ඒකාබද්ධ මහෙස්‌ත්‍රාත් සරත් ගුණතිලක ඉදිරියේ 1980 ජුනි මස 8 සිට අගෝස්‌තු 28 දක්‌වා කාලය තුළ පැවති අතර එහිදී ලබාදුන් විවෘත තීන්දුවේ සඳහන් වූයේ නීති විරෝධී පෙළපාලියකින් පැමිණි ප්‍රතිවාදී කණ්‌ඩායම කළ ප්‍රචණ්‌ඩ ක්‍රියාවෙන් සෝමපාලගේ මරණය සිදුවී ඇති අතර ඔහුට තදබල ලෙස පහරදී ඇති බව පැහැදිලි බවය.

    ඔහුගේ අවමඟුල් දිනයේ සහ ඇතිවූ සිද්ධීන් හේතුකොට ගෙන රත්මලාන දුම්රිය වැඩපොළේ සේවකයින් 12 දෙනෙකුගේ වැඩ 1980 ජුනි 12 වැනිදා තහනම් කරන ලදී. ඔවුන් සේවයට බඳවා ගන්නා මෙන් ඉල්ලමින් රත්මලාන දුම්රිය සේවකයෝ 1980 ජුලි 7 වැනිදා වැඩ වර්ජනයක්‌ ඇරඹූහ. ඔවුනට සහාය පළ කරමින් මරදාන දුම්රිය වැඩපොළේ අංක 18, 19, 26, 36 සහ 38 කම්හල්වල සේවකයෝ 1980 ජුලි 8 වැනිදා උදෑසන එම වර්ජනයට එක්‌වූහ. සේවකයින් 8,000 කට ආසන්න මෙම වර්ජනයෙන් ජුලි 9 වැනිදා වන විට දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම ඇන හිටියේය.

    වෘත්තිය සමිති එක්‌සත් ක්‍රියාකාරි කමිටුව 1980 ජුලි 11 වැනිදා රැස්‌වී රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට රුපියල් 300 ක ක්‌ෂණික වැටුප් වැඩිවීමක්‌ද, වැඩිවන සෑම ජීවන වියදම් දර්ශකයකටම රුපියල් 5 ක දීමනාවක්‌ ලබාදෙන ලෙසද වැඩ තහනම් කළ සේවකයින්ට කොන්දේසි විරහිතව යළි රැකියා ලබාදෙන ලෙසද ආණ්‌ඩුවට දැනුම් දුන්නේය. එයට 1980 ජුලි 14 වැනිදාට ප්‍රථම ප්‍රතිචාරයක්‌ නොදැක්‌වුවහොත් මහා වැඩ වර්ජනයක්‌ ආරම්භ කරන බවද ආණ්‌ඩුවට වෘත්තීය සමිති එක්‌සත් ක්‍රියාකාරි කමිටුව අවධාරණය කළහ. මේ වන විට දිවයින පුරා දුම්රිය ස්‌ථාන සහ දුම්රිය වැඩපොළවල සේවකයෝ 24,810 ක්‌ වර්ජනයට එක්‌වී සිටියහ.

    එජාප ආණ්‌ඩුව නිවේදනයක්‌ කරමින් වර්ජනය කළහොත් වර්ජකයින් සේවය අතහැර ගියා සේ සලකන බව නිවේදනය කළේය. ජනාධිපති ෙ-.ආර්. ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් 1980 ජුලි 15 වැනිදා රැස්‌වූ ඇමති මණ්‌ඩලය 1980 ජුලි 16 දහවල් 12 සිට රටපුරා හදිසි නීතිය පනවන ලදී. ඒ අනුව දුම්රිය, ලංගම, තැපැල් සේවය, වරාය, අධ්‍යාපනය, රෝහල්, තෙල් බෙදා හැරීම අතවශ්‍ය සේවා බවට පත්කළ අතර හදිසි නීති රෙගුලාසි යටතේ වැඩ වර්ජන නීති විරෝධී කරනු ලැබීය. රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සරත් අමුණුගම ප්‍රවෘත්ති බලධාරියා ලෙස පත්කළ අතර 1980 ජුලි 18 වැනිදා සිට ප්‍රවෘත්ති පාලනයක්‌ද ක්‍රියාත්මක කරන ලදී.

    (හරියටම අද යාපනේ සිද්ධ වෙන දේවල් මාධ්‍ය වලින් කියන්න එපා කියල පොන්සිරා ප්‍රමුඛ UNP ආණ්ඩුව තර්ජනය කරනවා වගේ)
    විපක්‌ෂයේ පුවත්පත් වූ ඇත්ත, සිරිලක, ජනදින මේ අනුව මුළුමනින්ම වාගේ වාරණයට ලක්‌වූ අතර ආණ්‌ඩුවේ මාධ්‍යයන් මගින් ඔවුනට හිතකර ප්‍රවෘත්ති පමණක්‌ ප්‍රචාරය කරන ලදී. පාර්ලිමේන්තු විවාදවලදී වර්ජනය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් කරනු ලබන ප්‍රකාශද පාර්ලිමේන්තුවේ ප්‍රවෘත්ති පාලන කමිටුවට යොමුකළ යුතු විය.

    ආණ්‌ඩුවේ නිවේදනයන් නොසලකා සෞඛ්‍ය සේවකයෝ ජුලි 15 වැනිදාද රජයේ කාර්යාල සේවකයෝ, පළාත් පාලන සහ රජයේ ලිපිකරුවෝ ජුලි 17 වැනිදාද ගුරුවරු ජුලි 20 වැනිදාද 80 ජුලි මහා වැඩ වර්ජනයට එක්‌වූහ. ජවිපෙ නිල වශයෙන් වර්ජනයට සහභාගි නොවූවද විවෘතව වැඩකර අනාවරණය වූ පිරිස්‌ වලට වර්ජනයට එක්‌වන ලෙසට දැනුම්දී තිබිණි. ජවිපෙ සමඟ සමාන්තරව සිටි රෝහණ විෙ-වීරගේ මස්‌සිනාවූ එච්.එන්. ප්‍රනාන්දු ප්‍රධාන ලේකම් ධූරය දැරූ ලංකා ගුරු සංගමය වර්ජනයට එක්‌වීමෙන් පසුව දෙකඩ විය. සමඟි පෙරමුණ ආණ්‌ඩුව යටතේ ඇතිවූ බැංකු සටනේදී මෙන් මෙම ජුලි වැඩ වර්ජනයේදීද බාල තම්පෝගේ නායකත්වයෙන් යුත් වෙළෙඳ සේවක සංගමය කර ඇරියේය. ලක්‌ෂයකට ආසන්න පිරිසක්‌ වර්ජනයට එක්‌වී සිටි බැවින් ආණ්‌ඩුවේ පරිපාලන කටයුතු සහ එදිනෙදා සේවාවන්ද අඩපණ විය.

    එජාප ආණ්‌ඩුව වර්ජනයට එරෙහිව 1980 ජුලි 19 වැනිදා රත්මලාන මැලිබන් හන්දියේදී සහ ජුලි 21 මරදාන ටවර් රඟහල ඉදිරිපිටදීද ජනාධිපති ෙ-.ආර්. ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්‌වීම් පැවැත්විණි. රටේ දැන් පවත්නා නීතියෙන් ගැහැණියෙකු මිනිසෙකු කිරීම හැර වෙන ඕනෑම දෙයක්‌ කිරීමට විධායක ජනාධිපතිවරයා වශයෙන් තමාට බලය ඇතැයි, එජාප නායකයා කියා සිටියේ මරදානේ පැවැති එම රැස්‌වීමකදීය.

    ආණ්‌ඩුව මගින් වර්ජකයින්ට ජුලි මාසය සඳහා වැටුප් ගෙවීම අත්හිටුවන ලදී. රජයේ ආයතන සහ ගොඩනැගිලි තුළ පිහිටුවා තිබූ සියලු වෘත්තීය සමිති කාර්යාල වසා තබා ඒවාට සීල් තබන ලදී. ජුලි මස 23 වැනිදාට ප්‍රථම සේවයට වාර්තා කිරීමේ කොන්දේසි සහිතව අවසාන අවස්‌ථාවක්‌ද ලබාදෙන ලදී. බොහෝ දෙනෙකු සර්පයින් දෂ්ට කිරීම, කම්මුල්ගාය, සරම්ප වැනි රෝග වැළඳීම නිසා සේවයට පැමිණීමට නොහැකිවූ බවට අභියාචනා එක්‌කර යළි සේවයට එක්‌විය.

    අගමැති රණසිංහ ප්‍රේමදාස 1980 ජුලි 24 වැනිදා කියා සිටියේ එදිනට පසු වර්ජකයින් 40,356 ක්‌ සේවයට වාර්තා නොකළ බැවින් සේවය අතහැර ගියා සේ රජය කළ නිවේදනය ක්‍රියාත්මක කරන බවය. ආණ්‌ඩුවේ එජාප මන්ත්‍රීවරුන් මගින් එක්‌ ආසනයකට රැකියා ඉල්ලුම්පත් 100 බැගින් ලබාගෙන රැකියා නැති අයගේ විස්‌තර ලබාගෙන ඔවුන් වර්ජිත සේවකයින් 40,356 වෙනුවට බඳවා ගන්නා ලදී. එමෙන්ම 1980 ජුලි 22 වැනිදා වන විට එසේ රැකියා බැංකුවේ ලියාපදිංචි වී සිටියදී රජයේ සහ සංස්‌ථාවලට බඳවාගත් සේවක සංඛ්‍යාව 8,421 කි. වර්ජිතයින්ගෙන් පුරප්පාඩු වූ සෙසු තනතුරු සඳහාද සියලු දෙනා එජාප මන්ත්‍රීවරුන්ගේ ඉල්ලුම්පත් අනුව අගෝස්‌තු මස වන විට බඳවාගෙන නිමකර තිබිණි.
    (හරියට අද දේශපාලන පලිගැනීම් උනා කියලා UNP එකට කඩේ ගිය 12,000 කට රාජ්‍ය ආයතන වල රැකියා දෙනවා වගේ)


    මර්දන නීති නොතකා වර්ජකයින්ට යළි රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් 1980 අගෝස්‌තු 8 උදෑසන කොටුව දුම්රිය ස්‌ථානය අසලදී 10,000 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් මහා සත්‍යග්‍රහයක්‌ පැවැත්වූ අතර පෙළපාලියකින් ජනාධිපති මන්දිරයට ගමන් කරන්නට විය. මහ තැපැල්හල අසලදී බැටන් පහරදී එය විසුරුවා හරින ලදී. මෙහිදී වෘත්තීය සමිති නායකයින් වූ අලෙවි මවිලානා, වාසුදේව නානායක්‌කාර, ගුණසේන මහානාම, ඩී.අයි.ජී. ධර්මසේකර, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ඇතුළු නායකයින් 12 දෙනෙක්‌ අත්අඩංගුවට ගෙන දින 102 ක්‌ රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණි. එයට අදාළ නඩුවක්‌ 1980 අගෝස්‌තු 16 වැනිදා අධිකරණයේදී ගොනු කළේය. ජුලි මහා වැඩ වර්ජනය 1980 අගෝස්‌තු 15 වැනිදා වන විට මුළුමනින් මර්දනය කිරීමට (ETCA එකට විරුද්ධ වෙන අයට මේ වගේ මර්ධනයක් ඉතා නුදුරේදී බලාගන්න පුළුවන්) එජාප ආණ්‌ඩුව සමත්වීම නිසා අගෝස්‌තු 15 වැනිදා සිට හදිසි නීතිය සහ ප්‍රවෘත්ති පාලනය ඉවත් කරන ලදී.

    ජුලි වැඩ වර්ජනයෙන් 40,356 කගේ රැකියා අහිමි වූ අතර ඔවුන්ගේ යෑපෙන්නන් ලක්‌ෂ 3 කට අධික සංඛ්‍යාවක්‌ අන්ත අසරණ තත්ත්වයට පත්විය. වර්ජිත සේවකයින් 138 දෙනෙකු සිය දරු පවුල නඩත්තු කර ගැනීමට නොහැකිව සියදිවි හානිකර ගත්හ. දහස්‌ සංඛ්‍යාතික සේවකයින්ගේ පවුල් කඩාකප්පල් විය. ඇතැමුන් මානසික රෝගීන් බවට පත්විය. දරුවන් අනාථ භාවයට පත්විය. උන්හිටි තැන් නැතිව අසරණභාවයට පත්වී යාචකයින් බවට පත්වූ ජුලි වර්ජකයින් සිය ගණනක්‌ සිටි අතර ඉන් එක්‌ අයෙකු බොරැල්ල උමං මාර්ග ප්‍රවේශය අසලදී සිඟමන් යදින අයුරු 2013 වසරේදී ජාතික පුවත්පතක විස්‌තර සමඟින් මුල් පිටුවේ ඡායාරූපයක්‌ද පළවිය. බොහෝ දෙනා ජීවත්වීම සඳහා වෙන කළහැකි දෙයක්‌ නොවූවෙන් පදික වෙළෙඳුන්, රියදුරන්, කොන්දොස්‌තරවරුන් වැනි අවිධිමත් සේවා වෘත්තීන්හි නිරත වීමට සිදුවිය.

    ජුලි වර්ජකයින් වෙනුවෙන් යළි හඬ නගමින් ඔවුන්ගේ ඉල්ලීම් දිනාගැනීම සඳහා පසුකාලයේ පෙනී සිටියේ වර්ජනය කැඳවූ වෘත්තීය සමිති නොව ජුලි වර්ජකයින් වෙනුවෙන්ම බිහිවූ ජුලි වර්ජකයින්ගේ ඒකාබද්ධ සංවිධානය මගිනි. පී. අමරදිවාකර එයට නායකත්වය දෙමින් අති සුවිශේෂි කාර්යභාරයක්‌ අඛණ්‌ඩව ඉටුකළ අතර ඒ සඳහා ශ්‍රී ලංකා මහජන පක්‌ෂයේ සභාපතිව සිටි ඔසී අබේගුණසේකර ගෙන් සිදුවූ මෙහෙය ඉමහත් බව එම සංවිධානය පවසයි. එමෙන්ම මන්ත්‍රී වාසුදේව නානායක්‌කාරද එදා සිට අද දක්‌වාම ජුලි වර්ජකයින් වෙනුවෙන් පෙනී සිටි බව එම සංවිධානය ප්‍රකාශකර තිබේ.

    එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් රජයේ සහ පළාත් පාලන සේවයේ ජුලි වර්ජකයින් සියලු දෙනාටම 1989 දී පාරිතෝෂිකයක්‌ සමඟ විශ්‍රාම වැටුප් අයිතියට හිමිකමද ලැබිණි. ජුලි වර්ජකයින් ජීවත්ව සිටින තාක්‌කල් මසකට රුපියල් 5,000 ක දීමනාවක්‌ ලබාදීමටද කටයුතු යෙදිණි. වර්ජකයින්ගේ වැන්දඹු බිරින්දෑවරුන්ටද එම සහනය දිය යුතු බවට යෝජනාවක්‌ කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් විය. ලාංකීය කම්කරු ඉතිහාසයේ තීරණාත්මක අවස්‌ථාවක්‌ ලෙස 80 ජුලි වර්ජනය හැඳින්විය හැකිය. පක්‌ෂ දේශපාලනයෙන් ඉවත්වී කම්කරු පන්තියට ස්‌වාධීන සංවිධාන ගොඩනඟා ගැනීමේ වැදගත්කම අසූවේ ජුලි මහා වැඩ වර්ජනයෙන් ගතහැකි ලොකුම පාඩම වේ.

    ධර්මන් වික්‍රමරත්න


    http://www.divaina.com/2016/07/17/feature01.html


    අද ලියවෙන්නේ එදා 1980 වසරේ යූ.එන්.පී ආණ්ඩුව ගෙනගිය තුච්ච ඉතිහාසයම නොවේද? මේ බව දැන දැනත් UNP එකට කතිරේ ගහපු උන්ට නම් හොදක් වෙන්නේ නෑ...
    VAT, ETCA එක්ක යුධ අධිකරණයත් ආවම, හැමෝටම ලොකු වෙක් දැනෙයි... අන්න ඒ වෙට ගරු කරමු..:yes:
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ රට අද තියෙන අවුලට පත් කල පොන්සිරාට සාප වේවා...!!
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    වටිනා ලිපියක් සහෝ...
    11.gif
    එකෙක්ගේ හරි මොලේ පෑදෙයි කියල හිතනවා මේක කියවලා...:yes: හැබැයි එකෙන් කියවෙන්නේ නෑ කලින් හිටපු එවුන් හොදයි කියලා...:no:
     
    • Like
    Reactions: funkyguy89

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Mage thaththageth job eka nathi una 80 strike eken.
    :sorry::sorry:
    sorry to hear that brother... UNP ආණ්ඩු තිබුන හැම කාලයකදීම, සාමාන්‍ය ජනතාවට මුදා හැරපු ප්‍රචණ්ඩත්වය සහ භීෂණය ගැන හරියටම දන්නේ, එයට ගොදුරු උන අය විතරයි... :sorry:
    History repeats itself... අද UNP ආණ්ඩුවක් ඇවිත් අවුරුද්දක් යද්දී ආපසු ඉතිහාසය දිහා හැරිලා බැලුවොත් පේනවා, ඔවුන්ගේ න්‍යායයන්ගේ සහ ප්‍රතිපත්ති වල කිසිදු වෙනසක් වෙලා නැති බව... ඔවුන්ට එදා වගේ අද බටලන්දේ වදකාගාර හදන්න බැරි වෙලා තියෙන්නේ, මානව හිමිකම් ගැන මුළු ලෝකයම අවදියෙන් ඉන්න නිසා... එහෙම නැත්නම් මෙලහකට 1989-1990 කාලයේ මේ රටේ සිංහල කොල්ලෝ මරපු විදිහත් අද නැවත පුනරාවර්තනය වෙන විදිහ බලන්න තිබුනා... නමුත් ඒ කොහොම වෙතත් ප්‍රතිවිරුද්ධ මතධාරීන් එක දිගට මහා මග මරලා දාපු විදිහ අපි දැක්කා, ආණ්ඩුව පත් වෙලා මුල් මාස 6 වගේ ඇතුලත...
    මිනිස්සු ඉගෙනගත යුත්තේ ඉතිහාසයෙන්... එහෙම නැතුව පබයෙක් ඉස්සරහට දාලා, "යහපාලනය එක්ක නොමිලේ WiFi" කිව්වම ගිහින් ඌට කතිරේ ගහලා ඇවිත්, " අනේ මං දැනන් හිටියේ නෑ ඌ පබයා" කියල කිව්වට වැඩක් නෑ... මොකද එහෙම නම් මිනිහෙක් මරලත් කියන්න පුළුවන් "අනේ, මං බෙල්ල කැපුවේ මැරෙයි කියල හිතල නෙමෙයි" වගේ මෝඩ සහ කාලකන්නි සාධාරණීකරණ කිරීම්... මොකද පොන්සිරාට චන්දෙ දීපු හැම එකෙක්ම කලේ මේ රටේ, සිංහල ජාතියේ බෙල්ල කපපු එක... මොන හේතුවක් දැන් කිව්වත් ඒ කරපු දේට කිසිවිටෙක සමාවක් නම් ලැබෙන්නේ නෑ...
    :no::no:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෙතන ඉන්න ගොඩක් දෙනෙක් රනිල්ගේ සහ unp එකේ අපතයො දන්නේ නැහැ. මේ හැම දේටම එක වාක්‍යයයි තියෙන්නේ

    "history repeats itself"
    :yes::yes::yes:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වටිනා ලිපියක් සහෝ...
    11.gif
    එකෙක්ගේ හරි මොලේ පෑදෙයි කියල හිතනවා මේක කියවලා...:yes: හැබැයි එකෙන් කියවෙන්නේ නෑ කලින් හිටපු එවුන් හොදයි කියලා...:no:
    ඇත්ත... කලින් හිටපු උන් හොදයි කියල මේකෙන් කියවෙන්නේ නෑ... නමුත් මුන්ට වඩා හොදයි කියන එක දැන් කාටත් ප්‍රත්‍යක්ෂයෙන් ම අවබෝධ වෙලා ඇති කියල හිතනවා...
    නළුවා ගිහින් දැන් මොලයෙන් නිසා රට පාලනය වෙන්නේ, ඒ වෙ දැනෙනවා...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    VAT, ETCA එක්ක යුධ අධිකරණයත් ආවම, හැමෝටම ලොකු වෙක් දැනෙයි... අන්න ඒ වෙට ගරු කරමු..:yes:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මරුසිරා;20453409 said:
    :yes::yes:
    එතකන් සහජීවනෙන් ඉමු :sorry:
    හ්ම්ම්.... යාපනේ ගිහින් උඩරට නටන්නේ නැතුව...:angry:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඊලග චන්දෙදි වත් පොnනයන්ට රට නොදෙන්න, මේ ලිපිය කියවන්න....