ජෙනරල්~සරත්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ජෙනරල් සරත් ෆොන්සේකාට පැය 4කට වරක් හුමාල ප්‍රතිකාර !!!!

    62611_445096175517149_100000503106545_1673667_141439826_n.jpg


    පෙනහළුවල හටගෙන ඇති බරපතල රෝගී තත්වයක් වන "බ්‍රොන්කයිටීස්" රෝගයට ප්‍රතිකාර ලබාදීම සඳහා පසුගිය සිකුරාදා දින කොළඹ නවලෝක රෝහලට ඇතුලත් කරන ලද හිටපු හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට දිගටම නේවාසිකව ප්‍රතිකාර ලබාදිය යුතු බවට ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් තීරණය කර ඇතැයි වාර්තා වේ.

    ජෙනරල් සරත් ෆොන්සේකා මහතාගේ අසනීප තත්වය මත ඔහුට පැය 4 කට වරක් හුමාල ප්‍රතිකාර ලබාදෙන බව පැවසෙන අතර එම ප්‍රතිකාරය ලබාදෙන්නේ බරපතල තත්වයේ සිටින රෝගීන්ට පමණක් බවත් මේ නිසා එම ප්‍රතිකාරය ෆොන්සේකා මහතාගේ රෝගී තත්වය සාමාන්‍ය අතට හැරෙන තුරු ලබාදිය යුතු බවත් පැවසේ.

    කෙසේ වෙතහ්ට්, මේ පිළිබඳව වාර්තාවක් විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකොල් මහතා ලබන බ්‍රහස්පතින්දා කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා අවසර ලබාගත යුතුව ඇති බවත් නීතීඥයින්ගේ මතය වී ඇත.

    ජෙනරල් සරත් ෆොන්සේකා මහතා රඳවා සිටි වැලිකඩ බන්ධනාගාරය තුලදීද හුමාල ප්‍රතිකාර ලබාදිය හැකි උපකරණයක් ඔහුට ලබාදී තිබුනත් එහිදී එම ප්‍රතිකාර ක්‍රමය සාර්ථක වී නැති බව අනෝමා ෆොන්සේකා මහත්මිය පැවසුවාය.

    ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට එල්ල වූ එල්.ටී.ටී.ඊ ප්‍රහාර හේතුවෙන් යිවත් නොකළ බෝම්බ කැබලි ඔහුගේ පෙනහළුවල රැඳී පවතින බව වෛද්‍ය මතය වී තිබේ...