ජෙනරාල්ගේ පටලැවිල්ල!!!

surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
ජෙනරාල්ගේ පටලැවිල්ල!!!

ජෙනරාල්ගේ පටලැවිල්ල හෙවත්
ඔව්-නෑ-හා නැවත ඔව්!

ඉකුත් සතියේ විවිධ දේශපාලකයන් කී කතා තුරින් මගේ අවධානයට වඩාත්ම යොමු වූයේ ජෙනරාල් ෆොන්සේකා මහතා විසින් පෞද්ගලික රූපවාහිනි නාලිකාවකට කරන ලද ප්‍රකාශයකි. ඔහු මීට සති 3 කට පමණ කලින් වෙනත් නාලිකාවකින්ද එවැනිම ප්‍රකාශයක්‌ කරන ලදී. එම නාලිකාව එම ප්‍රකාශය විකාශනය වීමෙන් පසු පුවත්පත් ගණනාවකම ඔහු කී දෙයින් කොටසක්‌ පලවිය. මා අද සලකා බලන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මේ නිතර නිතර කියමින් ඇවිදින කතාවය.

මීට සති 3 කට පමණ පෙර එක්‌තරා රූපවාහිනි නාලිකාවකට ප්‍රකාශයක්‌ කරමින් ඔහු කියා සිටියේ මේ රටේ සිදු වූ යුද අපරාධ පිළිබඳව ලෝකයේ ඕනෑම තැනක පවත්වන යුද අපරාධ විමර්ශනයකට ගොස්‌ සාක්‍ෂි දීමට තමන් සූදානම් බවත් යුද අපරාධ සිදුකළ අය ආරක්‍ෂා කිරීම දේශප්‍රේමය නොවන බවත්ය. තමන් සතුව ඇති සියලු විස්‌තර ඕනෑම යුද අපරාධ පරීක්‍ෂණයක්‌ ඉදිරිපිට තැබීමට තමන් සූදානම් බවත් එහිදී කීවේය. එසේම ඊළඟ හුස්‌මට ඔහු කීවේ ලංකාවේ යුද අපරාධ සිදු නොවූ බවයි. ඊළඟ දින බොහෝ පුවත්පත් වලින් ජෙනරාල් ෆොන්සේකා මහතාගේ කතාව උපුටා දක්‌වමින් කීවේ ලංකාවේ යුද අපරාධ සිදු නොවූ බවට ජෙනරාල් කියා සිටි බවයි. නමුත් එසේ කීමට මොහොතකට කලින් කී දේවල් ගැන පුවත්පත් අවධානය යොමුකළේ නැත.

මේ සම්බන්ධයෙන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා කියන කතා අවුල් සහගතය. එක්‌ පැත්තකින් ලෝකයේ ඕනෑම තැනක පවත්වන යුද අපරාධ විමර්ශනයකට ගොස්‌ සාක්‍ෂි දීමට තමන් සූදානම් බව ද තමන් සතුව පවතින සියලු විස්‌තර එවැනි යුද අපරාධ අධිකරණයක්‌ ඉදිරිපිට තැබීමට සූදානම් බව ද පවසයි. එවැනි දෙයක්‌ කී පසු ඊළඟ හුස්‌මට කියන්නේ ලංකාවේ යුද අපරාධ සිදුනොවූ බවයි. ලංකාවේ යුද අපරාධ සිදුනොවුණා නම් ඔහු හරිනම් කිවයුත්තේ ලංකාවේ කිසිදු යුද අපරාධයක්‌ සිදු නොවූ බවත් එම නිසා ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරව හෝ දේශීයව කිසිදු විමර්ශනයක්‌ අවශ්‍ය නැති බවත් එවැනි විමර්ශනයක්‌ පැවැත්වුවත් තමන්ට ඔවුන් ඉදිරියේ තැබීමට කිසිදු විස්‌තරයක්‌ නොමැති බවත් නොවේද? මේ අතින් බලන කල ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ ගැන කරන ප්‍රකාශන ඉතාමත්ම පැහැදිලිය. ඔහු එකහෙලාම පවසා සිටින්නේ ලංකාවේ යුද අපරාධ සිදු නොවූ බවත් කිසිදු විමර්ශනයකට ඉඩනොතියන බවත්ය.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඉහත දක්‌වන ආකාරයට ව්‍යාකූල ප්‍රකාශන කිරීමට පටන් ගත්තේ අද ඊයේ නොව ඔහු දේශපාලනයට පිවිසි මුල් කාලයේ සිටමය. මෙය පටන්ගත්තේ සුදු කොඩි ඔසවාගෙන යටත්වීමට පැමිණි කොටි ප්‍රධානීන් වෙඩි තබා මරා දැමීමට ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් හමුදා නිලධාරීන්ට උපදෙස්‌ දුන්නේ යෑයි කියමින් ඔහු සන්ඩේ ලීඩර් පුවත්පතට කළ ප්‍රකාශනයයි. පසුව එ.ජා.ප.යෙන් හා ජ.වි.පෙ. දේශපාලන බලපෑම් මත ඔහු සන්ඩේ ලීඩර් පුවත්පතට එවැනි ප්‍රකාශනයක්‌ නොකළ බවට පුවත්පත් සාක්‌ච්ඡාවකදී කියා සිටියේය. නමුත් ඊට පසුව පවත්වන ලද මහජන රැස්‌වීම් වලදී වැරදි කළ අය ආරක්‍ෂා කිරීමට තමන් සූදානම් නැති බව කියමින් සන්ඩේ ලීඩර් පුවත්පතට කී කතාවම නැවතත් ප්‍රසිද්ධ වේදිකාවල කීවේය. මේවා වීඩියෝ පටිවලින්ද සනාථ වෙයි. ජනාධිපතිවරණ සමයේ ජනමාධ්‍යවේදීන්ට කතා කරමින් ද ඔහු කියා සිටියේ අනුන් කරන ලද වැරදි වැසීමට තමුන් බෙල්ලදීමට සූදානම් නැති බවත් ලෝකයේ ඕනෑම යුද අපරාධ අධිකරණයකදී තමන් සාක්‍ෂි දීමට සූදානම් බවත් තමන් සතුව ඇති සියලු විස්‌තර එයට ඉදිරිපත් කරන බවත්ය. මේ නිසා ජනාධිපතිවරණ සමයේදී ද ජෙනරාල් ෆොන්සේකා කළේ ඔව්, නෑ සහ නැවතත් ඔව් යෑයි කීමය. මැතිවරණයෙන් පසු සමයේදී ඔහු මේ යුද අපරාධ කතාව සම්බන්ධයෙන් ඔව් සහ නෑ යන කතාව එකම අවස්‌ථාවකදී කියයි.
 
surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
මෙතරම් පරස්‌පර විරෝධී කතාවක්‌ අපට දේශපාලකයෙකුගෙන් වත් පහසුවෙන් අසන්නට ලැබෙන්නේ නැත. හිටපු හමුදා නිලධාරියකුගෙන් මෙවැනි පරස්‌පර විරෝධී කතා අසන්නට ලැබීම ඇත්ත වශයෙන්ම ජුගුස්‌සා ජනකය. හිටපු හමුදා නිලධාරියෙකුට අන් අයට වඩා පැහැදිලිව යමක්‌ ගැන ප්‍රකාශයක්‌ කිරීමට හැකියාව තිබිය යුතුය.

සරත් ෆොන්සේකා මහතා මේ කියන පරස්‌පර විරෝධී කතාවලින් බොහෝ අය අවධානය යොමු කරන්නේ එක කොටසකට පමණි. මීට සති 3 කට පමණ පෙර රූපවාහිනි නාලිකාවකින් ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පුවත්පත්වල උපුටා දැක්‌වුණේ ලංකාවේ යුද අපරාධ සිදු නොවූ බවට කළ ප්‍රකාශය පමණි. ලෝකයේ ඕනෑම තැනක පවත්වන යුද අපරාධ අධිකරණයකට ගොස්‌ සාක්‍ෂි දීමට තමන් සූදානම් බවත් යුධ අපරාධවලට හවුල් අය ආරක්‍ෂා කිරීමට දේශප්‍රේaමය නොවන බවටත් කී ප්‍රකාශය වැඩි අවධානයකට යොමු වූයේ නැත. මේ කතාව බොහෝ අයට ඇසුනත් එය මොළයේ "රෙජිස්‌ටර්" වෙන්නේ නැති ගතියක්‌ ඇතුවා විය හැක. ෆොන්සේකා යනු යුද්ධය අවසන් කිරීමට සම්මාදම් වූ යුද විරුවෙක්‌ නිසා ජාත්‍යන්තර යුද අධිකරණයක්‌ ඉදිරියට ගොස්‌ සාක්‍ෂි දෙනවාය කියන කතාව බොහෝ අයට ඇසුනත් ඒ ඇසුනු දේ මොළයට ධාරණය වන්නේ නැත. "ඔහු එසේ කීවත් එහෙම කරන එකක්‌ නෑ" ය යන්න බොහෝ අයගේ උපකල්පනයයි.

පසුගිය කාලයේ ෆොන්සේකාට විරුද්ධව තියෙන සියලු චෝදනා වලින් නිදහස්‌ කොට ඔහු සිරයෙන් මුදා හැරිය යුතු යෑයි මහානායක හිමිවරුන් සාමූහිකව කල ඉල්ලීමට පදනම වූයේද ෆොන්සේකා මහතාගේ ඇතැම් ප්‍රකාශන ඇසුනත් ධාරනය කර ගැනීමට අසීරුවීමේ මෙම ප්‍රශ්නයයි. ගරුතර මහානායක හිමිවරුන් ද රූපවාහිනි බලන නිසාත් පුවත්පත් කියවන නිසාත් උන්වහන්සේලාට ජනාධිපතිවරණ සමයේදී ෆොන්සේකා මහතා කී කතා කොතෙකුත් ඇසෙන්නට ඇත. සුදු කොඩි ඔසවාගෙන ආ කොටි නායකයන්ට වෙඩි තැබීමට ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් අණදීම ගැනත් වැරදි කළ අය ආරක්‍ෂා කිරීමට තමන් බෙල්ලදීමට සූදානම් නැති බවත් ලෝකයේ ඕනෑම තැනක පවත්වන යුද අපරාධ අධිකරණයකදී තමන් සතුව ඇති සියලු සාක්‍ෂි ඉදිරිපත් කිරීමට ඇති සූදානම ගැනත් සරත් ෆොන්සේකා මහතා කළ සියලුම ප්‍රකාශන උන් වහන්සේලාට ඒ කාලයේදීම වාර්තා වන්නට ද ඇත. නමුත් උන්වහන්සේලාට ද එය ඇසුණත් විශ්වාස කිරීමට නොහැකියාවක්‌ තිබෙනවා විය හැක. "ඔහොම කිව්වට කරන එකක්‌ නෑ". යෑයි උන්වහන්සේලා ද විශ්වාස කරන බවක්‌ පෙනේ.

එක පැත්තකින් ෆොන්සේකා මහතා මේ කියන භයානක දේශදෝෂී කතාව මිනිසුන්ට ඇසුනත් විශ්වාස නොකිරීම ගැන අප පුදුම විය යුතු නැත.

ඒ මන්දයත් මෙවැනි දෙයක්‌ මීට පෙර අපි ලෝකයේ කිසිම රටකින් දැක නැති නිසාය. යුද අපරාධ පිළිබඳ විමර්ශන ලෝකයේ කොතෙකුත් තිබුණත් කිසිමදාක යම් රටක හමුදා ප්‍රධානියෙක්‌ තමන්ගේම පාර්ශ්වය විසින් සිදුකළා යෑයි කියන යුද අපරාධ පිළිබඳ සාක්‍ෂි දීමට ස්‌වේච්ඡාවෙන්ම ඉදිරිපත් වන අවස්‌ථා ගැන අපි කොතනින්වත් අසා නැත. එපමණක්‌ නොව එවැනි හමුදා නිලධාරියෙක්‌ අදාළ රට තුළ සිටම තමුන් යුද අධිකරණයකදී සාක්‍ෂි දීමට සූදානම් යෑයි නිතර නිතර කීමේ පුවතක්‌ වුවත් අපට වාර්තා වී නැත. සරත් ෆොන්සේකා මහතා දැන් මාස 6 කට වඩා වැඩි කාලයක්‌ තිස්‌සේ තමන් ඕනෑම යුද අධිකරණයක්‌ ඉදිරියට ගොස්‌ සාක්‍ෂි දීමට සූදානම් බව පුන පුනා පවසයි. "ශ්‍රී ලංකාව ලෝකයටම එකයිෘ" යන ආදර්ශ පාඨයට සරත් ෆොන්සේකා මේ කියන කථාවද ඇතුළත් කළ යුතුය. ඒ මන්ද යත් මෙවැනි කථා ලෝකයේ කිසිම රටකින් අසන්නට නොලැබෙන නිසාය.
 
surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
ඇතැම් අය සිතා සිටින්නේ ජාත්‍යන්තර යුද අධිකරණයකදී සාක්‍ෂි දීමට සූදානම් බව සරත් ෆොන්සේකා කියන්නේ රාජපක්‍ෂවරුන් සමඟ ඇති වෛරය නිසා ඔවුන් බිය වැද්දීමට මිස සැබවින්ම එවැන්නක්‌ කිරීමට ඉටාගෙන සිටින නිසා නොවන බවයි. නමුත් මෙයද වැරදි වැඩකි. ෆොන්සේකා යනු රාජපක්‍ෂ වරුන්ගේ දේශපාලන ප්‍රතිවාදියෙකි. තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන් බිය වැද්දීම සඳහා මෙවැනි දේ කීම සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවකි. සරත් ෆොන්සේකාගේ කට නිසා මේ රටට සිදුව ඇති පාඩුව මෙතකැයි ගණන් බැලිය නොහැක. සුදු කොඩි ඔසවාගෙන ආ කොටි නායකයන්ට වෙඩි තැබීමට අණ දුන් කථාව ෆොන්සේකා කී පසු එය ලංකාවට එරෙහිව ලියන ලද සෑම ජාත්‍යන්තර වාර්තාවකම සඳහන් වී ඇත. යුද්ධයේ අවසන් කාලයේදී සිදුවූවා යෑයි කියන යුද අපරාධයන් පිළිබඳ නොයෙක්‌ ආරංචි තිබුණත් නිශ්චිතව පැහැදිලිව සඳහන් කළ හැකි එක අවස්‌ථාවක්‌වත් නැත. මේ පිළිබඳ ලියවී ඇති සියලුම ජාත්‍යන්තර වාර්තා මා කියවා ඇති නිසා ඒ ගැන මම හොඳින් දනිමි.

මෙකී ජාත්‍යන්තර බලවේග වලට ඇති එකම නිශ්aචිත සාක්‍ෂිය බවට පත්වී ඇත්තේ ෆොන්සේකා මහතා කියන මේ සුදුකොඩි කථාවයි. පසුගියදා එංගලන්තයේ චැනල් 4 රූපවාහිනියෙන් විකාශය කරන ලද ඊනියා ඝාතන වීඩියෝ පටයද නිශ්චිත සාක්‍ෂියක්‌ නොවේ. ඒ මන්ද යත් තැනක්‌, දිනයක්‌, නමක්‌, මුහුණක්‌ හෝ කිසිවක්‌ එයින් ඉදිරිපත් වන්නේ නැති නිසාය. එය අඩුම වශයෙන් ලංකාවේ සිද්ධියක්‌ කියාවත් නිශ්චිතව ඔප්පු කළ නොහැකිය. නමුත් ලංකාවේ හිටපු හමුදා ප්‍රධානියා ඉහලින් ආ නියෝග ගැන කියන විට එය නිශ්චිත සාක්‍ෂියක්‌ බවට පත්වේ. ලංකාවට එරෙහිව සිටින සියලුම ජාත්‍යන්තර බලවේග ෆොන්සේකාගේ සාක්‍ෂිය පාවිච්චි කිරීමට ඉතා ඕනෑකමින් බලාසිටින බව රහසක්‌ නොවෙයි.

ජාති ෙද්‍රdaහී බවේ දුඟඳ අපි නොසිතන තැන් වලින්ද මතුවේ. මම පසුගියදා අතුරුදන් වූවා යෑයි කියන ප්‍රගීත් එක්‌නැලිගොඩ නමැති පුද්ගලයා සම්බන්ධයෙන් විවාදයක පැටලී සිටි බව පාඨකයන් දනිති. ඒ විවාදය තුළින්ද මේ දේශෙද්‍රdaහී කුමන්ත්‍රණය ගැන අලුත් විස්‌තර එළියට පැන ඇත. ලංකා ඊ නිවුස්‌ නමැති වෙබ් අඩවියේ අයිතිකරු හා ප්‍රධාන කතෘ වන සඳරුවන් සේනාධීර මහතා තමන්ගේ නමින්ම පලකරන ලද ලිපියකින් පහත සඳහන් කරුණු හෙළිකොට ඇත.

(අ) ප්‍රගීත් එක්‌නැලිගොඩ ලංකා ඊ නිවුස්‌ වෙබ් අඩවිය සමඟ සමීපව කටයුතු කළ බව.

(ආ) මෙකී එක්‌නැලිගොඩ මහතා යුද්ධයේ අවසන් කාලයේදී හමුදාවත් කොටි සංවිධානයත් විසින් කළ රසායනික අවි භාවිතය පිළිබඳ විමර්ශනයක්‌ කරමින් සිටි බව.

(ඇ) මෙම විමර්ශනය සිදුකරමින් සිටි අතර එක්‌නැලිගොඩ මහතා ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රබල කාර්යභාරයක්‌ කළ බව.

(ඈ) එක්‌නැලිගොඩ මහතා ජනාධිපතිවරණයට දින 2 ක්‌ තිබියදී අතුරුදන් කරවීමට හේතුව යුද අපරාධ සම්බන්ධයෙන් එක්‌නැලිගොඩ මහතා එකතු කර තිබූ කරුණු සරත් ෆොන්සේකා මහතා විසින් ප්‍රයෝජනයට ගනීවි යන බිය නිසා බවය. යුද අපරාධ සිදුකළ අයට තමන්ට බලය ලැබීමෙන් පසු දඬුවම් දෙන බවට ජනරාල් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයේදී කරන ලද කථාව නිසා බියට පත්වූ උදවිය ප්‍රගීත් අතුරුදන් කරවූ බව ලංකා ඊ නිවුස්‌ වෙබ් අඩවියේ අයිතිකරු කියයි.

මේ කථාව කියන්නේ ප්‍රගීත් එක්‌නැලිගොඩ පමණක්‌ නොව ජෙනරාල් ෆොන්සේකා මහතාගේ ඡන්ද ව්‍යාපාරය ගැනද ඉතා හොඳින් දන්නා අයෙකි. එය පවසා ඇත්තේද තමන්ගේම නම යටතේ වගකීමක්‌ සහිතවය. මෙහිදී ප්‍රශ්නය වන්නේ යුද අපරාධ ගැන විමර්ශනය කරන අයෙක්‌ හිටපු හමුදාපතිවරයකුගේ ඡන්ද ව්‍යාපාරයක්‌ තුළ කුමක්‌ කළේද යන්නයි. මහින්ද රාජපක්‍ෂගේ ඡන්ද ව්‍යාපාරය තුල නම් යුද අපරාධ පිළිබඳ සොයා බලන කිසිවෙක්‌ නොසිටියේය. සකලවිධ දේශෙද්‍රdaහීන් සංකේන්ද්‍ර ගතව සිටින්නේ කොතනද යන්න ගැන ජනතාව ඉතා අවධානයෙන් සිටිය යුතු බව මගේ අදහසයි.
 
Siyaathu

Member
May 21, 2010
393
31
0
මට පෙනෙන විදියට මේ ප්‍රකාශ ඔහු කළේ හුදු බල ලොභය හා උග්‍ර පළි ගැනීමේ චේතනාව යන කරුණු දෙක මතයි. මානුෂික මෙහෙයුම පමණක් නොව මුළු ත්‍රිවිධ හමුදාවටම අවමන් කළ මේ ප්‍රකාශය නිසා රජය මුහණ දුන්නෙ බරපතළම ප්‍රශ්නයකට. ඒත් කලින් ප්‍රකාශයෙන් අවුරුද්දක් යන්නත් කළින් ඒක එහෙම නෙමේ කියන්න තරම් ජනරාල් බොළඳ පුද්ගලයෙක් කියල මමනම් හිතුවෙ නෑ. මේකෙන් ඔප්පු වෙන්නෙ එතුමා දේශපාලනිකව මොනතරම් ළදරුවෙක්ද කියල.

මේකට කරුණු තුනක් මුල් වෙන්න පුළුවන්;

1. යුද අධිකරණයේදි තමන් අනිවාර්යයෙන්ම අමාරුවෙ වැටෙන බව අවබෝධ වීමෙන් පසු රජයේ යම් කිසි අනුකම්පාවක් ලබා ගැනීම,

2. රාජ්‍ය නායකත්වය ලබා ගැනීමේ තදබල කැමැත්ත මුදුන්පත් කරගැනීමට කරන අළුත් මෙහෙයුමක්,

3. (නනිවම ඉද්දි ‍හුඟක් දේ කල්පනා කරන්න පුළුවන් නිසා) ඇත්තටම තමන් කළ වරද අවබොධ වී එය නිවැරදි කරන්න උත්සාහ කිරීම,

හේතුව තුන්වෙනි කාරණයනම් මම මුළු හදවතින්ම සතුටු වෙනවා.
 
මේකට තමා කියන්නෙ ඌරගෙ මාළු ඌරගෙ ඇඟ උඩ තියලම කපනව කිය‍න්නෙ.
නියමයි මචං
 
අනිවා මචන් උඹ කියන 3වෙනි හේතුවනම් ඇත්තටම සතුටුයි......

ඒ උනාට ඔය දිව දෙකේ මිනිහා කියන ඒවා කාටද විශ්වාස කරන්න පුලුවන්....

රෑට නෑ කියන පොර උදේට ඔව් කියනවා....
 
Siyaathu

Member
May 21, 2010
393
31
0
අනිවා මචන් උඹ කියන 3වෙනි හේතුවනම් ඇත්තටම සතුටුයි......

ඒ උනාට ඔය දිව දෙකේ මිනිහා කියන ඒවා කාටද විශ්වාස කරන්න පුලුවන්....

රෑට නෑ කියන පොර උදේට ඔව් කියනවා....

මොනව වුණත් යද අධිකරණයෙන් තමා අමාරු‍වෙ වැටෙන බවත් ජවිපෙ මල්ලිලා කවුරුවත් එතකොට තමන් එක්ක නොසිටින බවත් ජනරාල් දන්නවා. :yes: