ජෙනරල් වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    "අපේ සෝභිත හාමුදුරුවො කියනව යුද්ධ දිනුවම සෙන්පතියන්ට නින්දගම් දෙනවලූ. ඒව දෙන්නනම් රාජ මනසක්, රාජ ජාන, රාජ සංවරයක් තියෙන්න ඕනෙ. මට ආණ්ඩුවෙන් දීපු පර්චස් 25 ත් දැන් බලෙන් අල්ලගෙන ඉන්නව පොලීසිය දාල, ඒකට දැන් මට යන්න දෙන්නෙත් නෑ. ඊයෙ එක්සත් ජාතික පක්ෂය පවත්වපු විරෝධයට, ඒකට සහභාගී වූ ඔක්කොටම අපේ ගෞරව ප්‍රණාමය පුද කරනවා ජය වේවා." - ජනරාල් සරත් ෆොන්සේකා

    ජය වේවා ජනරාල්තුමනි!
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    යුද්ධෙ කරද්දි අපේ කකුලෙන් ඇදපු , ඉවර උනාට පස්සෙ රටේ ජනාධිපතිගෙ ඉදන් යුධ හමුදාපතිවරු දක්වා දංගෙඩියට දක්කන් යන්න හදපු ඇමරිකන්කාරයන්ගෙ පෙස්සම් උබලත් අත්සන් කරපල්ලා , ඊට පස්සේ උඩින් ඇවිත් මහින්දව,ගෝඨා, ශවේන්ද්‍රලව දංගෙඩියට දක්කල , ෆෝන්සේකාව බේරගන්න ඇමරිකාවෙන් උදව් ගනිල්ලා. උබලට ජය

    අපේ උන්ට ඕවා දැන්ම තේරෙන්නෙ නෑ බන්.:dull:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අපි ගොඩක් අවාසනාවන්තයි නේද ? අපේ රටේ war එක ඉවර උනාම පිටින් බලන් ඉන්න අතරමැදි කට්ටිය එකතු වෙලා SL වල ඉන්න ගොඩක්ම වටිනා මිනිස්සු අතර ගැටුම් ඇති කලා. අපේ කට්ටියත් ඒවාට අහු උනා. මේ දෙගොල්ලෝ එකතු වෙලා අපී රට දිවුණු කලා නම් කොච්චර වටිනවද ? පිට ඉදන් බලන් ඉන්න පාදඩ බල්ලන්ට ඕනේ හැමදාම මෙහෙම ඇතුල කොටවල උන්ට වාසි ගන්න. අපේ උන් ඒ හැම උගුලටම අහු වෙනවා..

    :dull::dull::sorry::sorry:
     
    Dec 2, 2011
    3
    2
    0
    ඔකා තවත් කාලයක් හිරේම ඉන්න ඔනි. ඔකා නිසා අහින්සක හමුදා භටයන් තවමත් දුක්විදිනවා.:growl::growl::growl::growl:ඔකා නිදහස් කලොත් එහෙම ලංකාවම ඉවරයි.:growl::growl::growl:
     
    • Like
    Reactions: C$K

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,818
    3,406
    113
    රාවනා;11514276 said:
    ඔකා තවත් කාලයක් හිරේම ඉන්න ඔනි. ඔකා නිසා අහින්සක හමුදා භටයන් තවමත් දුක්විදිනවා.:growl::growl::growl::growl:ඔකා නිදහස් කලොත් එහෙම ලංකාවම ඉවරයි.:growl::growl::growl:

    thwa Fake ekak ..:dull:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    යාවත්කාලීන කරන ලදි …
    chathupatiya01.jpg
    20694550.jpg
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    රාවනා;11514276 said:
    ඔකා තවත් කාලයක් හිරේම ඉන්න ඔනි. ඔකා නිසා අහින්සක හමුදා භටයන් තවමත් දුක්විදිනවා.:growl::growl::growl::growl:ඔකා නිදහස් කලොත් එහෙම ලංකාවම ඉවරයි.:growl::growl::growl:

    fake no. ???

    :lol::lol::lol:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අද අනෝමා ෆොන්සේකා හෘද සාක්කිය ඉදිරියේ හඬා වැටෙනවා: මේ ගේම් කාරයන්ගෙන් ඇයවත් නිදහස් කරගත යුතුයි
    -අලගියවන්න කළ ඓතිහාසික හෙලිදරව්ව


    පසුගිය 29 වෙනිදින කොළඹ හයිඩ් පිටියේ ජෙනරාල් ෆොන්සේකා නිදහස් කරගැනීම සහ තවත් කරුණු වෙනුවෙන් පැවැති ඓතිහාසික මහා උද්ඝෝෂණ රැලියේදී ඓතිහාසික කතාවක් කෙළේ නවක තරුණයෙකි. ඔහු ජෙනරාල් ෆොන්සේකා නිදහස් කර ගැනීමේ ජනතා ව්‍යාපාරයේ කැඳවුම් කරු කුමාර අලගියවන්න මාධ්‍යවේදියා ය. අනෝමා නාවේ ඇයි? රනිල් අවංකමද? ආදී ප්‍රශ්න ගැනත් දේශපාලන ගේම් කාරයන් ගැනත් හෙලි කරමින් ඔහු කළ කතාව අද දවසේ බොහෝ ප්‍රශ්න වලට උත්තර සපයා තිබිණ. ඒ කතාව මාධ්‍යයන්ගෙන් ප්‍රචාරය වූයේ තම තමන්ට වාසි වන අයුරින් බැවින් ලංකා ඊ නිව්ස් එය සම්පූර්ණයෙන් මෙසේ පල කිරීමට තීරණය කෙළෙමු.


    ගෞරවනීය මහා සංඝ්‍යා වහන්ස, අන්‍යාගමික පූජක වරුණි, ගරු විපක්ෂ නායකතුමා ඇතුළු මෙහි පැමිණ සිටින සියළුම පක්ෂ නායකවරුනි, විද්වතුනි කලාකරුවනි වෘත්තීය සංගම් නියෝජිතවරුනි, හුදු දේශපාලන පක්ෂ පාට අමතක කොට ආණ්ඩුවේ අවනීතියට එරෙහිව අද හයිඩ් පිටිය ආ මේ ශ්‍රී ලංකාවේ පක්ෂ නියෝජනය කරමින් හෝ නොකරමින් මෙහි පැමිණි අභීත මිත්‍රවරුණි,

    මං මුලින්ම කියන්න ඕනෙ මේ දේශපාලන වේදිකාවල කතාකරල හුරු කෙනෙක් නෙමෙයි මම, මේ දේශපාලන කලිකලහය තුල ඉන්න කෙනෙක් නෙමෙයි මම, නමුත් අද මං මෙතෙන්ට අවෙ ඇයි කියල මගේ කතාවෙන් තේරෙයි.

    අද මෙහි ඇවිල්ල ඉන්න කවුරුත් දන්නව කොටි ත්‍රස්තවාදය පරද්දල අපේ මේ මාතෘ භූමිය බේරා ගැනීමේ සංග්‍රාමයට පුරෝගාමී නායකත්වය දුන්නෙ ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා කියල. ඒක කළේ කවුරුත් නෙවෙයි ජෙනරාල් සරත් ෆොන්සේක මැතිතුමයි. ජනාධිපතිතුමා එතුමට උදව් කරන්න ඇති. ආරක්ෂක ලේකම්තුමා එතුමට උදව් කරන්න ඇති. අපි ඒව දන්නවා. ඒත් යුද බිමේ ඒ දැවැන්ත අභියෝගය බාර ගනිමින්
    ත්‍රිවිධ හමුදාව එක් අරමුණකින් දැහැන්ගත කරල ඇත්ත සටන සැබෑ සංග්‍රාමය මේ මහ පොළවෙ කෙළේ ජෙනරාල් සරත් ෆොන්සේකයි කියන එක තමුන්නාන්සේල කවුරුත් දන්නව.

    ඒ නිසා තමයි ඒ යුද ජයග්‍රහනය සමරන වෙලාවෙ කේක් ගෙඩිය කපන්න ජනාධිපතිතුමා පිහිය දිගු කෙළේ, ජෙනරාල් සරත් ෆොන්සේකා මහත්තයට. තමුන්ගෙ හෘද සාක්කිය දන්න නිසා තමයි එහෙම කෙළේ. නැතිනම් ත්‍රිවිධ හමුදාවට අණදුන්නු සේනාධිනායකයා විදිහට ජනාධිපති තුමායි ඒ කේක් ගෙඩිය කපන්න ඕනෙ. එතුමාගෙ පපුව දන්නව, හෘදය සාක්කිය දන්නව, මේක කෙළේ සරත් ෆොන්සේක කියල. ඒක දන්න නිසා තමයි පිහිය දික් කෙළේ සරත් ෆොන්සේකා මහත්තයට. මහින්ද රාජපක්ෂ මහපොළොවෙ දේශපාලනය කළ කෙනෙක් හින්ද ඒක එතුම දන්නව.

    එහෙම කේක් කවල මොකද මේගොල්ලො කළේ? මේ පවුල් රෙජීම් එක දැනගත්ත මේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි, මෙයා එක්ක ගියොත් අපිට කෙලවෙනවා, දැන් යුද්ධෙ හරි. දැන් අපිට තියෙන්නෙ බය නැතුව රට කන්න. ඒකට ජෙනරාල් ෆොන්සේක හිටියොත් කෙලවෙනව කියල මේ පවුල් රෙජිමේන්තුව දැන ගත්ත. ඒ දැනගෙන තමයි මේ අයියල මල්ලිල මේ රට රජයේ පාලනයට ගෙනා මේ මහා සෙනෙවියට පල නොකිය පලා ඛෙදුවෙ.

    යුද හමුදාවෙ 60 වන සංවත්සරය පෙනි පෙනී තියෙද්දි මේ රණ විරුව ඉල්ලූව හමුදාපති හැටියට ඒක තියල මට ගෙදර යන්න විශ්‍රාම යන්න ඉඩ දෙන්න කියල. බෑ බෑ ඔයාට ඉඩ දෙන්නෙ නෑ. ඔයාට දෙන්නම් අපි ඊට වැඩිය හොඳ තනතුරක් කියල දුන්න ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කියල කටු ඔටුන්නක්. ජෙනරාල් තුමාට මේ කටු වල විස පෙනුන. ඒක හින්ද ජෙනරාල්තුමා ඒකෙ වැඩිකල් ඉන්නෙ නැතිව විශ්‍රාම ගත්ත. ඊට පස්සෙ තමයි ජෙනරාල් ෆොන්සේකටත් තේරුනේ මොකක්ද මේ වෙන්නෙ? කියන එක. නැතිනම් ඔක්කොම කෙළේ එකට. එක පිරිසක් මේ. එක පන්තියක් මේ. ඒත් එතුමට දැනෙන්න ගත්ත යකෝ ප්‍රභාකරන්ගෙන් බේරගත්ත මේ රට, ඊට වඩා දරුණු දේශපාලන ප්‍රභාකරන්ල රෙජීම් එකකට අහුවෙලා තියෙනව නේද කියල. ඒක තේරුම් ගත්ත නිසා තමයි මේ දේශපාලන ප්‍රභාකරන්ලට අහුවෙලා තියෙන මේ රට බේරගන්න එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් ප්‍රධාන කොටගත් දේශපාලන බලවේග ඒකරාශී කොටගෙන 2010 ජනාධිපතිවරණ දේශපාලන වේදිකාවට ආවෙ.

    මිත්‍රවරුනි, ඉතිහාසේ කවදාවත් අපි හිතුවෙ නෑ එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් එක වේදිකාවකට එයි කියල. ජෙනරාල්තුමා රනිල් වික්‍රමසිංහගෙ නායකත්වයෙන් එජාපයත්. සෝමවංශගෙ නායකත්වයෙන් ජනතා විමුක්ති පෙරමුණත් දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ බලවේග එකට එකතු කරල එක වේදිකාවකට ගත්ත. ඒක තමයි ජෙනරාල් ගෙ තිබුණු දක්ෂකම. 2010 ජනාධිපතිවරණය ඉතිහාසයේ එවැනි අනභිබවනීය මොහොතක් ලෙස තමයි සටහන් වෙන්නෙ.

    මගෙන් පස්සෙ වෙන ජෙනරාල් කෙනෙක්ට මේ යුද්දෙ කරන්න දෙන්නෙ නෑ කීව, ප්‍රභාකරන්ට ඊලඟ මහවිරු කතාව කරන්න දෙන්නෙ නෑ කීව වගේ කියපු දේ කළ, තමන්ගෙ රුධිරයෙන් මේ මහ පොළොව තෙත් කරමින් ජය ගෙන දුන් ජෙනරාල් ෆොන්සේක ගැන මිනිස්සු විශ්වාස කළා. ජෙනරාල් අලූත් බලාපොරොත්තු දුන්න. එතුම අලූත් සිහින ගෙනත් දුන්න. ඒව මහින්ද රාජපක්ෂ ගෙනත් දුන්නු ඒව වගේ හැබෑ නොවෙන හීන නෙවෙයි. හැබෑ කරගන්න පුළුවන් හීන.

    මෙන්න මේ සමාජ සන්දර්භය තුල තමයි එතුම කීවෙ, මේ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරනව කියල. එතුම කීව ස්වාධීන කොමිෂන් සභා 4 ගේනව කියල. එතුම කියන දේ කරපු නායකයෙක් විදිහට එතුම එක්ක මේ රටේ මිනිස්සු පෙළ ගැහුන. ආණ්ඩුව බයවුනා. සහෝදරයො බයවුනා. තමන්ට විතරක් නොවෙයි. තමන්ගෙ පරම්පරාවටම කෙළවෙනව කියල දැනගත්ත. අන්න එයාලගෙ කුමන්ත්‍රණය පටන් ගත්ත. මේ මාධ්‍යවේදියො දන්නව, මැතිවරණ කාර්යාලයෙන් වෙනදට දෙන සජීවී මැතිවරණ විකාශය අහෝසි කළා. මොනවදෝ අපි නොදන්න කකුල් මාට්ටු, ජිල්මාට්, අඩව්. කස්තිරම් දාල මේ මැතිවරණ ප්‍රතිඵලය විකෘති කළා. අපි දන්නව ඇත්තටම එදා මහින්ද රාජපක්ෂ හිටියෙ පරාජය බාර අරගෙන.

    ඔබතුමන්ල 2010 ජනාධිපතිවරණ අවසානෙ දේශපාලන වේදිකාවෙ ජනාධිපතිගෙ කතා අරන් බලන්න, එයා මැතිවරණ වේදිකාවට ගියේ හොඳටෝම බීල. ඒ කාලෙ එයාගෙ මූන දැක්කහම පේනව. දැන් වගේ රත්තරන් පාටට තිබුනෙ නෑ. ඛෙරි වෙලා තිබුනෙ. ගිහිල්ල මවුත් වොෂ් එකක් දාගෙන කියනව. අනේ අපේ හාමුදුරුවනේ, මව්බිම මව්බිම, මව්බිම, අනේ හැමුදුරුවනේ මව්බිම, මව්බිම, මව්බිම, මව්බිම, ආයිත් කියනව මව්බිම මව්බිම. එච්චරයි තිබුනෙ. වෙන කිසිම වැදගත් දේශපාලන කතාවක් එතුම කෙළේ නෑ. එතුම දැනගෙන හිටිය එතුම පරදිනව කියල. ඊට පස්සෙ තමයි මේ මල්ලිල එකතු වෙලා ගැහුවෙ ආවොත් ආව, ගියොත් ගියා කියන ගේම් එක.

    මිත්‍රවරුනි, අපි දන්නව තාප්පෙට හේත්තු කරල සතෙකුට ගැහුවත් ඌ ආපහු හැරිල හපා කනව. අන්න ඒ වගේ මේ රෙජීම් එකේ මල්ලිල ආපහු හැරිල ගහපු ගේම් එක ලස්සනට වැඩ කළා. ඊට පස්සෙ ඒ විකෘති ඡන්ද ප්‍රතිඵලය වෙනුවෙන්, මං මේ අවස්ථාවෙ කියන්න ඕනෙ, රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකුමාවත් සෝමවංශ අමරසිංහ නායකතුමාවත්, එකතු වෙලා ඒකාබද්ධ සටනක් ගෙනිච්චෙ නෑ ඒ ප්‍රතිඵලය වෙනස් කරගන්න.

    මං මේ වේදිකාවෙ වුනත් ඒක කියන්න බය නෑ. මේක තමයි ඇත්ත. එදා තමුන්නාන්සෙල කරපු අත්වැරැද්ද ඉස්සරහදිවත් හදාගන්න කියල මේ ජන සමූහයා ඉදිරියේ කියන්නෙ මහත් වුවමනාවෙන්. මොකද එදා මට මතකයි පාන්දර යාපනේ බෝම්බ පුපුරල විවිධ අකටයුතුකම් වුනා, ඡන්ද පොල නියෝජිතයො පැන්නුව. හොර ඡන්ද දැම්ම. එහෙම තියෙද්දි සවස 2.30ට විපක්ෂ නායක තුමා කීව ෆ්‍රී ඇන්ඩ් ෆොයාර් ඉලෙක්ෂන් කියල. මේක ලොකුම ලොකු වැරැද්දක් වුනා. තමුන්නාන්සෙ එදා වරද්ද ගත්ත වරද්දගැනිල්ල දැන්වත් මෙහෙම හරි හරිගස්ස ගන්න යන එක ගැන සතුටු වෙනව කියල මේ මොහාතෙ කියනව.

    ඊට පස්සෙ මොකද වුනේ? මේ මහින්ද රාජපක්ෂ රෙජීම් එක දැනගත්ත, ජෙනරාල් ජීවත්ව හිටියොත් අපි රට කාල හමාරයි. අපේ අවුරුදු 40 ක 50 ක පරම්පරාවෙ දේශපාලන ගමන් මග විනාසයි. ඒක හින්ද මේ මිනිහට මොකක් හරි කරන්න ඕනෙ කියල. මොකද මුලින්ම ඊළඟ මහ මැතිවරණයට වැඩ පටන්ගත්තෙ ජෙනරාල්. මට හොඳට මතකයි හමුදාවෙන් ඇවිල්ල එතුමාව ඩැහැගෙන යන වෙලාවෙ එතන හිටිය මනෝ ගනේෂන්, සෝමවංශ අමරසිංහ, ඒ පක්ෂ නායකයො එක්ක එතුමා සාකච්ඡා කෙළේ ඊලඟ මැතිවරණයට මුහුණ දෙන්නෙ කොහොමද කියල. මැතිවරණ ප්‍රතිඵල වලින් වැටිල කුජීත වෙලා එතුම එතුමගෙ ධෛර්ය අත්හලේ නෑ. සැරසුනා ඊළඟ සටනට.

    මේව දිහා බලාගෙන ඉඳල තමයි මේ රෙජීම් එක ඇවිල්ල මේ රටක් වටින ජෙනරාල්ව ඩැහැගෙන ගියේ. ඊට පස්සෙ නඩු දැම්ම. ඒක පාක්ෂිකව නඩු තීන්දු දුන්න. යුදාධිකරනයේ නීතිඥයෝ පෙනී ඉන්න දුන්නෙ නෑ. ඉතිහාසයේ පළමු වතාවට යුදාධිකරණය කියන්නෙ අධිකරණයක් කියල පිළිගත්ත. මේ වගේ බඩුත් හාමුදුරුවන්ගෙ නඩුත් හාමුදුරුවන්ගෙ සෙල්ලමක් තමයි ගියේ. ඊට පස්සෙ උන්නැහෙව ගිහිල්ල දඟගෙට දැම්ම. මේ ගොල්ලන්ට තියෙන එකම ප්‍රශ්නෙ තමයි මේ මිනිහ යහතින් හිටියොත් අපි කපෝතියි කියන ප්‍රශ්නෙ. මේගොල්ලො දන්නව ජෙනරාල්ගෙ තියෙන හැකියාවන්, දුර්වලකම්, අල්ලන්න ඕනෙ නිල මොනවද?, එකට හිටපු අය නිසා මේගොල්ලො දන්නව. ඒ නිසා තමයි ජෙනරාල්ව හිර කරන් ඉන්නෙ.

    මට තියෙන එකම සතුට තමයි ජෙනරාල් ඉන්නෙ නම් ඉතාම ශක්තියකින් එඩිතර බවකින්. තව අවුරුදු 10 ක් හිරේ දැම්මත් 20 ක් හිරේ දැම්මත් අන්තිම කාලෙ හරි ඇවිත් මේ ගේම් එක ගහනව ගහනවමයි කියන තැන තමයි ජෙනරාල් ඉන්නෙ.

    එහෙමනම් මේ රටේ දේශපාලනඥයො මහජනතාව හමුවේ වගකීමක් තියෙනව එතුමගෙ ජීවිතය වෙනුවෙන්. එතුමගෙ නිදහස වෙනුවෙන් සටන් කරන්න. එතුමගේ නිදහස වෙනුවෙන් සටන් කළ යුතුයි කියන අදහස මේ ජනතාව අතර තියෙනව. අපි මේ වේදිකාවට නැග්ගෙ ඒ නිසයි. එහෙම නැතුව රනිල් වික්‍රමසිංහ එක්ක ඩීල් එකක් දාගන්නවත්, මෙයැයිට කඩේ යන්නවත් නෙමෙයි අපි මේ වේදිකාවට නැග්ගෙ. අපි කඩේ යනවනම් යන්නෙ රට වෙනුවෙන්,. ජෙනරාල්ගෙ නිදහස වෙනුවෙන්,. මේ රටේ සිංහල දෙමල මුස්ලිම් ජනතාව වෙනුවෙන්, කියන එකත් ජෙනරාල් ෆොන්සේකා නිදහස් කර ගැනීමේ ජනතා ව්‍යාපාරය ලෙස මං මේ මොහොතේ කිව යුතුයි.

    ඒ වගේම අපි ලෑස්තියි ෆොන්සේක නිදහස් කර ගැනීම වෙනුවෙන් ඕනෑම යකෙක් එක්ක වුනත් වැඩ කරන්න. ඒ නිසා තමයි මම අපේ ව්‍යාපාරය නියෝජනය කරමින් මේ හයිඩ් පිටියෙ මේ වේදිකාවට ගොඩ වුනේ. මේක දේශපාලන අරමුණක් තමයි. නැත්තෙ නෑ. ජෙනරාල් හිරගත කෙළේ දේශපාලනය නිසා. එහෙමනම් ජෙනරාල්ව එළියට ගැනීමත් දේශපාලනයක්. එA නිසා තමුන්නාන්සෙලා මේ පෙන්වපු ජවය ඉස්සරහටත් එතුමා වෙනුවෙන් දක්වන්න කියල මං එතුම වෙනුවෙන් ඉල්ලා හිටිනවා.

    ඒ වගේම මං කියන්න ඕනෙ ජෙනරාල්ව නිදහස් කරගන්නව කියල පෙන්නන කට්ටියක් ඉන්නව. ඒ ඔක්කොටමත් මං කියන්න කැමතියි මේ ගේම් ගහල, දේශපාලන ගේම් ගහල මේ සෙල්ලම කරන්න එපා. මේක නිසා අද අනෝමා ෆොන්සේකා මැතිණිය හෘද සාක්කිය ඉදිරියේ හඬා වැටෙනව. තමන්ගෙ ස්වාමියා වෙනුවෙන් මේ ස්ථානයට එන්න බැරිව. අද එතුමිය හිර කාරියක් වෙලා ඉන්නෙ. ජෙනරාල්ව බේර ගන්නව වගේම එක එක දේශපාලන ගෙම් කාරයන්ගෙ හිර අඩස්සියේ ඉන්න අනෝම ෆොන්සේකා මැතිණියත් බේර ගන්න ඕනෙ කියන එක මං මේ වේදිකාවෙ තමුන්නාන්සෙල ඉදිරියේ කියනව.

    ඒ වගේම මං කැමතියි තමුන්නාන්සේලට ආරාධනයක් කරන්න එන දෙසැම්බර් 15 වෙනිදා කොළඹ අලූත් කඩේ උසාවියේ ජෙනරාල්ගෙ ඇපීල් එකේ තීන්දුව දෙනව. එතුමට එදා උදෙත් නඩුවක් තියෙනව. මම තමුන්නාන්සෙලට ආරාධනා කරනව මේ පෙන්නපු හයිය, මේ පෙන්නපු ශක්තිය, සහයෝගය 15 වෙනිද දවල් 12 ට එතැන පවත්වන පොදු විරෝධතා උද්ඝෝෂණයට ඇවිත් පෙන්වන්න කියල මං තමුන්නාන්සෙලාට ආරාධනා කරනව

    රනිල් වික්‍රමසිංහ නායකතුමා ඇතුළු සියළු දේශාපාලන නායකවරුන්ට මං කියනව තමුන්නාන්සෙල ඓන්ද්‍රියව ඇවිල්ල එතැන වාඩි වෙලා තමුන්නාන්සෙලගෙ සටන සැබෑ සටනක් කියල රට හමුවේ පෙන්වන්න කියන එක. නැතනම් එක එකා කඩප්පුලි කතා කියනව. මේක කරන්නෙ රනිල් වික්‍රමසිංහ බොරුවට. ඔය ජෙනරාල්ට ආදරේ නෑ. ඕක බොරුවක් කියල කියනව. මං ඒ අභියෝගය බාර කරනව ඔබ තුමාට. ඔබතුමා හරිනම්, ඔබතුමා නිවැරදි නම්, ඔබතුමා කෙළින්නම් වැඩ කරන්නෙ, මං ආරාධනා කරනව එන දෙසැම්බර් 15 වෙනිද දවල් 12 ට අලූත් කඩේ අභියස තිඛෙන විරෝධතා ව්‍යාපාරයට ඇවිල්ල, මේ ජෙනරාල් වෙනුවෙන් තමුන්නාන්සෙගෙ නිර්දෝෂී භාවය තමුන්නාන්සෙගෙ අවංක භාවය තමුන්නාන්සෙගෙ කැපවීම පෙන්වන්න කියල.

    මට අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි. මට අයිතියක් තියෙනවද නැතිද මං දන්නෙ නෑ මේක කියන්න. එක්සත් ජාතික පක්ෂය ඇතුළෙ අර්බුද තිබුනත්, ප්‍රශ්න තිබුනත්, පාර්ශව හිටියත් තමුන්නාන්සෙලගෙ රෙදි මාධ්‍ය හමුවේ හෝදන්න එපා. අපිට පේන්න හෝදන්න එපා. ඒව ගෙවල් දොරවල් ඇතුලෙ හෝදගෙන, එක සටනකට එකතු වෙන්න. අන්න එදාට මැදහත්ව ඉන්න මිනිස්සු තමුන්නාන්සෙල එක්ක එකතු වෙයි. අන්න එදාට නායකයො හැදෙයි. නායකකම් බලෙන් ගන්න බෑ. නායකකම් වලට එන්න, වැඩ කරල පෙන්වන්න, කියන එක කියා සිටිමින් මේ කතාව අවසාන කරනවා.

     

    Charithtm

    Member
    Aug 5, 2008
    2,540
    26
    0
    thanks machan.. math wade dunna..

    FB eketh share kala..:yes::yes::yes: mage yaluwan godakatah mail kala:yes:

    mahinda mamatath mail ekak yawwa:angry::angry:
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    යුද්ධෙ කරද්දි අපේ කකුලෙන් ඇදපු , ඉවර උනාට පස්සෙ රටේ ජනාධිපතිගෙ ඉදන් යුධ හමුදාපතිවරු දක්වා දංගෙඩියට දක්කන් යන්න හදපු ඇමරිකන්කාරයන්ගෙ පෙස්සම් උබලත් අත්සන් කරපල්ලා , ඊට පස්සේ උඩින් ඇවිත් මහින්දව,ගෝඨා, ශවේන්ද්‍රලව දංගෙඩියට දක්කල , ෆෝන්සේකාව බේරගන්න ඇමරිකාවෙන් උදව් ගනිල්ලා. උබලට ජය

    මචන් යාලු ඔයාට ඔක ලස්සනට තෙරුණා වගෙ මහින්ද ලොක්කටත් ඔක තෙරෙන්නෙ නැති වෙන්න බැ නෙද ? කරුණා පිල්ලෙයාන් සිංහල මිනිසුන් අමු අමුවෙන් මරපු උන්ට හමුදා ආරක්ෂාව දිලා සැප සම්පත් දෙන මහි පිස්සාට ඇයි බැරි අවුරුදු 40 ක් රට වෙනුවෙන් ජිවිතය දුන්න මිනිසෙකුට නිදහස දෙන්න, ජනරාල් වැරැද්දක් කරානමි එ වචන වලින්, කට නිසා, සිංහලුන් අමු අමුවෙ මරා
    අතපයෙ සිංහල ලෙ තවර ගත්තු උන් අද මහි එක්ක යහන් ගත් වෙලා,,,,
    ලෙ ජිවිත දිලා බෙරගත්තු බිමි අද කිසිදෙයක් නැතිව කරුණා පිල්ලෙයාන්ට දිලා තියෙන්නෙ.


    මහින්ද රට ගැන හිතන සිංහල මිනිසෙක්නමි , පිටරටුන් ලගට ගොස් තවත් සිංහලයෙකු හඩා වැටෙන්නවත්, ඔයා කියන විදියට රටෙ මිනිස්සුන් දංගෙඩියට යවන්නෙත් නැ..
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    මචන් යාලු ඔයාට ඔක ලස්සනට තෙරුණා වගෙ මහින්ද ලොක්කටත් ඔක තෙරෙන්නෙ නැති වෙන්න බැ නෙද ? කරුණා පිල්ලෙයාන් සිංහල මිනිසුන් අමු අමුවෙන් මරපු උන්ට හමුදා ආරක්ෂාව දිලා සැප සම්පත් දෙන මහි පිස්සාට ඇයි බැරි අවුරුදු 40 ක් රට වෙනුවෙන් ජිවිතය දුන්න මිනිසෙකුට නිදහස දෙන්න, ජනරාල් වැරැද්දක් කරානමි එ වචන වලින්, කට නිසා, සිංහලුන් අමු අමුවෙ මරා
    අතපයෙ සිංහල ලෙ තවර ගත්තු උන් අද මහි එක්ක යහන් ගත් වෙලා,,,,
    ලෙ ජිවිත දිලා බෙරගත්තු බිමි අද කිසිදෙයක් නැතිව කරුණා පිල්ලෙයාන්ට දිලා තියෙන්නෙ.


    මහින්ද රට ගැන හිතන සිංහල මිනිසෙක්නමි , පිටරටුන් ලගට ගොස් තවත් සිංහලයෙකු හඩා වැටෙන්නවත්, ඔයා කියන විදියට රටෙ මිනිස්සුන් දංගෙඩියට යවන්නෙත් නැ..
    11.gif
    aniwa
     
    • Like
    Reactions: chanaka chana